කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්

කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්
         මාරසට මහාචාර්ය උපකුලපති පණ්ඩිතයෝ පේන්න බැහැ කියන අදහසක් ඉස්සර  කාලයක් තිබ්බා. තාමත් එක පැත්තකින් ඒක එහෙම තමා. මට හිතෙන්නේ ඒකත් අසූවේ ආපු ලෙඩක් විදිහට නෙවේ. මොකද අසූව දශකය එතරම් කුරිරු දශකයක් නෙවේ. මිනිස්සු ජීවිතය ගැන ආදරය හඳුනාගත් දශකයක්. ආදරය කියන කතන්දරය පිස්සු හැදෙන දශකයක්. ආදරය හොයාගෙන විප්ලව කරන්න ගිහින් 1951 සිට 1966 දක්වා කාලය තුල ඒ ආදරය සෙවීමෙන් එදා විශාල තරුන පරම්පරාවක් විනාශ වූ අවදියක් බව දැනගන්න හදාරපු දශකයක් තමා  80 දශකය . දන්නා පමණින් 1965 වර්ෂයේ ජීවත් වූ අයගෙන් තමා ජාතික හෙළ කතා මාර විදිහට නැවත බිහිවන්නෙත්. නම් ගම් ඇවැසි අවස්ථාවල කියන්නම්. 
         1959 1963 දක්වා  කාලයේ ඉපදුන තරුන කොල්ලෝ කෙල්ලෝ කුලකයක්  ජීවිතය දන්දුන්නා මිනිසුන් වෙනුවෙන් අවංකව. තමන් හිතා ගත් ආදරය මිනිස්සුන්ට දිනා දෙන්න. 1965 පමණ  ඉපදෙච්ච කස්ටිය ඒකට ගියේ නැහැ.  මොකද ඒකලාගේ තරුණ විය ගෙවුනේ 1977 විවෘත ආර්තිකයේ. ඒක ගැන කියන්න ගියොත් ජාතික හෙළ කියන කතාව නිකන්ම දියවෙනවා. 1960 සිට 1965 දක්වා ජීවත් වූ දේශපාලනික තරුණ පරපුරවල් වල ජීවිතය අසාර්ථක වුනේ  ඊට වසර ක් හෝ වසර දෙකක් වූ කෙල්ලන් 1977 ගෝලීය ආර්ථික ආක්‍රමණයෙන් පසු තරුණ විය බාර ගත් කෙල්ලො නිසා කියලා අහසින්ම කියන්න හැකි සාධක තියනවා. අහසින් කිව්වේ ජ්‍යෝතිෂයෙන් තමා. 
                   1950 දශකයේ තමා  1953 හර්තාලය ඇතිවුනෙත් . ‌1940  දශකයේ මැද භාගයේදි තමා  ලංකා සමසමාජ පක්ෂය කෑලි කෑලි වලට කඩාගෙන ගියෙත් මතකයේ විදිහට. ලංකා සම සමාජ පක්ෂය කෑලි කැඩිලා ගියත් ඒ අයගේ ජවය මාර විදිහට නිදහස් අධ්‍යාපනය බිහිකිරීමට බල කරන්නත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්න්ගරට බලබෑවා. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් 1943 මාරයි. 43 කණ්ඩායම කියන්නේ ලයනල් වෙන්ට් විතරක් නොවේ 1943 කණ්ඩායම පිහිටුවන ලද්දේ සිත්තරුන් කණ්ඩායමක් කියල තමා ගොඩක් අය ලියන්නේ . නමුත් ඒකේ පොරක් තමා ලයනල් වෙන්ට් කියන්නේ. ඒකා කියන්නේ මාර මානවවාදියෙක්. ගොඩක් අය ඒකාව ප්‍රතික්ෂේප කළේ සිංහල බෞද්ධ කියන නියම අර්ථය දැන ගෙන නොවේ. ‌ලයනල් වෙන්ට් විද්වතානන් කෙලින්ම සම ලිංගිකත්වයට පෙනී හිටියා. ඒක රහසක් නොවේ. ජ්‍යාතන්තර පොටෝවක් දාපුවාම සියල්ල හොල්මන් වෙනවා. නමුත් එදා ලයනල් වෙන්ට්ට හැකියාව ලැබුනා ලංකා කලා සංගමයෙන් ඉවත්වූ චිත්‍ර ශිල්පීන් නව දෙනෙකු අරන් 43 කණ්ඩායම බිහිකරන්න කියලත් සඳහන්.ජෙප්රි බෙලිං, ජෝර්ජ් ක්ලැසන්, ඕබ්‍රි  කොළෙට් ජස්ටින් දැරනියගල, රිචර්ඩ් ගේබ්‍රියෙල් , ජෝර්ජ් කීට්, අයිවන් පීරිස් , හැරී පීරීස් , පමණක් නොවේ මංජු ශ්‍රී භික්ෂූන් වහන්සේවත් එකතු ‍‍කරන් තමා 43 කණ්ඩායම බිහිකරන්නේ. ඊට පසුව මහ බැන්කුවේ ලොක්කලා සහ ඊට අනුබල දුන් දුරාවද කරාවද පරම්පරාවත් ලයනල් වෙන්ට් වලට හැරෙන තැන තියන පිළිමය ගැනත් මහබැංකුවේ අධිපතිලගේ කුළවාදය ගැනත් ඉතිරි නොකර කියාගෙන යෑම මාක්ස්වාදී ජාන තියන පරපුරේ ප්‍රධානින් විසින් කළ යුතු බව මාරස නම් ගම් නොකියා කියන්නේ කුලවාදය කතා කරන මහා පරිමාන ‌හදාරන ලද දෙදෙනෙක්ට අභියෝගයක්රි විදිහටත් විය හැකියි. ඒ කතාන්දරය ලාංකීය රාවය සැබෑවක් වෙන්න හරි විදිහට  කුමාරි  ජයවර්ධන සහෝදරියගේ ජීවිතයෙන් අවසන් කරාවි කියලා මාරස බලාපොරොත්තු වෙනවා. බැරි වුනොත් මාරස නොවේ අනාගත පරපුර ඒ සම්බන්ධව ප්‍රශ්න  කරනවා කියලත් මාරස බලාපොරොත්තු වෙන බව අනිවා තමා. තව දේවල් තියනවා .නමුත් කතාව පටන් ගත්තේ ඒ සියල්ල පසුබිම් කරගෙන වැදිතන්ත්‍රීගේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ 1956 මනමේ , සිංහභාහු , නැතිනම් 1961 කාලේ සුගතපාල ද සිල්වානන්ගේ අපේ කට්ටියේ බෝඩින් කාරයෝ ගැන කතා කරන්න නොවේ උවත් ඒ දේ නොකියා දසමයක් ඉදිරියට යන්න ඉතිහාසය කලාව පැත්තෙන් ඉඩ දෙන්නේ නැහැ කියලා මාරස නොදන්නවා නොවේ. නමුත් ඊට ප්‍රතිපක්ෂ අදහස් ඇතත් මේ ලියන මාර සටහනට ඒව අදාල නැහැ. අදාලයි කියලා යමෙක් කිව්වොත් යම ගැන යමක් කියමු.
මහාචාර්ය ආචාර්ය කුලපතිල අදාල වෙන්නේ විශ්වවිද්‍යාල දැනුමට උනත් ආරියරත්න කළුආරච්චි මහාචාර්යවරයා සම්බන්ධව මාරස දන්නේ සරත්චන්ද්‍රයන් සහ දයානන්දයන් අගේ කළා කියා පමණක් වන්න ඇති. 
             නමුත් සරත්චන්ද්‍රගේ ගැමි නාටකත් මතකයට නගමින් කළුආරච්චිගේ නොන්චි කෝළම කියන නව නිර්මානය දැක්කාම ඒ ඒකාගේ ශරීරයේ තිබෙන සැහැල්ලු බව ස්ටැනිස්ලාව්ස්කි  දැක්කනම් කුමක් කියයිද කියලා සිහිවෙනවා. ගායන ශබ්දයට වෙන කෙනෙකුව ගත්තත් ඒක නවීන නලුවන් වෙන්න හදන පරම්පරාවට මාර ඉගෙන ගන්න තැනක් කියලා නොලිව්වොත් මාරසත් කුහක වෙන්න ඉඩ තිබෙනවා. මාරසට  අදාල නැහැ කළු ආරච්චි කුමන දේශපාලනයක නියැලිලා ඉන්නවාද කියන කතා. ඒ රංගනය විශිෂ්ටයි කියන්නයි මේ ටික ලිව්වේ. ඊට පසුබිම් වූ ඉතිහාසයත් ලිව්වේ. ඒ නිකම්ම නොවේ. සමාජ සත්තා යථාර්ථවාදයේ සිට අපෝහක භෞතිකවාදය හරහා පශ්චාත් නූතන වාදයට එනවා කියන්නේ සෙල්ලමක් නොවේ. සමහර විට අපට ගොඩක් දේවල් මග හැරෙනවා වගේ මාරසට දැනුන නිසා ලියන්නේ. මට මතකයි සරත්චන්ද්‍රයන් රසවාදය ගැන කතාකරනවා. සුචරිත ගම්ලත් ඒගැන විවිධ දේ ග්‍රන්ථ මගින්ම කියාගෙන යනවා. ඒව අවසානයේ ට්‍රොස්කිවාදී විචාර කලාව හරහා පශ්චාත් නූතන වාදී විචාර දක්වා දැන් ගමන් කර අවසානයි. නමුත් මේ සටහන තබන්නේ ආරියරත්න කලුආරචි මහාචාර්යවරයා උස්සන්න නොවේ ඒ නලුවාගේ නොන්චි කෝලම කියන නළුව දැකි විට ශ්‍රී ලාංකේය අතීත රංගනයෙන් ස්ටැනිස්ලාව්ස්කි වන් රංග විද්‍යාඥයන්ටත් ඔබ්බෙන් සාම්ප්‍රධායික රංග ‌ශෙලයෙන් තම ශරීරයෙන්ම උත්තරයක් දී නැතිද යන්න ගැන හදාරන්නන්ට කියන්නයි. වෙනත් වාද විවාද වලට මාරස ගොඩාක් කැමතියි. ආදරෙයි. ඒව ඔයාලා වාදෙට හරි කියනවානම් මාරස ඉගෙනගෙන අනිත් අයට කියා දෙන්න ගොඩාක් කැමතියි. මට කලුආරච්චි ගැන යමක් කියන්න ඇවැසියි. කිසිදා ආදරය හැර කිසිත් බලාපොරොත්තු නොවන මාරස බලාපොලොත්තු වන්නේ කළාකාරයන්ගෙන් කලාවේ ආදරය පමණයි කියලා දන්න අය දැන ගත්තම ඇති.
                 මම ආරිය රත්නකළුආරච්චි සමග කතා කරන්න ගන්නේ නොන්චි කෝලම සහ තවත් ඒකාගේ නිර්මාණ දැකලා පෝනයෙන්. මට ඡායාවක් වගේ මතකයක් තියනවා ඒකාගේ රූපකාය. නමුත් මේ කියන්න හදන නොන්චි කෝලමට මාරස ගොඩක් කැමති මා දන්නා මධුලෝලත්වයේ ගිලුන මිනිසුන්ගේ අභිනයන් රඟ දැක්වීමේදී කළුආරච්චියන්  ඒ ශරීරය සැහැල්ලු කරගෙන රඟන නෘත්‍යමය රංගනයට. අනේ මන්දා. අනික වෙස්මුහුණු  සහ පසුතල සහ සංගීතය සහ අනිත් ශිල්පීන්ද සාම්ප්‍රධායික නැටුම් කලාව ඔස්සේ ගේන භාවයන් සම්බන්ධව. මේ දේ අගේ කළේ නැතිනම් මාරස කැත මාරසක් කියලා හිතුන නිසයි මේ ටික ලිව්වේ. ඇවැසිනම් 43 කණ්ඩායමේ සිට සාම්ප්‍රධාය විකෘතිව අරන් කරන්න ගිය පශ්චාත් නූතන කියන රංගන ගැන පමණක් නොවේ සාහිත්‍ය කෘති ගැනද ඔයාලා කතා කරාවී කියලා හිතනවා. ‌‌‌අනාගත පරපුරෙන් ඒ සිදුවිය යුතු බව අනිවා. අද සංවාද විසංවාද මාධ්‍ය මිත්‍යාංධකාර වෙළඳපොළට අයිති දේවල්. ඒවා මාකට් වැඩ. නමුත් ආරියරත්න කළුආරච්චි නම් අතීත සැබෑව හදාරා ඇති මිනිසාගේ නොන්චි කෝලම ගැන මීට වඩා ලාංකේය රංගන ශිල්පීන් සිතිය යුතුයි. ගැටලුවක් ඇතිනම් ඒ ගැටලු ලිහාගන්න තැන ගැන කතා කරන්න මාරස කවදත් සූදානම් තමා.
    මෙන්න සින්දුවේ දායකත්වය. රඟපාන්නෙනම් ඒ කාලේ තීටර් නළුවෙක් වගේ රැවුල වවා ගත්ත ආරියරත්න කළුආරච්චි සහෘදයා කියලා නොදන්නේ කවුද? දුර කතනයෙන් පමණක් හමුවී ඇති ඔබ කවදා හරි මෙසේ නට නටා ස්වභාවික භාව උද්දීපනය කරමින් රඟනවා මාරසටත් දැකිය හැකි වේවා කියලා පතන්නම්. පැතුමක් කියන්නේ වචනයක් නොවේ. ‌මේ යුගයේ ඇස් දෙකෙන් නොදැක්කත් දැක්ක වගේ භාවයන් හිතේ ඇඳගන්නවා කියන්නෙත් යථාවක්. ආදරෙයි මේ රංගනයට.

ගායනය: රොඩ්නි වර්ණකුලසූරිය
පද රචනය : කුමාරදාස සපුතන්ත්රී
සංගීතය: අචාර්ය රෝහණ වීරසිංහ
රංගනය: මහාචාර්ය ආරියරත්න කලුආරච්චි
කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්
කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්
කන්කරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්.. දෙයියනේ
නොන්චි මේ ලඟින් නැති එක පූරුවේ පිනක්
රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරං
දෙනතකත් අගෙයි හරියට මක්කදෝ වගෙයි
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම්.. රිඟතං
තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයිතරං
තුන් පොලේ අඩවු අල්ලන නොන්චිගෙ කටේ
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ
මේ වගෙ පින් කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පිනක්.. අම්මපා
නොන්චිලා දහක් පරදන මේක රන් කඳක්
එක දෙකක් උනේ මෙන්න මේ අවුසදේ බලෙන්
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයෙන්
තුන් පැයක් වදෙන් බේරිල නොන්චි කෝලමෙන්.. ඇත්තමයි
මං උනත් ඉතින් ඉන්නෙ මෙ අවුසදේ බලෙන්
නොන්චිගේ කටින් කවදත් ඇහුවෙ නෑ හොඳක්
ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්.. උන්දැගෙ
මේ වදෙන් අනේ අම්මප නෑ තොලොන්චියක්
පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ
වළදනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපේ
මේ පණික්කලෙත් ඕවට රුන්ද ගති ගතං.. ඒ උනත්
නොන්චිගේ කනේ වැටුනොත් කම්මුතුයි මමත්
තුන් හිතින් හිතුවේ නෑ මම මේ වගේ දෙයක්
බීමතින් යමක් කිව්වද මට සමා වෙයන්
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතින්
මගේ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං
https://youtu.be/GTPVXEzXrMo
https://jagathmarasinghe.wixsite.com/mare
29 11 2021










Powered by Blogger.