ආදරයේ ගීතිකාව (iv) * යසෝධරා*

ආදරයේ ගීතිකාව (iv) * යසෝධරා*


ආදරය යනු ලෝකයේ මහා භාවනාවයි. මේ ආදරයේ ගීතිකාව ලිපි පෙලේ සිව්වන කොටසේදී මා බුදුනුවන්ගේ ආදරය ගැන ත්‍රීපිටකය සිහිකරන්න ලෑස්තිය. බුදුනුවන් දුෂ්කර ක්‍රියාකර උන්වහන්සේ සුජාතාව නැමති කාන්තාවකගෙන් කිරි පිඬු වළඳන්නේය. කෙලින්ම උන්වහන්සේට මතක් වන්නේ ආදරයයි. උන් වහන්සේ ලෝක සත්‍යය අවබෝධ කරගත්තෝය. උන් වහන්සේට පලමුව සිහිවන්නේ යසෝධරාවයි වගේ මේ බ්ලොග් ලිපිකරුට දැනේ. නැතහොත් යසෝම වන්නේය.
අනතුරුව කෙලින්ම වඩින්නේ යසෝව බලන්නටය. මගදී පස්වග මහනුන් වන් අය හමුවිය. ධම්ම චක්කප්පවත්ත සූත්රය දෙසූවෝය. නිකන් අද නිකමට කියනවානම් ඒද කොමිනියුස්ට් ප්‍රකාශනය වන්ය. නමුත් ඒ එ‌සේ නොවන්නේ යම් තැනක මහා ආධ්‍යාත්මික හිස් තැනක් ඇති නිසාය.උන් වහන්සේ ගමන අත් හැරියේ නැත. තමන්ගේ මාලිගාවට ගොස් එලියේ සිටගෙන සිටියේ සිඟාලයෙක් මෙනි. යසෝ ගේ නමදිනවාය. නැතහොත් අතුගානවාය. තමන්ගේ ආදරවන්තයා කුමක්දෝ කහකොඩක් කරේ දාගෙන මිදුලේය. ගස්සා ඇසුවේ එක් ප්රශ්නකි
මේ ගේ මගේ නොවේ සිද්ධාර්ථයනි. මේ ගෙට එන්නට නුඹට මගෙන් අවසර ඇවැසි නැත.
බුදුනුවන් ගෙට ගියෝය. යසෝ මුලුතැන් ගෙට ගියාය. කෙලින්ම කුස්සියට ගොස් මොකක් ද ‌බීමක් ආදරයෙන් හදන්නට විය. බුදුනුවන්ද කුස්සියට ගියේය. එහෙත් උන් වහන්සේ තාමත් හිටගෙනය. යසෝ අහන්නට ඇත්තේ පුටුවක් තියෙනකොට අසුන් ගත්තේ ඉඳ නොහිඳ ඉන්නේ පිස්සුද කියා වන්නට හැකිය. යසෝ යනු අද සිටිනා කාන්තාව වන්ම ගැහැණියකි. ප්‍රශනය වන්නේ අද සිටින ගැහැනුන් ගෝලීය ආර්තිකයත් සමග වෙනත් නැටුමක් පටන්ගෙන තිබීම ලෙස දැනේ. නමුත් වචනයක් ධර්මය කියා නැති යසෝ කවුද යන්න අප යසෝධරා වතින් දන්නා බව කියමි.
බුදුනුවන් අසුන් ගත්තෝය. යසෝ බීම එක හදන ගමන් ඇස් කොනකින් බුදුනුවන් දෙස බලා මෙසේ ඇසීය. අපට බුදුණුවන් වුවද ඒ යසෝගේ ආදරවන්ත පෙම්වත් සිද්ධාර්ථම මිස අන් කිසිවෙක් නොවන්නේමය.
“මොකක්ද ඔය මහ කැලෑවල්වල ගොස් කහකඩයකුත් දාගෙන් හොයාගත්තේ“
ඔබ දිනුම්ද කියා ඇසුවේ මේ අපේ පෙම්වතියන් කතා කරන විදිහටමය.
අප කතා කරන භාෂාවෙන් බුදුණුවන් කීවේ ඔව් කියාය. මොකක්ද ඔය හොයා ගත්ත මහා දේ කියා යසෝ නැවත ප්රශ්න කරන්නේය. බුදුණුවන්ගේ උත්තරය මාරය.
“මම ආදරය හොයා ගත්තා”
යසෝ පෙරලා එක විටම අහන්නේ අපේ ආදරවන්තියන් සේමය.
“ දැන් එතකොට මට ආදරය නැතිද” කියාය
බුදුනුවන්ගේ පිළිතුර අද භාෂාවෙන් මෙසේය.
“ ආදරෙයි යසෝ. ඔයාට වගේ මුළු ලෝකයටම”
යසෝ ක්ෂණයෙන් වෙනස් වන්නේය. බුදුනුවන්ගේ දෙපා ලේ පාට වනතුරු සපා වඳින්නේය. සමහර සටහන් වල ලේ එන තෙක් බත්කෙන්ද සප සපා ඇඬුවා කියාද තිබේ. අවසානයේ ඇය කියන්නේ සිද්ධාර්ථයානෙනි මා සමග පවුල් කකා ලෝකයටම ආදරය කිරීමට බැරි බවය. ඔබ ඔබේ තීරණයේ සිටින්න. මම ගරුකරන්නෙමි කියාය.
පිස්සු හැදෙන ආදරය සම්බන්ධව සැබෑ ගැහැනිය යසෝමය.
බුදූුණුවන් ඈත එනවා දැක රාහුල පුතනුවන්ට කියන ගාතා වනාහී ඡත්ත මානවක ගාථාය. ඒ සහිතුයිය පිතා නර සීහෝ කියන්නේ ඒ නුඹේ පියාය කියා රාහුලවද බුදුන් වෙත අරින්නේ අන් කවුරුවත් නොවේ. නමුත් සිද්ධාර්ථයන්ගේ පුත් රාහුල බුදුණුවන්ට පෙර සදහටම සිතීම නැවැත්තුවාය. බුදුණුවන් ඒ අවස්ථාවේදිත් බුදුණුවන්ම වූ බව කියා ලියා තිබේ. අපටනම් හිතාගන්නවත් බැරිය.
ආදරය හොයන කොල්ලනි කෙල්ලනි. යසෝධරා සහ සිද්ධාර්ථයන්ගේ ආදර කතාව ඉතිහාසය විසින් වෙනස්කම් වලට ලක්වී තිබෙන්නට හැක. නමුත් ඒ ආදරයේ මූල බීජ සැබෑවටම ජීවිතයේ අවසාන පිළිතුර වීම අනිවාය.
යසෝ බුදුනුවන්ගේ පාද වල බත්කෙන්ද හපමින් හඬනා චිත්රයක් මොටාගෙදර වනිගරත්නයන් ඇඳ තිබේ. ඒ චිත්රය රතන හිමියන්ගේ සදහම් සෙවනේ උඩ මහලේ ඒ කාලයේ ගසා තිබුනා මතකය. ගිහින් බලන්න. දැන් තියනවාද නොදනිමි. රතන හිමියන් දැන් මට සිහිවන්නේ රතන සූත්රය කියවන විටදි පමණි.
ආදරය යනු මහා ගැඹුරකි. ඒ තරමටම ඒ සරළවේ.
ජගත් මාරසිංහ
25 10 2023
https://jagathmarasinghe.wixsite.com/mare
කැමතියි
අදහස


Powered by Blogger.