ඡායාරූප ශිල්පියා සහ චිත්‍ර ශිල්පියා එක් කළද වෙන් කළද නොහැක

ඡායාරූප ශිල්පියා සහ චිත්‍ර ශිල්පියා එක් කළද වෙන් කළද නොහැක

(ELLIOT ERWIT) නැමති ප්රවීණ ඡායාරූප ශිල්පියාය. එලියට් අර්විට් යනු මෙතෙක් කැමරාවක් අතට ගත් ශ්රේෂ්ඨතම ඡායාරූප ශිල්පීන්ගෙන් කෙනෙක් කියා වාහනයක පැති කණ්නාඩියකින් කවුලු හරහා ආලෝක කදම්බ පොකුරු මත ආදරයේ නිර්මාණයක් මාරසට ලියා ඊ පවුරටද දැම්මා මතකය. එහා එලියට අර්විට් ගැන බොහෝදේ සොයා ගත හැකි පරිදි කෙටි සටහනක් ලිව්වා මතකය. එදා සයිබර් රස්තියාදුවේදී ඇස ගැසුන මේ ඡායාරූපයටද මාරස පෙම් බැන්දේ ඇයි
?. අර්විට් කවුලු අතරින් ආලෝක දඩයමටත් බල්ලන් සමග ඡායාරූපය මානූෂීය කරන්නටත් උත්සාහ කරන වෙනම චිත්ත රූප සංකල්ප ජාලයක් හිස තබා ඉන්නා පොරකි. නමුත් ‌ඒකා දේශපාලනය ගැනද මැනවින් දන්නෙකි. ඒකාගේ ඡායාරූප වල ඇත්තේ ආණ්ඩුවේ දේශපානය නොව රාජ්‍යය දේශපාලනය නිසා ඒකාගේ ඡායාරූප කියවීමට කිසිවෙක් උත්සාහ කරන්නේ නැත. හරියටම එංගල්ස් සහ ලෙනින් නොසිටියානම් අද අපට කාල්මාක්ස්ව සොයාගන්නට වෙන්නේ කෙසේද. තර්කයෙන් හිතා ගියොත් මාක්ස් ඇත. පොත් ඇත. නමුත් මාක්ස් කවුද කියා දන්නේ නැත පමණි.

එසේම මේ ඡායාරූප හිල්පියා ආලෝක දඩයම් කර ඇත්තේ කවුළු අතරිනි. ඒකාගේ ආසාව බල්ලන්ය. ඒකා ආලෝකයෙන් දඩයම් කරණ ලද හැම ඡායාරූපයකම බල්ලෙක් සිටී. ඒකුන් ඉලක්කයට උඩින් පනී නැතිනම් කනස්සල්ලෙන් සිටී. සමහර විට පසුබිම බල්ලන්ය. සමහර විට බල්ලා ප්‍රධාන අරමුණය. ඒ සම්බන්ධ මනෝවිශ්ලේශක කතාවක් අර්විට් කියයි. බල්ලන් තරම් මනුෂ්‍යන් මාරයි කියාය ඒ.

ඒ පැත්තකින් තියා අප මේ ඡායාරූපය නැමති මහා මාලිගාවේ දොරටුව විවෘත කරමු. කිසිත් නැත. ටීපෝවක්, ඒ උඩ අළු බඳුනක් සේ පෙනෙන යමක්. හැබැයි බඳුනට පිටින් බලුදත් වගේත් පේන‌ සේයාවක්. බල්ලගේ මූන හැංගුවාට ටීපෝව උඩ රසිකයාව අනාත කරන සියුම් සෙල්ලමකුත් තියනවා.

ඊට පස්සේ ටීපෝව යට බල්ලගේ සුදු කකුල් දෙක. සිව් පා උනාට අපේ වචනයෙන් කකුල් වගේම සුනඛයාගේ දෑත්.

වෙනත් පසුබිමට ඇපැහැදිලි මල් සහ කොළ වගයක්. ඒවලත් පේන්නේ ප්‍රතිභිම්බයද මන්දා. ටීපෝවේ කකුල් වලට කාපටය සවුත්තු වෙනවාට ගහපු ක්ලිප් දෙකක් පේනවා. ඒ රසිකයා බලන පැත්තේ ඉඳන් දකුණු බාගයේ. වම තමා වදින්නේ අපට.ශාක්ෂි කුමට කෙලින්ම කාන්තා පාද දෙකක්. ස්ත්‍රී වාදීන් මොනවා කිව්වත් පුරුෂයන්ට සපත්තු කොනකින් ගෑනුන්ගේ මූන තොල් ගැන අනාවැකි කියන්න හැකියි තමා. හප්පා ලේස් පිළිවෙලකට ගැට ගහලා. මේස් දාලත් නැහැ. මේස් කුමට ඒ ඉටියෙන් ඇඹූමෙන් වගේ කියලා දෙපා අපට සංවේදී කිව්වලු.මාර කෙලියක්. පොටෝවේ ප්‍රවෘත්තියක් නැහැ.

දැන් ඉතින් ප්‍රවෘති කලාව බලන අයට තියෙන්නේ වෙන දෙයක් හොයන් පල කියන්න පමණයි.

නමුත් ඡායාරූපයක් කියන්නේ වෙනම සැබෑ ආධයාත්මික සහ භෞතික ලෝකයකටත් එහා ගිය මාර ලෝකයක්. මාරසනම් හිතන විදිහට ඡායාරූපයක භාවමය ලෝකයට දිව්‍යය ලෝකයත් පරාදයි. සුභාසිත රසාසාග්‍රේ සුදා බීතා දිවංගතා කියලා කාලි දාස කිව්වලු. ඒ කියන්නේ කාව්‍ය ශාස්ත්‍රයේ රස දැකලා අමෘතය දිව්‍ය ලෝකෙට පැනලා ගියා කියන අදහස. නමුත් ඒ කාලේ ඡායාරූප නැති වුනාට චිත්‍ර තිබුනා. චිත්‍රත් කවියක් තමා. නමුත් ඡායාරූප කලාවයි චිත්‍ර කලාවයි කියන්නේ නිකන් හොර ගෑනියි ඇත්ත ගෑනියි වගේ. කිසිදා ඒකුන්ව එකතු කරන්නත් බැහැ. වෙන් කරන්නත් බැහැ. ඒකට එකතු උනොත් නිහඬයි. ශිල්පීය දේවල් කතා කරලා දෙන්නම මාරුවෙයි.දෙකේම නැරඹුම් ලක්ෂ්‍ය මනෝ විශ්ලේෂණාත්මක පැත්තටත් එකයි කියලා කිව්වට ඒක කෙලින්ම අහසයි පොළවයි තමා. සමහර විට දැන් චිත්‍ර ශිල්පීන්ට භාෂාවක් තියනවා. ඒක ටිකක් මාර උනත් තාම චිත්‍රශිල්පීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට කතා කරන්න ජීවමාන ආදර භාෂාවක් තිබ්බට උන් දෙගොල්ලන්ට කතා කරන්න ආදර භාෂාවක් නැහැ තමා. ඒක කිසිදා ඇති නොවන්නත් හැකියි. ගෑනි ගැන මිනිහාටත් මිනිහා ගැන ගෑනිටත් කතාකරන්න භාෂාවක් නැහැ වගේ. එහෙම භාෂා හදන්න ගිහින් වෙච්ච සංගෙදිය ඉතින් ‌මේ ඊයේ පෙරේදා ඇතිවූ සැබෑ දේවලින් අහන්න වෙන්නේ මුස්ලිම් පල්ලියකට ගිහින්ද නැතිනම් පන්සලකට හෝ කතෝලික පල්ලියකට ගිහිල්ලද කියන ගැටලුව මේ ඡායාරූප සහ චිත්‍රකලාව ගැන රස විඳින රසිකයන්ටනම් බාදාවක් වෙන්න විදිහක් ඇත්තේම නැහැ. මොකද ඒකත් උනට දෘෂ්‍ය කලාවක් පමණි. එතන තමා දේශපාලනයේ සිට මනසේ සකල සිතුවම් පේන්න ගන්නේ. හිතන කතන්දරෙත් ඒ සමගම සිදුවෙනවා. ඒ ස්වභාවය. ඒක පුරුදු වුනාම ඒ ස්වභාවයට පිටින් පවතින රසිකත්වයේ දේවත්වයේත බුද්ධත්වයේත් මානම තමා.

යෝජිත අර්විට්ගේ ඡායාරූපය දැක්කම හිතන්න කිසි දෙයක් නැහැ. නමුත් වදිනවා. ඒක වදින්නේ දෘෂ්‍ය කලාත්මක රූප රසිකයාගේ හිතේ ඇති කරලා අර හදවත ගැහෙන්න දෙන සන්නිවේදනයෙන් විතරක් නොවේ මොළයේ සියලු ස්නායු ආදරයෙන් ක්‍රියාත්මක වෙලා මුළු සර්වාංගයටම සංනිවේදන තරංග ක්ෂණයෙන් අරිනවා. ඒ සමගම රසිකයාගේ කට ඇද වෙනවා. නළල උඩ යනවා රැලි වැටෙනවා. කම්බුල් මොකක්ද වෙනවා. කඳුළු විතරක් නොවේ නාසයට හොටුත් එනවා.කොටින්ම ඒ ක්ෂණිකය කැමරා බොත්තමේ ක්ෂණිකය වගේමයි. විවිධ ශානර තිබ්බත් මේ වගේ ඡායාරූපයක් දැක්ක ගමන් ඒ කාන්තාව පිරිමින්ගෙත් කාන්තාවන්ගෙත් හදවතේ ලැගුම් අරන් අවසානයි. හැබැයි ‌විදිවේද සිතුවිලි පරම්පරා දෙකකින්. බල්ලටත් අපි කෑම දීලා ඉවරයි. නමුත් ඒක අපි නැවත නැවත බලනවා. ඒකියන්නේ ඡායාරූපයක් ආවරණය කර ‌රසිකයාගේ ඇස් වලට විවෘත කළාට පස්සේ ඒ ඡායාරූපය පිච්චුවත් රසිකයා තුල ඔක නිශ්චල භාව චිත්‍රයක් නොවේ චලිත භාව චිත්‍රයක් ඇඳගෙන රසිකයා සමග අළුත් ජීවිතයක් ආරම්භ කරනවා.

නමුත් චිත්‍ර කලාව මීට වඩා ගොඩක් වෙනස්. බැලුවම පේන්නේ ඡායාරූප ශිල්පයත් චිත්‍රශිල්පියත් කරන්නේ එක වැඩක් කියලා.නැහැ. ඒකට කියන්න භෞතික උදාහරණයක් නැහැ. අහසයි පොළවයි කියන්නත් බැහැ. මේ දෙන්නම හැප්පෙනවා එකම දේකට. ඒ වුනාට මාරස කෙලින්ම කියනවා චිත්‍රශිල්පියා ඉන්නේ ලෞකික ලෝකෙක නෙවේ කියලා. ඒකා ඉන්නේ හදවතින්ම ආධයාත්මික ලෝකෝත්තර ලෝකෙක. නමුත් ඡායාරූප ශිල්පියා ඉන්නේත් එතනම තමා. ඒ වුනාට මොන මොඩන් කළත් යථ ගැන විද්‍යාත්මක තාක්ෂණික අවභෝධයෙන්. චිත්‍ර කාරයා මොකුත් දන්නේ නැහැ.ඒකා ලෝකෝත්තරයි. කැමරා කාරයාට පින්සලේ කැමරාව. නමුත් චිත්‍රශිල්පායට පින්සලේ සමහර වෙලාවට දිව සහ තොල්. තවත් සමහර වෙලාවට පොල් ලෙල්ලක්. නැතිනම් තමන්ගේ බිරිඳගේම කඳුලක්. ලේ බිඳක්. තවත් පැත්තකින් ඒකත් ‌අයිතිහාසික වෙනවා.

චිත්‍රශිල්පියාගේ ඒ ලෝකෝතර මොහොත සහ ඡායාරූප ශිල්පියාගේ ලෞකික මොහොත සම්බන්ධවත් වැඩි දුර කියන්න බැහැ වගේම ඡායාරූප ශිල්පියටත් ඒ ලෞකික මොහොත සම්බන්ධව කතා කරන්න බැහැ. කොටින්ම මෙතන තමා චිත්‍රශිල්පයේ සහ ඡායාරූප ශිල්පයේ ගැටුමේ සැබෑ තැන. මේ තැන ඉඳන් තමා පට්ට බොරුත් සමග මහා දාර්ශනික කතා වන් හිතලු කියන තැන. කොටින් කියනවානම් බුද්ධලා සහ දායකයෝ එකට පාස්සන්න බැහැ. නමුත් මේ දෙගොල්ලන්ම සිටිය යුතුයි වගේ වෙනම කතාවක්. මේ ගැන වෙනම ලිපියක නොවේ ලිපි මාලාවක මාරස ඉදිරියට ලියාවි.

මේ ප්‍රවනතා දෙකම අවසානයේ බුද්ධත්වය හොයන මොහොතේදී ඒකත්වයකට එනවා වගේ. මට දැනෙන්නේ චිත්‍ර කලාව තමා ලෝකයේ කලාවේ පොරත්වය. මොකද ඒක ආධ්‍යාත්මිකයි. අපි ජීවිතේ හොයන භාවනාවේ විමුක්තියේ බුද්ධත්වය තියෙන්නේ චිත්‍ර කලාවේ. යකෝ ‌අපේ මුල්ම සන්නිවේදනය චිත්‍රම තමා. අද නිකන් චිත්‍රශිල්පියෝ වෙනම පොරවල් වගේ උනාට. කලා කාරයෝ කතා කරනවාට මිනිස්සු තරහයි. වෙන මොකුත් නොවේ ඒකාගේ සිතුවම් වලිිින් රසිකයා නෙලාගත් විශ්වීය චමත්කාරය කිසිදා චිත්‍රශිල්පියෙකුට වචන වලින් දෙන්න බැහැ. ඒ වගේම ආලෝකයේ ඇති වර්ණ ‌පොකුරු හරහා බුදුන්වද දැකි ක්‍රිස්තුස්වද දැකි කාල් මාක්ස්ව සහ අනෙකුත් දාර්ශනිකයන්වද ලෝක නොවේ විශ්වීය ඉතිහාසයේ බොහෝ පරාසයක් දැකි සූර්යාගේ ආලෝක කෝණ මාන වලින් දකින කෙලින්ම භෞතික රූප මොන ආකාරයේ සිහින කල්පිත කළත් ඒ ආලෝක සුසරතාවයේ කවිය තාක්ෂණයෙන් ලියන මුල් පරපුර තමා තාම ඉන්නේ. ඒකත් උන් මාරෙට කරනවා. නමුත් ඡායාරූප ශිල්පියා සහ චිත්‍රශිල්පියා කිසිදා එක් කළ නොහැකියි. වෙන් කළද නොහැකියි. ආන්න එතන තමා යකුනේ දර්ශනයටත් ධර්මයටත් කලාවක් ඇති තැන.

ජගත් මාරසිංහ

22 04 2024

https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.