වත්තට යන්නම් මලක් කඩන්නම්.....!
තායිලන්තය ගැන මාරසත් ඉතා හොඳට දන්නවා. සමරහර විට සෙක්ස් අඩවි වලට ගොස් ජීවිතය හොයන පිරිස් මටත් වඩා හොඳින් තායිලන්තය ගැන දන්නවා ඇති. තායිලන්තයේ බෞද්ධත්වය සහ ඒ සංස්කෘතිය සෙක්ස් සංකෘතියක්කළ බටහිරුන් ගැනද දන්නා පිරිස් බොහෝ සිටින්නට හැක. මාරසනම් දන්නේ බෞද්ධ කුමන ප්රවණතාවයකින්වත් ලිංගිකත්වය නැතිනම් සෙක්ස් තහනම් කර නැති බවය. නමුත් සෑම සංවිධානාත්මක කටයුත්තකටම මේ කතන්දරයට නීති දාන්නට සිදුවී තිබේ. සෙක්ස් සම්බන්ධව නීති නොදැමූ මාක්ස්වාදී හෝ සංවිධානයක් වෙතොත් ඒ ඒකාගෙන්ම අසා දැන ගැනීමට අටුවා සමග මාරස ආසාය.
නමුත් මේ ඡායාරූපය සයිබර් රස්තියාදුවේදී හමුවූ තායිලන්ත හොඳම ඡායාරූප ගැලරියෙන් ඇහිඳ ගන්නා ලද්දකි. මේ ඉන්නේ හයේ අටේ පන්තියේ විතර පොඩි එකියෙකි. සෙක්ස් අඩවි වලට යන කල සෙක්ස් නිදහස් කියන රටක සිය අම්මලාද මෙසේ දොරකඩවල් වලට වී විකිනෙන ඡායාරූප දැක නොතිබෙනවානම් පුදුමය.
මේ පොඩි කෙල්ලද එසේ සිටින්නේ අම්මලාගේ වරදින්ද? නැතිනම් දේශපාලනික ලෝක ඉලක්කයන්මත සංස්කෘතියද සාමාන්‍ය වී ඇති නිසාද?
සැබෑව එයයි. ලෝක ගෝලීය ආර්ථික ව්‍යුහයේ ඇති සංස්කෘතිය විකිනීමත් සංස්කෘතිය වෙනස් කිරීමත් කළ හැක්කේ විප්ලවයකින් පමණි යන්න සැබෑවක් බව මාරස පිළිගන්නවාය. දැනටද රහසේ තැනින් තැන තිබෙන නමුත් මෙවන් ළමා ගණිකා ප්‍රචාරණ ඡායාරූප හෙට අනිද්දාම අපට දක්නට ලැබෙනු ඇත. දැනට පේක් එකවුන්ට් වල තිබේ.
මේවා වෙනස් කිරීම අනිවාර්ය වන්නේ දරුවන්ට දරුවන්ගේ ලෝකයේ ඉඩදීම සසර දනව්වේ සැබෑ දෙයක් නිසාමය.
නමුත් මේ කුහක දේශපාලනික කාරණා වෙනස් කිරීමට කලාවෙන් සිනමාවෙන් බැරි බව දැන් අපට සාධනය වී හමාරය. රෙද්ද අස්සේ ප්රජාතන්ත්රවාදයෙන්ද නොහැක. විප්ලවයෙන් හැකියි කියන කෙනෙක් සිටිනවානම් විප්ලවවාදී පක්ෂය වනාහි අනාගත සමාජවාදයේ කළල රූපයයි කියන ලද ලෙනින්ගේ දෙසුමත් සමග මා හමුවන්න. සැබෑ තොරතුරු ගැන පටි ගැලවෙන තෙක් කතා කළ හැක.
මේ මාක්ස්වාදය ආධ්‍යාත්මිකත්වයේ දයලෙක්තිකය බැරිනම් මොන මගුලක් හෝ සෙවිය යුතු කාලයයි. ඉතා ලඟදීම හිටපු ස්ත්‍රීවාදීන් ගැන නම් ගම් මගින් අභියෝග කර කතා කිරීමට තාම මාරසට සිතක් ඇත. බලමු. ඔරුව යන්නේ කුමන දිශාවකටද කියා. ඔරුව යන්නේ මකර කටට නමි මාරස මුහුදට පැන ඒ ගැන කතා කරනවා නියත බව කවුරු කවුරුත් දැනගත යුතුය.
https://youtu.be/00jhoY1awY0
ජගත් මාරසිංහ
10 07 2023