අද මිනිසා වෙළෙඳ පුචාරයේ හිරකරුවෙක් බවට පත්වී හමාරය

  අද මිනිසා වෙළෙඳ පුචාරයේ හිරකරුවෙක් බවට පත්වී හමාරය

සයිබර් රස්තියාදුවේදී සංචාරක ප්රචාරණ ඡායාරූප අතර තිබී මේ ඡායාරූපයට මාරස ඇස සිටින. ප්රචාරණය යනු ඡායාරූපකරණයේ ඉහළම පැතිකඩ පාරිභෝගිකයා වන අතර, වෙළඳ ප්රචාරණ රූපයක් සාමාන්යයෙන් දේශීය ව්යාපාරයක් සඳහා නරඹන්නන් 100,000 අතරට ළඟා වන අතර ප්රධාන වෙළඳ නාමයකින් ගෝලීය ප්රචාරණයක් සඳහා බිලියනයකට වඩා නරඹන්නන් ඇති බව සාමාන්ය නිගමනයකි. වෙළඳ ප්රචාරණ ආයතන නිරන්තරයෙන් නව ප්රචාරණ අදහස් නිර්මාණය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, ඔවුන්ගේ ප්රවේශයද සම්පූර්ණයෙන්ම අසම්මත වේ. කෙසේ වෙතත්, ප්රචාරණය සාමාන්යයෙන් කණ්ඩායම් ප්රයත්නයක් වන බැවින්, දැන්වීම් නියෝජිතායතනයක් ඡායාරූප ශිල්පියෙකුට ඉතා දැඩි කෙටි සටහනක් පනවනු ඇත , ඔහු හෝ ඇය ප්රේරකය එබීමට වඩා සුළු දෙයක් කරන බව දකින්නාට හැඟිය හැකිය. ඒහෙත් ඒකුන් ඒකුන්ගේ අරමුණට අප කැඳවාගෙන යාමට තදින්ම බලපෑම් කොට හමාරය. සෑම වෙළඳ දැන්වීමක්ම වෙනස් වුවද, දැන්වීමක ව්යුහ විද්යාව සෑම විටම පාහේ සමාන වන අතර, ශිල්පියාද 'AIDA' සූත්රය මගින් පාලනය වේ, එනම්:

*අවධානය
*විස්තර
*තීරණ
*කටයුතු
මෙම ඡායාරූපය රස විඳිනවාට වඩා ඇල්ලට යන්නට රැල්ලක් හදන්නට වන් කෙටි අදහසක් මත ඡායාරූප ශිල්පියා අසම්මත ආකාරයකින් ඡායාරූපය විස්ථාරණය කර තිබේ. සමහර විට කීපදෙනෙකුගේම අදහස් එකතු වන්නටද ඇත. වාහනයේ අංකයේ ඉලක්කම් දර්ශකය හත වීම ගැනද දිගටම ඇවැසිනම් ලියාගෙන යා හැකිය. නමුත් සැබෑ ප්රචාරණ චායාරූකට ලියන්නට දෙයක් ඉතිරිවන්නේ නැත. සියල්ල මෙහි ලියා තිබෙනවා සේය. දැන්වීම ලියන්නට මේ ජෝඩුව කුමටදැයි ප්රශ්නයක් සම්භාව්ය ඡායාරූපකරණයේ දෑසින් දකින්නන්ට ප්රශ්නයක් විය හැක. නමුත් අරමුනේ සංඥාව ඔස්සේ වෙළෙඳ අරමුණේ බලාපොරොත්තුව මතුකිරීමේ සංඥාවේදය වෙනම කලාත්මක විද්යාවක්ම වන්නේය. බොහෝවිට දැන්වීම් ඡායාරූපයක ඡායාරූපය ශිල්පියෙකු වුවත් 'අදහස්' සූත්රය වනාහී අධ්යක්ෂක වරයාගේ හෝ කීපදෙනෙකුගේ විමට බොහෝ දුරට ඉඩ ඇත්තේය. අර ගාමීනී සපරුමාදු ශිල්පියාගේ සිගරට් ඇඩ් සිහිවේ. සිගරට් පෙට්ටිය අවශේෂව සටහන් වී තිබුනද කෙල්ලන්ගේ හෝ කෙල්ලන්ගේ රූප අරමුනේ ප්රධානය. එහි යතාර්තය සොයා මිනිසුන් ගියේ නැත. සිගරට් සොයා ගියේ ඒ තමන්ගේ සිතීමක් පමණක් සේ මහන්තත්ත්වයක් දරාගෙනය.
මේ ඡායාරූප ගැනීමට ජනප්රිය ස්ථානයක් වූ තැනකි. එවන් තැනක නිසිලෙස සංඥාකරණය ජයගැනීම බැරෑරුම් කටයුත්තක් බවද සැබෑවකි. ඒ තරඟයද විවිද ‌අදහස් මතුවීමට හේතු වන්නේය. වෙළඳ ප්රචාරණ ඡායාරූපයකට අදාල වන්නේ මිනිසුන්ට අරමුණක් ඇති කිරීම පමණක් වන්නේය. ඒද ඡායාරූපය ගසන වේගයෙන්ම සිදුවෙනවා සේය.
අද මිනිසා වෙළඳ ප්රචාරණයේ සිරකරුවන් වී සිටින බව සැබෑවකි. මෙවර මැතිවරණවලද තිරයෙන් පිටුපස මහා වැඩකොටසක් කරන්නේද, හරි හම්බකරන්නේද ප්රචාරණ වේදය තුළ දැනමුත්තෝම වීම මිනිසුන්ට අභිරහසකි. එසේ වූවා කියා කිසිවෙක් කියන්නටවත් කැමති නැත. එහෙත් වෙළෙඳපොළ තුළ ප්රචාරනයේ අති රහස් දන්නේ ඒවා මෙහෙය වන කොම්පැනි කාරයන්ම වන්නේය. නමතු ඒ ගහනය තුළ කැමරාකාරයාගේ වැඩද අතිශයින්ම වැදගත් වන්නේය.


Powered by Blogger.