ආදරයේ උල්පත වූ දැරුවෝ.

                                                       ආදරයේ උල්පත වූ දැරුවෝ.

      වීදියේ නගරයක ප්‍රීතිමත් කළු හිසකෙස් සහ ආඩම්බර ගැබිනි කාන්තාවකගේ ප්‍රතිමූර්තිය යටතේ වීදියක බඩදරු අම්මා කෙනෙක් පොතක් කියනවා කියන කතන්දරයේදී මාරස ඇසහිටියා.

පිරිමිද ගැහැනුද කියන සංකල්පය මාරස නවයේ පන්තියේ විතර කාලේ හිතලා ලියපු දෙයක් මාරස සතුව තාම ඇති.

අපි හිටගෙන චූ කරනවා

උන් ඉඳගෙන චූ කරනවා”

අනේ මාරස ඉපදිලා අල්ලන් හිටගන්නා විටම තාත්තා මැරුනලු. ඒ නිසා මාරස තාමත් තාත්තලා හොයනවා වෙන්න ඇති. ප්‍රොයිඩ් සමග මාරසට නැණ පමණින් ගැටලු තියනවා. ඒත් ‌ප්‍රොයිඩ් මනෝ ව්ද්වතාගේ ලිංගිකත්වය කතානම්අපට පිස්සු තමා. ඒවා කියවනකොට තමා සිතෙන්නේ සබ්බේ පාතග්ජනා උන්මත්තතා කියන බුදුනුවන්ගේ ප්‍රකාශනයේත් සුපැහැදිලි කම. කෙලින්ම බුද්ධ කෙනෙක් වගේ සමහර් කියන්නේ ඕෂෝට. සමහර විට මාරසට හිතෙනවා ඕෂෝව ප්‍රොයිඩි අචේතනිකව කියවලා තිබ්බ නිසා අප්සෙට්ද කියලාත්.මාරස කියන්නේ නම් වශයෙන් සඳහන් නැති තැන්වල වුනත් මේ ගැටුව ඒ ප්‍රවනතා ඇතුලේ තිබ්බා කියලයි.

අපිත් ළමයි හැදුවා. මාරසත් හැදුවා දෙන්නෙක්ම. අප්පච්චියේ දරුවෙක් ආදරියගේ කුස තුලට ආපුවාම බඩ වෙන්නේ අම්මලාටත් වඩා තාත්තලා. මාරසගේ පළමු දරුවා නැති වුනා. කුසේදි. නමුත් දොස්තරලා ටිකට් කපන්නේ නැහැ. ස්තිරව දැනගන්න මුත්‍රා අරන් මාරස ගියා ග්ලාස් හවුස් කියන එකල පරික්ෂණාගාරයට. දැන් ඉතින් ඒ වයස අවු විසිහය පුරුෂයා රිපෝට් එක ගත්තා. මහජන පුස්ථකාලය ඉදිරි පිට දිග ඇරලා බැලුවා. “ Negative” ඍණාත්මකයි. ඒ කියන්නේ කලලය මැරිලා. එදා මාරසට උපන් කඳුලු සමග ජීවත් වුනේ දොස්තෝස්කි සහ චෙකෝප් පරිවර්තන සමග. තවත් දෙයක් දන්නවාදදුම්කොළ සමාගමට දාන දුන්නා කියලාත්. තවමත් කියනවා මහන්තත්වකමටද හිස්ටිරියාවටද වෙන මොන කෙහෙල් මලකට හරි මගේ ලොකු පුතා හරි දුව හරි මළා මචන් බඩේදී කියලා. මාරස මෙතන කියන්න උත්සාහ කළේ භෞතික ගර්භාෂය ස්ත්‍රිය ගාව තිබ්බත් මානසික ගර්භාෂයක් තියෙන්නේ ස්ත්‍රියට පිටින් පුරුෂයා ගාව කියලයි. මේ දෙක වෙන්ව කතා කරන අයට මාරසට කියන්න කිසිවක් නැහැ. ගැහැනු දන්නේ නැති උනාට එහෙම දෙයක් තියනවා. මම මාක්ස්ට පමණක් දෙවැනි එංගල්ස් කියා පණ්ඩිත වදන් මාක්ස් වාදී පුරාණය පැවසුවාට එංගල්ස්ගේ මානවීය මානසික පුරුෂ ගර්භාෂය මාරසට ලොකුයි තමා. ඒකෙන් මාර දේවල් කියවෙනවා. ස්ත්‍රී මූලික සමාජයක කලා නිර්මාන මාක්ස් එංගල්ස්ලා ලිපි වලින් කියපු වීර යුගයේ චිත්‍රපටයක් බලලා මාරස තක්බීර් වුනා. ඒ ඔඩිසි නම්වීර කාව්‍ය සිනමාවක දැකලා. අම්බේ පුරුෂයන් ගේ මානසික ගර්භාෂයේ විශාලත්වය. ගණිතයෙන් කියන්නත් බැහැ ක්ම්රේට්. ඔඩිසි වීරයෙක් වෙන්නේ ශක්තියෙන් නෙවේ මානසික ගර්භාෂයෙන් නිපන් සැබෑ ස්නායු වලටත් පිටන් ඇති වෙන මොකක්ද දේකින් වගේ. අනේ ස්ත්‍රී මූලික සමාජයක පිරිමින්ට තිබ්බ පිරමි කම සහ නිදහස. මෝගන්වද අතික්ක්‍රමණය කරමින් ඒංගල්ස්ලට විතරක් නෙවේ පවුලේ ඉතිහාසය ලියපු සියල්ලන්ටම ජය වේවා. ඒ ස්ත්‍රීන් සහ පුරුෂයන් කියා දෙගොල්ලක් නැහැ, තිබෙන්නේ ආදරයක් පමණයි දේශපාලනයයි හතුරා කියපු කතන්දරය කලාවට අත්පොත් තබන්නො පවා දැන ගනිත්වා.

ඉන්ද්‍රනාත් තේනුවරනම් ඡායාරූප වර්ගීකරන මාරස මිත්‍රයා කියන්නේ “Urban Life” (නාගරික ජීවිත) කියන වර්ගීකරණයට මේ ඡායාරූපය අයත් වෙනවා කියලයි. ඒකෙත් මහා ඇත්තක් තියනවා. නමුත් මාරස කතා කරන්නේත් ඒකම තමා. සෑම ගමකම ගමකට කඩ දහයක් තියනවා කියලා රාජ්‍ය නොවන සංවිධානකිව්වත් නැතත් ඒක අපි දන්නවා. කොටින්ම ලාංකේය සැම ගමකම නිර්ධනයන් හෝ කවුරු හිටියත් නැතත්සියල්ල වනාහී මැද පන්ති සිහිනයක සිටින්නෝ. ඒබව ගෝලීය වෙළඳ පශ්චාත් නූතන වාදය සහ බජට් පැකට් ගැන නොලිව්වට මාරසට වඩා ඒ ගැන ලියන්න වගකීමක් ඇති අය ඉන්න බව දන්නවා.

මාරසට මතක් වෙනවා මාරස පළමු දරුවා බිහි කරන්න ගියේ ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව වෙනත් තලයකින් විශේෂිත අවබෝදයක් ලබා තිබෙන මාරස ප්‍රථම පෙලේ ඥාතියෙක් ගාවට. කෙලින්ම ආධ්‍යාත්මිකත්වය සහ භගමතී ශක්තිය භෞතිකවම දන්නවා සේ දැනෙන උපාලි මාරසිංහ සහෘද වෙද්‍යය ආදර වන්තයා හමුවෙන්න. ඥාති සම්බන්ධතා මාරස පිළිගන්නේ නැහැ කියලා දන්න අය දන්නවා. නමුදු ආධ්‍යාත්මිකත්වය සහ භෞතිකයේ දේ සම්ප්‍ර්‍රධායික වචන පාවිච්චි කළත් මාර ආධ්‍යාත්මික ශක්තියක් ඇති වෙද්‍යවරයෙක් විදිහට එයාව මා වර්ග කලේ භෞතික ජාන පදනම මත නෙවේ. ආධයාත්මික නැත්නම් ස්ප්‍රිචුවල් පැත්තකින්. මන්දා මා ආනන්ද නොවුනත් ආනන්දය ඒවගේ ද‌ේ වලට තෝ තැන්නක්ද කියලා. ආනන්ද විදර්ශනයන් ගෙන් අනාගත පරපුර මේ ගැන අසාවි. හැබැයි ඒතකොට ගීතිකා ගයලා වැඩක්නැහැ. මොකද ආනන්දයට හුරු භක්ති ගීත නිසයි. භක්ති ගීතත් දැන ගීතිකා තමා. ඒ නිසා ගීතිකාවන්ගෙන් විදර්ශන වයන්න කාලයක් උදා වෙමින් පවතිනවාද මන්දා.

මම දැක්ක වෙද්‍ය උපාලි මාරසිංහගේ වෙබ් අඩවිය. එයා කියනවා මෙහෙම.

ඇදහිය නොහැකි කළල - අපේ ගුරුවරයා

"අප කුස තුල ගත කරන මාස නවය නිසා අපගේ ජීවිත කාලය පුරාම අපගේ සෞඛ් යය හා යහපැවැත්ම දැඩි ලෙස බලපායි. ළදරුවෙකු පිළිසිඳීම සහ උපත සොබාදහමේ තේජාන්විත ආශ්චර්යයකි. මාතෘ අවබෝධය සන්දර්භය තුළ ඒ හා සම්බන්ධ සිදුවීම් විවිධ ආකාරවලින් දැකිය හැකිය. බොහෝ දෙනෙක් මෙම අවස්ථාව පුද්ගල වර්ධනය සඳහා ලබා ගත හැකිය, නැතහොත් එය දරා ගත යුතු දෙයක් ලෙස සැලකිය හැකිය. ගර්භණීභාවය දැඩි අර්බුදයක් ලෙස දකින මව්වරුන්ගෙන් සුළු ප් රතිශතයක් ඇත. මනස කුමක් වුවත් ගර්භණී මව ගනුදෙනු කරන්නේ ඇදහිය නොහැකි අභ් යන්තර හැකියාවන් ඇති කළලුවක් සමඟ ය. ඔබ මෙම ලිවීම කියවන විට ඔබට මෙම කළල හැකියාවන් ගවේෂණය කර අපගේ පුරුෂ වර්ගයාට උපරිම ලෙස ලබා ගත හැකිය. "

ආචාර්ය උපාලි මාරසිංහ 2012 වසරේ තරු පුවත්පත - මැලේසියාව වෙත ලියූ ලිපියෙන් උපුටා ගැනීම

ගර්භණී කාන්තාවන් 1034% ක් කාලීනව මානසික ගැටළු වලට මුහුණ දෙන බව වාර්තා වී තිබේ. වෘත්තීය, සමාජ ජීවන තත්වයන් සහ පවුල් සමාන්තරව කළමනාකරණය කිරීමට සිදුවීම බොහෝ විට ව් යසනයන්ට හේතු වේ.. ගර්භණී සමයේදී නිදන්ගත ආතතියේ ඉහළ පැතිරෙන අනුපාතය තිබියදීත් ඔවුන්ගේ මානසික සුවතාවය ගැන විමසනු ලබන්නේ ප් රීනාටල් සත්කාරයේ කාන්තාවන් සුළුතරයක් පමණි. බොහෝ දෙනෙකුට රෝග විනිශ්චය කර නොමැති අතර එබැවින් ප් රමාණවත් මානසික ප් රතිකාර ලබා දී නැත. මානසික සෞඛ් ය ගැටලු වලින් පෙළෙන කාන්තාවන් ගර්භණී සංකූලතා වැඩි බව ප් රසිද්ධයි “

මේ ඡායා රූපයතට්ටු තුනක් කියලා පේනවා. පළමු ස්ථරයේ සුදු පැහැ වර්ණයෙන් ශරීරය වහගත් ඒත් ලා නිල් පැහැ වර්ණයෙන් උඩුකය ආවර්ණය කරගත් ස්ත්‍රියක් පොතක් කියවනවා. ඒකි ඒ පොත කියවන්නේ වෙන කාටවත් නෙවේ දරුවට. සමහර විට සැබෑ වෛද්‍ය වරු ආදරණීය ගැබිණි ඒකිට මේ මානසික සත්‍යය තාව කියලා දෙන්න ඇති. හැබැයි ඉන්නේ අනතුරක. අනතුරක සේයා දන්වන තද දුඹුරු වර්ණය මෙතන තියනවා. හැමදාම අනතුරක් සිදුවන්නේ පරිසරයේ. පරිසරය කොළ පාටයි. කොලපාට පසුබිම කරන් තමා පසුගිය කාලේ ටයර් සෑයවල් අපි දැක්කෙත්. පරිසරය සුන්දරයි තමා. පරිසර වේදීන් දර්ශනය හෝ ධර්මය කතා කරනකොට මීට වඩා සංයමයකින් හොයා බලා කතා කරනවානම් වඩා හොඳයි. මොකද විද්‍යාව කියන්නෙම පරිසරයට අනුගතව ඒක වෙනස් කරන එකද යන්න ගැන කතා කරන්න මාර ශික්ෂණයක් තිබිය යුතුයි. නැතිනම් හෙල්මට් පාවිච්චි කළ යුතු වෙන නිසා.

ඉන්දුරනාතයාගේ ඡායාරූප වර්ග කිරීම හරි වගේ. පළමුව දෘඩ බංකුව මත සිටින ගර්භිණී කාන්තාවක්. ගර්භිණී කාන්තාවක් කියන්නේ සාමයේ ප්‍රකාශනයක් වගේ. සිංහලෙන් හෝ වෙනත් භාෂාවකින් කියනවානම් සාමයේ සැබෑව තියෙන්නේ දරුවෙක් කුසේ දරා සිටින මව් වරු ලඟයි. ඒකිලා බඩේ තියන් ඉන්නේ දරුවෙක් නොවේ . පරම්පරාවක් . ඒ පැවැත්මේ හැටි කියලා සිද්ධාර්ථලා මාක්ස්ලා නොවේ මොන දාර්ශනිකයාවත් ගැමි මෝඩයෙක් කියන කාටවත් කියන්න දෙයක් නැහැ. සතුන්ගේ සංවේදිත්වය වගේ දියුනු මිනිසාටත් ඒ සංවේදනය දැනෙනවා.

පසුව පරිසරය කොලපාටින්. නමුත් ඒ ස්වභාවික පරිසරය නෙවේ. බලෙන් හදපු ස්වභාවික වගේ පේන ආටිපිෂල් පරිසරය. අවසාන ස්තරය කියලා කැඩුවොත් එතන තියෙන්නේ කෙලින්ම බොඳ කරන ලද තාක්ෂණික නවීන තාක්ෂණික කාර්බාර්. සහගර්භාෂයක් නැති ගර්භාෂය ඉමේජ් කරගත් පුරුෂ දේශපාලන බලයක් ඇතත් ස්වභාවිකව ඒකලා හිතන දේශපාලනයෙන් හිතුවොත් අසරණ ජීවිත. තමන්ට අයිතියක් නැති තමන්ගේ කියා දේශපාලනයක් විසින් න්‍යායක් හදාගත් නමුදු ඒ ජානමය වශයෙන්ම වන්දි ගෙවීමට බැරිව විලාපය වෙනුවට ආරූඩ කරගත් සමාජ මහා පරිභෝජනයෙන් විතැන් නොවී ඉන්න දඟලන නොවේ ඒ නැති මහිමය කාන්තාවන්ට පෙන්වන්න හදනවා වැනි ජීවිත. මේව අහන්න වෙන්නේ සූර්යාගෙන්ම තමා. මොකද සූර්යාගේ ඒ ප්‍රතික්ක්‍රියාවට අනුමාන වර්ෂ විනා සැබෑ වර්ෂ නැහැ. සූර්යා දැන් නාකි කියපු එංගල්ස්ටත් වචන එදා තිබ්බේ නැහැ. සාපේක්ෂ වචනනේ මග හරිනවා විතරයි. නිශ්චිත උත්තර නැහැ. නිශ්චිත උත්තර ඇවැසි නැහැ කියලා අනිත්‍ය අරන් බුදුනුවන් ගැන කතා කරන්න තරම් ඇවැසි නැහැ.

මේ දේ විතරක් කියන්න දැනට මාරස ලෑස්තියි. ගැහැණියක් ගැහැණියක් වෙන්නේ ගැබ් ගැනීමට සුදුසුකම් සැපුරුවාට පසුවද? භාහිර හේතු සාධකයකින් හෝ වෙනත් වෙද්‍යය විද්‍යාත්මක හේතු නිසා එසේ වීමට නොහැකිද? මේවානම් කෙලින්ම දේශපාලනිකය. සෑම පුරුෂයෙක් තුළම ගැහැනියක් ඇත. සෑම ගැහැණියෙකුටම ගර්භාෂයක් ඇත. සෑම ගැහැනියෙකු මෙන්ම පුරුෂයෙකුද ගැබ් ගනු ඇත. දයලෙක්තිකයේ යම් දුර්වලතා අද වන විට මතු වුවද ඉන්ද මේ දේ ශාක්සාත් වේ. එනිසා වඳ ගැහැනු හෝ පිරිමින් කිසිවෙක් ලෝකයේ නැත. ඒ සෑම තැනකම ආදරය පිරී ඉතිරී ඇත. වෙද්‍ය විද්‍යාව යනුද ස්වභාවයේ අංශුවක් පමණි.

කවුරුන් කෙසේ කීවත් අම්මා යනු මාරය. සැබෑවටම තාත්තා නැති මාරස දකින්නේ පිරිමින්ගේ අම්මා ගුණය වැඩි බවය. ඒ මාරසේ පිරිමි අම්මලා ගැන ඇසුවොත් සමහර විට පුදුම වෙන්නත් ඉඩ ඇත. මේ ලියන සෑම ලියවිල්ලක්ම කියවා ඒ විද්වත් පිරිමි අම්මලා සමග සටන් කළ අවස්ථා බොහෝය. සැබෑවටම ජාන යනු මාර කතාවකි. භෞතික ජන වලට පිටින් මානසික මානවීය ජාන ගැන කතා කිරීම වනාහී ආදරයේ භාවනාවකි. විප්ලවයක ආරම්භය නොව අවසානයද තවත් ආරම්භයක් බව අපට හඟවන්නක්ය. මේ ලිපියෙන් පසු යම් මනෝවිශ්ලේශනාත්මකව සැබෑව දකින්නෝ වෙතොත් කාල්මාක්ස්ගේ සහ එංගල්ස්ගේත් මව ගැන විශ්ලේශනයක් ඉල්ලා සිටින්නේ සැබෑවට විනා අන් දෙයකට නොවේ.

ආදරයේ උල්පත වූ අම්මා

ගී පද

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී

සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී

ගීත රචකයන්

Victor Rathnayake

https://youtu.be/fwvcfxvs42Y

https://bit.ly/3T7Ntcn


                                                                                          jagathmarasinghe.wixsite.com/mare
                                                                                                                                 06 11 2022

                                                                                                                                       


2 comments

මාරස මානසික ව්‍යාධියකින් පෙලෙනවද?

රසිකොලොජි - RasikologydeleteNovember 6, 2022 at 8:10 AM
මාරස මානසික ව්‍යාධියකින් පෙලෙනවද? - හ්ම් වෙලාවක බේත් ගන්න එනවා. හමුවෙමු.


Powered by Blogger.