සරත්චන්ද්‍රයන්ගේ ජීවිතය සහ ආදරය

 

සරත්චන්ද්‍රයන්ගේ ජීවිතය සහ ආදරය


මගේ මතකය දහය පන්තියට දිවයයි. පසුවය වසර කියා අධ්‍යාපන අමාත්‍යංශය විහිලු කරන ලද්දේ. මා එකලද එදිරිවීර සරත්චන්ද්‍රයන්ට සේකරලාට අමරදේවලාට මාස්ටර් ප්‍රේමසිරි කේමදාසයන්ට පමණක් නොව පියදාස සිරිසේනලා වන් ජාතික සාහිත්‍ය කරුවන් ගැනද ආදරය කළා මතකය. සරත්චන්ද්‍රයන්ව කානුවක දමා ජේ ආර්ලා විසින් ගැහැව්වා කියන කතාවද මතකය. ඒ කාලයේ මාධ්‍ය මෙතරම් දියුනු නැත.

      පසුව විප්ලවවාදී කොමිනියුස්ට් සංගමය විසින් කීර්ති බාලසූරිය මුල්කොටගෙන මහාචාර්ය නමින් සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ ආචාර්යවරිය කියන කරන ලද දේ තාමත් කටපාඩම් වගේය. විජේ ඩයස් ගැන කියන්නට බොහෝ දේ තිබේ. 
       නමුත් මාක්ස්වාදයේ විවිධ පැතිකඩවල් වලින් සරත්චන්ද්‍රයන්ට ගල් මුල් නොව බෝම්බද වදින තත්ත්වයට පත්විය. ඔහුගේ ජීවිතයේ අයිරින් සරත්චන්ද්‍රගෙන් වෙන් වී ලලිතා සමග ආදරයෙන් වෙලෙන කතාවට තවමත් මනමේ සිංහභාහු වගකියනවා වැනිය. 
     අවසානයේ අද ආපසු හැරී බලන විට ආදරය ගැන ප්‍රේමය ගැන සරත්චන්ද්‍රයන්ගේ අදහස් පරදවන්නට බැරි සේය. සියලු මාක්ස්වාදීන් සහ අනෙකුත් පරංගිවාදීන් කුමක් කියන්නෙහිද? ආදරය සම්බන්ධව අදටද සරත් චන්ද්‍රයන් අප හදවත විනිවිදිනවාය. කෙලින් කියන්නේ සරත් චන්ද්‍රයන් මාක්ස්වාදීන්ටද මුණිවරයෙක් වූවා ද කියා සැක බිය නැතිව එසේය කියා ලියන්නේ කාරණා සාධනය කිරීමට හැකි නිසාය. ලලිතාවන් විසින් සිංහබාහු නළු නිලියන් ඉවත් කර අළුතෙන් ගත් පිරිස ගැන මා කිසිත් නොකියන්නේ ලියන්න දේ නැති නිසා නොව අනේ පව් නිසාය.
     හොඳම සිංහයා ජයරී චන්ද්‍රජිත්ද රට ගොස් ඇවිත් පාටියක් දමා සරත් චන්ද්‍රයන්ට විරෝධය පෑවේ නැත. නව නිෂ්පාදනය නිශේදනය කරන ලද්දේ මෙසේය. පහත ලින්කුව දමා ඇත. අවසානයේ කිව යුත්තේ සියලු රැඩිකල් මාක්ස්වාදීන්ද හේතුවාදීන්ද තවම හුරතල් වන්නේ සරත් සරත්චන්ද්‍රයන්ගේ ඔඩොක්කුවේ බවය..

මෙන් කමලේ දෙන රැව් මිහි ලොල්
මුදු තෙපලින් රඳනා හැම කල්
පෙම්බරියේ නුඹ දුන් මෙවදන්
දොම්නස පහකරවයි සිත්සතන්
නැත බිය මා මනකල්
නාට්යය - සිංහබාහු
https://youtu.be/9Ax5YO8NtmI
ජගත් මාරසිංහ
25 10 2023


Powered by Blogger.