ස්වභාවයාගේ ආදර ආලෝක සෙවනැලි

                                            ස්වභාවයාගේ ආදර ආලෝක සෙවනැලි

මාරස සයිබර් රස්තියාදුවේදී මෙවර ඇස හිටියේ ශ්‍රී ලංකාවේ කුරුල්ලන්, වනජීවී සහ ස්වභාව ඡායාරූප චාරිකා (Bird, Wildlife And Nature Photography Tours In Sri Lanka) යන වෙබ් පිටුවක මෙම ඡායාරූපය සම්බන්ධව සෙවීමටය. වනජීවී ඡායාරූප කලාවද අතිශය ගැඹුරු විෂයකි. චීනය, හොංකොං සහ තායිවානය යන රටවල කුරුළු සහ වනජීවී ඡායාරූප ශිල්පීන් කණ්ඩායමක් පසුගියදාක Walk With Jith විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ඡායාරූප චාරිකාවක් නිම කර තිබේ. මේ ඡායාරූප චාරිකාවවේ කාල සීමාව සඳහන් වන්නේ දින දහයකි.

තෙත්බිම් වගුරු බිම්, කඩොලාන, වැසි වනාන්තර, වියළි සදාහරිත වනාන්තර, මනරම් භූ දර්ශන සහිත කඳුකරයේ වලාකුළු වනාන්තර වැනි පරිසර විද්‍යාවන්හි එකිනෙකට වෙනස් විවිධත්වයක් සහිත ජෛව විවිධත්ව අධි උණුසුම් කලාපයක් වන ශ්‍රී ලංකාව වනජීවී සහ ස්වභාව ඡායාරූපකරණය සඳහා ලොව හොඳම ස්ථානවලින් එකක් ලෙස ඔවුන්ගේ අදහස බවද ලියා තිබේ. දිගු දුර දර්ශනීය දර්ශන සඳහා මෙන්ම ලෝකයේ ලස්සනම වැලි සහිත වෙරළවල් කිහිපය ගැනද ඔවුන් කතාකරන්නේ සැබෑවටම විශ්මය දනවන පරිසයක් සම්බන්ධව අවධි සිහියකින් සේය. ඔවුන්ගේ වන ජීවී සහ ස්වභාව සම්බන්ධ ආලෝක දඩයම් ඊට ශාක්ෂි ලෙස ඉතිරි කර තැබුවා තැබුවා සේය .ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට ළමා කල සිට උගන්වා වැඩිහිටියෝ උගන්වා ඇත්තේ ඇවිද්ද පය දහස් වටී කියාය. නමුදු මෙවන් ඡායාරූප දුටු විට මේවා විශේෂයෙන් නරඹන්නට කාලයක් වැය නොකිරීම සම්බන්ධව හිතෙන්නේ මේ දෑස් කුමටද කියාමය.
කුරුල්ලෙකුගේ දඩයමක ඇති විශ්මිත බව ආලෝකයෙන් දඩයම් කරගෙ ඇති මේ විශිෂ්ට ඡායාරූපය Painted Stroke හි බූන්දල ජාතික වනෝද්‍යානයේ Walk With Jith විසින් ශ්‍රී ලංකාවේ කුරුල්ලන් නැරඹීමේ ඡායාරූප චාරිකාවකදී ගන්නා ලද විශ්මිත ඡායාරූපයක් බව දැනේ. සියල්ල අතහැර අපටද කැමරාවක් ගෙන වනයේ ඇවිදින්නට සිතුනානම් ඒ නිකම්ම නිකන් සිතුවිල්ලක් නොවන්නේමය. ඒ ස්වභාව ධර්මයට අපි ඇති ආදරයටත් වඩා ස්වභාවයාගේ අපට ඇති ආදරයද වන්නේමය. අප නොදන්නා අපට හිමි ලෝකය තමන් දුටුවාටත් වඩා හොඳින් අපට නැරඹීමට වාසනාව පාදා දෙන සැබෑ ඡායාරූප ශිල්පීන්ද සදාකාලිකවම මිනිසුන් අතර ජීවත් වනවා සේය. ඔවුන් දිනේවා කියමින් සටහනින් දැහැන් මිදුමට අවසරය.
https://jagathmarasinghe.wixsite.com/mare
30 11 2022


දින 10 යි. වනජීවී සහ ස්වභාවික ඡායාරූපකරණය සඳහා ඉහළම ස්ථාන 8 ක් ඇතුළත් වේ.

[Wildlife And Nature Photography Tours In Sri Lanka

10 Days. Includes 8 top locations for wildlife and nature photography.

Day 01 – Arrival and photographing birds and other wildlife around Talangama Wetland

Day 02 /03 - walking and photographing birds and other wildlife in Kitulgala Rain Forest and village areas

Day 04 – Birding and photographing in Nuwara Eliya Highlands

Day 05 – Hike in Horton Plains National Park and photographing

Day 06 – Photographing waders and water birds in Bundala Ramsar Wetland and Bundala National Park

Day 07 – Wildlife photographing in Yala National Park (leopards, bears, elephants, crocodiles plus forest and water birds          

Day 08 / 09 – Photographing birds including many endemic birds, and other wildlife in Sinharaja Rain Forest

Day 10 – Departure

Note: You can extend this tour to photograph Blue & Sperm Whales, dolphins and marine turtles relaxing in tropical beach.]

** https://www.walkwithjith.com**



Powered by Blogger.