සෘංගාර ප්‍රචන්ඩත්වය

                                                      සෘංගාර ප්‍රචණ්ඩත්වය


                          මේ ඡායාරූපය සයිබර් වීදි වල සාමාන්‍ය ඡායාරූපයක්. නමුත් ඒ වීදි අස්සේ යන මාරසත් වයසට ගියත් රෙඩ් වීදි අස්සේ යන්න ආසයි. ආශාව කියන්නේ විවිධ අර්ථ ඇති දාර්ශණික සහ ධර්ම නිවේදනයක්. නමුත් මෙවන් ඡායාරූප ගැන කතාකරන්න තිබ්බ අවකාශය තව ටිකක් පලල් වුනා.. ඒ අර නුවන් ගම්මන්පිලගේ ගිරග්ග සමජ්ජ පොත ගැන දේශනයක් කළ මොහාන් රාජ් මඩවල විසින්.
මොහාන් රාජ් මඩවලගේ දේශනයේදී බී ඩී ඇස් ඇම් සෙක්ස් වලින් කතාව පටන් ගැනීම ඇත්තටම ලාංකේය මහත්වරුන්ගේ විචාර කලාවට තිබ්බ තිත් කොමාවක් වගේ. මොහාන් කියන්නේ රටේ වැදගත් ලෙස පෙනී සිටින සිවිල් සමාජයද ඇසුරු කරන පොරක්.
සෘංගාරාත්මක පහරදීම් සෘංගාරාත්මක ගෝෂා නැතිව ලිංගිකකත්වය අත්විඳින්න බැරිබව ආසියාවේ කිවේ ගොඩක් කලින්. නොකිව්ව වගේ හිටියට සමහර කස්ටිය තාම වාත්සන්‍ය කාම සූත්‍ර කිව්ව ගමන් තමන්ගේ මුත්තගේ නම නොදත් අයත් දන්න බව දන්නවා.
          පරංගියන්ගේ වික්ටෝරියන් විකාරය තමා ඒවා විනාශකලේ. නමුත් ආසියාවේ ජාන වලට මේව අළුත් දේවල් නොවේ.
           කෙසේ වුවත් බී ඩී ඇස් ඇම් කියන්නේ දිග කතාන්දරයක්.බලපු ගමන් ‌පේන්නේ මේ ස්ත්‍රීන්ට මෙච්චර පුරුෂයන් වද දෙන්නේ ඇයි කියලා. දිගටම හදාරණකොට දැනෙනවා ස්ත්‍රීන් සල්ලි ගෙවා වද විඳින්නත් ආසයි කියලා. හැබැයි ගොඩක් පුරුෂයන්නම්  කැමති ස්ත්‍රියව වසඟකරගත් විගසම වද දීම ආරම්භ කිරීමට.
        ඇත්තටම ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට මහා විසඳුමක් BDSM. මානය නැතිකර ගැනීම, යටත් කිරීම, යටත් වීම, විනෝදය ප්‍රදර්ශනාත්මක කිරීම, වගේම දේශපාලනිකව ඒ මොහොතේ වියුක්ත බව ඇතිකරගැනීම. මේ ගැන විස්තර කියන්න ගියොත් කිඩ්නැප් වලින් පටන් ගන්න වෙනවා. හැම රටකම කිඩ්නැප් සෙක්ස් හොයාගන්න හැකි වුනත් ලංකාවේ නැහැ. නිතියානුකූලව ලිංගික සෘංගාරාත්මකව ලිංගික පීඩාවට නිදහස තිබ්බත් ලංකාවේ ඒකට ඉඩ නොදී තිබෙන්නේ ‌ආගමික සංස්කෘතියම තමා. සිංහල බෞද්ධ කියන්න බැරි කතෝලික සහ ක්‍රිස්තියානි ඊට හපන් නිසා. බෞද්ධ නිදහස කැලේ ගියේ වික්ටෝරියන් එකෙන්ම තමා කියලා දන්න අයත් දන්නේ නැහැ වගේ පෝස්ට් ලියනවා. අනේ මන්දා ජනප්‍රිය වන්නද කියලා. මේ ආරම්භයක් පමණයි. 
                 සෘංගාරාත්මක පහදීම් සම්බන්දව අයිතිය සහ විබේදනයන් ලෝකයේ සියලු නීති පොත්වල සඳහන් වෙනවා. කිඩ්නැප් සෙක්ස්, පfනිෂ් සෙක්ස්  ආදි වශයෙන් මේවල විෂය පරාසය අති විශාලයි. නමුත් මේ ඡායාරූපයේ තියනවා යටත් වීම යටත් කිරීම පමණක් නොවේ එකඟත්වයත් දෙදෙනා අතර පවතින අති ගැමුරු ගිවිසුම් ආදරයත්. ඒ දෙදෙනා කිව්වේ පෙම්වතිය සහ පෙම්වතා අතර තියන අන්‍යයෝන්‍ය සබඳතාවල ගැඹුර. 
        කෙසේ වුවත් කිඩ්නැප් සෙක්ස් ගැන ලංකාවේ තොරතුරු නැහැ. ඒ බෞද්ධ සංස්කෘතිය නිසා නොවේ. කැත වික්ටෝරියන් ව්‍යුහාත්මක නීති ඊටත් වඩා වේගයෙන් සකල සමාජයම වෙලාගෙන ඇති නිසා. ඉතින් මොහාන් තුති ප්‍රසිද්ධ නාගරික මැද පන්ති මිනිසුන් ඉදිරිපිට බී ඩී ඇස් ඇම් නමින්ම ඔබ ඇමතූ කතාවේ ආරම්භය.
හරි. අපි සෙක්ස් වචනය තහනම්නම් කිඩ්නැප් ගැන කතා කරමු. 
                    විවාහයක් කියන්නෙත් නීතිමය කිඩ්නැප් එකක් තමා. කොටින්ම පැහැරගෙන යාමක්. 
ජීවිතය කියන්නේ පංචකාම සම්පත්තිය සමග ගමනේ යන දෙයක්. අකමැති අයට තියෙන්නේ කැමති අයට බලපෑම් නොකොට වෙන පීල්ලකට මාරුවෙලා තමන්ගේ සතුට සොයන් යන කතන්දරය පමනයි. මතක තබාගත යුත්තේ මේ මාරසේ තවත් ආරම්භයක් පමණයි කියන කතාවයි.
ජගත් මාරසිංහ
15 07 2023


Powered by Blogger.