බුද්ධ වීර මහා වීර ශාඛ්‍ය සිංහයාණෝ
මේ ඡායාරූප දෙක බද්ධ කර මේ සටහන ලියන්න හිතුනේ මහා ලොකුවට තන්ත්‍රයානය අරන් තේරවාදය පිළිකුල් කරන මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින ආදර සනුහරයින්ගෙන් යමක් අහන්නම නොවේ. කියන දේ දැනෙන බව දන්නවා. වමේ ඉන්නේ සිද්ධාර්ථ ගෞතමයන්. දකුනේ ඉන්නේ මහාවීරයන්. සිද්ධාර්ථ ගෞතමයෝ කියන කෙනාට මාරස ආදරේම තැනක් මතකයට එනවා. සුද්ධෝදන කියන එයාගේ පියාණන් එයාට කියනවා මට නිගා කරන්න එපා. හිඟා කන්න එපා කියලා. කටක ලග්ලය කියන්නේ මාර ලග්නයක්ද මන්දා. සිද්ධාර්ථයෝ කියනවා ඕබේ වංශය ශාඛ්‍ය වංශය. නමුත් අපේ වංශය බුද්ධ වංශය කියලා. නමුත් මාරස සිද්ධාර්ථයන් ගැන තියන අසීමිත ආදරයේ පැත්තකුත් මතකයි. මොකද එයාගෙම පුතු කියන රාහුලවත් අරන් ගිහින් මහන කරනවා. අන්තිමට සුද්ධෝදන රජ වෙනත් බිරිඳක් සමග නන්ද කුමාරයාව නිර්මාණය කරනවා. එයාවත් ගිහින් මහන කරනවා. නමුත් ඒ අවස්ථාවේ බුදුනුවන්ට කෙලින් දබරඟිල දික්කර මේ කරන වැඩ වැරදියි කියලා කියනවා. ඒ අවස්ථාවෙදිම සිද්ධාර්ථ ගෞතමයෝ විනයක් දානවා කියලයි සඳහන්. මින් මතුව දෙමා පිය අවසරයක් නැතිවදරුවෙක් මහන කරන්න අවසර නැහැ කියලා.
මාරයි. අනිත් පැත්තේ ඉන්නේ මහාවීරයෝ. සිද්ධාර්ථ ගෞතමයෝ ඇඳුම් ඇඳගෙන මාර දේවල් කළා. නමුත් තණ්හාව ගලවලා දැම්මා. නමුත් මහාවීරයෝ කෙලින්ම සියලු වස්ත්‍ර ගලවලා නිරුවත් වෙලා දේවල් දේශනා කරන්න ගත්තා. ලස්සනම කතාව තමා මහාවීරයනට මාර සම්පත් තිබ්බා. නමුතු අදටද මහාවීර සම්ප්‍රධායේ කිසිවෙක් ඇඳුම් අදින්නේ නැහැ. ඒ නිරුවත් කායන් යූ ටියුබයේ ඇති තරන් තියනවා.
නමුත් මාරසට සිහිවෙනවා ඕෂෝ හැම තිස්සෙම බුදුනුවන් ගැන කතා කළත් මහාවීරයන්ව උස්සනවා වගේ දෙයක්. ඒක කතා කරන්න මේ වගේ පොඩි සටහනකින් කිසිසේත්ම බැහැ. සමහර විට බැරිකමකුත් නැහැ කියන කතන්දරය මේ සටහනේම ඇති. නමුත් මහාවීරයන් සහ බුදුනුවන් දෙන්න ගැනම ඒකත්වයකට පැමිණ හිතන්න මහාවීරයන්ගේ මාර කතාවක් මතකයි. උන් වහන්සේ කියනවා දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා කියන්නේ ඒ දේ සිදුවෙලා ඉවරයි කියලා. ඒක මාරයි. මේ දෙන්න දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ. දෙන්නම එකම දෙයක් පැති දෙකකින් කියනවා වගේ. නමුත් අපට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමා සැබෑව කියලා දැනෙන්නේ. නමුත් මහාවීරයෝ කියනවා වගේ මලක් පිපෙන්න පටන් ගත්ත ගමන්ම ඒක සිදුවෙලා ඉවරයි. සාඛ්‍ය මුණි බුදුනුවන් කියනනෙත් ඒකමනේ. මලක් පිපෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඉවරයි තමා. මොකද දන්නවාද? එතැන් සිට මල පරවෙන්න පටන් ගන්නවා. මේව ගැන මේ වගේ පුංචි සටහනකින් කතා කරන්න බැහැ කියලා මාරස නොදන්නවා නොවේ. නිකන් දෙබර කූඩයකට ගලක් ගහන්න හිතෙන්න ඇති. මොකද යමක් පටන් ගත්තා කියන්නේ ඒක සිදුවෙලා ඉවර නිසා.
මට සුද්දෝධන රජ තුමා බුදුන්ට ඇඟිල්ල දික්කරලා කියපු කතාව සරත්දචන්ද්‍රයන් සිංහ බාහු නාටකයට පුතු සෙනේ ගැන සිහිවෙනවා.
මන්දා මාරයි
‘‘පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැඳ, ඇට මිදුලූ තුළ රදා සිට, දුක් දෙයි නිබන්දා’’