(Garry Winogrand) ගැරී විනොග්‍රෑන්ඩ් ඇමරිකානු වීදි ඡායාරූප ශිල්පියා

 (Garry Winogrand) ගැරී විනොග්‍රෑන්ඩ් ඇමරිකානු වීදි ඡායාරූප ශිල්පියා


***අන්තර්ජාල රස්තියාදුවේදී ඇස රැඳි තැන්.....***
(Garry Winogrand) ගැරී විනොග්රෑන්ඩ් ඇමරිකානු වීදි ඡායාරූප ශිල්පියෙකි, ඔහු 20 වන සියවසේ මැද භාගයේ එක්සත් ජනපද ජීවිතය සහ එහි සමාජ ගැටලු නිරූපණය කිරීම සඳහා ප්රසිද්ධය. ඡායාරූප ශිල්පී, ඉතිහාස සහ විචාරක ජෝන් සර්කෝව්ස්කි ඔහුගේ පරම්පරාවේ කේන්ද්රීය ඡායාරූප ශිල්පියා වන විනොග්රෑන්ඩ් ලෙස හැඳින්වීය. වීදි ඡායාරූපකරණයේ විශිෂ්ටයගෙන් එක් අයෙක් ලෙසද පිළිගනු ලබයි. මේ ඡායාරූපයේ වස්තු සංවිධානයද විශ්මිතය. එහි ඇති මාර්ගෝපදේශ සංඥා අපේ කලාත්මක සංකල්ප රූපයට විවිධ අරුත් එක් කරයි. ඡායාරූපය ගත් වේලාව සහ සූර්යාගේ පිහිටීම අපට අකුරින් හිතන්නට දෙයක් ඔහු ඉතිරිකර නැත. කාර්ය බහුල ජීවිත ඇති ඇමරිකානු සමාජයක වීදියක් ඔහු තප්පරයෙන් පංගුවකදී කදිමට ආලෝකයෙන් වෙඩි තබා ඇත. අපද එහි සිටින්නා සේ දැනේ. සුළගේ වේගයද හිසකෙස් වලින් සහ අත්පෑගයේ පටයෙන්ද ඇය ඇඳ සිටින ගවුමෙන්ද අපගේ සංකල්ප වින්දනය තීවුර කර තිබේ. මේ වීදි ඡායාරූපය ඉතිහාසයක් තප්පරයෙන් පංගුවකින් කියන්නට සැලසුමකින් තොරව ශිල්පියා සමත් වී තිබේ. පාවහන් යුගලද අතේය. ඇය කලබලයෙන්ය. ඒත් ශිල්පියා අවධියෙන්ය. ඔහු නොනිදන මිනිසෙක් බවද අපට පසක්වෙයි. අද බොහෝ දෙනෙකු අතේ කැමරාය.දවසේ ජීවිතයෙන් සෑහෙන කොටසක් වීදි වලය. සෙල්පි වලට තරඟයට මෙන් වීදි ඡායාරූපද වැසි වසී. ඒ සම්බන්ධව කතිකාවක අවශ්යතාවය නැවත කියවිය යුතු බව මේ විශිෂ්ටයන්ගේ ඡායාරූප විඳීමේදී අපට බොහෝ දේ කියනවා සේය.
jagathmarasinghe
17 08 2022 


Powered by Blogger.