සත් අවතාර කාලි පූජාව!!!

                                              සත් අවතාර කාලි පූජාව!!!

මාරසට මතකයි 80 බණ්ධනාගාරයේදී ලස්සන නිර්මාණයක් කියෙව්වා. ඒ කාගෙද යන්න ලිවීමට තව විස්තර පසුව කියන්නම්. ඔව් ඒ ගැහැනිය ගස් කපන්‌නෙක්ට ආදරය කරනවා. ඒකිට ඊට පස්සේ පේන්නේ ගස්ම පමණයි. හරියට අර මගේ මිතුරෙක් ගෙයක් හදන කාලයේ ‌බස් රථයක යන විටදිත් කොටන් සහ ගල් සිමෙන්ති විතරක් දුටුවා වගේ වෙන්න ඇති. මේ දොඩම් පලුව බල්න්න. කැමරා කාච සැකසුම් දුර්වල උනත් අදහස අපේ හදවත සහ මොළය අවුස්සන හැටි
                                     සත් අවතාර කාලි පූජාව!!!
කෙල්ලේ ඔයා මට‌
ඔබ වත කමල මත
සටහන් කරන්නට දුන්නා
රතෙන් ලප
මා වල්මත්වෙලා
කැරකෙන ලොව සමග
මට සිහිවුනේ
සංසාරේ භවය ගැන.
මට රත් පිත මහා වී
උන්මාදය මතුවී...............!
සිහිනය සිසාරා යන විට සසර පුරා
මා පිස්සෙක් කියා, සොඳුර ඔබ
ලෙලි හැර කඩා පෙන්වයි මට දොඩම් පලූ
ආදරයේ මහිම ගැන මට කියන්නට
මොනවට වචන කෙල්ලේ මේ දොඩම් පලූ
මා දන්නවා ඔබ දකිනා ලොවම තුළ
ඇත්තේ ආදරේ වක ගසන
පුන් සඳේ ප්‍රතිභිම්බයම බව.
දහසක් දෙනා සෙව්වත් රස ‌‌දිවෙන් සොයා
දෙනුවන් තමා මාරස මගෙ සුපෙම්වතා
මේ මා මහෝගය නොව සත්තයි සුපෙම් වත
දිව තොල‌ නොතබන්න ............!

ඇස් දෙක තුළද ඇත දිව කන් නාසයද
නැතිනම් තොපේ මුලු කය සහ ශරීරෙම
දොඩමක් නොවේ මහ දැඩි කළු ගලක් වුව,
මා හදවත ඔබ හිස තුල ඇඳෙනු ඇත.
නැත ගළ් කුළක් මෙන් මා ඒ රැක ගත්තේ
සුළඟට බයයි ඹා තොප හට
බය නැත්තේ.
තොප සිත තිබෙන ගල් පව් බිඳ වැටෙනු ඇත
එනමුත් මගේ සිත කිසිදා බිඳෙනු නැත
කළුගල් පරාදයි තොපගේ පිරිමි වත
හත් කඩකට පැලී දැන් බෝ කලක් වෙත.

ජගත් මාරසිංහ
15 08 2024










Powered by Blogger.