තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා !!!

                      තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා !!!   

          මේ ඡායාරූපය ගොඩක් කල් ඊ පවුරේ තිබ්ලා කවදා හරි ලියනවා මොනවා හරි කියලා හිතන් හිටියා. නමුත් ලියන්න අවැසි පොතක්. කවුද පල කරන්නේ. ප්‍රකාශකයෝ කියන්නේ අද ඩීල් දාන කට්ටියක්. කොහොමත් මාරස සල්ලි  වලින් සත පහකටවත් ගනන් ගන්නේ නැහැ කියල දන්න අය දන්නවා. ඒත් මාරස නොදන්නා වගත් දන්නවාද කියලා දන්නේ නැහැ. 
කොහොම නමුත් පිරිවෙන් ගුරු වෘත්ත්ය කියන්නේ ඒ කාලේ මාරයි. අද මොකද ඒකට වෙලා තියෙන්නේ කියලා මාරස දන්නේ නැහැ. ඒක  හරිමි සංකීර්ණයි. දෙයක් සංකීර්ණ වෙනවා කියන්නේ ඒ දේ අති සරළ වෙන කතන්දරයක්. ඒ ගැන පස්සේ කතා කරමු. නමුත් මාරස යක්කඩුවේ හාමුදුරුවන්ට වල්පොළ හාමුදුරුවන්ට, උඩකැන්දවෙල සිරිසරණංකර ,  බඹරැන්දේ සිරි සීවලීලී, නාරාවිල ධම්මරතන, හෑගොඩ විපස්සී, වැලිවිට සෝරත හාමුදුරුවන්ල වගේ භිකෂූන් වහන්සේලට මහාචාර්ය ආචාර්ය සහ සාසනයෙන් ආපු පදවි නාම ලියනවා කියන්නේ ඒ හාමුදුරුවරුන්ට කරන අපහසයක්. සිංහල භෞද්ධ දේශපාලනය සහ එකේ තියන වික්ටෝරියන් දේශපාලනය මාරසට අදාල නැහැ. ආදාලයි තමා. මේ ලියන හෘර්ද ශාක්ෂියට අදාල නැහැ කියලයි කිව්වේ තමා. මේ ස්වාමින් වහන්සේලා සාධනය කළා ජීවිතයෙන්ම භික්ෂු සමාජයත් ලාංකේය සමාජයේ පෙත්තක් කියලා. ලියන කියන අළුත් කොල්ලන්ට කෙල්ලන්ට කියන්න තියෙන්නේ සමාජවාදය ගැන හෝ සිංහල බෞද්ධ ගැන ලියනකොට ටිකක් ඉතිහාසය ගැන හදවතින්ම හදාරන්න කියලායි. මෙතන ඉන්න යක්කඩඩුව හාමුදුරුවන් ගැන මාරසට ලියා ඉවර කරන්න පොතකුත් මදි වේවි. ඒ මගේ මතකය මට අනුව මාරසේ ලෙඩක් නිසා වීමට හැකියි කියලා හිතාගන්නවානම් ඒකටත් ආසයි තමා. එයා ගෙදර සමග තරහ වෙලා  ‌පන්සලකට ගොසින් ඇයි මේ කියලා ලොකුහාමුදුරුවෝ අහද්දි මම මහන වෙන්න ආවේ කියලා මහන වෙන කතාව චිත්‍රපටයකට නගන්න මේ කාලයේ කාලයෙන් විසංයෝජනය වී ඇති නිර්මාණ ශිල්පීන්ට නොහැකි බව අනිවා. නමුත් ඒක එහෙම්ම වෙන්න ඉතිහාසයේ ‌ඉතිහාසික හැඩ ගැස්ම ඉඩ දෙන්නේ නැහැ. තවත් දහසක් නිර්මාණ ශිල්පියෝ විතරක් නොවේ සැබෑ විද්වතුන් අනාගත පරපුරෙන් නිර්මානය වෙනවා අනිවා අනිවාමයි කියලා මාරස කියන්න බය නැහැ. 
        මේ කැලැසික් නැතිනම් සම්භාව්‍ය හාමුදුරුවන් වහන්සේලා බුදුන් වදාල ධර්මයද දත් මාක්ස් වදාල දර්ශනයද දත්, මේ ලෝකයේ තම තම වැයික්කි වල පමණක් නොවේ මුලු ලෝකයම දත් මිනිසුන් සමග මිනිසුන් විදිහට ජීවත් වූ අය බව 80 දශකයේ විසංයෝජනය දත් කිසිවෙකුත් ප්‍රතික්ෂේප කරන්නෙම නැහැ කියලා මාරස දන්නවා.
මේ සම්භාව්‍ය සමාජයේ ‌සුවිශේෂ පෙත්තක් වන් භික්ෂූ පරපුරේ අවසානය සනිටුහන් වෙන්නේ හේන්පිට ගෙදර ඤාණසීහ ලොකු හාමුදුරුවන්ගෙන්. පාතකඩ භික්ෂූ අධ්‍යාපන විද්‍යාලයටත් එහා බලගල්ලේ පිරිවෙණටත් උන්වහන්සේගෙන් ලැබුන ආලෝකය ලෝකයටම පහනක් උනා. කුළ වාදය විනාශ කර දමන්නට පටන් ගත්තේ උන්වහන්සේ නොවේද යන්න කියවන්න සේනක බිබිලේ         ඇන් ඇම් ල විතරක් නොවේ පිලිප් ගුනවර්ධනලගේ දේශ පාලන ඉතිහාසය නොවේ ඒ ඉතිහාසයේ ඇත් ශුද්‍ර දේශපාලනික දේවල් ගැනත් හිතන්න වෙනවාමයි. ‌
වැඩි විස්තර පොතකට ලියන්නම් කියන්නේ නැහැ. මාරස පොත් ලියන්නේ නැහැ. මේ කාලකන්නි ඩීල් ප්‍රකාශකයන්ට වඳින්න තරම් මානසිකත්වයක් මාරසට තාම නැති නිසා
මේ ඡායාරූපය වර්ග කරගන්න ඇවැසියි ඡායාරූප කලාවෙන්. මම ඉන්ද්‍රනාතයත් සමග සාකච්ඡා කළා. එයා කියනවා මේක කැන්ඩිඩ් කියලා වර්ග කළ හැකි උනත් ඉතිහාසික වටිනාකමක්ද තියනවා කියලා. අපි දෙන්නත් අතරමන් වුනා. පස්සේ මම මනුබන්දු විද්‍යාපතිගෙන් අහනවා තේනුවරයා කියනවා කැන්ඩිඩ් වලට සිංහල වචනයක් නැහැ කියලා නුඹ කියන්නේ කුමක්ද කියලා. ඒකා කියනවා වචනයක් නැහැ තමා සරළව අහඹු වගේ තව ගොඩක් දේ තියනවා කියලා. මම කියනවා අපේ කාලයේ අර සර්පයාලා හොරෙන් සෙක්ස් දිහා බලන් ඉන්න ඒවට හිල් මරන්නා වගේ වචන දැම්මා වගේ අපිවත් වචනයක් සිංහලෙන් හිංගල වෙන්න හදමු කියලා. ඒක පසුවට කල් දමමු
මේ ඡායාරූපය මාරයි. මේ ඉන්නේ යක්කඩුව හාමුදුරුවො. අනිත් කෙනා වල්පොළ රාහුල හාමුදුරුවෝ. ‌එයා තමා භික්ෂුවකගේ උරුමය පොත ලියලා සමාජයේ පෙත්තක් වුන භික්ෂූන් වහන්සේලාට දේශපාලන අයිතිය දිනා දුන්නේ. මන්දා ඒක දැන් කාට කාටත් අමතකද කියලා. වල්පොළ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඉන්නවා කියලා මම දන්නවා. එයාගෙන් අහන්න ඇවැසි දේවල් මම මේ ඊයේ පෙරේදා සුනිල් විජේසිරිවර්ධනයන්ගෙන් අහලා තරහ ගිහින් නිහඩ උනාද කියලා. ඒ හාමුදුරුවරුන්ගෙත් ගුරු ගෞතමන්ගේ ධර්ම සමගත් අපට මහා දේවල් කියා දී ආදරය ඉගැන්වූ කාල්මාක්ස්ලාගේ ආදරය සමගත් අපි දන්නවා දේවල් අපට ඕන විදිහට සිදුවෙන්නේ නැහැ. අපි සියල්ල වෙනස් කළ යුතුයි කියන ඇත්ත නොවේ සැබෑව.
මට මතකයි සරත්චන්ද්‍රයන් කැලනිය විශ්ව විදයාලයේද කොහෙද මනමේ හෝ සිංහභාහු පුහුණුවීම් කරනකොට මේ හාමුදුරුවන් වහන්සේලා පරම්පරාව ඇවිත් මේස උඩ ඉඳගෙන ඒ නිර්මාණ වල තියන භාව ප්‍රතිභාව සම්භන්ධව සාක්ච්ඡා කළා කියන දේවල්. ඒව ඇත්ත. ඒ යුගයක්. ඒ වගේ යුගයක් නැවත නිර්මාණය වෙන්නේ නැහැ. ඒ අටලෝ දහමේ හැටි කියලා නිශ්ශබ්ද වෙන්න බුදුන් කොතනකවත් දේශනා කරලා නැහැ. තමන්ගේ විමුක්තිය හෝ පොදු විමුක්තිය ගැන හොයන්න අයිතියට බුදුනුවන් කිසිම තැනක තහංචි දාලා නැහැ. කාල් මාක්ස් වගේමයි. මේව ගැන කතා කරපු භික්ෂුවක් මේ පරපුරේම හිටියා කියලා දෙනගම සිරිවර්ධනයන් මට එක්තරා සාකච්ඡාවකදි කියලා තියනවා. ඒ නාරාවිල ධම්ම රතන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමා මාක්ස් වාදය සහ බුද්ධ ධර්මය අතර සමාන කම් ගැන පොත් ගණනාවක් ලිව්වේ කියලා වික්‍රමභාහු කරුණාරත්න සහෝදරයා බුදුන් සහ මාක්ස් ගැන ලියද්දි සිහි කරන්න සමහර විට අමතක වෙන්න ඇති. නමුත් නාරාවිල ධම්ම රතන හාමුදුරුවොත් 1958 කුඹුරු පනත සමග සියලු අදහස් වෙනස් කරන්න ඇත්තේ එයාට කුඹුරු තිබුන හින්දද කියන ගැටලුවේ දෙනගම සිරිවර්ධනයන් සහ මාරස නිහඬව ඔහේ ඉන්න ඇති. මේවා පැත්තකින තියලා මල්ලිලාට නංගිලාට ‌දේවල් ලියන්න අයිතියක් තියනවා උනාට නැහැ කියන කතාවත් ඇත්තක් නොවේ සැබෑවක්. ටිකක් හදාරන්න පුරුදු වෙන්න ඇවැසියි කියලයි මාරස ආදරය.
     විසින් නැවත එවන් යුගයක් නිර්මාණය කරගත යුතුයි කියන්නේ ඇත්තක්. ඉතින් ඒ අප හෙවත් ජනතාව බුද්ධත්වයත් මාක්ස්වාදයත් මානවවාදයත් යන හෘර්ධ ශාක්ෂියෙන් අපට පුද කළ දැනුමටත් වඩා ප්‍රඥ්ඥාවේ ආලෝකයට ආදරෙයි. ඔබ වහන්සේ ලා පැතුවේ බුදු බව හෝ නිවනනම් නැතිනම් මොනවා හෝ ‌දෙයක්නම් ඒ සැබෑ දෙයක් විය යුතු බව දැනෙනවා. ඒවා ලැබේවා කියන ප්‍රාර්ථනය පසුගාමී නැහැ. භෞතික වගේ නොපෙනෙනවානම් ඒකේ භෞතිකත්වය පසුව මාරස ලියාවි. ආදරෙයි හාමුදුරුවනේ
මේ ඡායාරූපය කැන්ඩිඩ් වර්ගී කරණය වගේ අහඹු උනත් බලන්න මේ දෙදෙනාගේ තියන ආදරය. සහ ධර්මයේ සහ දේශපාලනයේ ගැඹුර. රහශ්‍ය ස්වභාවය. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන නිසා පොතකට ඉඩ තබමින් මේ සටහන මෙතෙකින් නතර කරන්නම්. ඔබ වහන්සේලාගේ යුගයේ අප අසූව කට්ටියට ජීවත් වෙන්න ලැබුනේ නැහැ. නමුත් තවමත් ඔබ වහන්සේලාගේ ආදර සුවඳ දැනෙන යුගයක අපි ජීවත් වෙනවා.
      මාරස කියෙව්වා වූ වැදුනා වූ ඉතිහාසයත් සමග මට ඔබ වහන්සේලා ගැන කතා කරනකොට  ‌මීගමුව අඟුරුකාර මුල්ල පන්සලේ මහන වෙලා සිට නීතිය කියල පත්තරයක් කරලා සිවුරු හැර මාර පද ගෙනාවා කියා සේකරත් සිහිකරන මානවසිංයන්ව සිහිවෙනවා. ඒ අස්සේ මහබෝ වන්නම තමා මේ සම්භාව්‍ය හිමිවරුන්ට පසුබිම් සංගීතයෙන් අපව සුසර කළ හැකි කියලා සිහිවෙනවා.  මොකද ඒ ගීතයේ පද තියනවා තමා ඒත් පදත් සංගීතය. සංගීතයත් පද. කිසිත් නැහැ වගේ නමුතු ශූන්‍යත්වයත් නොවේ මොකක්ද? ඒ මොකුත් නැති කම ආදරයද මන්දා?
ආදරෙයි මානවේ ඒ හාමුදුරු වරුන් වහන්සේලාට සමානවය කියන්නම්. . ආදරෙයි අමර දේව ඔයාගේ හඬේ සුසරත්වයටත් ඒ වගේ  ආදරේ නැත්තේ කවුද? 

“වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණ දා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා   
හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​ෙබා් සුමීරී නාදෙනා”

https://youtu.be/EXBV1Qj5LUM

https://jagathmarasinghe.wixsite.com/mare

25 11 2022




Powered by Blogger.