වැහි වලා කුළ පෑ කළු යැයි..............!
මාරස එකපාරටම දැක්කේ විර්ද්ධාලෝක ඡායාරූපයක් වගේ. මම ඒ සමගම ඉන්ද්රනාතයාගෙන් අහනවා මචන් මේක වර්ගීකරණය කරල කියපන් කියලා. ඒකා මට ලියන එකම දානවා. මම අහනවා ඒකගෙන් මචන් අඳුර හයිලයිට් කරන්නේ කොහොමද කියලා. හිතා ගන්න බැරි කතාවක්. මේ ඡායාරූපය ගැන ඒකා මෙහෙම කියනවා.
"මේක මචං Against the light උනත් අයිති වෙන්නෙ Sihouatte කැලිසේයා ගනයට. සිලුවට කියන්නෙත් 1800 මුල කාලෙ හිටි චිත්රශිල්පීයෙක්. එයා ලාම්පු එළියෙන් බිත්ති මත හැදෙන සෙවණැලි ට්රේස් කරගෙන, එයින් බ්ලොක් එකක් කපලා ප්රින්ට් කළා."
මාර දිග කතාවක්. නිකන් අඳුර දිගේ ආලෝකය හොයන් යනවා වගේ කතාන්දරයක ඉතිහාසයේ දැවැන්ත කතාවක්. නමුත් මේ ජායාරූපය ඇවිත් ආලෝකයෙන් අඳුර ජගගත්තා වගේ. හැම තිස්සෙම චලනය කියන්නේ මාරයි. ඒ කියන්නේ කාලය සහ අවකාශය. නිකන් අපේත් ආදරය සිහිවෙනවා වගේ. චලිතය නැතිව කොහෙද ජීවිතයක් පවතින්නේ. මේ දෙන්න ගැහැනුද පිරිමිද කියලා හොයන්නත් බැහැ. ඒ අතින් අල්ලන් යන ආදරයෙන් ආදරය කියන කතන්දරය මැවෙනවා. මහා වීදියක්. සූර්යාලෝකය නැහැ. නමුත් විදුලි බලයෙන් නගරයම අවධි කරලා වගේ. විදුලි බලය ගැනත් හොයන් හොයන් යද්දී සූර්යා සැඟවෙලා ඒ දේ කරන බව සැබෑවක්. බ්රහ්මා විෂ්ණුෂ්ව රුද්රෂ්ය ඊශ්වරස්ව සදා සිවම් කියන කතා සිහිවෙනවා. හ්ම්. සියල්ල මවන්නේ සූර්යා වගේ. කුමාරතුංගයන්ගේ වැහි වලාකුල කියන කවි පන්තියත් සිහිවුනා. බලන්න. අඳුරේ තියන ආදරය. සැබෑවටම අඳුරේ තියන ආදරය කියන්නේ ආලෝකය තමා. ආලෝකය කියන්‌නේ ආදරය තමා. වඩාත් වැදගත්වෙන්නේ මේ දෙන්නගේ හෙවනැලි දෙක කොටු මහපොළවේ බිමක සටහන් වීමද කියලත් හිතෙනවා. මේව ඇවිත් වෙනම වැඩ. මාරසට දැනෙන්නේ මේ ශිල්පීන් කැමරාවත් විනිවිද ජීවිතේ විච්ඡේදනය කරනවා වගේ දේවල්. ආලෝකය සහ අඳුර කියන්නේ වෙනම කතන්දරයක් නොවේ. අපි හැමෝගෙම ජීවිත කතන්දරය. (Giuseppe MiloFollow
In love - Dublin, Ireland - Black and white street photography වෙබ් පිටුවලට යන්න. අඳුරේ සුදිලෙන ආලෝකයේ ආදරය දැනේවි. ජීවත් වෙන්න හිතෙවි. මරණය කියන්නෙත් ජීවිතයේ ආදරය කියලා හිතේවි. )
වැහි වලා කුළ , පෑ කළු යැයි ඔබේ
නො හොබිති යි කිසි ලෙස් න සතොස් නොවන්
සිරුරු පෑයෙනු ගත් සුදනෝ ලොවේ
නො හඳුනත් උතුමන් ගුණයෙන් විනා
පැනැ _ නැගී අහසේ පැතිරී ගොසින්
මහ ගිමන් සිඳුවා සත සිත් තොසින්
කුඹුරු _ වැව් _ පොකුණුත් පුරවා දියෙන්
ලොවට දෙන්නො ඔබ යි අහරත් පැනුත්
නද අසා ඔබ ගේ පැහැයත් බලා
මොනරු පිල් විදහා රඟ දෙත් නදින්
අමුතුයෙන් පණවත් බව ලත් සෙයින්
තුරු ලියත් ලිය-ලයි සැනහී දියෙන්
වලා කුළු බෝ මැ අහස් කුසේ
ඉහළ යෙයි ඔබ යෑම පහත් වැ මැ යි
එ පුදුමෙක් ද උසස් නැණවත් දනෝ
ගුණ බරින් නැමුණෙ ව් පවතින් නිතින්
කටට ගැන්ම ද බෝ මැ අමාරු වූ
කර දියත් ඔබ ගත් කලැ සාගරෙන්
මිහිරි වෙයි උතුමන් සහ වාසයෙන්
නිවටයෝද උසස් වෙති බෝ සෙයින්
ගුණ බලා ඔබ ගේ ලො සොබා දහම්
ඔබැ රැ අන් කිසිවෙක් නිසි නෑ කියා
විදුලියත් පැහැ පත් රන දම් සෙයින්
පළඳවන්නේ ඔබේ ගෙලේ මැ යි බලන්
_කුමාරතුංඟ මුනිදාසයෝ_