ආදරය වන්නේ සුදත්ය.
මේ මගේ සැබෑ ආදර මිතුරෙක්. කෙලින්ම මගේ කොක්කක් නිසා අතුරු දහන් වුන නෙවේ එදා රජය මරා දමන ලද කොල්ලෙක්. මම කොහොමද එහෙම කියන්නේ. අතුරු දහන් වුනා කියන්නේ මරල දැම්මද? මෙයාගේ නම සුදත් කුමාර සිරි. ආරංචිවල විදිහට කුරුණෑගල අවසාන කාලයේ ජවිපේ අන දෙන කෙනෙක් විදිහට හිටියලු. අන්තිමට අතුරු දහන්.
මමකොතනින්ද පටන් ගන්නේ. මම අඬ අඬ පොටෝ ෂොප් වලට මේ ඡායාරූපය දාලා හදන්න ගියා. අපි දෙන්නටම පොටෝ ගැන බැරි වැඩ නැහැ. කොම්පියුටර් නැති කාලෙත් එහෙමයි. අපි දෙන්නගේ තිබ්බේ ආදරය විතරයි. මම ලියන දේවල් වේදනාවට අතපසු වෙයි. මාරම චරිතයක්. මට දුකක් තියනවා. මෙයාගේ තාත්තාට ගමේ අය කියන්නේ ලොක්කා කියලා. එයා කෙලින්ම පිලිප් ගුණවර්ධණගේ 50 දශකයේ අග පූර්ණ කාලිකව දේශපාලනය කළ අයෙක්. මට සුදත් සමග මිතුලෝලයේ වෙලෙන්නේ හයේ පන්තියේ සිට. අපි කතා නැහැ. ඒත් නවයේ පන්තියට ආපුවාම අපි දෙන්න ගහ ගන්නවා. මරාගන්න තරමට ගහගන්නවා. නමුත් අපි දහය පන්තියට එනකොට මහගම සේකරයන් ගේ කවි හරහා අපි මාර විදිහටකළ්‍යාන වෙනවා. අවසානයේ එකොළහ පන්තියට ආපු විට මෙයා සමග මම නාටකයක් ඉස්කෝලේ කරන්න පටන් ගන්නවා. සිංහලයේ උපහාස විශේෂඥ ටී ජී ඩබ්ලිව් සිල්වගේ තාත්වික කලාව කියන කියන කෙටිකතාවකින් පිටපතක් හදාගෙන. එතනින් පසුව අපි දෙන්නා වෙන් වෙනවා. එයා යනවා කඳානේ ද මැසනොද් විද්‍යාලයට. ඒ මහජන එක්සත් පෙරමුනේ තාත්තගේ ආදරයට කීකරුව. නමුත් මාරස එදා ජවිපේට ආදරෙයි. නමුත් වැඩ නැහැ. මොකද ජාතීන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය තිබියයුතුයි කියන පැත්තේ මම හිටයේ. අදටත් මාරස අදහස පුද්ගලයාටත් සැමටත් ජාතීන් සහ සංස්කෘතික වශයෙන් ස්වයංතීරණ අයිතිය දිය යුතුයි කියලයි.
කොහොම උනත් එදා ජාතික ගැටලුවට විසඳුම ගැන රෝහන සහෝදරයාගේ පොත එලි දක්වන්න පෙර මහා සංවාදයක් ගිය බව අපට වඩා හොඳින් රාජ්‍ය රහස් ඔත්තු සේවය දැනගෙන හිටියා.ඒක අදටත් එහෙම තමා. කොහොම නමුත් ස්වයං තීරන ප්‍රශ්නය නිසා අපි දෙන්න මතවාදීව ගැටුනා. මෙයා ජවිපේ පැත්ත ගත්තා. මම තනිවුනා. මම මැගසින් බන්ධනාගාරයේ වසර දෙකක් හිර වුනා. මෙයා ජවිපේ වැඩ කළා කියලා තමා දන්නේ. නිදහස් වෙලා අපි දෙන්න එකතුවුනා එක් දවසකට. ඒත් අපි හිටියේ බයෙන්.
මිනුවන්ගොඩ වෑලිය කියන්නේ මම උපන් බෝටියා වත්තේ සිට සැතපුම් තුනකට කොළඹ පැත්තේ. ජාපාල වත්ත රබර් යායක කෙලවරේ තමා සුදත් හිටියේ. අපි දෙන්නගේ මිත්‍රත්වය ගැන කෙටි වචනයක් කියන්නම්. සුදත් කුමාරසිරි අතුරුදහන් වුනාට පස්සේ මම මාර බේබද්දෙක් වුනා. මා මධුලෝලත්වයට ඇබ්බැහි වුන කාලයක මගෙන් දොස්තරලා විතරක් නොවේ පුහුණු වෙන දොස්තරලා වැල් පිටින් ඇවිත් අහන ප්‍රශ්න විහිළු. නාන්නේ නැතිද, දත් මදිනවාද, දාඩිය දාන්න වැඩක කරන්න කැමති නැතිද, අතේ ගහනවා නොහොත් ස්ව කාම ප්‍රීණනය කරනවාද, මළ විකාර ප්‍රශ්න. දන්නවාද සුදත් කියන කළන මිතුරා ඉන්නකොට අපි දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පරවේණි නාටකය කරන්න පටන් ගත්තෙත් ඒකා නිසා. කතා නැහැ. ඒගෙදර අපිට හැමදාම දිව්‍යලෝකයක්. අද ඉන්නේ අරුණ මල්ලී විතරයි. ඒ එයාගේම මල්ලි නොව අම්මාගේ අයියාගේ පුතාගේ මල්ලී උනත් මාරස කියන්නේ අන්න නියම මල්ලිලා කියලයි. අරුණ මල්ලි කියන්නේ අද ලේක් හවුස් අසල තියන කොඩැක් පොටෝ ආයතනයේ අයිති කාරයෙක්. පාලි නංගී ශිරෝමි ලීල අක්කා ඒක මාර ජීවිතයක්. ඒ සියල්ලන්ගේ ගතිගුන මාරයි. ඒවා වෙනම නව කතාවක්
කොහොම හරි අප විසින් කළ 1980 පරවේණි නාටකයේ සහාය අධ්‍යක්ෂක දූරය මා බලෙන්ම දුන්නේ සුදතයාට. හරිම දක්ෂ නළුවෙක්. නමුත් ඇන්ටන් චෙකෝප්ගේ චෙරි උයනේ සිටි අනාග සිසුවාගේ තිබි විප්ලව වාදිත්වයට ආදරය කරමින් එයා පරවේණියෙත් අනාගත ශිෂ්‍යා වුනා.
බ්ලොග් සටහනකට වැල්වටාරම් දිග වැඩී. කෙටියෙන් කියනවානම් තමන්ගේ ආදර වන්තිය හරි නංගියෙක්ව හරි එක ඇඳේ නිදි කරවල යන්න තරම් අවංකත්වයක් තිබ්බමිතුරෙක් විදිහටයි මිනුවන්ගොඩ වෑලිය ගම්මානය සුදත්ව පිළිගත්තේ. හැබැයි ඒකා නොදන්න දෙයක් නැහැ. අපි දෙන්න වැසිකිලියෙදිත් දර්ශනය කතා කරනවා. ඒකා ඇතුලේ මම එලියේ. අන්තිමට ඒකා ආදරය කරපු කෙල්ල මොරටු කැම්පස් ගියා. නෑදෑ ගෙදරක බෝඩින් වුනා. මාරස මොරටුව. අපි බලන්න ගියා. ඒකි මා ඉස්සරහ පිටම කිවවා මම වෙන කෙනෙකුට බහක් දුන්නා නෙවේ අහවල් දේවල් සිද්ධ වුනා කියලා. ඒකට තමා කියන්නේ අසූව දශකය කියලා. නැතිව අසූව දසකයේ නිකන් හොල්න් විරෝධ තා නොේ. ඒවට තමා කියන්නේ අසූව අන්ධ භූත ජාතක කතා කියලා. නිකන් මැජික් වගේ.
ඒ කාලේ මාරස සිගරට් ගහනවානොවේ ටුබැකෝ කොම්පැනිය ඉවර කරනවා වගේ.. අන්තිමට සොයිසා පැලැට්ස් වලට ආවා. මන්දා මූලික සාකච්චාවනම් නොවේ. එදා තිබ්බ භාෂාවෙන් අපේ ගැටලු සියල්ලම අපි කතා කළා. අවසානයේ මම නාට්‍ය කලා. මේකා නොවේ මේකලා මිනිස්සුන්ගේ විමුක්තිය වෙනුවෙන් ගියා.
නමුත් මාරස හෙවත් නියම නමින් ජගත් මාරසිංහ කියා සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මා මාක්ස් වාදය හරිද වැරදිද යන්න කියන්නේ නැහැ. නමුත් එදා ලාංකේය ඔය කියන ප්‍රමාණයට වඩා මරලා දැම්මා අනිවා. දෙමලන්ද එකතු වූ පසු අති විශාලයි. හෙන ගහපන් කියලා මාරස නොවේ මාරයාවත් කියන්නේ නැහැ. බලන්න ඒ මළගිය අයට වඩා ජීවත් වීමට වෙර දරන මිනිසුන්ගේ විලාපය. ඒ විලාපයත් දේශපාලනය කර ඩීල් දමන්නා වූ විකාරය.මේ වන් දේ කියමින් විකාර දේශපාලයක් ගැන කියන්නට මටනම් කිසිදු අවශ්‍යය තාවයක් නැත. නමුත් මගේ අති ජාත කළන මිතු දිවි පිදූවේ ඒකා වෙනුවෙන් නොව මිනිසුන් වෙනුවෙනි. එහෙයින් තුරුණුවන් සරණයි යන්න මගේ හඬින් පිට නොවේ. ආයේ දවසක ඇවිත් යන්න වරෙන්. මාරේ කෑවද බිව්වද? නැතිනම් උඹට මොනවද ඕනා කියලා අහන්න වරෙන්. මන්ද විප්ලවය කියලා මා කියන්නේ නැහැ. අපි මිසක් සුදතයො මා විප්ලවය කරනවා කියලා කිව්වේ නැහැනේ. මචන් අපේ සතියත් මළා බන්. දැන් ඉන්නේ මම විතරයි. මට මතක් වෙනවා අපි අර ජාපාල වත්ත රබර් වත්තේ මහරෑ උඹ ආසයි කියපු සින්දු. ඒ නුඹේ ආදරය. මචං විප්ලවය ජනතාව කරනවා. ඒක අනිවා කියන්නේ චලිතය අනිවා නිසා බන්. මතකනේ. මළ මිනිහෙක් නිදා ගන්නේ නැහැ බන්. විප්ලවය හෝ මාක්ස්ට වැරදෙන්න විදිහක් නැහැ කියා හිතෙනවා. මචං මාරේට විශිවාසයක් තියනවා යම් දෙයක් ගැන. මොකක්ද දන්නවාද?
කවදා හරි දවසක නොවේ සදාකාලිකවම ජනතාව ආදරය ජය ගන්නවා අනිවා. අවසානයේ මාරයා මෙසේ කියමි. සැබෑවට බුද්ධ යන්නට ආසන්න කෙනෙක් මාරයා දුටුවානම් ඒසුදත් කුමාරසිරිම වන්නේය. නුඹ මිය ගියේ නැත. මේ මගේ හැම හුස්මක් සමගම ඉන්නවා. නිවන් දකින්න එපා. මාරේ ආසා සදා කාලිකව ජීවත් වෙන්න බන්. වරෙන්කෝ බන්.
ආදරෙයි බන් මිනිස්සුන්ට.
මේ භවයෙදි මුළු දිය දායේ
එකතු
නොවෙනු ඇත අප ආයේ
පවස
නිවන දිය පොදක්ම වී ඔබ
ඇයි
මහ සාගරයක් වුයේ
ඔබ
ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන
මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි
ගල් පරයක් විය හැකි නම්
තෙමුනත්
ඇත කරදිය රැල්ලේ
මේ
භවයෙදි මුළු දිය දායේ
සුදු
මුදු වැල්ලෙහි නතර වෙලා
රළ
පස රළ ලුහු බඳිනු බලා
සුසුම්
වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම්
සදුන් හද ගලෙහි උලා
ජගත් මාරසිංහ