ගැහැනිය වහලුන් නොවේ. මහල් හිමියා පුරුෂයාය. අදටද අප රටේද එසේමය.

       ..ගැහැනිය වහලුන් නොවේ. මහල් හිමියා පුරුෂයාය. අදටද අප රටේද එසේමය.

මට මතකයි ලේක් හවුස් ජීවිතය නියමිතව වසර පහක් පමණ ප්‍රීලාන්ස් කියන ජීවිතයෙන් වසර දෙකක් පමණ. ඒත් ටිකයි ලිව්වේ. ඒ ලිව්වේ කරුණාදාස සූරියආරච්චි සිලුමිණ කතෲ නිසා නොවේමය. ඒකා මහා අඩම්බරකාරයෙකු ලෙස මාරස අදහසයි. ඒත් නීතිය ගරුකෙරුවේය. නමුත් ඒ නීතියට මා එකඟ වූයේ නැත. දොඩාවත්තයන්ගෙන් පටන් ගෙන මනුබන්දු විද්‍යාපතිගෙනුත් අරවින්ද හෙට්ටි ආරච්චිගෙනුත් මේ දේ ගැන කෙලින් කතා කිරීමට අශාවක් පමණක් තිබේ. ඒකුන්ට කියන්න තිබෙන්නේ දේශපාලනයට ඔච්චර බය වෙන්න එපා පමණක් වන්නේ මාරසගේ ඇල් කොහොල් වන්නට හැකිය. නමුත් මට ජනදාස පීරිස් සහ දොඩාවත්තයන් විසින් දිනමිනේ නවගුණ පිටුව කරන්නට ඉඩ දුන්නේය. අද පිටරක වෙසෙන එදා කතෘ මණ්ඩල අධයක්ෂක වූ සමහරු ඒකාධිකාරියැයි සිතන රෝහණ හෙට්ටිආරච්චි එකල සනත් බාලසූරියලාට විරුද්ධයි වගේ සිටියේය. ඒ කාලයේ ගොඩක් දේ සිදුවුනේය. රෝහන කියන්නේ දකුනේදැයි මම නොදනිමි. නමුත් මට රස්සාව ස්ථිර කරන්නට මුල් වූයේ මොහුය. ඒ වෙනම මාක්ස්වාදියෙකු බව මා දනිමි. මා දැන ගත්තාම ඇතිය. ඇවැසිනම් කියාගෙන කියාගෙන යන්නටද හැකිය.

        මම එතනින් අමිල තේනුවර සමග පත්තරයක් කළේය. කොටින්ම මහින්දට කීවාට කම් කිම්. ඊට පිළිතුරු දීමට ලෑස්තිය. මා කතුවැකියකින් දුන් පිලිතුරක් හැම්ලට් නාටකය හරහා ලීවේය. 

      හැම්ලට් මරු කතාවක් නාටකයේ කියන්නේය. හැම්ලට්ගේ අම්මා  සමග බාප්පා නිදි වැදුනාට හැම්ලට්ට කාරි නැත. නොට් ටූ බී කියා ‌කියන වදන ක්ෂේපියර් එතනට දමා ඇත. තාම ඒ සාහිත්‍යමය වචනය පරිවර්තනය කිරීමට කිසිවෙක් සමත් වී නැත. නමුත් අන්‍ය භාෂාවකින් පරිවර්තනය කිරිමට නොහැකි වුවත් මාරස සිංහලෙන් සේනානායකයන්ගේ පොතක තිබි පරිවර්තනය හෝ අනුවර්තනය දැම්මා මතකය. මළ ගෙදර බත් සීතල වන්නටත් ප්‍රථම අම්මා බාප්පා සමග නිදියන කාරණයය. ජවිපෙ සැබෑ මිනිසුන්ගේ ඇටසැකිලි වියැකෙන්නටත් පෙර ඒකලා ඊට සහභාගි වූ සරත් පොන්සේකා සමග කළ දේශපාලනයට මාරස විරුද්ධ තමාය. කමටහන යන්න මාක්ස් දැන සිටියාට උන් දැන සිටියේ නෑමය. දැනුත් කතා කිරීමට ලෑස්තිය. නමුත් ඒ ජවිපේ විරුද්ධව නොවන්නේය. දැනුමේ අඩුව තේරුන් ගනු පිනිස මේ දෙවැනි සංස්කරණයේදී මේ ලිව්වේ වංකව නොවන බව තේරෙනවානම් ඒ ප්‍රමාණවත්ය.

      ඒ පත්තරයට නම දැම්මේද මාරසය. ඒ පත්තරයෙන් මම හැකි තරම් ගහන ලද්දේ නොවේ යථාව කියන ලද්දේ ජවිපේටය. ජවිපේ යනු කිසිවෙකුගේ අනට කීකරු නැති පක්ෂයක් නිසාම ගිලිහී යන්නා සේම ඉදිරියත් එසේමය කියා බය නැතිව කියන්නට තාම හැකිය.  ජවිපේට මොන තරම් පොස්ට් දැම්මත් නෝ ආන්සර් තමාය.

     කෙසේ නමුත් 20006 නොවැම්බර්  08 මා පල කළ ලිපි පෙල දාන්නට මාරස අද සිට තීරණය කලෙමි. ලිපි බොහෝ ඇත. මොනවා වුනත් මාරස වන් අපතයෙකුට ඒ ලිපි පෙල ලියන්නට දුන් අධ්‍යක්ෂකලාට තුති කියනා තුරුම මාක්ස්වාදයට විරුද්ධව ජාතිකවාදයක් ගැන කතා කළ අනුර එදිරිසිංහ කවියාට පළ කරන්නට ඇත්තේ කණගාටුව පමණි. ඒ සම්බන්ධව රෝහිත භාෂන නම් යම් හැඟුමක් ඇති විප්ලවවාදි න්‍යාචාර්යවරයාට ඉඩදී මා මාරසේ ඒ දේ පල කරන්නේ අපද ජාතිකත්වයටත් ජ්‍යාතන්තර වාදයටත් ආදරය නිසාම වන්නේය.

දිනය 2006 11 08  (දිනමිණ) {ඉතා ටිකක් සංස්කරණය කර ඇත.}

(නවගුණ දිනමිණ අතිරේකයෙන්..............)

වැකිය _ ගණිකාවයි අහසයි.

*********************

                 ගණිකාව යනුවෙන් හඳුන්වන්නේද ගැහැණියෙකි. ගණිකා වෘත්තිය යනු ලොව පැරණිම වෘත්තිය බව කවුරුත් දනී. සාමාන්‍ය ගැහැනුන්ට වඩා ගණිකාවන් රූපයෙන්ද වෙනස් වේ. කොටින්ම ප්‍රිය ජනකය. පරපුරුෂ සේවනයේ යෙදෙන සෑම ගැහැනියක්ම ගණිකාවක් සේ සම තැනේ සලකති. ඒ සැබෑවක් නම් මුලු ලෝකයේ ස්ත්‍රීන්ගෙන් වැඩිකොටසක් ගණිකාවන් විය යුතුය. ඒ අතර තවත් වර්ග කිරීමකට අනුව ලිංගික ශරීරය මුදලට විකුනන ස්ත්‍රීන් ගණිකාවන් ලෙස සැලකේ. 

    කොතරම් පැරණි වෘත්තියක් වුනත් ගණිකා වෘත්තිය කිසිවෙක් වැදගත් සේ නොසලකයි. බොහො රූමත් උගත් බුද්ධිමත් ගැහැනුන්ද ගණිකාවන් අතර සිටී. ගණිකා වෘත්තිය නීති ගත වූ රටවල්ද තිබේ. අපේ රටේද 1930 දශකය අග භාගයේදී ගණිකා වෘත්තිය නීතිමය වශයෙන් පිළිගත යුතුයි කියා සංවාදයක් ඇති විය. එහෙත් ඒ එසේම නිහඬවී ගියේය. තවමත් අපේ රටේ ගණිකාව වනාහී සිවිල් සමාජය විසින් පිළි නොගන්නා ගැහැනියකි. උනගේ භාෂාවෙන් ජරා ගැහැනියකි. තුප්පැහි ගැහැනියකි. පව්කාර ගැහැනියකි. පාදඩ ගැහැනියකි. 

    කවුරුන් කෙසේ කීවද ගණිකාව කියන්නේ මනුෂ්‍ය දුවකි. සැබෑ ගැහැනියකි. අම්මා කෙනෙකි. 

    පංති සමාජය තුළ ගණිකාවද  එක් එක් ආකාරයට වර්ග වේ. ධනපති පංතියේ ගණිකාවන් අසලට මැද පන්තියේ මහත්තරුන්ටවත් යා නොහැකිය. මන්ද ධනපති ගණිකාවෝ මිල අධිකය. තත්ත්වයෙන් උසස්ය. මහන්තත්ත්වය වැඩිය. උද්දචචය.

       ගණිකාවන් සොයා ගැනීමට ජ්‍යෝතිෂ ක්‍රමවේද වලින්නම් පහසුය. ආදිකාලයේ සිටම මිනිස් අත්දැකීම් මත ගණිකාවක්  හඳුනා ගැනීමට ග්‍රහයෝග රාශියක් මිනිසුන් විසින් නිර්මාණය කරගෙන තිබේ. අද පවා ගැහැනියකගේ ජන්මපත්‍රයක කුජ ශුක්‍ර යෝගය දුටු ගමන් ප්‍රවීණ ජ්‍යෝතිශ්සාස්ත්‍රඥයන්ගේ ඇස් උඩ යන්නේ එබැවිනි. සිය මවත් සමග පරපුරුෂගාමී වන යෝග පවා ජ්‍යෝතිශ්සාස්ත්‍රය තුළ සඳහන් වේ. ගණිකාව සම්බන්ධව වැඩිපුරම විස්තර සඳහන් වෙන්නේද ජ්‍යෝතිශ් සාස්ත්‍රය තුළය. කොටින්ම එදා රජුන් අංත:පුර ළඳුන් තෝරා ගත්තේද ජ්‍යෝතිශ්සාසාස්ත්‍රය මුල් කොටගෙනය. 

      ගණිකාවන්ද  දෙවියන් අදහයි. එහෙත් බොහෝ ගණිකාවෝ අදහන්නේ සූනියන් දේවතාවා බව සැබෑවකි. ලිංගික නිදහස පිළිඹඳව බොහෝ අරගල අප රටේ සිදුවේ. එහෙත් ගණිකාවන්ගේ දේශපාලන නිදහස පිළිඹඳ කතා බහ කරන කිසිදු බුද්ධිමතෙක් ඔබ දැක තිබේද? නමුත් ගණිකාවන් ඇසුරු නොකළ බුද්ධිමතෙකු සොයා ගැනීමද තරමක් අමාරු වැඩකි. කොදෙව් සංස්කෘතියේ ස්වභාවය එසේය. 

     ගණිකාවන් පිරිමින්ගේ පරම මිතුරියෙකි. එහෙත් ඔව්හු ඒ බව සඟවති. ජ්‍යෝතිෂය පිළිඹඳවද බුද්ධිමත් උගත් බොහෝ දෙනාගේ ගතියද එසේමය. ඔව්හු ජ්‍යෝතිෂය ඇසුරු කර ගනිති. එහෙත් ඒ බව රහසක් සේ තබා ගණිති.

    පැරණිම වෘත්තිය  හිමි ගණිකාවටද පැරණිම ශාස්ත්‍රයක් වූ ජ්‍යෝතිෂයටද මෙම ඉරනම අත් වූයේ කෙසේද? ඒ දේශපාලන ප්‍රශ්නයකි. ඉතිහාසය අතහැර කටයුතු කළ වමේ ව්‍යාපාරය මේ සම්බන්ධව කුමක් කියන්නෙහිද?

"එම්බා !  සූනියම් යක්ෂයානෙනි. 

මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ දෙබිඩි බව සුන්නද්දූලි කර දමනු මැනවි,

-ව්‍යාධදේව-

(ජගත් මාරසිංහ විසින් මේ ලිපි පෙලට ව්‍යාධදේව කියන අනුවර්ථ නාමය පාවිච්චි කරන ලද්දේ ඒ ශ්‍රී ලාංකේය ප්‍රාග් බෞද්ධ ‌ ‌ඉතිහාස දෙවියෙක් ලෙස සලකන නිසාය. ‌ප්‍රාග් බෞද්ධ දෙවිවරිය වන්නේ පශ්චිම රාජිණී බව සලකන්නේ ඉතිහාසයේ පොත පත හදාරාය.)

ජගත් මාරසිංහ

26 10 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.