සා පවසට අනේ අපිට කිරි එරුනේ නැතුවා//

සා පවසට අනේ අපිට
කිරි එරුනේ නැතුවා//

                  අපේ ගුරුවරුන් අපි ගෞරව කළ පිරිස් අප තරුණ කාලයේ දුන් උපදෙස් සහ අදහස් අනන්තය අප්‍රමාන වගේය. අපද ජීවිතය හොයාගෙන බුදුනුවන්ගෙන් පටන්ගෙන පසුව හේතුවාදයට ගොස් අවසානයේ බුදුනුවන් ගාවටම පැමිණියා සේය. ඒ විවිධ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා වුවත් මේ හොයන්නේ එකම තැනක් බව නොදැනෙනවා නොවේ. ඇවැසිනම් මේ භාෂාවෙන් තොර තවෙකුත් ආකාර වලට මේවා ලියන්නටද අපේ අසූවේ පරපුර නොදන්නවා නොවේ. නමුත් මේ ලිව්වේ සැබෑවක්ය. අප එදා අප ගුරුවරුන් කී සැවොම මේවාට වග කිව යුතුය.
කොටින්ම අපට අම්මා පැත්තකින් තිබ්බත් හරිහමන් අයියා කෙනෙක්වත් නැතිවිය. ඒ දේශපාලනයෙන්ද තවත් පැතිවලින්ද විග්‍රහකළ හැක. නමුත් අප පිළිගත් තාමත් පිළිගන්නා ගුරුවරුන් මීට වගකිව යුතු නොවන්නේද? 
                        මේ සියල්ලෝම ඔබ වහන්සේවද විග්‍රහ කරන්නේ බටහිර විද්‍යාව සහිතවය. නමුතු ඔබ මලකි. ඒ අපේ සුවඳවාගේය. එහි සියල්ල ඇත කියා සිතෙන්නේ දැන්ය. ඒ බව අපට අපේ පාසැලේ ගුරුවරුන් කෙසේ නමුදු දේශපාලනික කලාව සම්බන්ධ හෝ විද්‍යාත්මක ගුරුවරයෙක් එකළ පෙරමුණට විත් කියා දුන්නේ නැත. ප්‍රවාද කියා මොනවාදෝ මගුලක් කතා කළේය. ප්‍රවාද කියා දෙයක් ත්‍රී පිටකයේ තිබෙනවාද කියා සොයන්නට තරම් මාරස විද්වතෙක් නොවන්නේය. විවිධ අර්ථකතන කියනවා ලියනවා විනා 80 දශකයේ මුන් සියල්ලන්ම මිනිසුන් ටයර් වල පිලිස්සෙන අයුරු බලා සිටියා සේය. කතා කරන්නට ආවොත් මාරස කටද කටක් නොව වක්කඩයකි. නමුදු දැන් ඔබ වහන්සේ නිසා හෝ කතා කරන්නට දෙයක් නැති නිසා කතා නොකරමි. තවමත් වැඩිදුර කතා නොකර ඉන්නේ අපේ වැඩිහිටියන්ට අපගේ තිබෙන ආදර නිසාමය. ඒ බිඳුන තැන තාරකා වල්ගා තරුබවට පත්වෙනවා නියතය. සෙනසුරු සහ කුජ සෙල්ලම් දමන්නට පටන් ගන්නවා නියතය. ග්‍රහයන් ගෙන් අප ගැන කියනවා සේම අපෙන්ද ග්‍රහයන් ගැන කිව හැකිය. ග්‍රහ සංකල්ප වනාහී මිනිසාගේ නිර්මානයක් විනා අන් කාගේවත් නිර්මාණයක් නොවන්නේමය. 
                      එදා "වල්මත් වූවෝ " නමින් වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටය අප බැලුවේ උසස්පෙල කරනකොටය. ඒ චිත්‍රපටයත් වඩා මේ ගීතය හද ගත්තේ ඔබ වහන්සේ නොහොත් බුදු වීමට ප්‍රථම සිද්ධාර්තයන් අපේ චෛතසිකයේ කොහේ හෝ සැඟවී සිටි නිසාදැයි මාරස නොදනිමි. නමුදු මේ දැන් සිහි වූ නිසා මේ  ගීතය දමමි. අපේ යුගයේ සකල ගුරුවරුන් අපේ අතරමං වීමට වගකිව යුතුය කියා බිය නැතිව ලියමි. ඇසුවොත් දන්නා පිළිතුරු දීම වනාහී මාරස ජීවිතයේ කොටසක් වෙනත් භාෂාවකින් ලියනවා වීමට හැකිය. නමුතු මතක තබා ගත යුත්තේ ඕනෑම භාෂාවක් විවිධ ආකාරයෙන් කිව හැකි බවය. එසේ උත්තර පත්තර දෙන්නට විත් එවන් භාෂාවලින් ලියන්නට වුවහොත් ඔව්හු කමනවා ඇත.  සමාව නොදුන්නද කම් නැත. ඇත්ත කියන්නේ ඇත්තය. බුදුනුවන්ගේ පැත්තෙන් ගතහොත් මේ කතන්දරය දීර්ග විය හැකිය. නමුත් අප පරපුර ගැන විවේචනය කරන්නන් වහාම වගකීම භාරගත යුතුය. ඒ ගොඩක් මහා ගුරුවරුන්ක එකල මාක්ස්වාදීන්ය. දැන් බෞද්ධධයන්ය. ඒවා ගැන අප කියවා ඇත. නමුත් තමන්ගේ ගෝල පරම්පරාවට පමණක් දොස් කීම අන්තිම වැරදිය. තුච්චය කියා ලියන්නට සිදු නොවේවා කියා පතමි.

සා පවසට අනේ අපිට
කිරි එරුනේ නැතුවා//

ජගත් මාරසිංහ
09 07 2023
මලින් මලේ රොන් පොපියන
රඟන බමර ජීවිතේ

කප්තුරු හිස දළු ලියලන
නව යෞවන ජීවිතේ
අපට උරුම නැත
නාඬන් හදවත //
මලින් මලේ රොන් පොපියන ...
තුරුණු පැතුම් හිසින් දරා
මතු දවසට පෙරුම් පුරා //
ඉපනැලි කටු කොහොල්
මැදින්
මඟ සොයනා ගමනේ
මඟ සොයනා ගමනේ
කිඳා බසින ජීවිතයට
නැත කිසි පිළිසරණේ //
මලින් මලේ රොන් පොපියන ..
විඩා තැවුල් පීඩා සිඳ
හමා නැවුම් මාරුතේ
පමා වෙලා හෝ වැහැපන්
මුතු වරුසා ජීවිතේ
මුතු වරුසා ජීවිතේ
මුතු වරුසා ජීවිතේ //
මලින් මලේ රොන් පොපියන ...
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ //
හිස් අහසට අත් ඔසවා
අපිත් කිරට හැඬුවා
අපිත් කිරට හැඬුවා
සා පවසට අනේ අපිට
කිරි එරුනේ නැතුවා//
මලින් මලේ රොන් පොපියන ..
පහනේ තෙල් සිඳෙන තුරා
තටු ගිලිහී දැවෙන තුරා
පහන් සිළුව වටා රඟන
පළඟැටි රෑනයි
මිරිඟු සයුර සොයා සරණ
පළඟැටි රෑනයි
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ඇතුළු පිරිස
වසන්ත ඔබේසේකර ගේ "වල්මත්වූවෝ " චිත්රපටයෙන් (1976)
https://youtu.be/eQGdQzeClDo


Powered by Blogger.