දේශපාලනික පීලි මාරුව

 

දේශපාලනික පීලි මාරුව 


මම අහලා තියනවා කතාවක් දුම්රිය හොයා ගත්ත වෙලේ කාල් මාක්ස් එංගල්ස්ට ලියපු ලිපියක්. පොදු වාහනයක් හොයාගෙන. ඒක හරියට ට්‍රොජන් අශ්වයා වගේ කියලා. මතකනේ ඒ අශ්වයා සීසර් වගේ උන්ට කෙලවලා දාපු හැටි. නමුත් ඒක මාක්ස්වාදයේ වුනේ නැහැ නෙවේ ඒ තියරියෙන් වෙමින් පවතිනවා. පොදු කියන කතන්දරයේ  තාක්ෂණික මනෝමූලිකත්වය ආවේ දුම්රියෙන් තමා. සමාජවිද්‍යාවේ දේවල් සිද්ධ වෙන්න කාලයක් ගතවෙනවා. ඒක මිනිස් ශ්‍රමයේ බලපෑම මත සංවිධානකත්වය සමග පමණක් නොවේ දර්ශනය පමණක් නොවේ ධර්මයත් බලපානවාද මන්දා.

            නමුත් මා කියන්න යන්නේ මාරස ගැන. මේ කියන්නේ මාරස පාඨකයන්ට පමණයි. නමුත් අන් අය බැලුවට කාරි නැහැ. මාරස දර්ශනය පීලි මාරු කර ඇති කියා පීලි මාරු කරන කස්ටිය හතනවා නියතයි. නමුත් මතක තබා ගත යුත්තේ යම් ඉලක්කයකට යනවානම් කොතරම් පීලි මාරු කළත් අවසානයේ එකම ඉලක්කයක් කරා දුම්රිය ගමන් කරනු ඇති බවයි. මාරස නොමැරුනොත් කොහේ හෝ මුල්ලක ඒ කෝච්චියේ සැඟවී හෝ ඇති බව පමණයි. ඒ වගේම කැසෙන්ඩා කොසින්    දුම්රිය සම්බන්ධ චිත්‍ර පටයේ වගේ අවස්ථාවක් ආවොත් මාරස ඒකට මැදිහත් වෙන්නේ සරලව. කතා නැහැ. කෝච්චි දෙකට කඩලා දානවා මචන්. කමක් නැහැ. මාරස ගැන ගැන ඕන දෙයක් හිතපල්ලා. මාරස කියන්නේ ඇවැසි වෙලාවට පීලි මාරු කරලා නියම මග හොයාගන්නවා මැරෙනකන්. ඒ නිසා මාරසට උඩරට මැනිකේ සිහිවුනා. ලංකාවේ  මහාදුම්රිය සන්දිනම් තියෙන්නේ මහව කියලා මා දන්නවා. එතනින් දෙකට බෙදෙන්නේ යාපනයටද නැතිනම් මඩකලපුවටද මන්දා. දෙමලාටද මුස්ලිමයාටද මන්දා. නමුත් මුන් සියල්ල සිංහල සංස්කෘතියක ජීවත්වන මිනිසුන්. නමුත් මට මහවින් ‌දෙමලුන් හොයනවාද මුස්ලිම්වරුන් හොයනවාද සිංහලයින් හොයනවාද යන්න අදාල නැහැ. ඒ වගේම උඩරට ගොයිගමද පහතරට ගොයිගමද යටතේ නිර්මානය වූ උඩරටද පහත රටද ඇවැසි නැහැ.  අතීත මතකයක මේ ගීතය මතකයට ආවා බන්.  නමුත් මතක තියාගනිල්ලා මාරස පීලි මාරු කරන්නේ දේශපාලනිකව කියලා. ඒකට වැදගත් වන්නේ මාක්ස්වාදය තමා පළමුව. නමුත් ජාතිකත්වයක් නැති මාක්ස්වාදයක් මාරස දන්නේ නැහැ නෙවේ ඒකට පීලි මාරු කරන්න තාක්ෂණයක් නැහැ. ඒකට වග කිව යුත්තේ කවුද, ඉතින් හැමදාම මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන පරංගි මාක්ස්වාදීන් කියලා බැනලා තේරුමක් නැහැනේ. ආදරය කරලනම් හරිම මහන්සියි සහෝදරයනි. කාරි නැහැ බන්. නමුත් මම පීල්ල මාරු කළා. කවදා හරි එකම පීල්ලකයි යන්නේ කියලා බුද්ධ වාදය පමණක් නොවේ දයලෙක්තිකයටද ඔබින මගකින්. තව විසිතර තියනවා . ඒවා පසුවට තියමු.

     ඒවා සමාජ දේශපාලනික තාක්ෂණය විසින් සාධනය කරාවි. එදාට අපි ජ්‍යාතන්තර ගීතය නොවේ ආදර ගීතය ගායනා කරමු. මොකද ජ්‍යාතන්තර ගීතය දැන් පරණයි බන්. ආදරය හැමදාම අළුත්.

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන නෙත් කොනේ

තාරුකා
වහින රාත්‍රියේ
ගෙල වටේ වෙලී හමා ඇදී නල රැලී
ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරු ලතා පවා දුකින් වගේ

අත වනා
හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑවේ වගේ සයුම්ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

https://youtu.be/msiaMwYcK0c

10 07 2023

ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare





Powered by Blogger.