ඇල්බට් අයින්ස්ටයින්ගේ ශීර්ෂ රේකාව

                                  ඇල්බට් අයින්ස්ටයින්ගේ ශීර්ෂ රේකාව

( IQ ) යනු මානව බුද්ධිය තක්සේරු කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රමිතිගත පරීක්ෂණ හෝ උප පරීක්ෂණ සමූහයකින් ලබාගත් සම්පූර්ණ ලකුණු වේ. හස්තරේකා ක්‍රමවේදය සම්බන්ධ සෑම සංස්කෘතියකම මේ රේකාවට වැදගත් තැනක් ලබා දී ඇත්තේ ඒ නිසාය. අප රටේ මේ රේකාව හඳුන්වන්නේ ශීර්ෂ රේකාව (The header line) වශයෙනි. හිස මොළය ප්‍රධාන කර මිනිසාගේ ඇස් පරික්ෂාවටද හැකි සලකුනු මේ රේකාව පදනම් කර ඒ ඒ පුද්ගලයාගේ බුද්ධිය සම්බන්ධව හිතන්නට පොටක් පාදාගත හැකි බව මේ සම්බන්ධව ගවේෂණය කරන්නෝ දනිති. මිනිසා මිනිසෙක් වූයේ ශ්‍රමය නිසාය යන වමේ ගොඩනැංවීම් වලටද මේ රේකාව අදාල වන්නේ යමක් අල්ලා ගැනීමේදී පරිනාමියව අතේ නැමීමත් සමග මේ රේකාව පරිනාමය වන ආකාර ගැන මතුකර ඇති කාරනා නිසාය.
දරුවෙකු මව්කුසින් කලඑලි බසින්නේද සිය දෑත් මිටමොලවාගෙනය. වානරයන්ගේද මේ රේකාව පිහිටා ඇති නමුත් හස්තරේකාව ගැන දැඩි හැදෑරීම් කළ කයිරෝ නැමති හස්තරේකා විශේෂඥයා පවා මිනිසාගේ සිතීම සහ වානරයන්ගේ සංවේදී බවේ වෙනස සම්බන්ධව නොයෙක් හැදෑරීම් කර තිබේ.
ඓතිහාසික වශයෙන්, IQ යනු පුද්ගලයෙකුගේ මානසිකත්වය, බුද්ධිය, වයස් සීමාවන් සමග ලකුණු දමා, බුද්ධි පරීක්ෂණයක් පැවැත්වීමෙන් ලබාගත්, පුද්ගලයාගේ කාලානුක්‍රමික වයස අනුව, වසර සහ මාස අනුව ප්‍රකාශිත ලකුණු බෙදීමෙන් ලබාගත් යම් සම්මතයක් වේ. IQ ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රතිඵලයක් ලෙස ලැබෙන භාගය 100න් ගුණකර ගණිතමය පදනමකින් IQ අගය තෝරාගැනීම සිදුවන බව සාමාන්‍යයෙන් වටහාගැනීම මේ සටහනට ප්‍රමාණවත්ය.( බුද්ධි ප්‍රමාණය සඳහා කෙටි IQ, පුද්ගලයෙකුගේ තර්ක කිරීමේ හැකියාව මැනීමේ මිනුමක් වේ . කෙටියෙන් කිවහොත්, ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ අනාවැකි කීමට යමෙකුට තොරතුරු සහ තර්කනය කෙතරම් හොඳින් භාවිත කළ හැකිද යන්න මැන බැලීමයි. IQ පරීක්ෂණ කෙටි කාලීන සහ දිගු කාලීන මතකය මැනීම මගින් මෙය තක්සේරු කිරීමට පටන් ගනී.)
බොහෝවිට ජ්‍යෝතිෂය සහ හස්තරේකා ක්‍රමවේදයන්හි වෙනත් මාන හරහා මේ බුද්ධිය මැන
ගැනීම ‌ විවිධ ආකාරවලින් හැදෑරීමට ක්‍රම විදි වේද තිබේ. මින් හස්තරේකා ක්‍රමවේදයේ ප්‍රධාන වන්නේ
මහපටඟිල සහ අතේ ඇඟිලි ආසන්නයේ ඇති ප්‍රධාන රේකාවක් වශයෙන් කැපී පෙනෙන ශීර්ෂ රේකාව
බව පැහැදිලිය. ඒ සම්බන්ධව සංවාද විසංවාද සහ ක්‍රමවේද බොහෝ තිබේ. සියල්ලන්ටම වඩා වැදගත්
වන්නේ හස්තත රේකා කියවන්නාගේ සතත අභ්‍යාස හරහා ලබාගත් පුළුල් අත්දැකීම් පරාසයම වන්නේය.
කෙසේ නමුත් යුගයේ මහා විද්‍යාඥයෙකු ලෙස සලකන ඇල්බට් අයින්ස්ටයින් සිය දෑත සහ උපත
පමණක් නොව සිය මොළයද පරික්ෂා කිරීමට නිර්ලෝභීව එකඟ වී ඇති බව සැබෑවකි.
මාරස මේ සටහන හස්තරේකා පාටමාලාවක ආරම්භයක් නොව ඒ සම්බන්ධව සොයාබැලීමට
ආශාවක් සහ වුවමනාවක් ඇති කවුරු කවුරුත් කෙනිත්තීමට පමණි.
ගත් මාරසිංහ
27 07 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.