ශුක්‍ර ධාතු පරම ධාතු කොකාකෝල වසංගතී

                                ශුක්‍ර ධාතු පරම ධාතු කොකාකෝල වසංගතී 

අපේ ලංකාවේ මාරසට මතක ඇති කාලයේ තිබ්බේ එලිපන්ට්හවුස් නම් ආටිපිෂල් බීම හදන කොම්පැනියයි. ඒකාලයේ අපේ අම්මලා අපිව ලෝක ඇලපති ක්රමය අනුදැන ඒ සමාගම් අරක්ෂාකිරීමට මෙන් නිපන්ද නිපදවා ගත්තා වූ වෙළෙඳ ආයතනයකි. ඒවා අනුමත කරනල ලද්දේ නියමිතවම කවුදැයි මාරස දන්නේ. ඒවා අනුමත කළ උන්ට කියන්නේ ලෝක සෞඛ්ය සංවිධානය කියාය. අපිත් ඒ කාලයේ උන් අනුමත කළ එන්නත් වලින් ජීවත්වෙමු. සමහරු කියන්නේ ඒ ඒන්නත් අපේ ජීවිතය කෙටි කරගත් වගය. උපරිම ආයුෂ වසර 180ක් වන් දිගු කාල ග්රහතාරකා ක්රමවේදයෙන්ද විද්යාමානය. ඉතිහාසයෙන්ද ඒ නිවැරදි බව සාධනය කළ හැක. මාරස කියන්නේ 80 නාඹර තරුණ විය ගෙවූ අපආච්චිලා සීයලා වසර 180 පරම ආයුෂ නම් ප්රමිතියේ ස්වභාවිකව ජීවත් වූ බව අත් දැක්කා කියාය.
නමුදු 1971 වන විට අපේ අම්මලා අපට ඒ ඇලපති අධිරාජ්යවාදී ආවර්තිතාවෙන් නිපන් එන්නත් ඒ ආවර්තිතා වගුවේ සැබෑවේ බලය අතට ගත් දේශපාලනයේ යටත් වාසීන් විය. එ කල අපට අම්මලාත් ඇන්ටිලාත් ගමනක් යන විට බොන්න අරන් දුන්නේ ධනේශ්වර ප්රාග්ධනයෙන් නිපන් ඔරෙන්ජන් බ්රාර්ලි නැමති අද ඔරේන්ජ් ක්රෂ් කියන ආටිපිෂල් උවත් සෞඛ්යට මාරයැයි කියන ආටි පිෂල් දියර බෝතල්ය. ඒ කාලයේ පැෂෝනා කියා තවත් යම් සරල ජාතික වගේ බීමක් ආවත් අපේ ගමට ඔබ්බෙන් ජීවත්වූ කාලෝපොන්සේකයන්ගේ වත්තේ වවා තිබි පැෂන් පෘට් වගාව විනාශ වූයේ ඒ බුලත් මෙන් පිලිකා කාරක් බව අර බටහිර සමාගම් හෝ කුමණ රුදුරු දේශලානයේ බලහත්කාරයක් නිසාය. ඒ අවස්ථාවේ කාලෝ පොන්සාකානන්ගේ හේතුවාදය කොහේ තිබුනාදයි මාරස ඉතා හොඳනි. දන්නේ කුමක්ද යන්න ලිවිය යුත්තන් කුලවාදය එල්ලී මාක්ස් වාදය නොව පරංගි මාක්ස් වාදය උඩදමන්නේ ඇයිද යන්න විමසීම මාරස කාර්යක් නොවන්නේමය. ඒවායේ මහා ලොකු බුද්ධිමය සංගම් මාරස නිවසට වැස්ස වේලාවක රා මුට්ටික් සහ බීඩි මිටියියක් අරන් ආවොත් හිනා වෙවී ගීත ගයමින ඒවා ගැන කතා කළ හැකි බව කියන්නේ ආතල් එකකකට නොව කිතල් එකකටය.
ඒවායින් අපේ ඒ කාලය හෙවත් හැත්තෑව දශකයේද අපේ පන්තියේ උන් ආසා කලේ නෙක්ටෝ වලටය. මිදියුෂ පානයයි කියා මාරසටද අම්මාද නැන්දලාද ඒ කාලයේ එලිපන්ට් හවුස් උඩ දැම්මා මතකය. ඒ අලියා සමාගමකි. අලියා දේශපාලනික බව රනිල් වික්රමසිංනම් තාම දන්නවා ඇත. තාම අලියා අලියා වී තිබෙන්නේ ඒකා කොළ ජ
ජීවත්වන සත්වයෙක් නිසා වන්නට හැකිය. කෙසේ හෝ එලිපන්ට් හවුස් නාමය වූ ඇන්ටිලාද ආච්චිලාද උඩ දැම්මා මතකය.
ඒකලා ඒකාලයේ මාර ධනේශ්වර ජාතික සමාගම්ය. පසුව ලංකා ලයිම් කියා කොළපාට බීමක්ද ඒකලා නිශ්පාදනය කළේය. ඒ යූ ඇන් පී කොළපාට නිසා වන්නට පුලුවන් නොව ඒ නිසාමය. නිල්පාට බීමක් තිබ්බේ නැත. යූ ඇන්පී රැස්වීම් වල ලංකාලයිම් කොළ පාට පෙන්වමින් කොළ පාට උඩ දැමූ බලයට පත් වූ අයුරු මාරසට ඉතා හොඳින් මතකය. ලංකාව ලයිමක් කිරීම වෙනම කාරණයකි.
ඒ කාලයේ ඒකාලගේ පේයාව බොන විට බඩේ අජීරන සුවපත් වන වග කියා අපව ඇන්දූ අයුරු මාරස පරම්පරාව දන්නවා උනත් විවෘත ආර්ථිකයට කොටුවූ ඒ පරම්පරාවෙන් අඩකටත් වඩා මේ වෙළඳ ආර්තිකය දණ්ඩ නමස්කාරය කර පිළිගත්තේය. කතාවට ආවොත් ඉතිරිය නම් වශයෙන් ලිවීමටද මාරස සූදානම්ය. එවන් අය රාජ්ය විරෝධයේදී කොටසක් රජයට විරෝධීව කැරලි ගසා මැරී ගොස් ලංකේය ජන සමාජයේ සංවර්ධනන්යාමයන් තිරස් සහ සිරස් ලෙස විග්රහ කරනා සට කපට න්යායික ජාතක වාදීන් බවට පත්විය. දැන් වෙනත් මොනවාදෝ කියත්. තවත් කොටසක් නිහඬව විෂය පැත්තක තබා ටියුෂන් ව්යාපාරයන් හරහා ගොස් ඔක්ස්පොඩ් ද මොන මොනවාදේ දේවලට හැරී මාර මාර පොරවල් වී දැන් විවෘත ආර්ථිකයට බනිමින් වීදුරු කාඹර වල සිට මොකක්දෝ නොව සමාජ විරෝධී නායකයන් විදිහට අහසත් පොළවත් නැති රංගනයක යෙදෙන්නේය.
1980 ආරම්බයේ වගේ කාලයේ ( විවෘත ආර්ථිකයෙන් පසු) එලිපන්ට් හවුස් බීම වලට කෙලවා ගෝලීය කරනය ආරම්බයට කස කාරයන් මෙන් කොකා කෝලා, පෝටෙලෝ ආවේය. ඒ සමගම සමාගම් ආර්ථිකයේ විකාරය හරහාම පෙස්සිකෝලා පමණක් නොව තවත් කෝලා ආවේය. මේ ඡායාරූපය සිත වැදුනේ ඒ තාමත් කෝලාවක මහිමයෙන් එදාට සාපේක්ෂකව අරඅද කතා කරන පශ්චාත් නූතන වාදය හරහාම තවත් කොලා එකක් පුරුෂ ආධිපත්යය පරයා බිහි වූ ස්වයංව නිෂ්පාදනය වූ බවය.
නමුත් මේ පොටෝව වීදි ඡායාරූපයකි. බලන්න ලස්සන තරුණියකු කඩයක යට ගසා ඇති කොකා කෝලා වෙළඳ දැන්වීමක් ඉදිරියේ සිටින පිරිමියෙක් උන්ගෙන් බොන්න දෙයක් සම්බන්ධව ගණුදෙනුව කතාකරන ආකාරය අහම්බෙන් වීදි ඡායාරූප ශිල්පියා දඩයම් කර ඇති අපූරුව. අනිත් පිරිමියා පොදුය. රතුපාට කමිසය මරේ මරුය. අද ජීවත්වෙන එදා අනාගත පරපුර වාගේය. ඇඳුම විතරක් රතු පාටය.
මේ වීදි ඡායාරූපයේ උත්ප්රාසයක් තිබේ. ඒ වෙ ළඳ දැන්වීමට අනුගාමීව ඒ පුරුෂයාගේ ලිංගය කොකා කෝලකෝක් බෝතලයක් වී ලස්සන කාන්තාවකට පෙවීමට උත්සාහ කිරීමය.
මතක තබා ගත යුත්තේ මේ ගෝලිය කරණයෙන් නිපන් විවෘත ආර්ථිකයද නැතිනම් ගෝලිය කරණයද යන්නත් නොව ඒ සම්බන්ධව විරෝධය පෑ සහෝදර කල්ලියද අද කොකා කෝලාවක් නොමැතිව කෑම කන්නටවත් බැරි පිරිසක්ද බිහිකළ බවය. වෙළඳ ප්රචාරනය එදා ඒ තරම් දක්ෂය. නමුත් අද ඒ දියවී ඇති බව වම නොදන්නවා නියතය. දන්නවානම් ගෝල්පේස් අරගලයයේ විබවය පැත්තකින් තබා වෙළඳ ප්රචාරන කරන්නේ නැත.
මාරස කියන දේට ලියන දේට සංවේදීය. තමන්ගේ ආශාව සඳහා ශ්රක්රධාතුව ගුනයයි කියමින් කෙල්ලන්ට ගැහැනුන්ට පොවන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ෂක් කියන වචනය අතර වටින් තරුණ තරුණියන්ට ඇසෙන්නට විය. ඉන්ගිරිසි වචනයක් නිසා වැඩිහිටියන්ටද ඒ ජොලි විය. ප්රාග්ධනය යනු මහා සංකීර්ණ දෙයකි. ඒ වැඩ කරන අයුරු මාරය. හරියටම දෙවියන්වහන්සේ ප්රාග්ධනය වූවා සේය.
වාත්සල්යගේ කාම සූත්රයත්යු රුවේදයත් ඇලපති වෙද්යය විද්යාවත් ආයුර්වේදයත් මාර කරමින් ස්ත්රීන්ට ලස්සන වන්නට ශුක්රාණු පෙවීමට පටන් ගත් කාලයම වන්නේය. ගැහැනුන්ගේ විරෝධය මැකීමට මේවා බිත්තර සදුමදය වෙන් ගුණ බවත් ගැහැනුන් බොනවානම් මාර ලස්සන වන වගත් අවිද්යාත්මකව කී කතා ඇතිවන්නට පටන් ගත්තේ එකලය. ශ්රක්ර ධාතුවේ ඇති ඕජෝ සහ පුරුෂ ගුන සම්බන්ධව සැබෑව සම්බන්ධව නොව මේ සටහන 77 පසු කොකා කෝලා වූ වෙළඳ ශ්රක්ර කොකා ‌ ජනගත වීම සම්බන්ධවය. කොකාලාගේ ලනුව පුරුෂයන් කෑවේය. තාරුණයේ සිටි අය පමණක් නොව එකී නොකී නාකියෝත් නාකිච්චියෝත් ලනුව කැව්වේය.
මේ ඡායාරූපයේ සිටින රතුකමිස පොඩි එකාගෙන් නිරූපිත වන්නේ ඉන් පසුපරම්පරාවදැයි සැක සිතේ. ඒ පරපුර අද තලැත්තෑනි සහ තරුණ පරම්පරාවම වන්නේය. තත්ත්වයන් යථාවක් කිරීමට ජංගි ලෝලත්වය විරෝධාකල්පව මාකට් කරමින් නව පශ්චාත් නූතන වෙළඳපල ප්රචාරණ යථාවක් කරමින් ඒ පශ්චාත් නූතන දාර්ශනිකයන්වද හෑල්ලුවට ලක් කළේය.
රොබට් නොකස් වැනි විදේශීය දාර්ශනිකයන්ගේ පොත පතින්ද ලියවෙන්නේ මේ කොදෙව්වේ ස්ත්රීන් පුරුෂයන් තොල් කිස් කිරීමට අකමැති වූයේඒ යුගයේ ලාංකිකයන්ගේ බුලත් සැපීම නිසා වැනි ගොං කතාය. නමුත් ඊට අනුගාමීව පැමිණි චුවින්ගම් සංස්කෘතික වෙළඳ අවකාශය ලාංකේය මැද පන්තිය සම්පූර්ණයෙන්ම තවද බාර ගෙන නැත. තවත් තරුනයෝ බුලත් හපයන් නොවුන් අර්ධ නොවූවත් තුන් කාලකවත් බුලත් හපයන්ම වන්නේය. ඒ සිගරට් මිළ ගනන් ගිය නිසා වන්නට පුළුවන. නමුදු අද බුලත් හපයට ගන්නා දුංකල වලින් කිසිදු මතක් ඇති වන්නට විදිහක් නැත. දුම්කළ පරික්ෂා කළ යුතු නැත තනිකරම දුම්කළ වගාව යනු මිනිසුන ගසා කන්නා වූ මානසිකව ඒ කෑවිට මොකක්ද මගුලක් ඇතිවන්නා වූ කියන අමූලික බොරුවක් බව දුම්කොල කන්නෝ සහ දුම්කොළ බොන්නොද දනී. වේලුන ගස්ලබුකොල වන් දුන්කල වලට ඇත්තේ මිනිසුන්ගේ අනියත බියකි. ඒ ධනේශ්වර පාලකයන්ගේ අය වැය ලේඛනයේ දුංකල වලට ඇති ජනතාව ඇලපති වෙද්යය විද්යාවෙන් රවටා කෙලවීමේ මිත්යාව බව හේතු වාදියෝ විශේෂයෙන්ම දැන ගත යුතුය. දේව යක්ෂ බූත කුළ මිත්යාවන්ට වඩා ඒ මිත්යාව බලවත්ය.
නැතිනම් ගංජා විරෝධ හදා මධන මෝධක මාකට් කරන්නා සේ අජූත ‌ කැත වැඩ තව දුරටත් සිදුවනු ඇත. ( දුංකල හොඳින් කා ඇති නොව හපා ඇති මාරස සිංහල දුංකල ගැනද, යාපනය දුංකල ගැනද, ඉන්දියන් දුංකල ගැනද ඉතා හොඳින් දන්නේ ජීවිතයෙන්ය.)
නමුත් මිනිසුන් බහුතරයක් ඇඳගෙන හමාරය.
ලංකා සම සමාජ පක්ෂයේ නායකයෙකුගේ බිරිඳක් නිසා ඉන්දියාවේ මාක්ස්වාදී පක්ෂය ඇති වූ බව කියවන හොයන මිනිසුන් දන්නවායැයි මාරස කියමු. ඉන්පසු ජවිපේ වන් ප්රවනතාවන් සමග බිහිවූ ඉන්දීය මාක්ස්වාදී පක්ෂය වූ නන්මුද්රිපාත් පක්ෂයෙන් මෙසේ ඇසීමට සිතේ. ලංකාවෙ ස්ත්රීන් නව පුරුෂ වාදයක් බිහිකරමින් ස්ත්රීන්ට විටමින් යයි කියමින් කොකා කෝලා නොහොත් අනු දැක ශුක්ර හෙවත් ජන භාසාවෙන් කැරි පොවන්නේ ඇයි කියාය. පෙවීම සාමාන්යය. නමුත් ඇන්දවීම තවකෙකි. කොටින්ම මහා ගාම්භීර අහංකාරකමකින් සිටින 77න් පසු ඉස්ත්රීන් දැනගත යුත්තේ තමන් තරම් ඇඳගෙන කැරි අනවශ්ය ලෙස කැරි බීගත් පිරිසක් ඉතිහාසයේ නැති බවය.
අවසානයේ කිව යුත්තේ වාත්සන්යගේ කාම සූත්රයේ සිට අනංග රංග හරහාත් පරංගි දේශපාලනය සහ පරංගි මාක්ස්වාදීන්ගේ තියරි හරහාත් ඔබ තවමත් පිරිමින්ගේ කොකා කෝලා බොනවාද කියාය. නමුදු මෙම සටහනේ ශ්රක්රානුව වෙළඳපොල බලවේගයක් කරස්ත්රී පුරුෂ දෙපක්ෂයේම මානසික ව්යාකූලත්වයේ දේශපාලනික අර්ධය ගැන දෙඩුවත් සැබෑ ලෙසම ලිංගිකත්වයේදී සිදුවන්නා වූ එවන් කිසිදු ආශාවෙන් නිපන් ආදරයට කිසිදා විරුද්ධ නොවන බවය.
සංඥා වාදය යනු න්යායක් නොව ප්රායෝගික ජීවිත කාරණයකි. නැවත පොතේ ගුරු වාදය වැනි කිසිදු සංසෝධනයකින් මේවා වෙනස් කළ නොහැක. අපිද ශරීර සෞඛ්යට කෙලවුන පසු හඹායන දොස්තරලා සහ විශේෂඥ වෙද්ය වරුනි. ඒ ශිෂ්ය සංගම් වලටම මුවා වී තොප ආධ්යාත්මිකත්වය විසඳා ගත හැකිද යන්න ඉන්දියානු වීදි ඡායාරූප ශිල්පීන් මනාව මනෝ බසින් ආලෝක දඩයම් වලින් ප්රශ්න කර ඉවර කරන්නේ වීදි ඡායාරූප ප්රමීතීන් වලට ගරු ගරුකරමින්ය. සමහර විට අපට කොකාකෝලා වන් ආටිපිෂල් බීම බොන්නට එපා කියන ඇලපති වෙද්ය වරුන් පවා ආදර සහ ඒකලාගේ නාමයෙන් අනියම් පෙම්වතියන්ට කොක් පොවනු ඇති බවය. පරිස්සමින්. හැබෑ දේශපාලයට අවධිවූ ස්ත්රියක් වෙතොත් කොක් බෝතලයේ කට සිය හකු බලයේ නාමයෙන් දත් තිස්දෙකම හපා කඩා දමනු නියතය.
මෙවන් කූටප්රාප්තිය දේශපාලනික ව්යාහවාදයට නොව කෙලින්ම පශ්චාත් නූතන දේශපාලනයට කෙලවා දමන ඉන්දියානු වීදි ඡායාරූප ශිල්පීන්ට අප හිස නමා ආචාර්ය නොකෙරුවත් ඉගෙන ගැනීමට යමක් තිබෙන බව නම් ඉගෙන ගත යුතුමය.

https://jagathmarasinghe.wixsite.com/mare

17 11 2022


Powered by Blogger.