***අන්තර්ජාල රස්තියාදුවේදී ඇස රැඳි තැන්.....***(Abstract Street Photography)

                                ***අන්තර්ජාල රස්තියාදුවේදී ඇස රැඳි තැන්.....***



(Abstract Street Photography)

"වියුක්ත වීදි ඡායාරූපකරණය"

වියුක්ත වීදි ඡායාරූප ශිල්පීන් බාධාකාරී හෝ ආක්රමණශීලී නොවේ. ඔවුන් වීදියෙන් ආපසු ගොස් එහි පිරිසිදු ස්වරූපයෙන් එය දකිනවා. ඔවුන් චලනය වන අංග, මෝටර් රථ හෝ මිනිසුන් දෙස බලන්නේ නැත. ඔවුන් බලන්නේ හැඩතල සහ රටා වල එකතුවක්.
මෙම ඡායාරූප ශිල්පීන්ට ඇත්ත වශයෙන්ම සරල කළ රූපයක් අවශ්ය වේ. ලලිත කලාව සහ ජ්යාමිතික ඡායාරූපකරණය මෙන් ඔවුන්ට එය විෂයට වඩා රූප ගැන විය යුතුය.
වියුක්ත වීදි ඡායාරූපකරණය යනු හැඩය සහ ස්වරූපයයි. මිනිසුන්ට සම්බන්ධ විය හැකි නමුත් ඒවා ගොඩනඟන ලද රූපයක කොටසක් පමණි. හැඩතල ඝන සහ රළු විය හැක, කොන්ක්රීට් හෝ මෘදු සහ කවුළුව මත වැසි පිනි වැනි සිනිඳු මෘදු විය හැක.
සංයුතිය වියුක්ත ඡායාරූපකරණයේ යතුරයි. නාගරික භූ දර්ශනය අද්විතීය හැඩයන් සහ ආකෘතිවලින් පිරී ඇත. වීදි ඡායාරූප ශිල්පියා දර්ශනය තුළ ඉවත් කරන ලද සෞන්දර්යාත්මක සුන්දරත්වය සොයා ගනී.මේ ඡායාරූපයේ පුධන වස්තුව වී තිබෙන්නේ ස්ත්රියකගේ දෙපාය. ගවුම් කොට කෑල්ලක් සහ අඩි උස පාවහන් දෙකකින් දෙපා සැරසී තිබේ. සපත්තුවේ ලේස් නූල් කෑලිද රටාවකට පෙනේ. පසුබිම අඳුරුය. ඇගේ සෙවනැල්ල වැටී ඇත්තේ මහා මාර්ගයක් මැද මාර්ග සංඥාවක් වන සුදු ඉරි මතය. මේ සියල්ලෙන් ඇගේ මහුණද වටපිටේ ඇති නාගරික වේගකාරී පරිසරයද අපට පරිකල්පනය වී රූප බවට පත්වී. කිසිදා දැක නැති ඇගේ මුහුනේ ස්වභාවය පවා විශ්මිතව ශිල්පියා අප මනසේ සංකල්ප රූපයක් බවට පත්කරයි. ලුනු රස පැනිරස මැද අප අතරමංවේ. ඒ වීදි ඡායාරූපයක් සමග අපේ මනස ක්රියාත්මක වන වේගයේ රසයම වේ. ජීවිතයෙන් වටිනාම කාලයක් අපද ගතකරන්නේද වීදි වලය. ක්ෂණයක් ක්ෂණයක් පාසා මෙවන් ආලෝක වස්තුන් අතර අප ජීවත්වේ. ඒවාට අවධිවීම වින්ඩෝ ෂොපින් වලට වඩා රසයක් ඔබට ජනිත කරනවා ඇත. වීදි ඡායාරූප වලින් කියවෙන්නේ අපි ගැනම විනා අන් කවුරුවත් ගැන නොවේ. ඔබ විමතියට පත්වන්නේ ඒ නිසාය.
Photo by Chris Barbalis
ජගත් මාරසිංහ
17 08 2022


Powered by Blogger.