අරගල අංකුරය

                                                                 අරගල අංකුරය

කිසිවෙක් සිය කැමැත්තෙන් මව් කුසෙන් එලියට පනින්නේ නැහැ. කෑ ගහගෙන කෑ ගහගෙන ලේ පෙරාගෙන තමා එලියට ගන්නේ හෝ දමන්නේ. ඒ විරෝධය ගැන දැන් පොත් ගනන් ලියවෙලා තියනවා. ඒ මොහොතේ ළදරුවන්ගේ ප්රචංඩත්වය රවට්ටලා නවත්තන්න බැහැ. මාතෲ පියවුර සහ කිරි පමණයි එකම සාමකාමී විකල්පය. ඒත් ඒ අනිකා සමග තමන්ගේ සාමකාමිත්වය වෙනුවෙන් අරගලය දරුවගේ ආධ්යාත්මිකත්වයේ දිගටම පැලපදියම් වෙනවා. ඊට පස්සේ මිනිස්සු දරුවන්ට උගන්වනවා ජීවත්වෙද්දි සිදුවන අරගලය සාමකාමීව කරන්න කියලා. ඒත් දරුවෝ බලාපොරොත්තු වෙන්නේ උපදෙස් නෙවේ. සාමකාමිත්වයට ගැලපෙන විකල්පයක්. ඒක ස්වභාවයේ නීතිය. උපදේශන සාමකාමී වචන කියන්නේ ස්වභාවයේ නීතියක් නෙවේ. සමාජ බලයේ කපටි කමේ ආරම්භයක්. පොඩි කාලේ ඉඳලා සංගීතයටනම් දරුවන් ආස වග නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් ළමා කාලෙදිත් අරගලයේ ඇතැම් අවස්ථාවල එයාලගේ විරෝධය ශරීර භාෂාවෙන්ම තේරුන් ගන්න පුළුවන්. ආන්න ඒවා ආළෝකයෙන් අඳින කතන්දරේට තමා ළමා ඡායාරූප කරණයේ අමාරුම දුෂ්කරම කාරියක් වෙන්නේ. මොකද වැඩිහිටියෙක් ඡායාරූපයක් ආලෝකයෙන් ඇන්දත් ඒ වෙලාවට එයාටත් පොඩි එකාගේ මානසිකත්වයට යන්න වෙනවා. අන්තර්ජාලයේ රස්තියාදු වෙද්දි මට මේ දෙන්නව වෙන වෙනම හමුවුනා. මුහුණු දැක්කම පේනවා විරෝධයේ තරම. ඒ උනාට දෙන්නටම ආදරේ හිතෙනවා. අපිත් ළමා කාලයට යනවා. ඇත්තටම විරෝධය කියන්නේ පැවැත්මේ තවත් ස්වරූපයක්. ශිෂ්ට වෙනවා හෝ ශිෂ්ට කරනවා කියන එකට වඩා වැදගත් වෙන්නේ සමාජ බලය විසින් සාමකාමීව දරුවන්ටත් නිදහස්වෙන්න පරිසරයක් නිර්මානය කරන එකයි කියන කතන්දරේ අපට උගන්වන්නේ වෙනින් කවුරුත් නෙවේ පුංචි දරුවෝ. ඉතින් මේ දරුවෝ අපට විතරක් නෙවේ, වැඩිහිටි උඹලටත් තියෙන්නේ ඒ විකල්පය පමණයි කියලා විවිධ විදිහට ළමාකාලෙදිම විවිධ විදිහට කියල දානවා. තත්ත්වය බරපතල වෙන්නේ වයසට යනකොට මේ අරගලය දේශපාලනික වෙන කතන්දරේ. එතනිනුත් ඒහාට සාමකාමී විකල්ප පැත්තකින් තබා නීතියෙන් දඬුවම් වලින් මිනිසුන්ව මෙහෙයවන්න ආරම්භ වෙන තැන.
ජගත් මාරසිංහ
08 08 2022



Powered by Blogger.