ගිගුම් මඩුවේ ගිගුම් හඬ

                                            ගිගුම් මඩුවේ ගිගුම් හඬ


 මම දන්නේ නැහැ ගිගිම් මඩුවක් ගැන. අනේ මන්දා දවසක් මොරටුවේදී හමුවෙනවා ගිගුම් මඩුවක තෙර නමක්. මාරසට හාමුදුරුන් වහන්සේලාව දැක්කම ඇතිවෙන්නේ ජීවිතයක් දැක්ක වගේ හැඟීමක්. ඒ අන් දෙයක් නොවේ. මගේ ඒ කාලේ රස්සාව කිසිම සිවිල් පොරකට වඳින්නැතිව සිටි පරිවෙන් ගුරු වෘත්තිය. අදනම් ඒක මහා දෙයක්. මක්නිසාද සිරිසුමංගල සිරිනිවාස මහ පිරිවෙනේ හිටපු පරිවේණාචාර්ය කියන කතාව. ඒකත් වැරදි අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ කියපු විදිහට. මන්ද ඒ නයන්න සම්බන්ධ වාදය විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දක්වා තාම භාෂාවේ සොයන දයලෙක්තිකයක්ම තමා.
කොහොම උනත් කෙසේ හෝ මට හමුවෙනවා. මෙයාට තියෙන්නෙත් වෙනස් පෞරෂයක් වගේ. දවසක් මගේ මිතුරියක් රෝහලේ ඉන්නවා. මම කියනවා භෞතික වාදය පැත්තකින් තියලයි මම කියන්නේ ගිහින් පිරිත් ටිකක් කියන්න කියලා. මමත් ගියේ නැහැ. කොරෝනා. මේ හාමුදුරුවෝ රාගම රොහල දෙවනත් කරන් ගිහින් රෝගී ඇයව හොයාගෙන සෙත් පිරිත් පතනවා. නමුත් මම දන්නවා අනිවා පාරට බහිනකොට සාධාරණ උද්ගේෂණයක් තිබ්බනම් කතා නැහැ ඒකේ ඉදිරියෙන්ම පොලෝසියටත් අවලාද කරලා පෙරමුන ගන්නවා කියලා.
මාරයා සමග මේ හාමුදුරුවෝ තියෙන්නේ පුදුම සම්බන්ධයක්. සමහර විට දවසකට දෙකකට වඩා අප දෙදෙනා හමුවෙලත් නැහැ. නමුත් ආධ්‍යාත්මය කියවන්න දන්න නිසා නිකන් අපි වසර ගණනක් නොවේ භව ගණනක් ජීවත් වුනා වගේ.
මාරස දන්නවා අපේ නව කොල්ලෝ මේ හාමුදුරුවෝ වටේ රොද බැඳන් ඉන්නේ කියලා. ගොඩක් අය ‌නූතන දේශපාලන කොල්ලෝ කියලත් දන්නවා. ඒ සියල්ලන්ටම තමන්ට හැකි දේ කරනවා කියලත් දන්නවා. නමුත් මම තවම දෙහිවල සත්තුවත්තට ගියත් ඒ පන්සල පලාතටවත් ගිහින් නැහැ.
මේ අප සම්බන්ධය කියන්න සයිබර් තාක්ෂණයට බැහැ. තාර්කිකත්වයටත් බෑම තමා. ඔව් රොමැන්ටික් නොවේ යථ තමා. කොහොමද කියන්නේ. පශ්චාත් නූතන වාදයෙන් පුළුවන්ද කියන්න කස්ටියත් මේ ස්වාමින් වහන්සේගේ මිතුරන් කියලත් දන්නවා.
වචන දෙකක් නැහැ. කෙලින්ම අපේ රටේ බිහිවූ අර කැලැසික් හාමුදුරු පරපුරේ නව පුරුකක් තමා. ඇවැසිනම් වෙනත් අවස්ථාවක මේවා සම්භාව්‍ය භාෂාවෙන් ලියන්නම්. මට හිතෙනවා මේ හාමුදුරුවෝ ගැන එහෙම ලිව්වොත් ඒ සම්භාව්‍ය භාෂාව දුහුනන් දැනුම් සඳහා දුන් කස්ටිය මාරසට හිනාවෙයි කියලා.
ඉතින් හාමුදුරුවනේ. ඔබ වහන්සේ ගැන කියන්න තියෙන්නේ අරකට මේකට පොරක් කියන කතාව නොවේ. සැබෑවටම ආදරෙයි කියන කතාවමයි. දැන් අපටත් වයසයි හාමුදුරුවනේ.වැඩිහිටි පුරවැසියෙක් විදිහට ඔබ වන් ශුවිශේෂ හාමුදුරුවන් වහන්සේලා අතේ ඇඟිලි ගානට අඩුවෙන් මාරස හදවතේ ලියාපදිංචි වී තිබෙනවා.
ඉතින් ඔබ වහන්සේට නිරෝගි සුව පතනවා. ආ. ජනක කර්මය උභය කර්මය පසකලා දීර්ඝායුෂත් පතනවා. ඒ සියල්ලන්ම දෙවැනි කරන්න අවසර නැති මුත් නොදැවෙන් දෙවැනි කතා බුදුන් ගාව තිබ්බේ නැති නිසා මෙසේ කියනවා. ඔබ වහන්සේ ජීවත් වූ සැබෑ මොහොතවල් ගොඩක් පසුකර තිබේ. ඒ හැම මොහොතක්ම කාලයෙන් දැකිය නොහැක. කාලයෙන් නොදැකිය හැකි මොහොත කුමක්දැයි යන්න ලියා තර්ක ඇද ගැනීමට මාරස අකමැතිය. නමුත් ඒ සම්බන්ධව බුදුන්ගේ ධර්මයේ නිවැරදිව සඳහන් වී ඇති බව හඟිමි.
ආදරණීය භික්ෂුවකට මාරස නිවන් සුව පතන්නේ නැත. මන්ද එයාලා නිවන් දැක්කාද නැතිද යන්න දන්නේ එයාලාම පමණි. මෙය මරණයෙන්මු පසු කිව යුතු කතාවක් නොවන්නේමය අපේ රටේ මිනිසුන් මිනිසෙකුට සුභ පැතුවේ නිවන් සුව ලැබේවා කියා බව  කෙලින් කීවේ බෞද්ධ දර්ශනය සම්බන්ධව මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්නයන් පමණක්ද කියන කතාව සිහිවන්නේ ඔහුදේ දේශනයක් අවස්ථාවකදී ඒ දේ කියා ඒ සැබෑව උත්ප්‍රාස රසයක් බවටද පත්කරමිනි.
 මාරසද වචනයක් කිව යුතුය. ඔබ වහන්සේ මා සමග මුහුණට මුහුණ ගත කර ඇත්තේ පැය කීපයක් පමණි. ඒත් තනි දවසකය. පෝනයෙනුත් විනාඩි කීපයක් පමණි. නමුත් මාරස ඔබ වහන්සේ ගැන දනිමි. ඔබ වහන්සේගේ ආදරය මාරය. ඒ බව දන්නා වූ නව තරුණයන් ඔබ වහන්සේට ආදරය බව දනිමි. 
මොනවාත් නොකියා සටහන අවසන් කරන්නම්.

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම් සිරි සංඝබෝධි මාලිගාවෙදී මා දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම් අල්ලා බන්දා රන්දා බින්දා උන්දා කොන්දාලාමි සින්දා සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා අල්ලා බන්දා රන්දා බින්දා උන්දා කොන්දාලාමි සින්දා සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා තේජසාර සීලවන්ත ධර්ම සංගබෝදි රාජ භංග කරලම මැර මලිග සොයා සිරි සංඝබෝධි මාලිගාවෙදී මා දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම් සිරි සංඝබෝධි මාලිගාවෙදී මා දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්ජ
ජගත් මාරසිංහ
https://youtu.be/k3NOun8oY1Q
06 08 2024



Powered by Blogger.