ස්ත්‍රී ආධ්‍යාත්මයේ ආලෝක දඩයම්

 ම                                 ස්ත්‍රී ආධ්‍යාත්මයේ ආලෝක දඩයම්

මේ තියෙන්නේ පිරිමියෙකුගේ දෙපාද නැතිනම් ගැහැනියෙකුගේ දෙපාද අප දන්නේ නැහැ. නමුත් ඒ සපත්තු සහ මතුවෙලා තියන දෘඩ නහර වල පවා තියන සිව්මැලි තත්වයන් හිතට කාවදිනවා. ඔව් ඒ ගැහැනියකේ කකුල් කියලා කාන්තාවන්ගේ ලස්සන කකුල් කියන පැන්ටසිය භාවනාවක් වෙනවා තමා.

කෙලින්ම සංඥාකාරකයකින් පුරුෂ මානසිකත්වය අපේ මනසේ රජ කරන්න පටන් අරන් ඒ කාන්තාවගේ ඉතිරි ශරීර කොටස් සංකල්පීයව රසිකයා රසිකයාගේ මනසේ මවා ගන්නවා. සමහර විට ගැහැනුත් පිරිමි මානසිකත්වයේ ඉන්න නිසා ඒගොල්ලන්ගේ කකුල් දෙක දිහාත් නැවත බලනවා වෙන්න හැකියි.

ලොකුම ලොකු කළුපාට ටයරයක් මත නැගී කකුල් පෙන්වන ගැහැනියක් ප්‍රචාරන නිර්මාණ ශිල්පීන් භාවිත කරන්නේ නිකන් නොවේ. මේ දෙපා සිරීපතුල වගේ ආධ්‍යාත්මික ලෝකයකට අපව ගෙනයන්නේ නැහැ කියන්නේ වෙනම කතාවක්. නමුත් මේ දෙපා ඔස්සේ මිනිස් මනසේ නිර්මානය වෙන සංකල්පීය ගැහැනිය සිහි කර ස්වකාම ප්‍රීණනයෙන් ජීවිතයේ තවත් සංසර්ගීය මානසික මොහොතක් පසුකරන්නත් කැමරාවේ තප්පරෙන් පංගුවක ආලෝක දඩයම ප්‍රමානවත් බවඇත්තක්.

ආධ්‍යාත්මික පැත්තකින් දැක්කොත් අපි ආසයි මේ ලස්සන හැඩකාර කකුල් වලින් ඇත්තටම ද්‍රව්‍යමය වශයෙන් ඇගේ මුහුන දකින්න. කැමරා කාරයත් සමග මාර තරහක් ඇතිවෙනවා. ඒත් ඉතින් සෙක්ස්ම තමා. වෛරයක් නැතිව‌ කොහෙද සෙක්ස් හෝ ආදරය තියෙන්නේ. මිනිස්සු කොපමන දාර්ශනික සහ ධර්ම බන කිව්වත් ලිංගික ඊර්ෂ්‍යාව මත තමා බිස්නස් මයින්ඩ් තියෙන්නෙත්. නැතිනම් ජීවිතය තියෙන්නෙත් කිව්වලු. ඊට ප්‍රතිපක්ෂව ඇති ආධ්‍යාත්මික සාමය ඊට හපන්. මොකද අපේ ආශාවේ  ප්‍රථම හතුරා වෙන්නේ ආධ්‍යාත්මික සාමයේ කතන්දර තමා. මොනව කතා කළත් මේ කකුල් දෙකේ සංඤාවෙන් හැඟෙන්නේ නම් භෞතිකයයි ආධ්‍යාත්මිකත්වයයි යන ප්‍රතිවිරෝධය නැති වුන දාට නිවන් දකිනවාද නැතිනම් මොකක්ද කියලා. බුද්ධගෝෂ මහා මුදුරුවන්ට අනිච් දුක්ඛ අනාත්ම කියන කතන්දරයෙදි අනාත්ම යන්න අනත්ත විය යුතුයි කියන කතන්දරයත් ලේසියෙන් මග හරින්න බැහැ. 

ඉතින් සොඳුරිය. ඡායාරූප ශිල්පියානෙනි. ඔබ අපට හංගපු මුහුනය වඩා ලස්සන මුහුනක් අපි මනසේ කැටයම් කරගෙන තියනවා. අපි ඒක තොපට පෙන්වන්නේත් නැහැ නෙවේ. බැහැ. මොකද ඒක කරන්න මහා කලා කෘතියක් කරන්න වෙනවා. ඒකෙන් ඒක වුනේ නැහැ කියලා හිතුනම තවත් ඒකක් කරන්න හිතේවි. ඒ තමා ලයිප් . කොටින්ම ජීවිතය.

ජගත් මාරසිංහ

30 08 2024


Powered by Blogger.