ජ්‍යෝතිෂය, මැතිවරණ සිතියම, සහ කට්ට කෑම

 #WEB_VIRITHA #MAARASA

ජ්‍යෝතිෂය, මැතිවරණ සිතියම, සහ කට්ට කෑම ******************************************
සිතියම් අතරේ මැතිවරණ සිතියමක් කලින් සිතීම ඉතාම බාර දූර කටයුත්තකි. 2020 සෙනසුරා මකරයට පැමිණ 2023 ජනවාරි මාසයේ කුම්භයට යනතෙක් වසංගත රෝගය විසින් මිනිසාට කරදර බොහෝ විය. ඒ ඉවත්ව යන වගත් පසුව කුම්භයට යන බවත් ඊළඟ වසර දෙකහමාර තුළත් ඒ කරදරය ‌ලෝකයට වෙනත් අයුරකින් බලපාන ආකාරයත් මාරස වරින් වර ජ්‍යෝතිෂ සිතීම් හරහා ලීවා මතකය. ස්වරූපය යුද්ධ වලට පරිනාමනය විය. නමුත් එවන් කියවීම් මිත්‍යාවන් වගත් නැතිනම් නියතිවාදී ලෙසත් සිතන වැඩි පිරිසක් ඇති බව දනිමි. ඒ දේවල් වලාකුළු වල ඔහේ පාවි පාවී පවතිනු ඇත. මේ තත්ත්වයන් යටතේ ජ්‍යෝතිෂය සම්බන්ධයෙන් දේශපාලන පැතිකඩවල් තනියම විග්‍රහ කරන්නට ගියහොත් සිද්ධ විය හැකි දේත් දන්නා නිසා මැතිවරණයක් පසුවන තුරු මුනිවත රැකීම තනි සමාජ ජාලා මාධ්‍යවේදියෙකුගේ විදිහ විය යුතු බව එහෙන් මෙහෙන් ඇස ගැසෙන ආරංචි වලින් මනාව පෙනේ.එසේ හෙයින් මේ කාලයේ අහසින් කියවීම සම්බන්ධ දේ තනියම ආතල් ගැනීමට මාරස තීරණය කර තිබේ.
2022 අප්‍රියල් මාසයේ රාහු නම් චිත්තමාත්‍ර ග්‍රහයා යුධකාමී සෙන්පතියකුවෙන ‌කුජ හිමි මේෂයට ගිය වගත් එදා සිට ‌සිදුවූ හරිය ලියන්නට දෙයක් නැත. කාට කාටත් ඇස්දෙකටම ඒ සංකල්ප ජීවමානය. නමුත් 2023 ඔක්තොම්බර් 29 එනම් මේ මස 29 වෙනිදා ඔලුව වෙනුවට නයි ඔලුවක් තබා සංකල්ප ගතකර ඇති රාහු මීනයට යන වගත් සෙනසුරුගේම නිවසක් වූ කුම්භයේ ‌සිටින සෙනසුරු 2025 ජූනි මස 29 දා මීනයට චලිත වන වගත් ලියා තබමි. කවුරුන් කෙසේ කීවත් පස්සට ඇවිදින උසම උස නයි ඔළුවක් පිටුපසට ඇති වරකෙ ‌පිස්සෙකු මෙන් ක්‍රියා කරන රාහු යුධ රාශියක සිට ජලරාශියකට පැන්නාම සංකල්පීය චිත්‍රය මරුය.
කරන දේ පේන්නම කරන ග්‍රහයා මහමුහුදට පැන්නා සේය. වම් කකුල කොර නැත්නම් පන නැති ‌තමන්ගේම ගෙදරක සිට කර්මකාරක බවේ මිනිසාට දැනෙන ජීවිතයේ බිය සහ දුක පෙන්වමින් සිටී. දෙන්නාගේ සෙල්ලම සාහිත්‍යයෙන් කදිමට මැතිවරණ සිතියමට තබා විස්තර කළ හැකි වුවද මේ ඊට කාලය නොවන බව සමාජමාධ්‍ය අර්බුදය මාරස පොඩි මොලයට නොකියනවා නොවේ. තක්කඩි ජ්‍යෝතිෂය කරුවන් මේවාට විවිධ කතන්දර ගොතනවා ඇත. නමුත් සැබෑවටම මැතිවරණ සිතියම පෙරට ගෙන ඒ මත තබා මේ තත්වයන් විග්‍රහ කරගන්නට හැකි ඈයෝ එසේ කරගනිත්වා. වචන වැරදුනහොත් හිරේ විලංගුවේ යාමට මාරසටනම් ගායක් නැත.
ඒ තත්වය මට ඉගැන්යෙවූයේ එකල ඉරණම පත්තරේ සිටි ප්‍රවීන ජනමාධ්‍ය වේදී ජයමාන්න මහතා හිරගෙදරින් මීගමුව මහ රෝහලට මාරුකර සිටි අවස්තාවේ මාරසද ඒ අසල ඇඳක මගේ මාමාට උපස්ථාන කරන දිනවලදීය. ඒ 1978 මා දහයේ පන්තියේ සිටිනා කාලයේදීය. ‌ඔහු මගේ සමරු පොතේද අස්සන් කර ඇත. ජ්‍යොතිෂයෙන් දේශපාලනය ලියන්නට ගොස් මේ දේ කරගන්න එපා කියා ඒ වයසක උන්දෑ කියන විටද රෝහල් වාට්ටුවේ ඇඳමත ඔහුගේ කකුලක් දම්වැලකින් බැඳ ඇඳට තබා ඉබ්බා දමා තිබුණා මතකය. ඒ එකල සිටි ප්‍රධාන නායකයෙකු මිය යන බව ලියා ප්‍රකාශ කළ නිසාය. හේතුවාදී සමාජය තිබෙන්නේ උඩින්ය. යටින් මිනිසුන්ට ජ්‍යෝතිෂය යනු ප්‍රත්‍යක්ෂයක් සේය. බුද්ධිමතුන් මෙන් පෙනී සිටීමට ‌හේතුවාදී ලෙස පෙනී සිටින මැද පන්ති චින්තනයටද බලපෑම් කිරීමට ජ්‍යෝතිෂය ඇතැඹුලක් බව දේශපාලකයෝ දනිති. ජනතාවට ලණු දීමටද ජ්‍යෝතිෂය පාවිච්චි කර සමහර තක්කඩි ජ්‍යෝතිෂ කාරයෝ කෙටි කලකින් ධනපතියන් වූ අවස්ථාද ලංකා ඉතිහාසයේ තිබේ. එලෙසම සැබෑ ‌ලෙස ජ්‍යෝතිෂයෙන් විමසා නිශ්චිත කාරණා කියා ලියා නිශ්බ්දව මිය ගිය ශාස්ත්‍රඥයෝද ‌සිටිති. ඔවුන් සැබෑ ගණිතයෝය. ඒ ගැන වෙනම ලිවිය යුතුය. අදනම් මේ ආගම් ජාති වාදී විකාරයක් නිසා එසේ සැබෑවවත් ලිවීම භයානක වීමට පුළුවන. එදා ජයමාන්න මහතා තනි වී සිටියේය. ඔහු අපරට විසූ කීර්තිමත් ජ්‍යොතීර්වේදියෙක් විය. අභ්‍යාගමත් කාල වලදී ජ්‍යෝතිෂයෙන් පිහිට පතනවා විනා අන් අවස්ථාවලදී ජ්‍යෝතිෂය වෙනුවෙන් පෙනී සිටීමට හේතුවාදී ව්‍යාපෘතියෙන් පසු කිසිදු විට සිවිල් සමාජය මැදිහත් වන්නේ නැත. එසේ වුවහොත්ත් සිවිල් පොරත්වය නැතිවේයයි ඔවුන් සිතනවා විය හැක නොව සිතනවා තමාය. තවමත් තත්ත්වය එසේමය. ඉන් යම් තරමක් හෝ තොරා බේරා ගැනීමට මාරසට හැකිවූවායැයි සිතමි. නමුත් ඒ තේරෙන්නේද බොහෝ ටික දෙනෙකුට පමණක් බවද දනිමි. සෙවීමට කලනය අනුකලනය වැනි ගණිත ක්‍රමවත් සම්භාවිතාව වන් විෂයනුත් ග්‍රහතාරකා ක්‍රමවේදයේ සමාජ පදනමවත් අවශ්‍ය වන්නේ නැත. කොටින්ම බොහෝ මාක්ස්වාදීන් පවා අපෝහක භෞතිකවාදය ලෙස දකින්නේ රසල්ලාගේ හේතුවාදයමය. ඒ මහා අත්වැරද්දකි. හේතුවාදයට වඩා අපෝහකය මාරයි යන්න මින් අදහස් නොකළ බවද සටහන් කළ යුතුය. විවිධ පැති වලින් එහි සීමාවන්වල ප්‍රතිපලද දැන් ලෝකය බුක්ති විදිමින් සිටී.
මැතිවරණ සිතියම යනු වෙනම සිතියමකි. මැතිවරණ සිතියමකින් නොසිතන දේශපාලකයා වනාහි තම ජයග්‍රණය ගැන බලාපොරොත්තුවක් පමණක් ඇති මිනිසෙකු පමණි. ඡන්ද පදනම ගණන් බැලීමේදී ජාතිය, කුලය, ආගම, සම්බන්ධව මිනිසුන්ව ‌ගම් වශයෙන් නගර වශයෙන් පමණක් නොව කලාප වශයෙන්ද ‌සිතිය යුතුමය. ඒ ජ්‍යෝතිෂයට බද්ධ කර සීතීමද මැතිවරණ ඉතිහාසයේ සිතියම වෙනස් වීමේ චලිතයේ හැඩය සෙවීමක් වැනිය. මේ සම්බන්ධව මහා මොළ කාරයන් දේශපාලන ක්ෂ්ත්‍රයේ සිටිත්. නව කොල්ලන්ද සිටි මුත් ඒ අයද දැන් වයසට ගොස් බව ඒ අය නොදනී. එහෙත් දේශපාලන සිතියම ගැන අවබෝධයක් වම්මු අතරනම් නැත. තිබුනානම් ජයගත්තා මෙන් පෙනී පරාජය වීමට කිසිසේත්ම නොහැකිය. මැතිවරණ සිතියම යනු බහුමානික සිතියමකි. ඒ කියවීම සරලව ජනතාවට ලණු දෙන්නට මාධ්‍ය භාවිතා කරන්නේ සිතා මතා නොව තම වෙළඳ සිහිනය ජය ගැනීමටය. නැතිනම් තම මාධ්‍යට අයිති පක්ෂය මෙරමාගේ පක්ෂය කියා සිතා වන්නටද පුළුවන.
සියයට පනස් එක ගණනය කරන්නේත් ඡන්ද කඩන්නට විවිධ අපේක්ෂකයන් දමන්නේත් මැතිවරණ සිතියම අනුවය. නමුත් ඊට අදාල කරුණු ජ්‍යෝතිෂයෙන් අද සමාජ මාධ්‍ය වල කතාකරන්නට යෑම අතිශයින් භයානක තත්ත්වයක් ගෙන තිබේ. කුමණ ජාතියක්, ආගමක්. කුලයක් සඳහාවත් මතයක් ඉදිරිපත් කිරීම අද දවසේ ලංකාවේ නම් ලේසි කාරණයක් නොවේ. මැතිවරණ සිතියමට සාපේක්ෂකව වමේ කියාගන්නා සියල්ලටනම් ඡන්ද පදනම නියතයක් බව කිව හැක. මන්ද එයාලා මිනිසුන් ගැන සිතන විදිහ මිනිසුන් දන්නවාදැයි එයාලාද නොදන්නා බව ඉතිහාසය අපට උගන්වා තිබේ. ඔවුන්ට ඇත්තේ නිරාගමික පැත්තට සහ එදා සිට තමන් ජයග්‍රහණය කළ ආසන මට්ටමට බර ඡන්ද පදනමක් බැවින් ඒවා සෙවීමට කලනය අනුකලනය වැනි ගණිත ක්‍රමවත් සම්භාවිතාව වන් විෂයනුත් ග්‍රහතාරකා ක්‍රමවේදයේ සමාජ පදනමවත් අවශ්‍ය වන්නේ නැත.
තක්කඩි ජ්‍යෝතිෂ කාරයන්ටනම් යමක් කියා වැරදුන හොත් කියන්නට දේවල් තිබේ. ඒ මොහොතේ ඈත අහසේ වල්ගා තරුවක් හෝ පටලවාගෙන ඒ වූ බව කියති. වමද එසේම තමාය. වැරදුන පසු කියන්නට බහුමාණී ඉතිහාසයක් ඔවුන්ටද තිබේ. තක්කඩි ජ්‍යෝතීර් වේදියාත් තක්කඩි වමත් එකම කාසියේ දෙපැත්ත වගේය. මාරස මෙසේ තක්කඩි යන පදය යෙදුවේ තක්කඩි නොවන පිරිසකුත් සිටිනා බව කියන්නටය. නමුත් අතලොස්සක් පමණි. ඒ අයට යමක් කරන්නට බලයක් නැති බව ප්‍රසිද්ධ රහසක් බව ලියමින් මේ සටහනට තාවකාලිකව නැවතීමේ තිත තබමි.

අද්දර ගමගෙයි බඩගෙඩි බල්ලා
මාගේ බල්ලගෙ තුනටිය අල්ලා
අද්දර පඳුරේ උන් දිවි පොල්ලා
අල්ලන් කාපිය එම හොර බල්ලා
-වස් කවි_
ජගත් මාරසිංහ-
14 10 2023
https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

මොනවා උනත් ඔය කේන්දර කාරයින්ගේ රෙදි ගැලවීම පිළිබඳව; මහින්දට මාගේ ආදර මෙව්ව එක!


Powered by Blogger.