2023 ජූලි මස අධි ‌ඇසල පොහොය.

 

2023 ජූලි මස අධි ‌ඇසල පොහොය.

අධි ‌ඇසල පොහොය.

        2023 අධි ඇසල පුර පසළොස්වක පොහෝ දිනය ජූලි මස තුන්වෙනිදාට යෙදී තිබිණ. එය සළකනු ලබන්නේ මේ වසරට යෙදුණු අමතර පොහෝ දිනයක් ලෙසයි. භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත් වී තිබේ. සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ලෙස සම්මත වී තිබේ. පොහෝය අනුදැක කාලය බෙදා සම්මුති ඇති කරගත් ආකාරය මිනිසාගේ කටයුතුවලට ජීවමාන සත්‍යක් වේ. කෙලින්ම අප රටේද කෘෂිකාර්මික කටයුතු පමණක් නොව කාලගුණික සිද්ධාන්තද බෙදා වෙන්කරගෙන ඇත්තේ චන්ද්‍රයා අනුදකිමිනි. චන්ද්‍රයා මුල්කොට මිනිසාගේ උපතේදි ගණනය කරන කේන්ද්‍රයට ජන්ම කේන්ද්‍රයැයි කියත්. ඉන් මතුකරගන්නා පලාපල බොහෝ විට ජීවමාන සත්‍යට කිට්ටු බව දන්නෝ දනිති. කොටින්ම ස්ත්‍රී ඔසප් චක්‍රයත් ගණිනු ලබන්නේ චන්ද්‍රයාට අනුවමය. පොහෝදිනයට පොහෝ දිනය කිට්ටුව ගර්භිණී වාට්ටුවල හෙද හෙදියන් සහ දායම්මලා කලබල වන්නේ ඇයිදැයි යන්නට චන්ද්‍රයා වගකියන්නේ පුදුමාකාර විදි වේදයකට බව පෙනේ. සඳ සමග වඩ දිය බාදිය ඇතිවීම සමගාමී කරගැනීම වාගේම සියලු සතුන්ගේ ප්‍රජනන ක්‍රියා වලිය සඳට තියා සම්මුති ගත කරගත්තා නොව සඳ සමග ඒවා සිදුවන ආකාරය සම්බන්ධව තවත් බොහෝ අපැහැදිලි සැබෑ කතන්දර පර්යේෂණ වලට බාර දී තිබේ. 

       කරදියේ සහ බොර දියේ මාළුන්ගේ පැවැත්මට සඳබලපාන අයුරු පුදුමාකාරය. මාලු බිත්තර දමන්නේත් සඳගමනාගමනයට සමගාමී ක්‍රමයකට බව පෙනේ. ඇතැම් ලක්ෂ සංඛ්‍යාත මාලුන් බිත්තර දමන්නට ගොඩ බිමට පැමිනේ. නැවත පැටවුන් ආපසු එක්කන් යාමට වෙරලට එන්නේද මාලුන් බාදිය මතුවන කාලයේය. ලක්ෂ සංඛ්‍යාත මාලුන් මෙසේ පැමිනීමට සංඥාව සඳබව සැබෑවක් මෙන් තබා විද්‍යාඥයෝ කෘතීම ජලාසයක මාලුන් තබා පර්යේෂණය කළ බවක් කියවේ. නමුත් මාලුන් බිත්තර දමා ඇත්තේ කෘතීම සඳට නොව සැබෑ සඳ ගමනාගමනයට සමගාමීව බවද සැබෑවකි. මේවා සියල්ල නොනිමෙන පර්යේෂණය. අව පක්ෂය සහ පුර පක්ෂයේ තමාගේ මනසේ ඇති වන වෙනස් කම් ඔබටම ඇවැසිනම් හැදෑරිය හැකිය. 

         කෙසේ නමුත් සම්බුද්ධ සාසනයේ ශුවිශේෂ සිදුවීම් රැසක්ම පොහෝය සමග සම්බන්ධ වී තිබේ. චන්ද්‍රකාලය බුද්ධ වර්ෂ සම්බන්ධව ප්‍රධානව වර්ගීකරණය වී තිබේ. තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසල පුන් පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ. සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි අභිනික්මන් කළේ ද ලෝ සතුන් සසර දුකින් මුදා ගනු පිණිස බුදුරාජාණන් වහන්ගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව සඳහන්ය. මේ කතා සාහිත්‍ය කතා ලෙස ගෙන මිත්‍යාවාදීව සැලැකීම විද්‍යාත්මකයැයි සිතන පිරිසක්ද සිටී. යමක හැදෑරීම පසක තබා කළ හැකි විද්‍යාවක් තිබේදැයි වෙනම කාරණයකි. මෙවැන්නෝ කවදත් සිටි බවද සැබෑවකි.

      කෙසේ  හෝ  2023 ජූලි 03 දා ගෙවී ගියේ අධි ඇසල පොහොයකි. මෙවර ඇසල මසට පසළොස්වක පොහොය දෙකකි. හෙට අගෝස් 01 දාටද යෙදී තිබෙන්නේ ඇසල පොහොයකි.  සියලු දෙනා එක දිනක් යම් කටයුත්තක් සඳහා විශේෂ දිනයක් ලෙස නම් කර පවත්වාගෙන යෑමෙන් අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු වෙන බව සැබෑවකි. එය රටක අර්ථිික සංරක්ෂණයටද හේතු විය හැකිය. 

        අමාවක හෙවත් මාසෙ පෝය රාත්‍රියේ කළුවරම දිනය යි. කොටින්ම අපට සඳ නොපෙනේ. එදා සිට ක්‍රමක්‍රමයෙන් සඳ වර්ධනය වී අඩක් විශාලවීමෙන් පුර අටවක ලෙසද එය සම්පූර්ණයෙන් විශාල වූ විට පසළොස්වක යැයිද නැවත සඳ අඩුවීමට පටන්ගත්විට ඉන් අටවන දින අව අටවක ලෙස ද මිනිසා විසින් ජීවිතාවබෝධයෙන්ම සම්මුතියක් නිර්මානය කරගෙන තිබේ. කාලයාගේ ඇවෑමෙන් විවිධ කේෂ්ත්‍රයන් වැඩි දියුණු වූ විට කාලය මැනීමේ අනෙකුත් තීරණ ගෙන ඇති අතර කාලය මැනීමේ උපකරණ පවා බිහිවී තිබේ. නමුත් පදනමක් සහිත ස්වභාවයෙන් පිටස්තරව දින දර්ශන නිර්මාණ්‍ය කරන්නට ගොස් ග්‍රෙගරියන් කැලැන්ඩරයෙන් සිදුවූ හදි ගැන මාරස දින දර්ශන පැටිගිරිය නමින් යම් වැඩක් කළ බවද මතකයේ තිබේ. 

      චන්ද්‍ර මානයට අනුව විසූ මනුෂ්‍යයාට වසර සිය ගණනක් ගණන් කිරීමට අවශ්‍ය වූයේ හඳ පෙනෙන වාර ගණන එකතු කිරීමෙනි. පුරසඳ ගණනින් මාස ගණන් ගැනිණි. පුර සඳ දොළහක් ගත්විට වසරක් ලෙස ගණනය කරගෙන තිබේ.

      ගණනය කිරීමකදී යම් යම් රටාවල් තුලිිින් සිතීමේ නියමයන් සොයා යාමේදී සඳගමනටද මිනිසාට වැඩි දෙයක් කරන්නට සිදුවී තිබේ. පුර සඳ දොළහක් ගතවූ විට දින 354 ක් හෝ දින 355ක් ගත වී ඇති බව ගත් කල සූර්යා වටා පෘතුවිට ගමනට දින 365 සහ දින කාලක් වැය වෙන බව පෙනේ. චන්ද්‍රයා වටා සහ සූර්යා වටා පෘථිවිය ගමන් කරනවා සේ සිතුවොත් ඒ දෙයාකාර බව පෙනේ. මෙම ගමනාගමනයට සම්මත කාලය බෙදීමක් අවශ්‍ය නිසා ඉහත කී අයුරින් වැඩිවන දින කිහිපය අධික මාසය ලෙස නම්කර එක් වසරකදී ඒ අත්හැර දමයි. සාමාන්‍යයෙන් ගත් කළ වසරකට පොහොයවල් දොළහක් වුවත් එම පොහොය දොළහට නම් දොළසක් දමාගෙන තිබේ. වෙසක්,  පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින්, බක් එම පොහොය දොළහය.  අධි පසළොස්වක යනු ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොයයි. ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට එම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවේ. මෙවර අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ජූලි (03) යෙදී තිබිණ. ගණනය කිරීම අනුව 2023 ජූනි මස 02වන ඉරිදා අධි ඇසල පුර පසළොස්වක ලබා 2023 ජූලි 03 සඳුදා අපර භාග 05 07 න් ගෙවී ගියේය. සිල් ගැනීමට සම්මත වී තිබුනේ ජූලි 03 වෙනිදාය. ඒ ඇසල අධි පුර පසළොස්වක පෝයේ චන්ද්‍රමාසා  ගණිත මය පදනමක පැතිකඩකි. එලෙසම හෙට 2023  අගෝස්තු 01 කුජ දා පූර්භ භාග 03 53න් ඇසල මස පුර පසළොස්වක පෝය ලබා 02 බදාදා  පූර්ව භාග 00 02න් ගෙවේ.  එවිට සිල් දිනය සම්මත වන්නේ අගෝස්තු 01 කුජ දාටය.
(පොහෝය සමග ලිංගික ආවේගයන්ගේ වෙනස් වීමේ රටාව සහ ප්‍රජනන ක්‍රියා සම්බන්ධව මාරස මතු ලියන්නට නියමිතය. )
ජගත් මාරසිංහ
31 07 2023
https://jagathmarasinghe.wixsite.com/mare 


Powered by Blogger.