බැබලේවා නැවත දක්නට ඉඩ වේවා. ගිය මනුසත් ගුනය නැවතත් පැමිණේවා.

  බැබලේවා නැවත දක්නට ඉඩ වේවා.

ගිය මනුසත් ගුණය නැවතත් පැමිණේවා.



‍ දිගන්තරේ මාරස සැරි සරණ කළ

මාරය මෙල්ල කළ හැකි බුදුනුවන් හට

කිසිදු දිසාවක දෙවියන් හෝ මහිම

නැති බව කීව අපගේ බුදුරුවන් ඇස

කදිමයි කුමණ දෙවියන්දැයි කීව කළ

මාරසටද බාලයෙක් වූ ඒ කැකිරාව

නැතිනම් නමේ වදනින් ඒ සුදස්සන

මට මිතුරෙකු වුනේ දෙස් පාලනෙන් නොව

ගති ගුන අනේ හරි ලස්සන බවක් දුටී

ඒ හන්දාම ඒ පන්සල තුටින් පිරී.

මාරස සැරි සරයි සයිබර් පෙම් දසත 

නවතින්නට හිතුනා ටික කාලයක් ගමේ.

ආදරයේ මහිම යනු යටගියාවකී

යට ගිය දවස අද දවසට බද්ධ වෙති

ඒ හිමි ගියා රට දා වෙන රටක් වෙත

ආයෙත් එනවා කීවත් බුදු බනත් සැබෑ

එන්නද ඔබද අප ඉන්නේ ඇති නැතිද

බුදුනුවන් නිකන් අපගෙන් අහ නවා වැනී

කාලය ගැන කුමක් කියමුද අප දන්නෑ

සමහර විට එසේ හමුවිය හැක ඇත්තා

ඒ බව දන්නේ චලිතය අනිවා කිව්ව.

මාක්ස්ටත් ප්‍රතම අනිතය සැබෑ කල

කුමටද අස් වැසුම් හිත සැන සෙන වචන

අවසන් මොහොතේ දැකි කැකිරාවේ හිමිට

මාරස ආදරය අනිවා අනිවාය.

නැවතත් එන විටදි ඒ ආදරය නැතොත්

අනිවා අපේ සමිදුනේ අරහන් අරහන්ය.

ආදරයේ සුව පුෂ්පය පරවෙනවා

ඒ අනිවා නමුත් තව මල් පීදෙනවා

ඔබ දෙසු ඒ දහම් ගැරිලා මතුවේවා

*******************************

බැබලේවා නැවත දක්නට ඉඩ වේවා.

ගිය මනුසත් ගුනය නැවතත් පැමිණේවා.

තෙරුවන් සරණයි

ජගත් මාරසිංහ

20 06 2024


Powered by Blogger.