සුභ ශීල කොඩිකාර සහෝදරයාට මාරස තාම ආදරේය.

                                සුභ ශීල කොඩිකාර සහෝදරයාට මාරස තාම ආදරේය.


                    සුභ ශීල කොඩිකාර සහෝදරයාට මාරස තාම ආදරේය.

      මාරස ජවිපේ නොවේය. නැත නොවන්නේත් නොවේය වන්නේත් නොවේය වූවත් කාරියක් නැත වගේ චතුස්කෝටික තර්ක විතර්ක අනිත්පැත්තට පෙරලා ඇත්තේ වෙළඳ පොළය.

     නමුත් ඉන්දුලංකා ගිවිසුමට මාරස විරුද්ධ විය. ස්වයං තීරණ ගැනීමේ අයිතිය නැති කිරීමට මාරස කවදත් විරුද්ධය. කෙසේ නමුත් ඉන්දුලංකා ගිවිසුමට විරුද්ධ වීම වෙනුවෙන් ජේ ආර් ජයවර්ධනයන් එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් ලිපියක් පමණක් පොලීසිටට දී මා නිවාස අත්අඩංගුවට ගන්නවා කියා මැගසින් බන්ධනාගාරයේ මතකයේ විදිහට D වාට්ටුවේ වසර දෙකකට මාසයක් අඩුවෙන් තියා ගත්තේය. කන්නටනම් දුන්නේය. ඒ බත් කෝප්පයක් සහ වෙනම දෙන මස් කෑල්ලක් සහ අලු කෙසෙල් පමණි. හැම දාම ඒමය. සමහර දවසකට ආයෝජකයන් විසින් ලාබනම් වම්බඩු කරලක් හින්දා දානවාය. ඒකේ මස් මලු කන්නැති අයට බිත්තරයක් දුන්නා මතකය. නමුත් බිත්තරයට වඩා මැගසිමේ මස් කෑල්ල මාරය. මොකද කෑලි මිරිස් කෑලි උඩින් අතුරා ලුනු දා තම්බා තිබේ. ඒ කෑල්ලක් එක්ක බත්කටක් කන කතන්දරය ජීවිතය වාගේය. මුුුුල්ම දිනවල බත් කන්නට බැරිය. බත්වෙනුවට තිබුනේ භාගයක් ගල්ය. ඒ සම්බන්ධ බන්ධනාගාර නිළධාරීන්ගෙන් විමසූ විට කීවේ හොදි වලින් ගරාගෙන කාපල්ලා කියාය.

       නමුත් එදා දේශපාලන රැඳවියන් අතර වූ ගාමිණී ජයලත්, රංජිදම් ගුණරත්නම්, බන්ඩාර තෙන්නකෝන්, කෑගල්ලේ සහෝදරයා, ආදී නොයෙක් දෙනා කෑම අතහැර බඩගින්නේ සිටියේය. ගෙවිඳු කුමාරතුංගලාද, අනූපලාද, පුෂ්පෙලාද, ගාමිනී මුතුකුමාරණලාටද ‌කුලියාපිටියේ ප්‍රේමලාල්ටද  තත්ත්වය අමතක විය නොහැකිමය. බණ්ඩාර තෙන්නේ සහෝදරයාටත් පී බී සහෝදරයාටත් ජයසේන සහෝදරයාටත් විජේවීරට බෝම්බ ගැසූ ශීලා සහෝදරයාටවත් බුද්ධදාස විතානච්චි නලුවාටත් තව ‌බොහෝ දෙනෙකුට මේ දේවල් අමතක විය නොහැක. අමතක වී තිබේනම් ඩිමේෂියා සෞඛ්‍ය තත්වයන් බව මාරසනම් පිළි ගන්නේ නැත. ඒ තමාගේ විනාසයම වීමට හැකිය. මොනවා වුනත් ජවිපේ සැබෑ දේ තිබිණි. නන්නත්තාර විකාර දේත් තිබිණි. මනුෂ්‍යන්නම් අප ඒ ඇත්තට ආදරය කළ යුතුය. නැත්ත ප්‍රත්ක්ෂේප කළ යුතුය.

      මම දන්නේ නැහැ. ජවිපේ අප්ඩේට් වෙනවාද නැතිද කියා. ඒක හොයන්න ඇවැසි එයාලට. ඒත් මගේ පරණ කෙල්ලට තියන ආදරය වගේම මම ජවිපෙට ආදරෙයි. පරණ කෙල්ලටත් අළුත් කෙල්ලටත් කාටත් මාක්ස් වාදීන්ට ආදර දෙකක් නැහැ කියන කතාව වෙනම ලියන්නම්. සමහර විට ඒ අළුත් කෙල්ලත් වෙන්න හැකියි. ඒවා ගැන කතා කරන්න සිග්මන් පොයිඩ්ලගෙන් බැහැ. රුසියාවේ විගෝස්කිට ඒන්න වේවි. එතනදි ගොඩක් පශ්චාත් නූතන මානසික සංකල්ප ‌වලට කෙලවෙනවා අනිවා

     නමුත් ඒ කාලේ මාරස ආසා කරන විමුක්ති ගීතයක් තිබ්බා. ඒක ලියලා තිබ්බේ අම්බලන්ගොඩ පැත්තේ සුභශීල කොඩිකාර සහෝදරයා කියලා මට කිව්වේ ජවිපේ ඒ කාලේ දේශපාලන මණ්ඩලේ  සිටි බණ්ඩාර තෙන්න කොන්. එයා ඇන්ටන් චෙකෝප් ගේ  මා කියපු කෙටිකතාවකින් ලියපු නාටක පිටපත මා ගාව තාම තියනවා."නෘත්‍යාගාරය " කියලා. කොහෙද ඉන්නේ කියලා දන්නවානම් මම කෝම හරි ඒ නාටකය කරනවා. එයාගේ අත් අකුරු වලින්ම මම පිටපතක් මැගසිමේදී ලියා ගත්තා.

     හරි එයත් පී බී සහෝදරයත් කිව්වා ගුධ මාර්ගයට ඇස් ලෝන් බට දමා කරකවා මරා දැමු අම්බන්ගොඩ සුභසීල කොඩිකාර සහෝදරයා තමා මේ ගීතය ලිව්වේ කියලා. අපිත් මේවා හිරගෙදරදිත් කළා. මේ නව සහෝදරයින්ගේ ගීතය ටිකක් නැලවිලි ගතියක් ආවත් මේ ගීතයට අපිත් ආදරෙයි සහෝදරයනි.

විප්ලවේ රණ ගී
අධිරදේ අවමගුල් ගී
නිදහසේ ජය මගුල් ගී
ගායනා යුගයයි
හද පණ ගන්වන එම නාදේ
නැගී වැඩි දසතම විහිදේ
අපේ මව්බිමේ හැම වැලිකැටයම
අපට උරුම කර ගැනුමට සදහට
සතුරු බලය මැඩ උන් දන ගස්වන
පංති සටන පණ ගන්වව්
විජය ධජය නන්වවූ
පෙර හෙළ විරුවන් ගිය පාර
හෙළි කරගෙන අඟලක් නෑර
දනින් වැටී ජීවත් වනු වෙනුවට
හුරුවව් දෙපයින් සිට මිය යන්නට
බලය බලය යොදවා ජය ගැනුමට
පංති සටන පණ ගන්වව්
විජය ධජය නන්වවූ
අතීතයයි සතුරන් දිනුවේ
අනාගතය පොදු ජන සතු වේ
නැති වෙන්නට කිසිවක් නැති අප හට
ලොවක් තිබේ සටනින් ජය ගැනුමට
විමුක්තියේ අරනලු පතුරන්නට
පන්ති සටන පන ගන්වව්
විජය ධජය නන්වව්

https://youtu.be/1pcH9lyIHEk

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

23 10 2023


Powered by Blogger.