යුද්ධය සහ සාමය නොවේ පරිසරයට එරෙහි පරකාම පීඩනය සහ මරණය

                යුද්ධය සහ සාමය නොවේ පරිසරයට එරෙහි පරකාම පීඩනය සහ මරණය


         හැකිනම් පාන් ගෙඩියක් තරාදියකින් කිරන්න. ඒ බර නිශ්චිත නැහැ. තරාදිය දශමයක් එහාට මෙහාට උනොත් ගුරුත්වාකර්ශනය කියන නියති අගයන්ට කෙලවෙනවා ඒ තියරියෙන්ම. ආසන්න වශයෙන් සමානයි කියන කතාව ගැන කලනය අනුකලනය ගැන නලින් සිල්වා වැනි විද්වතුන් ඉන්නකොට විතරක් නොවේ ලියනකොට ඒවටත් ජෝක් කරන ලෝකයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඔව් සියලු මධ්‍යම පංතිය කියන මිනිස්සුන්ගේ සමහර විට උඩ ඇඳුම් මාරයි විය හැකියි. යට ඇඳුම් ලොකු හිල් නැතිනම් අන්තිම අසරණයි. මාරසනම් ඔය පන්ති කියන කතන්දර දැන් පිළිගන්නේ නැහැ කියන්නේ නැහැ. 

        ඇත්තටම මාක්ස්වාදය න්‍යායාත්මකව හරි. නමුත් භාවිතාව වනාහී මහා මිනිස් සංහාරයක් පමණයි. ඇත්ත කතාවනම් නියමයනගෙන් යමක් සාධනය කළ හැකි වුවත් ප්‍රායෝගිකත්වයෙන් ඒක අසරණයි. ඒක මාරසටනම් කියවගන්න හැකි කර්මපල වාදයෙන් පමණයි. 

         ජෝතිෂය නියති වාදයක් කියලා නලින්ද සිල්වානන් කියලා තිබ්බා. මට ඒක තේරුන් ගන්න බැහැ. කොහොමද ජ්‍යෝතිෂය නියති වාදයක් වන්නේ. වචන වලින් නොවේ මේ අහන්නේ. තර්කයකටත් නොවේ. ඒකේ ගැඹුරක් තියනවා කියලා හිතාගෙන ගැඹුරක් තියනවා කියන කාරණය ඇත්තටම ගැඹුරක් නැහැ වගේ දෙයක් තමා කියලා දැනෙනවා. මාරස දන්නා දැනුමෙන්.

         දැන් ඉතින් සෙනසුරු මකරයෙන් කුම්භයට යනකොට වෙන දේවල් සියල්ල සිදුවී හමාරයි. අපියි ඉස්සරලා කිව්වේ කියන බිස්නස් කතා මාරස ගාව නැහැ. අතේ සල්ලි නැත්නම් සර් කෙනෙකු මගින් හරි ගිහින් සිල්ගන්න හිතුනම ඒකත් කරන මාරස ගැන ඔබ කුමක් සිතනවාද මාරස දන්නේ නැහැ. දැනගන්න වුවමනාවකුත් නැහැ කියලා කියන්නේ නැහැ. මාරස තාම රහත් නැහැ. එවන් දේ වලට ආශාවක් ගෑවිලා හරි ඇති. මොකටද බොරු කියලා අපායේ යන්නේ.

        සිල් ගන්නවා කියන්නේ නිකන් ඔහේ ඉන්නවා. ඒක මාරයි. ඒ තුල මාරසට හිතෙන්නේ ත්‍රීපිටකයේ අනුහස් වදන් නොවේ ජීවිතය ධම්ම පදයේ තියනවා වගේ හැඟීමක් . නමුත් මේ අර්ථයෙන් භෞතිකව හෝ වෙනත් මොන කෙහෙල්මලකින්  හෝ ලෝකයේ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න ගොස් පරාජය වුන හෝ නැවත දිනන්න මාක්ස්වාදී ලෙනින්වාදී ට්‍රොස්කිවාදී හෝ පශ්චාත් නූතනවාදීන් ගැන අපහසයක් විය යුතු නැහැ. අර බුදුනුවන් දේශනාකළ කතන්දරයක් මහා වීරත් දේශනා කර ‌තිබෙනවා.

"යමක් සිදුවෙන්න පටන් ගත්තා කියන්නේ ඒ දේ සිදුවී අවසානයි"

          ඔව්. මලක් පිපෙන්න පටන් ගත්තා කියන්නේ ඒක පිපිලා අවසානයි. හරියට සෝවිට් රුසියාව වගේද, වියට් නාමය, චීනය, වගේ  ඉන්දු චීන නොවේ ලාංකේය ලංකා සමසමාජ පක්ෂයට සාපේක්ෂකව ජවිපෙද මාරස දකින දේ කියන්නේ නැහැ. මොකද කාටත් දැකිය හැකි දේවල් නිසා.

          කොහොමත් සහෝදරයා, ක්ම්බ්‍රේට් මේ ඔක්තෝම්බර් 30 රාහු කියන චිත්ත මාත්‍රග්‍රහයා මීනයට මාරුවෙනවා. ඒවල සූර්යා වටේ අපි කැරකෙනවා හෝ අපි වටේ සූර්යා කැරකෙනවාද ‌අප මනසද කැරකෙන්නේ කියලා පසුව ලියන්නම්. ජූනි 29 වෙනකොට දහසක් කෙලි කරලා. කොරෝනා පමණක් නොවේ යුද්ධ ලෝකයක් ආරම්භ කරලා වෘෂභයට මාරු වෙනවා. වෘෂභයේ අධිපති සිකුරු

          මාරසට මතකයි වියාග්‍රා හොයාපන් කියන ලිපිය. බලන්න, දෙවන මහා ලෝක සංග්‍රාමයෙන් පසුව පැමිනි ලිංගික මතවාද නැවත කරලියට ඒන හැටි. සෙඩිසම් සිහිකරමින් සාද් ඈපානන් ගේ ආත්මය අළුත් කොල්ලන්ට පෙර නාකින්ට වද දෙන හැටි. තව ටික කාලයයිනේ. යුද්දේ මිනිසුන් දස දහස් ගානක් මරා දාලා අන්තිමට මිනිසුන්ට සුරතාන්තය සම්බන්ධව නව පනක් දේවි. සියල්ල අවසාන උනත් තනි තනි එක එකාගේ ජීවිත වල ‌මහා වෙනසක් වෙනවා අනිවා තමා. 

         රනිල්ලා සහ මහින්දලා ගැනත් ‌දේශපාලනය ගැන මොකාගැනවත් ලියන්න හැකි උවත් මාරස කතා කරන්නේ නැහැ. සල්ලි දුන්නත් කතා කරන්නේ නැහැ. ඒ මාරසේ හැටි. මතක තබාගන්න බිමින් කියෙව්වත් අහසින් කියෙව්වත් දෙක දෙකක් වෙන්නේ ආසන්නව සමාන වෙමින්. මාරසටත් දැන් වයස විස්සකට වැඩී.  ලියපු දෙයක් සම්බන්ධව සංවාද කියන ඊනියා දේවලින්  නොවේ ආදරයෙන් කතා කරන්න එන්න. කියපු දේවත් හරියි වැරදියි කියන්න බැරි හේතුවාදීන්ට නොව හේතුවාදී ව්‍යාපෘතිය විසින් යටපත් කරන ලද බුදුණුවන්වත් සම්ප්‍රධායත් මාක්ස්වාදයත් ගැන කතා කළ යුතු දේ බොහෝයි. කතා කරන්න දෙයක් ඇවැසි නැහැ. බලා හිටපල්ලා කියන්නම්. පුද්ගලිකව. කරන දේ පේන්නම කරන ග්‍රහ සංකල්පය මේ 30 මාරු වෙනවා සෙක්ස් රාශියකට. ‌කරුම කාරක ග්‍රහයා කියන සෙනසුරු ජූනි 29 මාරු වෙනවා .එතෙක් මම මේ ගීතය දාන්නම්. නිකන් පසුබිම් විකල්පයකට. රාහු සෙනසුරු විතරක් නොවේ ඒකෝණයක් විතරයි. මුළු සමස්ත ගෝලීයව අංශකතුන්සිය හැටත් අනන්තයක්. අනන්තයටත් සීමාවක් තියනවා කියලා කියන්නේ මේ විකාර විකාරයක්. මේ ගැන කතා ‌කරමු පස්සේ. මේ යුද්දෙටත් නැවතීම තිත දෙන්නේ ගිවිසුම් ගහන්නේ මේ ග්‍රහයන් පැන්නම තමා. ඒත් ජීවිත ගණනාවක් විනාශ කරලා. ඒකෙන් හිටිලර්ටවත් කාල් මාක්ස්ටවත් ලෙනින්ටවත් රෝහන විජේවීරටවත් ජේ ආර් ටවත් ප්‍රේම දාසටවත් කාටවත් බේරෙන්න බැහැ මචන්. ඉතිහාසයේ නුඹලව ලියවේවි. නමුත් බුදුනුවන්ලා මහා වීරලා විදිහටනම් විය නොහැකියි.

https://youtu.be/XAi3VTSdTxU

ජගත් මාරසිංහ

20 10 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.