ඔහු ඉන්ද්‍රනාථ තේනුවරනම් වී

                                                      ඔහු ඉන්ද්‍රනාථ තේනුවරනම් වී

       මා දන්නා පමණින් නිශ්චල ඡායාරූප ශිල්පියෙක් සෙල්ලමක් නොවන්නේය. මහා ප්‍රතාපවත් සත්‍යජිත්රායි වැන්නවුන්ද පළමුව බලන්නේ නිශ්චල ඡායාරූප බව අප අතීතයට නිරීක්ෂණය වී හමාරය. මාරසද කලක  නිශ්චල ඡායාරූප ශිල්පයට ආදරය කළේය. වෘත්තීය වශයෙන් නැතත් අදටද මාරස සෑම දෙයක්ම නරඹන්නේ තනි ඇසකින් මාලුවෙකුගේ ඇසට සමාන කාචයක් මනසින් හදාගෙන වීමට හැකිය. ඒ අත් දැකීම්ය.
     ඉන්ද්‍රනාථයා යනු අද කැමරාකරණය නව පරපුරටද උගන්වන ආදර්ශමත් ගුරුවරයකු වන බව නොදන්නේ කවුද? ඒකාගේ බ්ලොග් සහ ලිපි මාරස ඇති පදන් නොකියවන ලද්දේ වුවත් කියවපු ඒවා ඇතිපදන් කියවා රස විඳ තිබේ.
     ඒකා ලියන්නේ පෑනෙන් නොව කැමරාවෙනි. භෞතිකව මේ වැරදියැයි සමහරෙකුට සිතෙනු ඇත. නමුත් ආධ්‍යාත්මික සත්‍යය මෙයයි. ඉතින් මේකාගේ "මගේ කතාව" දුහුනන් දැනුම් සඳහා පමණක් නොව අප වන් වයසක උන්ගේද දැනුම කම්පණය කරනු ඇත. 
      චිත්‍රයකින් තිරරචනය ලියන ආකාරය රායි සහ තවත්ප සිනමා ශිල්පීන්ද පෙන්වා දුන් අයුරු අදනම් අන්තර්ජාලයේද ඇත. මහගම සේකර තුන්මන් හන්දිය තිරරචනය තනිකරම චිත්‍රම වූ බව සැබෑවක්ය. නමුදු තනි ඇසකින් ලෝකය දකින්නට හුරුවූ ඒ හැදෑරූ ඉන්ද්‍රනාථයා පෑනෙන් මගේ කතාව ලියන්නේ ඒ තනි ඇසක මීන නයනයක ප්‍රතිබිම්භයන්ගේ ප්‍රතිබිම්භයන්ගේත් ප්‍රතිබිම්භයන් සිය දබරඟිලට සහ මහපටඟිලට හසුකරගෙන පෑනෙන් හෝ පැන්සලෙන්ය. ඒ මාර වෙනවා නියතය. එය  බලනාතෙක් ඒ ගැන කිසිත් නොලියමි. නමුදු ලියා හමාර වීමටද හැකිය. 
     කෙසේ හෝ ඉන්ද්‍රනාථයාගේ සමහර සටහන් කියවා අප අනාථ නාථ වූ අවස්ථාද නැත්තා නොවේ. ඔබේ "මගේ කතාව" අපේ කතාව වීම අනිවා විය හැක. හැබැයි ඒබව දැනගැනීමට මීනා  නයනයකින් කියවීම අනිවාර්ය වනු ඇත. ඡායාරූප ශිල්පියෙකුගේ පෑන් පැන්සල් පහරවල් වල ඇත්තේත් එළිය සහ අඳුරය. නැතිනම් වර්ණ උෂ්ණත්වයයි. අවසානයේ ගත් කළ ඒ ජීවිතය දෙස බැලූ ප්‍රිෂ්මාකාර ආලෝක බැල්මක් වීම අනිවාය.
https://jagathmarasinghe.wixsite.com/mare
ජගත් මාරසිංහ
06 07 2023


Powered by Blogger.