මාරස සයිබර් රස්තියාදු කාරයා.Maarasa cyber stalker.

                                             මාරස සයිබර් රස්තියාදු කාරයා.

මාරස සයිබර් රස්තියාදු කාරයා.

අද දේවල් යා රස්තියාදු ගැසීමට ප්රධාන කලාප දෙකක් තිබේ. එක් කලාපයක් ගමක් නගරයක් හෝ රටක් මහාදීපයක් සොයා ගොස් පත පොත පරිශීලනය කරමින් වීදි දිගේ සක්මන් කරමින් තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමයි. දෙවැන්න වන්නේ අන්තර්ජාලයේ වෙබ් වීදි ඔස්සේ සිතෙන සිතෙන ආකාරයට ග්රහලෝකවල පමණක් නොව රට රට වල මහ වීදි, අතුරු පාරවල් ඔස්සේද අඩි පාරවල් ඔස්සේද වලාකුළු මතින් රස්තියාදු වීමයි. අප සොයා යන්නේ තමුන්ට දකින්නට අවශ්ය කරන සැබෑවනම් මේ මාවත් දෙකෙන් අප කැමති දෙයක් හෝ අපේ ආර්ථික තත්ත්වයන් අනුව ප්රාග්ධන දෙවියන් වහන්සේ හෝ කර්මපල නිසා නිපන් තත්ත්වයක් ලෙසද සිතා ගත හැකි රිසි මාර්ගයක අපට ගමන් කළ හැක. මේ මාවත් දෙකම එකතුවන ලක්ෂ්යනම් මාරය.විභේදිත සම්ප්රයුක්ත බලරේකා දෙකක් මේ විදි දෙකටම මාරස කැමති මුත් ප්රාග්ධන දෙවියන්ගේ නියමය පරිදි මාරස සයිබර් රස්තියාදුවට ආදරය කරමි. ඊට හේතු ගණනාවක් තිබේ. කිසිසේත්ම මේ වන විට අන්තර්ජාලය පුරුද්දෙන් පාලනය කළ හැකිනම් සහ ජීවිතාවබෝධය සමග සාපේක්ෂ වශයෙන් ප්රාමාණික දැනුමක් තිබේනම් ඔබට භාෂාවන් විශාල ප්රමාණයක් බරපතල ගැටලුවක් වන්නේ නැත. ශාරීරික අවශ්යතා හැර පන්චේන්ද්රියන්ගෙන් කට නාසය සහ ස්පර්ශය පරිකල්පනයට බාර දී අන් හැම දෙයක් පිළිබඳවම ඔබට සොයා බැලිය හැක. අවශ්යනම් රතු කලාප පැත්තට ගොස් විවේකයක් ගෙන නැවත රස්තියාදු වීමටද පුළුවන.සැබෑවනම් මේ මාවත් දෙකෙන්ම සැබෑවට ආසන්න විය හැකිය. ඇඟේ පතේ වෙහෙසක් නැති වුවද හිසට වෙහෙස ඇතිවන අවස්තා තිබේ. ඒ මගහරවා ගැනීමට ඔසුහල් සොයා යා යුතු නැත. බෙහෙත් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි භාගයක් හොඳටෝම ප්රමාණවත්ය. තේකක් සිගරට්ටුවක් විටක් හෝ මත් අවශ්යනම් මත්වතුරින්ද සප්පායම් වී ගමන් කළ හැක.තමන්ගේ හිතපිරෙන තරමට යතුරු ලිවීමටත් වීඩීයෝ සහ ඡායාරූප එඩිට් කිරීමටත් වෙබ් හැදීමටත්. අන් අවැසි සියලු කටයුතුත් මාරසට ඉගැන්වූයේ අන්තර් ජාලයමය. කොටින්ම සයිබර් තාක්ෂණයමය.

මෙවන් කාරණා නිසා සහයකයෙක් නැතිව තමන්ගේ රස්තියාදුව තමන්ට ඕනා හැටියට තමන්ගේ කාරිය කරගත හැක. සහයකයන්ට සහ මිතුරන්ට බැන වදිමින් මානසික ආතති තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේද නැත. මහද්දීප තරණය කිරීමට හීනමානයක් නැත්තේ ආර්ථික තත්ත්වයන් නිසාම නොව මාරසටද ගුවන්යානා භීතිකාව යථාර්තයක් වී ඇති නිසා වන්නට පුළුවන. එහෙයින් සයිබර් රස්තියාදුව දෙවියන්ගේ ආශීර්වාදයක් ලෙස මාරස සලනු ලබයි. ඒ දෙවියන් අන් කවරෙකුවත් නොව භෞතික ධනේශ්වර අධිරාජ්යවාදී ප්රාග්ධන දෙවියා වශයෙන්ද විග්රහ කරගත හැක. එහෙයින් මාරස සයිබර් රස්තියාදුකාරයාද පවතින ක්රමයට මෙන්ම දකුණේ දේශපාලනයට උපතේ සිටම විරුද්ධය. වමේ දෙවියන්ගෙන් ඉතිහාසයේ සිට අද දක්වා සිදුවන කාල සර්ප දෝෂ දන්නා නිසා ධනේශ්වර සයිබර් දෙවියාට වඩා වමේ සයිබර් මිනිසා විසින් මාරස අන්තර්ජාල රස්තියාදුව පහසු කරනු ඇතැයි යන හීනය මාරසට යථාර්තයකි. නමුදු ඒ සිහිනය ජය ගැනීමට මට ජාතික වාම වාදියෙකු වෙනවාට වඩා ජ්යාතන්තර වාදය ඔස්සේ සිහිනය යථාවක් කරගැනීමටද සයිබර් රස්තියාදුව මරේ මරුය.

Jagath Marasinghe

22 08 2022





1 comments:

ඇබ්බැහිවී සිටිමි මේ රස්තියාදුව
අහිතක් නොවේමැයි දැනුමත් වැඩෙයි තව
දැනුමැත්තන් වැඩි වෙනවට අකැමැතිව
ගාස්තු වැඩිකොට 'මං අහුරනව' නෙව!


Powered by Blogger.