නලින් ඔබ මිය යන්නේ සිංහල කියන වදන මියැදුන දවසකය.

 

නලින් ඔබ  මිය යන්නේ සිංහල කියන වදන මියැදුන දවසකය.
      අසූව දශකය කියන්නේ ගොඩක් දේවල් සිද්ධවුන දශකයක්. ධර්මය සාදනය කරමින් දේශපාලනය යුද්ධය ස්වයංතීරණ ගැනීමේ අයිතිය වගේ දේවලට තරුණ පරම්පරාව ජීවිතයෙන් වන්දි ගෙවූ දශකයක්. මම දන්නේ නැහැ කලාව නොවේ සිනමා කලාවවත් අසූවෙන් පස්සේ යන්නේ කොහෙද කියා. ‌
     කොහොමත් අසූව දශකයේ හිටපු මජර විද්වතුන් අතර අපට වඩා වයසක නලින්ද සිල්වා එදා තරුණයන්ගේ පැත්ත ගත්තා. අදත් එහෙම තමා. නමුත් පරංගි මාක්ස්වාදීන් පවා නලින්ට ආදරෙයි. එයා ගැන අද ලියන්නේ තමනුත් පොරක් වෙන්න. මාරසට ඒව නිකන් විකාර කියලා දන්න අය දන්නවා. නලින් ලියනවා මට අවුරුදු අසූවයි කියලා. පිස්සු හැදෙන්නේ නලින්ගේ ‌භෞතික වයස 80 වුනත් ලියන දේවල් තාම නිකන් අද වගේ. කොටින්ම ඉතිහාසය කියන්නේ මොකක්ද නොවේ ජාතිය සහ ජාතිකත්වය සහ දේශපාලනය සම්බන්ධව නලින් නැතිව අදවත් කිසිවෙකුට කතා කරන්න බැහැ. කතන්දර ඇවැසි නැහැ ජාතික අරගලය නැවත න්‍යායාත්මකව ආරම්භ කලේ නලින්. ඒ ගැන අනගාරික ධර්මපාලගේ ආත්මය සමග ආධ්‍යාත්මික ශක්තියකින් කතා කළොත් හොඳ පද ටිකක් අහගන්න ලැබේවි.
      මාරසට මතකයි නලින් හමුවූ හැටි. ඒ නලින්ගේ ගෝලයෙක් හිටියා සොයිසා මහල්වල පෙරේරා කියලා. එයාගේ ඇඳුනුම්කම් මත මට නලින් සර්ව හමුවෙලා අපි කරපු "පරවේණි" නාටකය බලන්න ආරාධනයක් දුන්නා. එදත් අද වගේමයි. කෙලින්ම ඇවිදින් කිව්වා ඔයාට මේක වැඩිකල් කරන්න බැරිව යයි කියලා. කිව්ව වගේම මට හිරගෙදර අවුරුදු දෙකක් තපින්න සිද්ධ වුනා.
      හැමදාම කියන කතාවක් තියනවා රංජිදම් ගුණරත්නම් සමග වැඩිම කාලයක් ඇසුරු කළේ මම කියලා. ඒක මා ගාව හිටපු කුලියාපිටියේ ප්‍රේමලාල් ඉතා හොඳින් දන්නවා. ඒ කාලයේ චම්පිකත් පොතක් ලිව්වා ජාතිකවාදය සම්බන්ධව. ඉතින් මම මෙතනට රංජිදම් ගුණරත්නම්ගේ අදහසක් එකතු කරන්නම්. කවදා හෝ කොමිනියුස්ට් වාදයක් බිහි කළහොත් එන් සී ජී අධ්‍යාපනය නැවත නැවත මිනිස්සුන්ට හදාරන්න වෙනවා කියපු කාරණය. එයා චම්පිකගේ අදහස් වලට තවත් දෙයක් කිව්වා මතකයි. ඒ නලින්ද සිල්වා සහෝදරයාව වැදගත් වෙන්නේ සමාජවාදයටත් වඩා කොමිනියුස්ට් සමාජයකදි කියලා. අපි කතා කළා මේ ගැන ඒ කාලේ. අද කොමිනියුස්ට් සමාජය කියන්නේ සිහිනයක් පමණයි කියලා සාධනය කළ නලින් කියන්නේ පුද්ගලයෙක් නොවේ. නලින්ව පුද්ගලයෙක් විදිහට ගන්න සියල්ල නලින්ට බය වෙනවා. පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන්න බැරි චරිතයක්. කෙලින්ම කුණුහරුප නොකිව්වට වචනයක් වැරදුනොත් ඒකාගේ ආත්මය විනාශ වෙන්නම බැනලා තමා කතා කරන්නේ.
      අපේ යාලුවන් කට්ටියක් 80 මෙයාව හමුවෙන්න ගිහින් තියනවා. ගිහින් කිව්වලු එකෙක් මම ලිපියක් ලිව්ව මේ විදිහට ඔයා ගැන කියලා. ඒක දැම්මද ඇහැව්වලු. දැම්මනම් අල්ලල ගහනවා කිව්වලු පොලවේ. තව එකෙක් නලින්ගේ ගෙදර තාප්පේ උස අහලා. ඒක අදත් සිහි කරන්නේ මාර අව්‍යාජ සිනාවකින්. 
       කෙසේ නමුත් ඉතා නිහඬව සාජන් නල්ල තම්බි නාටකය පවා බලා සිටි කෙනෙක් තමා නලින්. මම තවත් දවසක ද සොයිසාපුර ප්‍රජාශාලාවේ නලින් ප්‍රධාන කර සාකච්චාවක් ආරම්භ කරනවා. කළන කලා කැල කියන මග නතර වුන සංවිධානයකින්. නලින් එනවා. එතකොට මට මුත්‍රා ගලක් හැදිලා කැක්කුමේ කෙලවර. නමුත් නලින් සර් ආපු ගමන් මම අහනවා සර්ට බොන්න ඕන මොනවාද කියලා. නලින් සර් කියනවා ඇල් වතුර පමණයි කියලා. අද යූ ටියුබයේ වන්නකු මැතඩ් වැනි දේ බලනකොට මටනම් නලින් සිල්වා මතකයට එනවා. තවත් දවසක් ලේක්හවුස් වැඩ කරන කාලෙ දිනමිනේ ආධ්‍යාත්මික පිටුවක් මම කළා. මම ඒක මගේ නමින් නොවේ ලිව්වේ ව්‍යාධදේව කියන නමින්. ව්‍යාධදේව කියන්නේ ලංකාවේ ප්‍රාග් බෞද්ධ දෙවි කෙනෙක්. ඒ කාලේ කැලනි විශ්ව විද්‍යාලයේ විද්‍යාපීටයේ ලොක්කා වෙලා හිටපු නලින්ව හමුවෙන්න මම ගියා. ජ්‍යෝතිෂය ගැන සාකච්ඡාවකට. නලින් සර් එලියට ආවා. පලමු ප්‍රශ්නය ඇහැව්වා. කාලද ඉන්නේ කියලා. පස්සේ මාව ඉන්දවගෙන සාකච්ඡාව පටන් ගත්තා. නමුත් ලේක්හවුසියෙන් දීපු රෙකෝඩය කැඩිලා. ඒකත් යම්මට්ටමකට අරන් රෙකෝඩරයේ බැටරි එයාගේ අතින්ම තද කරගෙන සාකච්ඡාව කළා. ඒකේ කාලෝ පොන්සේකා මැට්ටෙක් කියන වචනය සහ කොවූර් විවේචනය මාරයි. මමත් ඒක ඒ විදිහටම පල කලා. ඒ ලිපිය වෙනම දාන්නත් ඒකට තාරක සහ වංශරත්න ලියපු හේතුවාදී විචාරත් තාම මාරස සතුව තියනවා. ඒවා දිගයි. සිළුමිනේ මට නලින් ගැන ලියන්න දුන්නේ නැත්තේ ඇයි කියලා අහන්න කසුරි හෙවත් කරුණාදාස සූරිය ආරච්චිව හමුවෙන්න වෙනවා. මළ මිනිසුන්ව හමුවෙන හැටි මා තවම දන්නේ නැහැ. නමුත් මළ මිනිසුන් මැරුනේ කොහොමද කියන කතාව වෙනත් පැත්තක්. දවසක ලියන්නම්.
      වයස කියන්නේ බහු මානික කතන්දරයක්. මාන දෙකකින් විතරක් ගත්තොත් නලින්ද සිල්වා කියන්නේ වයසට නොයන මනසක් ඇති කෙනෙක්. මේ පුද්ගලයා මතු කරන්නේ අදත් විවාදයට ලක්වී තිබෙන මාක්ස් වාදය, ට්‍රොස්කි වාදය, විතරක් නොවේ මුලු ‌භෞතික වාදයම විතරකුත් නොවේ පශ්චාත් නූතන වාදයත් බටහිර භෞතික විද්‍යාවත් පට්ටපල් බොරු කියලා. ඉතින් ඒවට ඉදිරිපත් කළ විෂය මූලික සාධක වලටවත් තාම කිසිවෙක් නිසි ලෙස පිළිතුරු දී නැහැ. කොහොම නමුත් මනුෂ්‍ය පැත්ත ගත්තොත් මාරයි. දන්නවාද මට දවසක් කැලනි පංසලට යන්න අපහසුවකදි එකවුන්ට් නම්බර් එක ඉල්ලන් සල්ලි දැම්මා. ඒ වගේම සිරිමලා මට කිව්වා අඩෝ ඕක මොකක්ද මට බේත් ගන්නත් සල්ලි දෙනවා කියලා.
          දවසක් මම ඇහැව්වා සර් මම නොබී ඉන්න උත්සාහා කරනවා. ඒත් නොබී ඉන්නකොට මම බය වෙනවා වගේ නොයෙක් තත්වයන් වලට මනස යනවා කියලා. ඇහැව්වේ එක ප්‍රශ්නයයි. නොබී හිටපු කාලයක් තියනවා නේද ඇහැව්වා. මම කිව්වා ඔව් කියලා. ඉතින් ඒ විදිහට ජීවත් වෙන්න කිව්වා.
         තවත් ලියන්න දස දහසක් දේ තිබෙනවා. නමුත් සටහන අවසාන කරන්න පෙර මට ලෝකයේ කළුවල සම්බන්ධව පරිමා ස්කන්ධ හොයාගත්ත ශ්‍රිත නැමති මාර ගණිත සංකල්ප බිහිකරපු ඉන්දීය රාමනුජන් නැමති ගණිතඥයාගේ චිත්‍රපටය ගැන ඉඟිය දුන්නෙත් නලින් සර්ම තමා. ඒ සිනමා පටයේ තියනවා ගානක් දීපු ගමන් හදන රාමනුජන් ගැන මහාචාර්ය ආචාර්ය වරුන් අතරමං වූ කතාවක්. ඒ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් වූ හේතු වාදී රසල් පවා මවිත වෙනවා. එයා කියනවා මේ දැනුම මට කියන්නේ එයා අදහන දේවතාවියක් කියලා. පිස්සු හැදෙනවා. ඉතා අඩුවයසින් රාමනුජන් මිය ගියත් ශ්‍රිත කියන්නේ යම් රටාවකට හදපු ඉලක්කම් අකුරු නොවේ වෙන මොකක්ද දෙයක් කියන කතන්දරය කියමින් රාමනුජන් ශරීරය මිය ගියත් තාම ඔහු ශ්‍රිත තුළ ජීවත්වෙනවා.
      නලින්ද සිල්වා කියන්නේ පුද්ගලයෙක් කියන කතාවෙන් මිදිලා ගොඩක් කල්. නලින් ද සිල්වා කියන්නේ කිසිම පැත්තකට දාලා සම්මාන දෙන්න බැරි ජාතික ජ්‍යාතන්තර සංකල්පයක් වෙලා අවසානයි. ඉතින් ඔබේ උපන් දිනයට මාරස කියන්නේ මෙච්චරයි. හැම දිනයක්ම ඔබේ උපන් දිනයක් වෙලා අවසානයි කියන කතාවමයි. මොකද ඔබ කතා කරන්නේ එකක්. ඒක යටින් දුවන්නේ කාලය සාපේක්ෂත් නැහැ නිරපේක්ෂත් නැහැ කියන වෙනම කතාවක් වගේ. කාලයේ සාපේක්ෂකත්වය නැති තැන උපන් දිනයක් කොහොමද ගන්නේ. ආසන්න වශයෙන් ශකරාජ වර්ෂ වලින් ගන්න පුලුවන් විදිහට අරන් එයාගේ හදපු කේන්දරය තමා මේ දාලා තියෙන්නේ. ඒ සටහන රාමනුජන්ලා සහ බුදුණුවන්ගේ අහස් සටහන් ලියන කතාවත් පස්සට දාන්නම්. ධනු ලග්න කාරයා කොහොමත් ප්‍රතිපත්ති ගරුකයි තමා. මාරස අම්මගේ ලග්නෙත් ධනු. එයා කිසිදා පන්සල් ගියේ නැහැ. අහපුවාම කිව්වේ මම එකපාරක් සිහි ඇති තරුණ කාලේ පන්සිල් ගත්තා. ඒක මම රකිනවා උඹලා ඕන දෙයක් කරගනිල්ලා කියලා. අම්බෝ ධනුව සමග නලින් ගැන කතා කරන්න බ්ලොග් මදි. මහා පොතක් ලියන්න වෙයි.
       දන්න අයට පෙනෙයි මෙයා ඉපදෙනකොට ශනි රාහු එකට ඉන්න කතන්දරය. ශනි කියන්නේ කර්ම කාරක ග්‍රහ සංකල්පයක්. රාහු කියන්නේ චිත්ත මාත්‍ර ග්‍රහයෙක් උනත් පාදඩයෙක්. ඒ දෙන්න එකට ආපුවාම ඉතින් හැම දෙයක්ම ප්‍රශ්න කරන ‌ඒ තමා නලින් කියලා කලින්ම සටහනට තිත තබන්නම්.
ජගත් මාරසිංහ
21 010 2023
https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

නලීන් ගැන මා තැබූ සටහනක්
https://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html


Powered by Blogger.