විප්ලව වාදියා දිසි දිනක මැරෙන්නේ නැත.
ආදරයේ ගීතිකාව ( V කොටස )
ඉන් වැදගත්ම නාභිය වන්නේ පියවුරු පුඩුය. ඒවා ගැන විස්තර කිරීමට බ්ලොග් ලිපියකට මාරසට කාලය මදිය. පොඩි පියවුරුය, මද පුඩුය, කුඩා වඩා කුඩා පියවුරු තුටු ගැන දැනගැනීමටත් අද සරත් චන්ද්‍රයන්ව හෝ සුචරිතව හෝ වෙනත් කාවවත් හමු විය යුතු නැත . අන්තර් ජාලය ප්‍රමාණවත්ය. නමුත් සරත් චන්ද්‍රයන් සහ සුචරිතයන්ද ඒ සම්බන්ධව දර්ශණයක් පමණක් නොව ධර්මයක්ද අපට කියා දුන්නේය. ලාලිත්‍ය සහ සෙක්ස් කියා දී අවසානයේ අපව ටෝරස්කි සහ මාක්ස් ලෙනින් අතර අතහැරියා මතකය. පසුව අප පශ්චාත් නූතන වාදයේද වහලුන් වූවාද යයි සිතමි. නැත.ස්ව කාම ප්‍රීණනය සහ අද භාෂාවෙන්ම අතේ ගැසීමද කියා කැලනි විශිව විද්‍යාලයේ පොතක ලිපියක්ත් බැලූ විට කොවුර්වද ඒපා වේ. කාලෝගේ කුල වාදය සහ විජය චන්ද්‍රිකා විවාහයේ මගුල්ද කපු කමද මා සෙස්ස පස්සට දාන්නම්. හේතු වාදයේ අවසානයද එතන බව කිසිවෙක් කියන්නේ නැත. 80 දශකයේ පොරවල් වලට එපා වූයේ ඒ කාලය වන්නට හැකිය. මහගම සේකරද යථාර්ථවාදි නොව සෞන්දර්යවාදී කියා පියසීලි කියන ලද්දේ විජේ ඩයස් කියපු විදිහටද නැතිනම් කීර්ති කියපු විදිහටද කියා අද මම අසන්නෙ ගීතිකාගෙනි. මන්ද දන්නවා මෙන් කතා කරණ නිසාය. නැතිනම් මහා දේශන නැතිව නිකන් දුරකතන ඇමතුමකින් විදර්ශනට උත්තර දිය හැකිය. හැබැයි ඒවා ගැන තව දුරටත් විමසීම අප නාකි නොවීම නොව තාම සැබෑ වම හොයනවා කියන කතන්දරයම කියා තොප දැන ගත යුතුය. නැතිනම් තොපට විරුද්ධ කැරැල්ලකටත් නාකි අපට සම්බන්ධ වීමට සිදුවනු නියතය.
වහලුන් වූවානම් මෙතරම් ප්‍රශ්න කරන්නේ නැතිය. පෙඩ්ඩ්‍රික් ඩග්ලස් වහලා මෙන් උත්තර ගෙනනවාය. අද අප ඊටත් වඩා වහල්ලුය. මිතුරන්ගේ මුදලින් ජීවත්වන වහල්ලුය. මේ ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න වලට උත්තර සොයාගෙන නොවන්නේමය. කෙලින්ම දීප්තිතියාද, සර්පයාද, අනුර කුමාර දිසානායකයාද වන් පිරිස මේවාට පිළිතුරු දිය යුතුය. මක් නිසාද ඒකලාටද සෙනරත් පරණවිතානලාටත් බුදුන්ටත් ඒ සා විශාල ශ්‍රාවකාවියන්ට නොව. අප කුුසුම් ගුණවර්ධනලාට සහ සුනිලා අබේසේකරටවත් , ගීතිකාටවත් , කුමාරි කුමාරගමේටවත් , නිරිමලලීලාට හෝ කිසිම ස්ත්‍රී වාදියෙනියෙකුව මතක් කරගෙනවත් ස්වකාම ප්‍රීණනයේ යෙදෙන්නට බැරි මිනිසුන් ආදරය බලාපොරොත්තුව සිටින්නේ නැත.
කියයි මේ වචනයට කියා. එ සේ කියාපල්ලා. ඒ තොප හැටියි කියා අප කියමු. අප බලාපොරොත්තු වන්නේ ස්ත්‍රියටත් මිනිසාටත් එකට ජීවත් වීමට හැකි මේ කෙහෙල්මල් ලිංගික ආලයෙන් නොව ලිංගික කෑදරයෙන් නැති ලෝකයකි. ආදරය තියෙන්නේ ඒතනය මේ ආදරයේ v කොටස ඉවර කරන්නේ ඒසේය. දීප්ති කුමාරට කල්‍යා නන්දට කේ කේ සමන්ට , අනුර දිසානායකට, ගැහැනුනුගෙන් කුමාරිට ,සිරිමලීට , කාටවත් ලිංගිකව විකාර කිරීමට ඇවැසි නැත. ඒවා තියනවා කියන ප්‍රොයිඩ්ට පසු මනෝ විශ්ලේශකයන් ගැන කතා කරනවානම් ඒවාට මාර පිලිතුරු දිය හැක.
දවසක් මා හතරවන ජ්‍යාතන්තරයේ රැස්වීමකට සහභාගි විය. මතකයේ විදිහට බාලදක්ෂිකා කේන්ද්‍රයේය. හැම තිස්සේම කලිසමට අත දාන විද්වතාත් එතන සිටියේය. දේශනය පිට රැටියෙකි. නම මතක නැත . කෙසේ හෝ හතරවන ජ්‍යාතන්තරයේ ලෝක පොරක් බව මතකය. ඒකා 1988 වගේ කී වචනයකට මා හිනාවෙමින් ආවේය. ලෝක ජ්‍යාතයන්තර දේශපාලනය විසින් 2010 වන විට ප්‍රංසය ඇද දැමු නිර්මාණ ප්‍රාග්ධනය හරහා සියලු ගැහැනුන්ට කලිසන් අන්දවන වගය. මම සිනාවෙමින් ගෙදර ආවේ අපහසයෙනි. අද ඒ සිදුවී හමාරය. අදහස ඇත්තේ කලිසන් වල නොව ඊට යටින් දිවෙන ප්‍රාග් ධනය මතය. මේ ගැන කතා කළ යුතු විදර්ශනලා බව කෙලින්ම කියමි. අපට වයස වුනත් මේවා මතකයි. පටන් ගනිල්ලා. කවුරු හරි අවසාන කරයි. මතකයකින් කියන නිසා මේවායේ දින වකවානු වල සුළු වරදක් ආවොත් කමාව. නමුත් මේ මාරස කියන්නේ ඇත්තය. (වැඩි දුර සොයනවානම් මහන්සි වී පැරණි පත්ත්‍රිකා බලා පිළිතුරු දිය හැකිය.)
ජගත් මාරසිංහ
26 10 2023
https://jagathmarasinghe.wixsite.com/mare