ආදරයේ ගීතිකාව ( මාරස i- පියවර)[ පාදඩ අසපුවේ මුණිවරයා අත් පිටපතේ කොටසකි]

ආදරයේ ගීතිකාව ( මාරස i- පියවර)[ පාදඩ අසපුවේ මුණිවරයා අත් පිටපතේ කොටසකි]
                  ආදරය ගැන ලියන්නට හිතුනේ ගැටවර කාලේ ඉඳලා. මොකද මට වැඩිමල් අක්කලා දෙන්නෙක් හිටියා. අයියා කෙනෙක් හිටියා. අයියා දැන් මැරිලා. මම ඉපදිලා වසරකට පෙර තාත්තා මැරිලා. ඉතින් මේ අයගේත් මගේ අම්මාගේත් වැඩේ නෑදෑයෝ ආවත් ආදරය ගැන කතා කරන එකමයි. ඉතින් ටික ටික කල් ගෙවෙද්දි එදා මම හිටියේ එකේ පංතියේ පහ පංතිය වගේ කාල වල. නමුත් හය පංතියට එනකොට අක්කලා අයියලා කතා කළ ආදරයේ වෙනස්කම මම දුටුවා. කෙලින්ම ඒක ලිංගික ආදරය කියලා මාරසනම් මුලින්ම දැනගත්තේ කුතුහලයක් ඇතිව හයේ පංතියේදි විතර කියලා මතකයි. ඒ එකල සීගිරි කුරුටු ගී කියවපු පුරා විද්‍යාඥ්යෙක් සහ අක්ෂර කියවීම සම්බන්ධව අගතැන්පත්  සෙනරත් පරණවිතාන මැරිලා මිනු නාලන්දාව ඉදිරිපිටින් සීගිරියට භෂ්වශේෂ ගෙනියන දවස්වල කියන කතන්දරය සම්බන්ධව මට තව සටහන් ගොඩක් ලියන්න හැකියි. නමුත් මේ ඊ පවුර. කෙටි කරන්න වෙන නිසා නතර කර ආදරය සම්බන්ධව කතා කරන්න සිද්ධවෙනවා. පියවරවල් ගොඩක් ඇති නිසා ‌මා මේ සටහන මාරස ආදරයේ පළමු පියවර කියලා නම් කරන්නම්.

    චූටි කාලයේ අම්මට තාත්තට නංගිට මල්ලිට විතරක් නොවේ සියළු ළඟම හිතවත් පිරිසට තියෙන්නේ ආදරය. ඒ ආදරයට ඒ කස්ටිය අල්ලස් දෙනවා. ටොපි චොක්ලට් විතරක් නොවේ නානාප්ප්‍රකාර කතාන්දර කියවනවා. පෙට්ටි වල දාලා රෝද තුනේ කාර් වල දාගෙන තල්ලු කරනවා. ස්වභාවය පෙන්වන්න වත්තට එක්ක යනවා. මල් වලට බඹරු මී මැස්සෝ එන හැටි පෙන්වනවා. පේර, අඹ විතරක් නොවේ සියඹලත් කවලා කට ඇඹුල් කරණකොට හීනා වෙනවා. නාවන්න එක්කරන් ගොසින් චාටුවෙන් ඇස්වහ ගන්න කියලා මුහුණ වහගන්න කියනවා. ඒ දැවිල්ලනම් මාරසට තාම මතකයි. දැන් ‌කළොත්නම් හොම්බ කැඩෙයි ඒ අයගේ. ඒ වගේම වරදක් කළොත්, නැතිනම් කුණුහරුපයක් කිව්වොත් එක දොස් මුරයයි. ගිණිපෙනෙල්ල ගෙනත් පෙන්නලා කියනවා ආයේ කිව්වොත් ‌කට පුච්චනවා කියලා. ‌

      මෙහෙම මෙහෙම යනකොට අක්කලා අයියලා ආදරය කියන වචනයට කොල්ලන්ව කෙල්ලන්ව ඇසුරු කරණකොට ඒවල රහස් පරීක්ෂකයා බවට අම්මා විසින් මාව පත් කරනවා. ඉතින් මාරසට ඒ කාලේ ඒක  හරිම ප්‍රශ්නයක්. නමුත් මාරසත් අක්කලාගේ අයියලාගේ කේලම් අම්මාට කියන්න හොයන කේලමෙක් බවට පත්වෙනවා. මෙතන තමයි මාරසටනම් ආදරයේ ඇතුල හොයන්න හිතෙන තැන නිර්මාණය වෙන්න ඇත්තේ. 

     කොහොම කොහොම හරි මාරසත් වයස 13 -14 වෙනකොට ජුන්ඩාගේ හෙවත් ලිංගේන්ද්‍රියේ වෙනස්කම් වෙන්න ගන්නවා. නමුත් වයස 16 ත් පහුකරලා තමා ඒ සම්බන්ධව අක්කලා අයියලා කරන දේවල් බලා සිට අත පාවිච්චි කිරීමට වචනය ‌හම්බ වෙන්නේ. ඒ නවය පන්තිය. 1975 වගේ කාලේ. දේශපාලනයකුත් වෙනස් වෙන කාලේ. මොකද ඒ කාලේ අපි කියවන්න ගන්නවා. ඒක පුදුම කියවීමක්. ඉවරයක් නැති කියවීමක්. පාඩම් කරන්න තියන පොත් හදන්න තියන පොත් පසක තබා මුලු පුස්ථකාලයම කියවන යුගයේදි කාලෝ පොන්සේකා කියලා තියනවා අතේ ගැසීම කියන එකට ශිෂ්ට වදනක්. ඒ ස්වකාම ප්‍රීණනය කියලා. 

    ඔන්න උසස් පෙලට එනවා. දැන් දේශපාලනයත් කරට අරන්. ඔය අතර කාලයේ ආදරය සම්බන්ධව වැඩියෙන්ම බලපෑම් කළේ මහගම සේකර එක පැත්තකින්. තවත් පැත්තකින් මිල්ටන් මල්ලව ආරච්චි. ජෝතිපාලගේ දේවල් අමුයි වගේ හිතුනේ 12 පන්තියට ඇවිත් මාක්ස් ලෙනින්ලව සහ නොයෙකුත් විචාර ග්‍රන්ථ කියවන්න ගත්තට පස්සෙයි. කව්සිළුමිණ කාළයේ පටන් කේ  ජයතිලා හරහා පමණක් නොව 70 දශකය දක්වා වූ සියළු කළා කාරයන්ව සිහිවෙනවා. ඉන් පසුව ධර්මසිරිලා ගැන කතා කරන්න තව පියවර කීපයක් යා යුතුමයි. නමුත් මේ අතර කාලයේ ජ්‍යාතන්තර සාහිත්‍යත් දේශපාලනික ආදරයත් කතා කරන්න සිදුවෙයි. සරත්චන්ද්‍රයෝ මෙතනදි අපට අර සේකර කියනව වගේ මානවසිංහයන් වගේම සිහි කරන්න වේවි. ආදරයේ රොමැන්ටික නැත්නම් සෞන්දර්යවාදය එයයි කියන්න වේවි. යථාර්තවාදය ඊට වෙනස් කියන්න වේවි. අන්තිමට නූතන වාදීන්ගේ නොව පශ්චාත් නූතනවාදීන් හරියි කියනවා වාගේම උන්ට බනින්නත් සිත් පහල වේවි.

       අද මාරස ආදරයේ පළමු පියවරෙන් කියවන්න ගන්නේ ඊටත් පසුව ස්වභාවයාගේ ආදරයටත් පිටින් පවතින් මහබඹුගේ ආදරය වන් ගැහැනුන්ගේ ලිංගිකත්වය අපේ කරට අරන් පිරිමි අපි ආදරය හොයපු කාලය. කතා නැහැ ගැහැණු ආදරය කියලා කියන අර්ථකතන සියල්ල පිරිමින්ගේ ඇතුලාන්ත භාෂාවම තමා. ටික ටික කාලේ යනකොට වැටහෙනවා පුරුෂාධිපත්‍ය කියන්නේ සෙල්ලමක් නොවේ කියලා. ගැහැනුන්ට ලිංගයක් නැති වුනාට ඒකිලා රඟන්නේ පිරමි චින්තනයේ රූකඩ නූල් වලට කියලා

       ඉතින් අවසානයේ මේ සටහන් පෙළ ඉවර කරන තැනින් මේ ලිපිය අවසන් කරන්නේ මාරසගේත් මේ බලන අයගේත් පට්ට බොරු ගොතන ආදරය කියලා ලිංගිකත්වයට රැවටුන තැනකින්ද මන්දා. නැතිනම් මේක පටලාවා ගත්ත තැනකින්ද මන්දා. මේක අපේ අදහසක් උනත් තන්ත්‍ර අදහසක්.

බලන්න මේ අදහස

"ආදරය ක්‍රියාවක් නොවේ. එය තත්ත්වයකි. ඔබට එය කළ නොහැකියි. ඔබට එය වීමට පමණි හැක්කේ"

        මෙහෙම කියන්නේ  ඕ‌ෂෝ හෙවත් රාජනීස් කියන ත්‍රාන්තිකයා උනත් ඒක ත්‍රාන්තිකත්වයේ හැම තැනකම හොල්මන් කරන කතාවක්. නමුත් අභය ගිරියෙන් ත්‍රාන්ත්‍රිකත්වයයේ තවත් සූර්යෙක් ලෙස සලකන ලංකාව කියන කලාපයේ හෝ රටේ (කොහොම තේරුන් ගත්තත් කාරියක් නැත) අරියදේව මහා නායක හාමුදුරුවෝ නිසාද දන්නෙත් නැහැ මේවා තන්ත්‍රයට ගියේ. එහෙට ගියාද මෙහෙට ආවද කතන්දරය වැඩක් නැහැ ආදරය කරන්න බැහැ වෙන්න පුළුවන් විතරයි කියන කතාව තේරවාදී ධම්ම පදය පුරාම තියනවා. ‌ථේරවාදයද අරවාදයද මේ වාදයද ඇවැසි නැහැ. ඇත්ත කතාව මෙච්චරයි. ඒ බුදුණුවන් හිතන මග ඔස්සේ හිතපුවාමත් ආදරය කියන දේ කරන්න බැහැ. වීමට විතරයි හැක්කේ. දෙවන පියවරෙන් තව දුරටත් අපි කතා කරමු. ඊට ‌පෙර ආදරය කරන අයට මෙසේ කියන්නම්. මාක්ස් සහ අනතුරුව මහා කස්ටිය කියන විදිහටත් මේක ඇත්තක් නොවේ සැබෑවක්.

      ආදරය කරන අනිකාගේ සහ තමාගේ  නිදහසින් තොර ආදරයක් නැත. ආදරය යනු අල්ලා ගැනීමක් නොවේ. නිදහස් වීමයි. එකිනෙකා නිදහස් කිරීමයි. ලිහිල් වීමයි. එකිනෙකා තුළ දියවී යාමයි. ආදරය දැනෙන දෙයක් මිස පෙන්විය හැකි දෙයක් නොවේ යන්න මීලඟ ආදරයේ ගීතිකාව ලිපි පෙලින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙන බව තිර කරමින් මාරස සටහන මෙතනින් නවත්වන්නම්.

නුහුරු නුපුරුදු රහස පිළිබඳ

මිහිර ආදරයයි කියා...// පවුරු බැදගෙන ‍සිතක වැජබුනු රසවතී නැ කොයි ගියා..// ආදරෙයි මම ආදරෙයි..// දම්මි තවමත් ආ..දරෙයි මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම් දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්..// ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආ..දරෙයි...// අසිමත් ලෙස වැඩුනු දේදුනු කළුවලා පෙම් යට වුනා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා.. ආදරෙයි මම ආදරෙයි..// දම්මි තවමත් ආ..දරෙයි.. ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා සාගරය වැනි වේදනාවක අ‍හෝ හිතවත තනිවුනා.. ආදරෙයි මම ආදරෙයි..// සුගත් තවමත් ආ..දරෙයි ආදරෙයි මම ආදරෙයි..// දම්මි තවමත් ආ..දරෙයි ආ..දරෙයි...///

https://youtu.be/Funb102hxIg

ජගත් මාරසිංහ

2023 10 10

https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

සුන්දර මතකයක්! ඔය දශක වලට පෙර හා පසු යුග වල ගත කල බොහෝ දනන්ගේ ප්‍රේමය ගලා ගියේ ඔවැනි ලෙසකින්ම තමයි!
ස්තූතියි මතක් කලාට!


Powered by Blogger.