අමරණීය මිනිසුන් අතර "මරා"
1980 පැන්න කාලයේ සිට නෝබට් ජේ මයර් ලාංකේය නාට්‍ය කලාවට කළ බලෑමේ සිට ජැක්සන් ඇන්තනී ඇතුළු කණ්ඩායම මතකයි. නමුත් දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකාවට මනෝලට පස්සේ සම්බන්ධ වී චරිත කීපයක නුඹ පෑ හරඹත් අමතක කළ නොහැකිමයි. තව දුරටත් කියනවානම් සුගතපාල සිල්වාගේ මාරාසාද් නාටකයේ "මරා" රඟපානවා කියන්නේ සෙල්ලමක් නොවේ. අර ක්‍රිස්තු චරිතය වගේම තමා. ඒකේ තියන ආධ්‍යාත්මික කතන්දර මාරස කිව යුතු නැහැ. වෙබ් වල තියනවා. ඒක ජාත්‍යාන්තරව ප්‍රචලිත නොමියන චරිතයක්. විශ්ව විද්‍යාල නාට්‍ය උත්සවයක නුඹව දැකලා සුගත් අයියා නොහොත්ලි සුගතපාලද සිල්වා උඹව "මරා" කළා. කොටින්ම නොමැරෙන "මරා" කළා වගේ. නුඹ ලිව්වා වූ පත පොත ලිපි සහ රූපවාහිනී සංවාද කොහේ තිබ්බත් ඒ රංගනය තියෙන්නේ අහසේ. ඇයි මාරස මෙහෙම ලියන්නේ කියන කතාව මාරසත් දන්නේ නැහැ කියලා කියන්නම්. කලාකාරයෙකුට තියන ආදරේ කියන කතන්දරය කිසිම චිත්‍ර ශිල්පියෙකුටවත් අඩු වැඩි වශයෙන් තියා තියන තැනම තියලා නොවේ කෙසේවත් අඳින්නවත් බැහැ. ඡායාරූප ශිල්පියෙකුටවත් ආලෝක දඩයමක් කරන්න බැහැ වගේ තමා. ආසන්න වෙනවා විතරයි. නමතු මාරසට වචනයක් කියන්න තියනවා. මචන් එක එක දේශපාලන කණ්ඩායම් කුමක් කිව්වත් එකම පරපුරේ අපට කිසිදා අමතක නොවන රූපකායක් ඉතිරි කළා. මට ඉතිරිය කියන්න මගේ අහිංසක ශබ්දකෝෂයේ වචන නැහැ. ආදරෙයි මචන් කියන වචනය විතරක් අන්තිමට කියන්නම්. ගොඩාරියක් දේවල් කියන්න තියනවා. නමුත් නුඹ දිහා බලපුවාම මාරස ඇස් පේන්නේ නැහැ. කඳුලින් වැහෙනවා කියන්නේ නැහැ. ඒ කඳුලු අතරින් නුඹ කිසිදා ලාංකේය පොළවෙන් නොමැරෙන ශුවිශේෂ පොරක් බව දැනෙනවා. ආදරෙයි මචන්. සාම්ප්‍රදායිකව කියන ඉතිරි වචන මම ගිල ගන්නවා. ඒවා කඳුලු නොවේ. නුඹට තියන ආදරය. මචන්. මාරස කිව්වා වචන ගිලගන්නවා කියලා. ඇති මචන්. අහස තරම් ආදරෙයි!
https://jagathmarasinghe.wixsite.com/mare
28 11 22
Let's talk tomorrow