"මම එහි වෙනස් අරුතක් දුටුවෙමි"

"මම එහි වෙනස් අරුතක් දුටුවෙමි"

         අසූව දශකයේ මැද මාරසද පරවේණි කියා නාට්‍යක් කර වසර දෙකක් ඇතුලට ගියා මතකය. ජම්පරයක් නැති රැඳවියෙකු වුවද පාටියකට දමා නොසිටියද දඬුවම් විදින සිරකරුවෝ නිදහස් වෙන දිනයක් දැන සිටියේය. එල්ලුම් ගසට නියම වූ සිරකරුවන් පවා මැරෙන දිනයක් දැන සිටියෝය.  අප කිසිත් නොදැන සිටි නමුත් තවත් රටක් අප රටට  ඇගිලි ගසනවාට එරෙහිව මරණය තෝරාගත් කොල්ලෝ වීමු. 
     මේ නාටකය කරන කාලයේදී මාරස කර තිබ්බේ ලොකු කෝස් බෝස් නොව සෝවියට්  සංස්කෘතික ආයතනයේ රංජ්ත්  ධර්මකීර්ති සහෘදයා සංව්ධාධානය කළ නාට්‍ය පාඨමාලාවක් පමණි. ජයන්ත චන්ද්‍රසිරි මාව තාමවත් දන්නේ නැති වන්නට හැක. නමුතු මම සුදර්ශිය තුලත් ලුම්බිනියේත් ඒකා අත් නාටකය කරනායුරු බලා සිටියෙමි. ඒකා ඒ නාට්‍ය තාක්ෂණය සම්බන්ධ බොහෝ දේ දන්නා බව මාරස දැන සිටියේය. කිසිදා කතා කර නැත. ඒකා සුගත් අයියා නොහොත් සුගතපාලද සිල්වානන්ව නවලිය පුවත්පතින් උඩටම නැවත ගෙනා අයුරුද මගේ මතකයේ තිබේ. කෙසේ හෝ මිනිසුන්ගෙන්, කලාවෙන්  මාරස ‌වෙන් වන්නට ඇත. එසේ නොවන්නටද හැක. නමුත් මාරස තුළ තාම කලාවට ඇත්තේ පිස්සුවක් නොව සැබෑ ආදර භාවනාවක් වීමටද හැකිය.
      ඒකාලයේ අපි කණ්ඩායම් ගොඩක් සිටියා මතකය. සයනයේ සිහිනය නාටකය මාරසට අමතක නොවේ. "අත්" නාටකයේද රැඟූ වසන්ත විට්ටච්චිට මාරස පරවේණියේ වේශ නිරූපනය දුන්නේ ඒ හොර බැල්මවල් හරහාය. සුරනිමලයන්ද ඔහුගේ සහයට පැමිණියේය. අව්‍යාජ පොරවල්ය. එදා කුමාර තිරිමාදුරගේ දස්කම් දැක ඒකාව මගෙන් උන්ගේ නාට්‍ය වලට ඉල්ලුවේය. මා කීදේ ඉතා හොදින් මතකය. අපි බෞද්ධයෝ. මාක්ස්වාදියෝ. අපේ කණ්ඩායමේ නලුවෙකුට තවත් තැනකට යාමට මාරසෙන් කිසිදු අවසරයක් ඇවැසි නැත. 
     ඒකා ගියේය. ඒකා අද ජනප්‍රිය නලුවෙක් වී ඇති බව දනිමි. ඒවා වෙනම කතාය. ඒ ඒ කාලයේ අපේ හැටිය. තවමද එසේම තමාය.
    කොටින්ම ඒ කාලයේ අප නාටක කරන්නේ  සල්ලි වලට නොවේමය. මොකක්දෝ  ආශාවක් තිබ්බේය. ප්‍රසිද්ධිය පොරවල් වීමනම් මාරසේ ආශාවක් තිබ්බේම නැත. අනෙකුන්ද එසේමය. නමුත් ‌ගෝලීය ප්‍රාග්ධනයට මිනිස් චින්තනය යටත් කරගත් පසුව මාධ්‍ය විසින් පිස්සු කෙලින්නේ  කෙසේද යන්න උගන්වන්නට පටන් ගත්තේය. අවසානයේ මාධ්‍ය වනාහී මිනිසුන්ගේ දේශපාලන හතුරා වී අවසානය. තාම ජනතාව ඒ තේරුන්ගත්තේ නැහැ නොව තේරුම් ගෙන අවසානය. දැන් මිනිසුන් යූ ටියුබයට මාරුවී ඇත. ඉතා ළඟකදී මිනිසුන් නැවත පොත් පත් කියවන තත්ත්වයට පත්වීම අනිවාය. ඒගැන වෙනම ලිවිය යුතුය.
    ඒ කාලයේ විවිධ නාටක සිහින කණ්ඩායම්වල සිටි අප සියල්ලෝම පාන් කෑල්ලක් කා  ප්ලේන්ටියක්  බී බ්‍රිස්ටල් සිගරටයක් උරා නැවත කලාව ගැනම කතාකළ පිරිසකි.
       ජැක්සන් ඇන්තනීව මට ඉතා හොඳින් මතකය. දයානන්ද සර්වනම් ගොඩක් ඇසුරුකළා මතකය. ඒකාගේ මදුර ජවනිකාවේ නෙයිනගේ සින්දුව ගැන දයානන්ද කී වචනයක් දැන් මාරස කිව යුතුය. 
"මාරේ. මා මේක සිය වතාවක් විතර ලියලා කපලා අයින් කළා. අන්තිමට මට දැනුනා මේකට නියම මග විරිඳු  වල තියනවා කියලා. ඒකට නියම මිනිහෙක් හිටියා. ඒ ජැක්සසන්  ඇන්තනී කියලා. මමද මදුර ජවනිකා සහ ගැලිලියෝ දහපාරකට වඩා බලා විඳගත් චරිතයක් වෙමි. මාරාසාද් මා අද යූ ටියුබයේ විවිධ නිර්මාණ ශිල්පීන් කළ දේවලුත් බලමි. නමුත් ජැක්සන්වත්    කෞෂිවත් උන් චරිතවලට පනදුන් හැටි නිසාම උන්ව මාරසට  අමතක වන්නේ මාරස මළදාට පමණක් වීමට හැකිය.                 
            සුගතපාලද සිල්වානන් ගැන කියන්නට ඇත්තේ එක් වචනයක් පමණි. රාමක්‍රිෂ්ණා  රඟහලේ මාරාසාද් බලා නාටකය අවසාන වන විටම මහා දැලක් තිරය අසලින්ම පහලට වැටුනේය. වෙනදා නාටකයක් බලා දොඩමලු වෙමින් ගෙදර යන අප එදා ගියේ නිහඬවය. අප ඉන්නේ පිස්සන් කොටුවකය. ඉන් පැන යාම ලේසි නැත කියා පීටර් වයිස් නිර්මානය කළ මාරාසාද් ලාංකේය නිෂපාදනය මාරයි කියන්නේ දැන් යූ ටියුබය සහ තවත් නාලිකාවල ඒවා තිබෙන නිසාය. 
       ඉතින් කෙසේවත් මාරාසාද්ව අපට අමතක කළ නොහැක. මන්ද යත් ඒ අපේ ජීවිතයයි. ජීවිතයක් අමතක කළ නොහැක. ජීවත් වීම පමණි කළ හැක්කේ.
     අද ජැක්සන් ඇන්තනී අනතුරකය. සමාජ ජාලා තුළ විව්ධ තරක විතර්කය. මාරසට උත්තර පත්තරදීම වනාහී නිකන්ම නිකන් වැඩක් පමණි. දේශපාලනිකත්වය සහ ආධයාත්මිකත්වය පටලවාගත් මේ මොහොතේ ජැක්සන් ඇන්තනී සුවපත් වේවා කියන පැතුම පමණක් පතමි. 
කලාකරුවන්ට කවුරුත් ආදරේය. දාර්ශනිකයන්ටද එසේමය. ෂාරුක්ඛාන් දැකි විට කෙල්ලන් මගේ පපුවේ අත්සනක් ගසන්න කියා ඉල්ලන හැටි විවේචනය කළ ලිපියක් දැක මටද සිනහ පහල විය. නමුත් එවරම මාරස මෙසේ සිතුවේය.
     අනේ මට මහමගදී චාලි චැප්ලින්ව හමුවුනොත් අත්සනක් ගසන්නට කියන්නට කලින් සිහි නැතිවන්නටද හැකිය. 
     කිව යුතු දේ බොහෝය. ජැකා උඹ සුවපත්වීම බාර දී ඇත්තේ හසරක් නැති ඇලපති වෙද්‍ය විද්‍යාවට වීමට හැකිය. නමුත් උන් වගකීමක් ඇති මිනිසුන්ය.
ආදරය වෙනුවෙන් සුවපත්ම වේවා කියා මාරස පතමි. 
https://jagathmarasinghe.wixsite.com/mare
ජගත් මාරසිංහ
06 07 2023


Powered by Blogger.