ඒකා වහන්සේගේ සප්ත ආදර සංධවනිය!!!

                                          ඒකා වහන්සේගේ සප්ත ආදර සංධවනිය!!!

     මාරසට මතකයි  මේ හාමුදුරුවන් වහන්සේ  චූටි හාමුදුරු කෙනෙක් විදිහට රතන හාමුදුරුවන්ගේ සදහම් සෙවනේදී හමුවෙනවා. මට මතක විදිහට එයාලා ඒ කාලේ ලොකු ජ්‍යාතන්තර සංගීත ප්‍රසංගයක් කරල  තිබ්බ අවධියක්. මේ හාමුදුරුවන් සිවුර පැත්තකින් තිබ්බොත් චූටි කොල්ලෙක්. 

    රතන හාමුදුරුවන් ගාවට මම යන්නේ නිකන්ම නොවේ. ඇත්තටම ඒ කාලේ ඇල්කොහොල් වල ආදරයක් මිනිසාට තියනවා කියන කතන්දරයත් හිසේ තබාගෙන. ඒ වගේම ඒක අරමුණු කරන් රජය ඒකට බදු ගසමින් ඉතා නොහොබිනා ආකාරයට අය වැය පාලනයක කරනවා කියල සැබෑව කැතකතුන්ගේ පොතේ මධුලෝලත්වයේ ව්‍යාකාරණ අර්බුදය ලිපිය ලියලා ඒ බව දත් සහ මට ආදරය කළ සියලු මිනිසුන් නිහඬ වූ සහ සිංහලයා බෞද්ධ කම පැත්තකින් තබා දෙමලා අනෙකාව කරගෙන  අති භයානක අනාගතයක් ඇරැඹි ‌නිමේශයක.

      අතුරලියේ රතන හිමි කියන්නේ මාර හාමුදුරු කෙනෙක්. මට එයාව හමු වන්නේ 1985 මැගසින් බන්ධනාගාරයේදී. හිතාගන්න බැරි ආදරයක් තිබ්බ නමුදු දේශපාලනයෙන් විශාල විභේදන රේකා තිබ්බ අවධියක. ඒ කාලයේ රංජිදම් හිර ගෙදර ජවිපේ අන්තරේ පොරක් . එයා කියනවා මට නාට්‍ය කෝස් එකක් පටන් ගන්න කියලා. මම පටන් ගන්නවා. අන්තිමට හිර ගෙදර හිටපු  සියල්ල එලියට ගියා. සමහරු පැනල යන්න ගිහින් මළා. සමහරු පාවා දීම් මත නිදහසේ ගෙදර ගියා. තවත්ට්‍ සමහරු ‌‌‌දෙවයා  විසින් මොනවා හරි කළා. මාරස එතන ආදරයෙන් නාට්‍ය කරන්න පටන් ගත්තා.  අනිත් අය ඉන්ගිරිසි සහ දෙමල භාෂාව ගැන හසල දැනුමක් ඇතිව එලියට ගියත් ඒ නාටක ගැන කියා දෙන්න ගිහින් මම කිසිවක් නැතිව ආදරය  විතරයක් තියන් ජීවිතයට බෝනස් එකක් තිබිලා එලියට පැන්නා වගේ දෙයක් වුනා. මම මැගසිමෙන් ඒලියට පැන්නේ ඇතුලේ හිටපු රත්නායක සහෝදරයා දීපු රුපියල් විස්සක් හක්කේ ගහගෙන. අතේ තිබ්බේ මරදාන දුම්රිය පොලේ සිට ගෙදර යන්න දීපු ඔරන්ට් කියන රාජ්‍ය මුද්‍රා සහිත කෙහෙල් මලක් පමණයි. කොහොමද මරදානට යන්නේ. ඒ කාලේ සැක සහිත හිරගෙදරින් එලියට බහින උන්ව අංක තහඩු නැති වාහන වලින් අල්ලන් ගිහින් මරලා දානවා. මම එන් ජී වලට විරුද්ධ නැහැ. නමුත් කෙලින්ම කොළඹ මාක්ස්වාදී සංවිධාන ගැන පපුවේ තාම කැලැල් තියනවා. කෙලින්ම කොච්චර ආදරේ උනත් පරංගි මාක්ස් වාදීන් කියලා කෑ ගසමින්  මා ආදරණීය චරිත වූ මිතුරන් නොවන බව කිව නොහැකි සෙල්ලක්කාර මාක්ස්වාදීන් ගැනත් සැකයක් තියෙන්නේ එතන වෙන්න ඇති. . මේක දේශපාලන ඉතිහාසයේ පෝල්ට් එකක් නැතිනම් අත්වැරදීමක් වෙන්න ඇති. ඒකට පරංගි දේශ පාලකයන් කියන පිරිස  මග හැරලා වැඩක් නැහැ. පරංගි ‌මාක්ස්වාදීන් කියලා මාරස අර්ථ දැක්වීම තේරෙන්නේ නැති සියල්ල පරංගි මාක්ස්වාදීන් කියලා තේරුන් ගත්තම ඒ ඇති. දේශපාලනිකව ඒ දේවල් විවේචනාත්මකව කිව යුතුයි. නමුත් නව පරපුර ඒවට වග කිව යුතු නැහැ තමා. නමුත් ඒ සම්බන්ධව කෙලින් කතා කරන්නේ නැති කොට වයස හැට දෙක පිරුනට පස්සේ ඒ සම්බන්ධව විරෝධය පළ කරන්න අයිතියක් තියනවා. මොකද ජීවිත සමග සෙල්ලම් කිරීම භයානකයි. පැන්ටසි කියන්නේ එකක්. දේශපාලනය කියන්නේ තව එකක්. දේශ පාලන පැන්ටසි කියන්නේ කෙලින්ම අනිසි පාවාදීමේ කතන්දරයක් බව නම් සහිතවත් ලිවිය හැකියි. ඒවා සම්බන්ධව කතා කරන්න ගියොත් ආයේ අපේ කොදෙව්වේ ගෝර්කිලා නොවේ ටොලොස්ටෝයිලත් නොවේ බොරිස් පැස්ටර්නැක් අමුතුම විදිහකට ඕපපාතිකව උත්පාද වේවි.

       කොහොමත් රතන හාමුදුරුවො මම අඳුන ගත්තේ හිරගෙදරදි. රංජිදම් ගුනරත්නම් කියන ආදරම ආදරවන්තයා කිව්වා නාට්‍ය කොස් එකක් මාරසට පටන් ගන්න කියලා. කළා තමා.  ඒකෙන්  පස්සේ ඒකා කිව්වා අපි සිවුරු දාල වේදිකාවක් තනමු කියලා. තාම මේව දන්න ප්‍රේම ලාල්ලා පුෂ්පෙලා ගාමිණීලා ජීවතුන් අතර. ගෙවිඳු කුමාරතුංගත් ජීවතුන් අතර ඉන්නවා. මා ඇතුළු දෙන්නෙක් ගිහින්  රතන හාමුදුරුවන්ගෙන් සිවුර ඉල්ලනවා හිරගෙදර නෘත්‍යාගාරයක් බවට පත් කරන්න. අනේ කෙලින්ම උන් වහන්සේ ගලවලා දෙනවා. අපි හිර ගෙදර පුදුමාකාර නෘත්‍යාගාරයක් බවට පත් කරනවා. ඒකේ ඩිම් ලයිට් හදන්නේ රංජිදම්. කාබන් පෑනක් අරන් ඒකේ කානුවක් හදලා යකඩ කෑල්ලක් ගහලා ගල් වැලි වගේ ප්‍රතිරෝධක ද්‍රව්‍යන් දාල සිගරට් පැකට් වල ඊයම් කොල ෂොපින් බෑග් වලින් ඔතලා තමා ප්‍රතිවිරෝධයට ඕරොත්තු දෙන වයර් හැදුවේ. ඉන්ජිනේරුවා  රංඡිදම්. ඒවා අපි කළේ බයේ නොවේ විනෝදයෙන්. රතන හාමුදුරුවන්ගේ අපේ රතන හාමුදුරුවෝ කියන පොතේ මේ දේ ලියලා තියනවා ඉතා කෙටියෙන්. නමුත් දිගහැරලා ඊට වඩා වැඩි කොටසක් තව ලියන්න ඉතිරි වෙලා තියනවා කියලා එයා දන්නවා. 

     නිදහස් වී නිදහසේ සුන්දරත්වය විඳින කාලයක ඇල් කොහොල් වලට බිය එයාලා මා මැරෙයි කියලා හිතලා මාව සදහම් සෙවනට එක්ක ගියා තමා. යහලුවන් දෙන්නෙක් අතර ගැටුම් ඇති වෙල ඒ මතින් තමා කළ්‍යාන මිත්‍රත්වය තහවුරු වෙන්නේ කියන කතාව මාර ධර්මානු කූලයි. දයලෙක්තිකයි කියලා අතීත කාමයේ ඉන්න අය හිතාගත්තත් කම් කිම්. නමුත් අපේ රතන හාමුදුරුවන් කියන්නේ ඔය කවුරුත් දකින විදිහට නෙවේ මාරස දකින්නේ. කෙලින්ම කියනවානම් අහිංසක පොඩි චූටි ලමෙක් කියලා. ඒ ගැන වෙන දවසක පොතකට කතා කරමු. රතන හාමුදුරුවන් නිසා මට මුන ගැසුන චූටි කොල්ලෙක් හිටියා කියලා කියන්න බැහැ. කසාවතක් පොරවන් හිටි බැවින්.

      ඒ තමා මේ හාමුදුරුවෝ. පුදුමයි මා සමග එදා කතාවට ආවා. සිවුරක් දමාගෙන එන අය මට අලුත් නැහැ. මන්ද මම හිටපු පරිවේනාචාර්ය වරයෙක් නිසා. නමුත් මේ හාමුදුරුවෝ ආවේ එක අතකින් සප්ත ස්වරය අතේ තියන්. අනිත් අතින් බීතෝවන්ව අතේ තියන්. මාව අතරමං වුනත් මම විමසුවා. සංගීතය ගැන පමණක් නොවේ පරිගණකයේද අග තැන්පත් බව මම ඒ චූටි හාමුදුරුවන්ගෙන් දැක්කා. තාමත් මට ඒ දරුවෙක්ම තමා. නමුත් ඒ දරුවෙක් වෙන්නේ මගේ වයසක සිතින් වෙන්න ඇති. ඒ කාලෙත් මම කියන කියන දේ වයනවා. සිනිදු සුදු මුදු තලාවේ කියන අපේ පරපුරේ ගීතය කිව්වම ඒක අතේ තියන ඕනම සංගීත භාන්ඩයකින් වයලා අපේ සිත ඒකාලෝක කරනවා. අදාල නැහැ ප්‍රශ්න කිරීම් සහ උත්තර දීම්. කෙලින්ම සප්ත ග්‍රහයන්ගේ සූර්යා මුල්කොට වගේ සප්ත ස්වරයේ " ස " කියන අක්ෂරයෙන් නොවේ ආත්මීය හඬින්ම අප දෙදෙනා සමාධි ගත වීමට ඇවැසි පරිලෝකනීය ස්වර නින්නාද කිරීමට ඒ පොඩි හාමුදුරුවෝ සමත් වෙනවා. මම දන්නේ නැහැ දැන් දේශපාලනිකව කලාව විනාශ කරගන්න තැනක ඉන්නවාද කියලා. ඒකා කියලා කියන්න සංස්කෘතික අවකාශයේ ගිහියෙක් විදිහට වර්ග කළ හැකි මාරසට නොහැකි වුවත් මම මෙසේ කියනවා. ඒකානන් පොඩි වහන්සේට තිබ්බ ශබ්දයේ රිද්මයන්ගේ නිර්වාන සම්ප්‍රාප්තියේ මාදුර්යය ඒකා වහන්සේගේ දස ඇඟිලි වලට නොව ආත්මීයත්වයට බද්ධ වූයේ කෙසේද යන්න සම්බන්ධව මාරස කියන්නේ ඒක විශ්මයක් වගේ කියලයි. දැන් මට හමුවන්නේ දුරකතනයෙන් පමණයි. ඒත් ආර්ථිකයේ ගණ දූවිලි වලින් වැසුන පරිසරයක වේදනාත්මක දෙයක් කතා කරන්න පමණයි. නමුත් ඒකා වහන්සේගේ සංගීතය මාරයි. ඒකා වහන්සේ කියලා කිව්වේ පාලියෙන්ම නොවන බව ද කිව යුතුයි. එහෙම ලියනවානම් ඒකා යන්නේ සංස්කෘත පද අරුත් පවා විමසන්න වේවි. මෙතන මාරස ඒකා කියන්නේ භික්ෂූන් අයත් කුලකයෙන්ම සංගීතය කරලා වැඩ දාන මාරස දැකපු එකම  එකා ඒකා වහන්සේ නිසයි. නමුත් භාෂාවෙන් ගලප ගත්තත් කාරියක් නැහැ. ලියන්න ඒකා වහන්සේලා තරම් සප්ත ස්වරයේ බුද්ධත්වය මාරස නොදන්නවා වුනත් අයිතිය කෙසේ වෙතුදු වින්දනයේ නාමයෙන් මාරසට විඳින්නත් විඳින දේ කියන්නත් අයිතියක් තියනවා කියන කතාව සැබෑවක්. ඇත්තටම පුදුමයි. මට සමහර විට ජීවිතයෙ ‌වේදනාව  නින්නාදවෙන වෙලාවක බිබිලාදෙනියේ මහානාම නැමැති පොඩි උනත් සැබෑ  සප්ත ස්වරයෙන් උන් වහන්සේගේ සින්දුවක් නොව ලංකේය අපේ කොදෙව්වට ප්‍රචලිත නොවෙ වගේ දැනෙන සංගීත ද්වනියක් දමාගෙන ඇස් පියා ගන්නවා. නින්ද යන්නේ නැහැ එලිවෙනකන්. කල්පනා කළා මේ මොකක්ද විශ්මය කියලා

      බීතෝවන්ලා ගැනත් පිටස්තරව සිට යානිලා ගැනත් කේමදාසලා ගැනත් අපේ රටේ නව ‌පශ්චාත් නූතන මිතුරන්ගේ සංගීතයටත් පිටින් මේකා වහන්සේගේ තියන ශබ්දයේ රිද්මයේ මේ වෙනස කුමක්ද කියලා සැබෑවටම කල්පනා කරන්න ඇති. ඇත්තටම භෞතිකවාදීව අපර දිග සංගීතයට යටපත් කරන ලද සංගීතයේ ආධ්‍යාත්මික සුසරත්වය දයලෙක්තික භෞතිකවාදය විසින් නොව යාන්ත්‍රික භෞතිකවාදයේ හේතුවාදය විසින් අපට අහිමි කළා කියලා ලියන්න හැකියි.. ඒක පසුවට කල් තබන්නම්. නමුත් මේ මහානාම හාමුදුරුවන්ගේ සිවුරට යටින් සහ සමව සහ උඩින් ගොඩක් අත්දැකීම් සහ අධ්‍යාත්මික කතා මතුවෙනවා. ඒ කියන්නෙ ස්ප්‍රිචුවල් එනජි හෙවත් ආධ්‍යාත්මික ශක්තියේ ආදරය. ඒක දැනෙනකොට මාර දේවල් දැනෙනවා. කෙනෙක් තර්ක කරන්න හැකියි ඒ ගැන විවිධ දාර්ශනික විදයාත්මක සංගීත පැති වලින්. ආදරයට තියරි නැහැ රත්තරනේ. ඒ ආධ්‍යාත්මක හඬ අපට ගේන්න ‌මේ පොඩි බිබිලාදෙනිය නම් ඒකා වහන්සේ උපසම්පදා ධර්මයත් ඇස් දෘෂ්ටියෙන් රකිමින් අපේ ලෝකය ආදරයේ භාවනාවක් කරන්න පද නැති ද්වනිතත්වයෙන්ම සමත් වුනා වගේ. ජයවේවා මහා නාම පොඩි සාදු

       අපි නෙවේ ආදරය කියන්නේ . ඔබේ සංගීත සුසරත්වයෙන් පිබිදුන අපේ මනස. ඒක සුසංයෝග පද වැලක් නොවේ ස්වර වැලක් අල්ලා කියාගෙන කියාගෙන යන්න හැකි උනත් සංගීතය වචනයෙන් කියන්න හැකි භාෂාවක් තාම අපට නැහැ කියන කතන්දරය ඇත්තක්. අපි ඒකට මුල් අකුර මෙතනින් පටන් ගමු. ‌

https://youtu.be/J3jloY1MZqQ

https://jagathmarasinghe.wixsite.com/mare

26 11 2022


Powered by Blogger.