80 දේදුන්නේ පුරුෂයා-*Indranatha Thenuwara*

                           80 දේදුන්නේ පුරුෂයා (Indranatha Thenuwara)


        මා මේ ලියන්නට යන්නේ විශේෂ දෙයක් සම්බන්ධවය. භෞතිකවාදී දේශපාලනයෙන් ඔබ්බට දයකේතිකයද අභිබවා පශ්චාත් නූතනවාදයද පසුවට දමා වෙනත් මතවාද ආවේ කෙසේද යන්න මහා ගැටලුවක් බව පෙනේ. එදා ජනතා විමුක්ති පෙරමුණ සැබෑවටම ජනතාවාදී විය. ඒ අයව මර්ධනය කිරීම සහ උනුන් මර්ධනය බාර ගැනීම සම්බන්ධව  නම්ගම්  කියවන්නේ නැතිව සහ සිදුවූ ඛේදවාචකයට කඳුලක් පමණක් පිස දමා ලියාගෙන යන්නට මට අද අවසර ඉල්ලන්නට සිදුවී තිබෙන්නේ ධනේශ්වර හෝ අධිරාජ්‍යවාදීන්ගෙන් නොව නව ජනතා විමුක්තිය බාරගත් ස්ටැලින්ලාටත් වඩා නව පශ්චාත්නූතනවාදය තමන්ගේයැයි සිතන නවීන තරුණ පරම්පරාවෙන්ය. තමන්ගේ ජීවිතය කුමක්දැයි නොදැන කාචයෙන් දකින ලෝකය ඒකලා අගය කරනවාසේය. ‍

     මා මේ සටහනට පෙර කෙලින්ම ඈත තිබෙන යුධ හමුදාවක් ඉක්මනින් මා අසලට කැඳවා ගැනීම පළමුව නියතය. දෘෂ්‍ය කලාව යනු චිත්‍රකලාව බව සාධනය කිරීමට සාධක ඇත. නමුත් එසේ කරන සියල්ල වටහා ගත යුත්තේ ඒ ඇත්තේද නැත නැත්තේද නැත යන චතුස්කෝටිකය නොව බලන මිනිසා හෙවත් රස විඳින මිනිසාට ඒ වනාහී කලාවක් පමණක් බවය. කලාවේ විභේදන දකින මිනිසුන්ගෙන් ඇත්තේ එක් එක් මාධ්‍ය වලින් පෝෂිත අවකාශයක් කියමින් තමන්ගේ කුලය හෝ පරපුර හෝ අර වඳුරන් මෙන් තමන්ගේ කණ්ඩායම පෝෂිත කරගන්නා වානරයන්ට බව කීවේ මා නොව මාක්ස් එංගල්ස්ලා බව මට සිහිවන්නේ වැරදියට මාක්ස් එංගල්ස්ලාගේ පොත් කියවාදැය කවුරුන් හෝ සනිටුහන් කරනු ඇත.

     දෘෂ්‍ය කලාව යනු මහා සම්ප්‍රධාය පිළිගන්නා වූ දෙයක් වේනම් අපි නැවත වේද වේදාධාන්ත වලට යා යුතුව ඇත. එසේ යන විට විවිධ නාමකරණ සහිතව  ඒවා වන් දේ ගැන විවිධ නම් පටලවමින් සාඛ්‍ය සිංහ පරපුරට අයිතිවාසිකම් කීමට එනවා නියතය. ඒ දෘෂ්‍ය කාව්‍යයේ ආදරයම වන්නේය. ඒ වනාහී මේ ලිපියට විරෝධතාවක් නොව මිතුරු ප්‍රවණතාවක්ම වන්නේය. එන්නේ නැතුවාද නියතය. අවෝත් මරේ මරුය.

     එවිට කියන්නට තියෙන්නේ අනේ අපොයි කියාය.අවසාන වශයෙන් මේ සටහන ලිව්වේ දෘෂ්‍ය කලාව වේද වේදාන්තවලට ගොස් තන්ත්‍රයානයද අවසන් කළ පල්ලියේ විප්ලවයෙන් ගොල්පේස් මහ මුහුද තරණය කරන්නට ගිය අබේසේකරයානුවාදීන්ගේ පශ්චාත් නොව පශ්චාතියානූ නූ තනව ඉතිරි වී ඇති පිටස්තර නෑදෑයින් සිහිකරමින්ය. එසේ කියන්නේ සැබෑ උත්තර පත්තර හෘර්ද ශාක්ෂියේ ඇති නිසාය. කොටින්ම අකීර කුරසෝවාගේ සිට පොළොන්ස්කි සහ කිසලොවොස්කි දක්වා වූත් ඉක්බිත බිහිවන ලද බූ ගර්භ විද්‍යාව දන්නා නොව දැනෙනා නිසාය. ඒ ඔස්සේ වැඩෙන විදර්ශනය කුමක්දැයි අභිධර්මයෙන් දැනෙනා නිසාද වන්නට හැකිය. මුහුද ගොඩ ගැලිය යුතු තැන නිවැරදි ව ගාලුමුවදොර බව සිහියට ආවේ අද ඊයේ නොවන නිසාය. කෝට්ටේ රාජධානියේ ප්‍රධාන ආරාමයක් වූ කොල්ලු පිටියේ වජිරාරාමය ගැන පිරිවෙන ඇසුරු කළ වුන් දන්නා නිසාය.නමුත් ලාංකේය ජනතාවගේ නොව මේ ලියන මා සිරිසුමංගල සිරි නිවාස අමරපුර නිකායේ කුල වාදයට පිටින් ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බව ලොකු පොඩි හාමුදුරු වරු සිහිතබා ගත යුතුය. මාරස ගැන කතා කරන්නට සැබෑව දත් බික්ෂූන් වහන්සේලා පැමිනෙන්නේ නැත. ආවොත් මට කියන්නට වෙන්නේ ආමේන් කියා නොව මේ කතාවය

     මට සිහිවන්නේ මාපලගම විපුලසාර හාමුදුරුවන්ය. රාජ්‍ය ලාංචනය වන් මහා රජයේ දේපල ගැන උන්වහන්සේව ඩැහැගත් අයුරු හෝ උන්වහන්සේ අනෙකුන්ව ඩැහැගත් අයුරු කතාකරන්නටත් බිය නැති නිසා මේ ලියන වග කවුරුත් දැන ගත යුතුය.

     උන්වහන්සේ සැබෑ කලා කෘති හෙවත් පිළිම වහන්සේලා නෙලන්නට මහා පරිචයක් තිබී ඒ නව මූර්ති ශිල්පීන්ට දායාද කළ බව මා අසා ඇත්තේ සිරිසුමංගල පිරිවෙනේ ගණිතය උගන්වන කාලයේදීය. මා උන්වහන්සේ ගැන හදෑරුවේය. උන්වහන්සේ එක්තරා සම්මන්ත්‍රනයකට ගිය දා කලාව ගැන කතාකරන්නට මාතෘකාවක් දුන් බවද මතකයේ තිබේ. ඒ කලාව ගැන හාමුදුරුවන් වහන්සේ කෙනෙකු කුමක් කියන්නේදැයි පිරිසක් බලා උන් අවධියකය යන්නද මතකයේ තිබේ. උන් වහන්සේ එහිදී කතා කර ඇත්තේ කලාව ගැන මට කතා කරන්නට කිසිත් නැත. මම බුදු පුතෙකි. මගේ බුදුහාමුදුරුවන් මෙන් කලාව දන්නා කිසිවෙකු නැත. උන් වහන්සේ තෝරා ගත්තේ උන්වහන්සේට පමණක් නොව සංගයාටත් කසාවත් වර්ණය හෙවත් කහ වර්ණයයි. එතරම් කැපී පෙනෙන වර්ණයක් වෙන කොහේද කියාය.

       මේ ලිපිය ලියන්නාට පොඩි තැනක් දී මා එතනට පැමිනියේ ඉන්ද්‍රනාත තේනුවර යන මගේ යුගයේ ඡායාරූප ශිල්පියා ගැන වචන දෙකක් ලියන්නටය. ලිව්වේත් ඒ ගැන තමාය. අපේ කාලයේ තිබ්බේ කලු සුදුය. ඊට්ස්මන් වර්ණ අර වර්ණ හරහා ජනිතවූ විකාර වර්ණ විකාරයකි. සැබෑවටම පසු කාලයක මා වටහා ගත්තේ වර්ෂයන් ගැන සැබෑවක් සුමටව කියවන ලද්දේ මාපලගම විපුලසාර හිමි වන් හිමිවරුන් විසින්ම කියාය. ඉන් පසු කාලයක කලු සුදු වර්ණයයෙන් භාව රූප දැක්වීම සහ විඳීම වෙනසකට ලක්විය. වර්ණ පැමිණියේය. සියලු විද්‍යුත් හෙවත් දෘෂ්‍ය කලාවේ එලිය අඳුරෙන් දැනෙන කළු සුදු කතන්දරය උඩු යටිකුරු විය. සිත්තරුන් එදා පමණක් නොව අදටද ඊට බිය වගෙ පෙනේ. සිත්තරුන් දන්නේ නැත්තේ සූර්යාගේ තවත් කියවීමක් විද්‍යුතය බවය.

        දැන් මහාමානය වූයේ සීගිරි අයිසන්ස්ටීන් නොව විද්‍යාවේ හය හතර තේරෙන දේද්දුන්න දැක සිටි සිටි පොඩි උන්ටත් මේ වර්ණ විභේදනය තේරෙන්නට ඇත. නමුදු කළු සුදු අන්තරය හරහා පැමිණි වර්ණ විභේධනය ඡායාරූප කලාවට ගත්තේ අර අප පැරණි ලාල් හෑගොඩලා නොවන්නේත් නොවේය. වන්නේත් නොවවේය ඒසේමද නොවේය එසේ වන්නේත් නොවේය. ඒ බුදුන්ගේ චතුස්කොටිකයම නොවන්නේත් නොවේය වන්නේත් නොවේය කියා එලෙසම කියාගෙන යා හැකිය. නමුදු විද්‍යාව ඒ කාලයේ අධිනිශ්චය වීම නිසා අයිසෙක් නිව්ටන්ගේ වර්ණාවලියද දේදුන්න ඇසුරින් අප ඉගෙන ගත්තේය. 50 දශකයේ මුල ඊට්ස්මන් වර්ණ ලඳ වැඩිවියට පත්විය. කොටහලු මගුල පැවැත්විය. ආදරය කරන්නට මිනිසුන් හෙව්වේය. කොඩැක් පමණක් නොව විවිධ වෙළඳ විකාර ලංකාවට ලඟා විය. දෘෂ්‍ය කාව්‍ය පින්සලෙන් අඳින මිනිසුන් විරාමයකට අතරමං වූවා සේ මාරස සිතන්නේ නැත. මේ ඡායාරූප කලාවේ විල්සන් හෑගොඩයන් අනුදකිමින් ලාල් හෑගොඩලා විද්‍යාත්මකව පවසන ලද්දේ අනාගත සිහින නොවන නමුත් එක් පැත්තකින් ගත් කළ ඒවා අනාගත සිහිනය. අද කොඩැක් ආයතනය ඒ නමින් කරගෙන යන්නේ  හෑ ගොඩ කිසිවෙක් නොව පානදුරලාගේ  ඡායාරූප  පාඨමාලාවේ අය නොවන බව නොදන්නේද? ලාල් හෑගොඩ නොව  නමුදු මේ සම්බන්ධව තමන් කරගෙන පැමිණි කලාව පැත්තකින් තියා සමහරෙක් වර්ණ උෂ්ණත්වය කෙසේ විය යුතුදැයි මිනිසුනට දීමට තැත් කළේය. නමුතු තේනුවර නමින් හිටි සහෝදරයන් සිව් වර්ගයම කලාව නාමයෙන් පෙනී සිටියේ සිය  පියානන් ශාන්තිනිකේතනයේ අධ්‍යාපනය කරන්න ගිය නිසාටත් වඩා ඔහු ආපසු පැමිණි හේතුව නිසාදැයි මාරස නොදනී. ඔහු ආපසු පැමිණියේ මන්දැයි ඇසීමට අද ඔහු නැත. නොසිටියානම් අහන්න කෙනෙකෙුවූ සුගතපාලද සිල්වානන්ද අද නැත. නමුදු කළ එකෙකු එක් දෙයක් හෝ කියන්නට කෙනෙකු ඇතිනම් ඒ කතා කල යුතුය. තේනුවර හෝ වෙනත් කලාවේ නාමයෙන් එන අර ගාන්ධි බණ්ඩාරණායක වන ආසියාතික පරපුරවල් මාරස ගනන් ගන්නේ නැත. එසේ කීවොත් ඒවාට උත්තර දෙන්නට ලෑස්තීද නැත. මන්ද ඒ එසේ කියා කතා කිරීම මාරසේ සිරිත නොවන නිසාය. ඒත් මගේ පරපුරේ ඉන්ද්‍රනාතයන්ට මා ආදරය කරන්නේ ඔහු ජ්‍යෝතිෂයටත් යම් තාක් දුරට හ්තුවාදය වන් විකාරක් නිසා අකමැති මුත් සූර්යාගේ නාමයෙන් හෝ අයිස්ටයින් විසින් වෙනස් කරන ලද්දා වූ හේතුසාධක පසක තිබේවා. විද්‍යාත්මක වර්ණ උෂ්ණත්වය සම්බන්ධව සැබෑව තමා දන්නා පමණටත් වඩා සොයා ලාංකේය සුදු කළු වර්ෂයේ සිර වූ ආදරණීය දුහුනන්ට පහදා දීමට තම ශ්‍රමය ධනය කාලය කැප කළ බව මා දන්නා නිසාය.

        නුඹගේ මේ ඡායාරූපයෙ කොළ පත්‍රයේ වර්ණ විබේදනයට මා ආදරය කරමි. එහි වර්ණ ගණත්වය සැබෑවටම විචිත්‍රවන්නේ සැබෑ ලෙසම හරිත ලෝකයක අප ජීවත් වන නිසාය. තවකෙකුට තව දේවල් තේරුම් ගත හැකිය. කෙසේ තේරුම් ගත්තද දිගට නෙරා එන ඒ සිහින් බටයක් වන් රක්ත වර්ණයේ ප්‍රභේදයන්ගෙන් මිනිස් සිතේ මැවෙන්නේ ලිංගයකි. පුරුෂ ආධිපාතයේ සිට දේවල් වල මැවුම වන්නා වූ සෘග් වේදයටද අපව ගෙනයයි. අවසානයේ ඊට ප්‍රති විරුද්ධව ගෞතම සාඛ්‍ය සිංහයන්ගේ අභිධර්ම සමාධියේ නිවනද අපට පෙන්වනු ලබයි. මගේ පරපුරේ ඡායාරූප කලාවේ සමකාලිනයකයෙකු නුඹට කිසිදු මිනිස් රූපයක් නැති ආකරයට එහෙත් ආසියාතික ආකාරයෙන්ම හෝ නැතිනම් අපේ කලාපයටම විඳීම සීමා කර මේ වර්ණ අන්තරයෙන් දඩයම් කර තිබේන්නේ වීදි ඡායාරූපයක් නොව විශ්වීය ආදරයක් සේ දකිමි. දීර්ග කාලීනකව නුම දෘෂ්‍ය ආලෝකයේ ගුරුවරයෙක් වශයෙන් ජීවත් වෙත්වා කියමි. මාරස කියන්නේ පාණදුර නාට්‍ය කණ්ඩායමටත් හෑගොඩ නාට්‍යය කණ්ඩායමත් මිනිසුන් විකාර භාෂාපරිවර්තනයන්ගෙන් පිටින් නුඹ කළ මෙහෙය දන්නා වුන සූර්යා මුදුන්වන ලග්ගල නාමයෙන් මාරස අවධියෙන් බවය. සූර්යා මාරය. ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි කියා තිබේ. ඒත් නුඹ හේතුවාදියෙක් ලෙස පෙනී සිටින නිසා ඒ නාමය දිය නොහැක. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් කාරණයකිනි. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය. නුඹ මාක්ස්වාදයට ආදරේ නමුදු නිව්ටන් මෙන් හේතුවාදියෙකු නිසා මාරසටනම් ඒ ගැන කියනවාට වඩා නොලියා ඉන්න එක මාරය. ඉන්ද්‍රයා කවුරුන් කෙසේ කීවද සූර්යා හෙවත් සූර්ය දිව්‍යරාජයා නොකීවද වර්ණයට අධිපති සූර්යාටද පිටින් සිටින්නේ කැමරාවමය. ඒ වර්ණ විභේදනය නව තාක්ෂණික ක්‍රමයන් නුඹ පැත්තක සිට නිහඬව දැනෙන්නට දුහුනන්ට කල කාරිය මාරය. ඒ නිසා මාරයා විසින් මාරසට මේ ලියන්නට අණ කළෙමි. ශ්‍රී ලාංකීය ඡායාරූප දුහුණු සහෝදරන්ට වර්ණ විභේධනයේ සැබෑව ඉගැන්වීම සම්බන්ධව නුඹ සැබෑ ගුරුවරයෙකි. ඉන් නුඹට දීර්ඝායුෂ ලැබෙන්නේ නැත. උන් අතර සැමදා ජීවත් වීමට සිදුවනු ඇත.

Jagath Marasinghe
31 08 2022


Powered by Blogger.