හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ...........!!!!

                                 හැරමිටියෙන් ඇවිදින්නෝ  අපට එරෙහි වී                                                                එන්නෝ...........!!!!

                                මාරස සයිබර් රස්තියාදුවට ගොඩක් ආසයි තමා. මේ ඒ ගමනෙදි කවුදෝ ‌විදේශිකයෙක් ගහපු වීදි ඡායාරූපයක්ද මන්දා? නමුත් මරු. කෝච්චියක් ඈතින් එනවා. මුන් මොකක් හෝ ගේමක් දීලා දුවනවා වගේ. කැමරාවේ කාච විවරය යම් පමණකට විශාල කරලා වගේ. නිකන් මුන්ව සිය තරුණ ආත්මයෙන්ම තමා  නම දන්නේ නැති ශිල්පියා හිතලා කැමරාව සකස් කරලා ආලෝක දඩයම කරලා තියෙන්නේ කියලාත් හිතෙනවා. 

මට අද ඉන්න නෙවේ දැන් නාකි වෙලා ඉන්න ඒ කාලේ කෙල්ලන්ටත් යමක් කියන්න වෙනවා. මගේ වයසෙ හිටපු ඒ කෙල්ලෝ දැන් නාකිච්චියෝ වෙලා. සිල් ගන්නවා. ඒ කාලෙ මාක්ස් වාදී විප්ලවය කතා කරපු ‌ උනුත් කෙලින්ම සිල් ගන්නවා. අලුතෙන් ආපු සෙට් එකක් තමා පරංගි මාක්ස් වාදියෝ උඩ දාන්නේ. පරණ උන් ඔක්කොම සිල් ගන්නවා. මේ දඩබ්බර කොල්ලට ආදරය කරපු කෙල්ලෝ.

කොල්ලෝ කියන්නේ කොල්ලෝ. මාරස සිරිසුමංගල පිරිවෙනට අනුබද්ධ සුබෝධ කියන විවෘත කියන බාලදක්ෂ කණ්ඩායම පටන් ගත්තා. මට මතකයි ඒකේ කොළඹ සියලු ජනප්‍රිය පාසැල් වල කොල්ලෝ හිටියා. හැබැයි රොයල්  සහ තර්ස්ටන්  හිටපු උන්නම් මේච්චල් කරන්න එදත් ගොඩක් අමාරු වුනා. 

     මේ ඡායාරූපයේ කොල්ලෝ බලු වැඩක් කරලා දුවනවාද කොහෙද වගේ තමා දැනෙන්නේ. ඒකට අපේ සම්ප්‍රධායෙන් දුන්නා ඒක වචනයක්. ඒ වනාහී කොලුකම වේ. කොච්චර ලස්සනද. පාදඩ භාෂාවෙන් කියන්නෙ කොල්ලන්ට නැට්ටෙන් කිරි මොරද්දි මෙහෙම තමා කියලා. නමුත් මේ කොලු කම හෙවත් තාරුන්‍යයේ තියන දඟකාර බව අම්මලා දන්නවා. ඒ භාව වල තියන විභව ශක්තියට කෙල්ලොත් ආසයි කියලා අම්මලා දන්නවා විතරක් නොවේ තාත්තලාව දැනුවත් කරලා කුඩුම්බය ඇතුලේ මාගම් සෝලි පටන් ගන්නවා. මාගම් සෝලි කිව්වෙ ගැහැනු කුමන්ත්‍රන වලට. ඒ ගැහැනු කුමන්ත්‍රන වලට නැන්දම්මලාත් ඉන්නවා. වටේ පිටේ අයත් ඉන්නවා. ‌හැදී වැඩුන මේ කොල්ලන්ගෛ් කොලුකමෙන් ගැහැනු ලමයිව පරිස්සන් කරන්න නොවේ හොඳ එකෙක් අල්ල ගනින් කියන කතාව තමා අද මාගම් සෝලියක් බවට පත්වෙලා තියෙන්නේ. කොල්ලො කියන්නේ ඒකිලාගේ ඇඟිල්ලක් ගැන කතාවක්. ඒකත් ඇත්තක් තමා. කොල්ලෝ වගේම ඒකිලත් කෙල්ලෝ. මතක තියා ගන්න ඒකිලාට දරුවෙක් ලැබුනේ නැතිනම ඒකිලා සදා කාලික කෙල්ලෝ තමා කියලා.

අතීත කතාවක් මතක් වෙනවා කොළඹ කොල්ලන් සම්බන්ධව. දවසක් රෝයල් තෝමියන් මැච් ඒක ඉවර වෙලා මොරටුව බලා දුවන බස් රතයක ඉස්කෝලේ කොඩිය කෙල්ලෝ දෙන්නෙකුගේ හිසට දාලා විනෝදයට. නමුත් කවුරු හරි කොල්ලෙකුගේ අතක් ගිහින් කිරි බොන තනේ පහුරු ගහන්න. ඒ කාලේ සෙන් පෝල් සහ විශාකා කියන්නේ මාර කාන්තා පාසල්. මාරසනම් හිතන්නේ ඒ කාලේ ඒවල හිටිය කාන්තාවන් උනත් මාර චන්ඩි පිරිමි කියලා. මේකිලා පොලීසි ගිහින් අන්තිමට සොයිසා මහල් නිවාසයේ මගේ ගෝලයෝ දෙන්නෙක්ම ගෙදර ඇඳ යට. ඉතිරිය මම කියන්න දෙයක් තිබ්බත් මෙහෙම කියන්නම්. ඒක කාටවත් කරදරයක් නොවී අවසාන වුනා කියලා

නමුත් ඒ කෙල්ලෝ තමා කෙල්ලෝ නොවන කොල්ලෝ. යකාටවත් බය නැති කොළඹ ඉස්කෝල වලට යන විතරක් නොවේ නාගරීකරණය ඉස්කෝල වලට යනත් ගැමි පාසැල් වලට යන සැමත් එක පැත්තකින් කෙල්ලෝ කියන්නේ කොල්ලෝ තමා. ඒක මාර කතන්දරයක්. මේ වගේ කොල්ලෝ තව චූටි කාලයකින් පසු චූටි කෙනෙක් දාගන්න ට්‍රයි තමා. නැති කට්ටිය ඉගෙන ගන්න උන්. උන් කැම්පස් ගිහින් ඉතිරි වැඩේ වික්ටෝරියන් විදිහට කරගන්න බව ලියන කතන්දර හරිම ලේසියි. දශක පනහක අත් දැකීම් අතීත මතකයෙන්ම නම් ගම් ඇතුවත් දිග හරින්න හැකියි.

කොහොමත් මේ දඩබ්බර යුගයේ ඉන්න කොල්ලන්ට අම්මලාත් ආදරෙයි. දන්නේ නැහැ ඒ අම්මලාත් කෙල්ලො වෙලා හිටි කාලය නිසාද කියලා. ඇත්තටම බැලුවොත් ඒක එහෙම තමා. මොනවා උනත් ‌අපේ අම්මලාගේ යුගයේ කිව්වෙ නැට්ටෙන් කිරි මොරද්දි කොල්ලෝ හනුමලා වෙනවා කියලා. බුදු අප්පේ නැට්ටට ගිනි තියාගෙන ලෝකෙම ගිනි තියන්න හැකි හනුමාන් ශක්තිය.  කොච්චර බයද කියනවානම් කිසිම පන්සලක හනුමාන් දේවාලයක් නැහැ. නමුත් විකටෝරියන් සලාද සදාචාරය නිසා කිසිදා කිව්වෙ නැහැ තමන්ගේ දූල පුරඟනුන් විදිහට මේ කොල්ලන්ට පේනවා කියලා. මොනවා උනත් පිරමි උනත් ගැහැනු උනත් මේ උගුරු ගැටේ කැඩුන හෝ කඩාගත්ත  කොල්ලන්ගෙ විසේට ආදරෙයි කියන කතාව ඇත්තක්. 

ඉතින් මේ තාරුණ්‍ය අර්ධ ආකාරයෙන් පසුබිම බොල් කරමින් අරන් තියන ඡායා රූපය ඇත්තටම විශිෂ්ටයි. අදහසක් කියන්න දෙයක් මෙතන නැහැ. වේගයෙන් වගෙ ඒන කෝච්චියක් පේනවා. මුන් ටික දුවනවා පේනවා. මාර අදහසක් එන්නේ. අපි අපේ තරුණ වියට යනවා. කාන්තාවොත් එහෙම තමා. කාන්තාවන් කරදර කාරයන් ලෙස දකින දඩබ්බර ආදරවන්තයන්. ඒකිලා පුත්තු හදපුවාම ඒ දේ මතුරනවා වගේ. මේ සෙල්ලක්කාර කම තියන ඡායාරූපය මාරස සයිබර් රස්තියාදුවේදි ඇහිඳ ගත්තේ SPLIT වෙබ් පිටුවෙන්. විකුනන්න දාල තිබ්බට ඡායා රූපය ගත් අයගේ නම හොයාගන්න බැරි තරමට අසීරුයි. නමුත් අපේ කොල්ලන්ගේ තාරුණ්‍ය උන් නොදැනුවත්තව විකුණනවා කියන කතාවත් මාරයි. අපට වටින්නේ නැති උනාට ජ්‍යාතන්තර වෙළඳ අවකාශයට වටිනවා ඇති. මේ තාරුණ්‍ය දැක්කම මාරසටත් ‌මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න හිතෙනවා. මේ තරුණ කාලය සිද්ධාර්ථ කාලයද මන්දා කියමින් සටහන හමාර කරන්නම්.

සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ

අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ....

කලක මෙහෙන් චුත වෙනවා...
එලොව ‍ගිහින් වැජබෙනවා...//
පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...

සද හිරු තරු...//

හැරමිටියෙන් ඇවිදින්නෝ...
අපට එරෙහි වී එන්නෝ...//
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...

සඳ හිරු තරු...//

https://youtu.be/TcPLT9c7l2g

https://jagathmarasinghe.wixsite.com/mare

29 11 2022


 


Powered by Blogger.