ආදරවන්තයන්ගේ ආලෝකය
ඊයේ රාත්‍රියේ අන්තර් ජාලයේ නැගී නිකමට වගේ මාරස නිව්යොක් පැත්තේ සයිබර් රස්තියාදුවේ ගියා වෙන්න පුළුවන්. ඒ ගිය ගමනෙදි නිවියොක් පොටෝ කාරයෙකුගේ ඇසට හදට වදින්න ආලෝකය දඩයම් කරපු ඡායාරූප වගයක් දැකල මාරස හිටිතැනම නතර වුනා. තවත් වෙනම ඡාතියේ ඡායාරූප ශිල්පියෙක්ව සයිබර් සිහින රාජ්‍යයේදි හමුවුනා. එයාගේ නම ජේමිස් මා(ර්) (James Maher). මාරස එයත් එක්ක ගොඩක් දේවල් ඇස්වලින් කතා බහ කරන්න ඇති. ඡායාරූප ශිල්පියෙක් සමග කතා කරන්න වචන ඇත්තටම වැඩක් නැහැ කිව්වොත් නිවැරදියි. ඒත් අර සංගීතයට කටහඬත් සුසර මෙවලමක්ව වෙනවා වගේ ඡායාරූපයටත් වචන ඡායාරූපය වෙන්න ඕන වගේ දේකුත් තියනවා. නැත්නම් අමුයි වගේ වෙනවා. ඒත් එයාගේ කතාවක් මාර විදිහට තදින්ම වැදුනා. ඒකත් හරියට පොටෝ එකක් ගැහැව්ව වගේ ෂොක් එකක්. එයා කියනවා මගේ ප්‍රියතම අවකාශ වල යුවලක් එක්ක ගිහින් ඡායාරූප ගැනීම ඡායාරූප කාරියේ හොඳම වැඩක් කියලා. වැදගත් මතකයන් ග්‍රහනය කරගන්න ඒක මරු වැඩක් කියලා එයා ඡායාරූප වලිනුත් කියලා තියනවා. ඉතින් ඒක ඇත්තක් කියලා එයාගේ මේ ඡායාරූපයෙන් දැනුනා. ඇත්තටම වචන වලින් කරන්න පුළුවන් මොනවද කියල හිතෙන තරමට අද ඡායාරූප ශිල්පියෝ ඡායාරූප කලාවත් සමග ඉදිරියට ගිහින් තියනවා. අපේ රටෙත් ඡායාරූප කලාව මුල් යුගයේ අනෙකුත් කලාවන් එක්ක බැලුවත් අංක එකට තිබුණා කියලා අපට සතුටු වෙන්න පුළුවන්. අපිට නැතිව ගියේ අර චිත්‍රකලාවේ වගේම ඡායාරූප රස විඳල ඒව ගැන කියවන මිනිස්සු කියන කතාවත් අපට ගොඩක් දුරයි. වින්දනයයි විචාරයයි දෙකක් නොවේ. ඡායාරුප ශිල්පියාගේ වැඩේ ඡායාරූප ගන්න එක වෙන්න පුළුවන්. ඒත් රසිකය ඒව විඳින්නේ වදන හරහා තමා. වින්දනයම විචාරයකට විතැන්වෙන තැන එතන තමා. ජායාරූප ගැන කතා කරන්න ඇත්තටම ලිඛිත භාෂාවක් නිර්මාණය වෙන්නෙත් නිකන්ම නෙවේ. ඒ්ත් ඡායාරූප ගැන කතා කරන භාෂාව ඇත්තටම සංකල්පීයව ඡායාරූප භාෂාවක් විය යුතුයි.
මට මතකයි ඒ කාලේ කියවල තිබ්බා
චැප්ලින්ට කතාවක් පවත්වන්න සම්බන්ත්‍රනයකට ආරාධනා කරපු වෙලාවක එයා ඒකට විරුද්ධ වුනා කියන කාරනාව. එයා ඒ වැඩේට කැමති නැතිලු. ඒකට හේතුව එයා කියල තියෙන්නෙත් කෙටි චිත්‍රපටයකින්. තමන් ඒකට දක්ෂ නැති නිසා හෝ අකමැති නිසා කෙටි චිත්‍රපටයක්
හදල ඒකට ගිහින් දුන්න කියලා. ඒක තාම යූ ටියුබ් තියනවා දැක්කා. ඒ චිත්‍රපටයේ චැප්ලින්ට කතා කරන්න දෙන්නේ නැහැ
මයික් එක. ඒකට පන ඇවිත් වගේ නැමි නැමී චැප්ලින් ඒක්ක කෝලන් කරනවා. ඒක චැප්ලින්ට කීකරු වෙන්නෙම
නැහැ. අපි පනයනකන් හිනාවෙනවා. දැනෙන විදිහටනම් චායාරූප ගැන කතා කරන්න ඡායාරූප
භාෂාවක්ම වෙන්න ඕනම තමා. බලන්න මේ දියපාරක් අයිනේ ඉන්න ඒ සුන්දර ජෝඩුව. අපේ ඇස්
සාමාන්‍යයෙන් බර වෙන්නේ දකුණු පැත්තය කියන කතාව ඡායාරූපයකටත් ඇත්තක්. ඒ බොහෝදෙනෙකුගේ
ඇස්වල විදිහ. පින්තූර රාමු වේදිකාවෙත්ජෝ සිනමා තිරෙත් පත්තර හෙඩිමෙත් නියමයක් පරිදි මහ පාරවල් වල වගේම දකුනේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක බලහත්කාරයක් නෙවේ. මිනිසුන්ගේ සත්තුන්ගේ පොදු විදිහක්. රසිකයාට පේන විදිහට දකුනට දාලා ඒ මූනවල් දෙකේ මතුකරල තියන අව්‍යාජ ආදරයේ
අභියනයන් කලුසුදු වර්ණ්‍යන් කරල තියන අපූරුව විශ්මිතයි. අද කාලේමංගල ඡායාරූප බොහෝමයක දෙදෙනා
එකට තියලා පොටෝ ගැහැව්වට ඒ අයගේ අධ්‍යාත්මික ආත්මීය සම්බන්ධය මතුවෙන්නේ හරිම කලාතුරකින්
වගේ. සමහර විට ඒ ශිල්පීන්ගේ අඩුපාඩුවක් වෙන්න හැකියි. නැතිනම් බොහෝ ආදර ජෝඩු වල එහෙම
ආත්මීය ගුණයක් නැතිව ඇති කියලා දැනට අපි හිතා ගනිමු. විදිහටම ආදර යුවලකගේ තිබිය යුතු සංයමය, සතුට, ආදරණීයත්වයේ දිව්‍යමය අභිනය, ස්තිර බැඳීම කලුසුදු ඡායාරූපයකින් මේ තරම් මෘදුව මතු කරන්න හිතන තරම් ලේසි
නැහැ. සමනලු පිහාටු තරමටම මාදුවට ඒහෙම කරන්න ඡායාරූප ශිල්පයේ තාක්ෂණික පැත්ත වගේම සංකල්පීය
කලාත්මක හැකියාවත් අනිවාර්යක් වෙනවා. අනික ජෝඩුවක් කියන්නේ ලෝක දෙකක්. ගැහැනු පිරිමි
ශරීරයෙන් වගේම ආධ්‍යාත්මිකවත් දෙන්නෙක්. කවදාවත් සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ ජීවත්වෙන්න
ඒ දෙන්න විසින් හදාගන්න ආදර සූත්‍රයකට අනුකූලවයි. මෙතනදි ඒ චරිත දෙක ආදරයෙන් භෞතිකව
බැඳිලා තියනවා ශ්‍රමයේ සංකේතයක් වන් දෑත් වලින්. හරිම තැනින් ඒ සංකේතවත් වෙන්නේ. ගැහැනු
චරිතයේ පෙකනිය උඩින්. මුහුණු වලින් ආදරයෙන් බැඳිල තියන බැඳිල්ල අභිනයන් තීවුර
කරමින් තප්පරෙන් පංගුවකට ආලෝකයෙන් ගොදුරු කරන් තියන අපූරුව හරියටම මෙහෙම ලියන්නත්
පුලුවන්. ගලාගෙන යන නිසල දියපහරේ ලලිත රිද්මයට අනුකූලවයි ඒ අභිනයන්ද මතුවන්නේ. කටින්
මොනවා කියන්නද? දෙන්න කතාකරන ආදර වචන ටික ඒ ඇස් වලිනුත් තොල් වලිනුත් කම්බුල් වලිනුත්
නළලෙනුත් කදිමට මතුවෙන විදිහට තමා ආලෝකය හසුරවලා ඡායාරූපයට ගොදුරු කරන් තියෙන්නේ. පරිනත ඡායාරූප
ශිල්පියෝ වර්ණ වලින් හෝ කලු සුදු වලින් දේවල් මවන හැටි පුදුමාකාර නැහැ. මොකද කලාකාරයෙකුගේ
ඇත්ත ජීවිතය මැවුම්කාරයෙකුගේ විභවයකින් පිරිල තියන හන්දා. එයාලගේ ජීවිතයත් මැවීමක්ම
තමා. නමුත් කලාවේ ආනන්දය කියන කතන්දරේ ඡායාරුපයකරණයට විශ්මිත වන්නේ කාලයේ ශූන්‍යත්වය
නිසාම තමයි. කාලය කියන්නේ වෙනස් වීම මැනීමේ මිම්මක්. ඒත් ඡායාරූපයක
කාලය තප්පරෙන් පංගුවේ කාලය කියන්නේ වෙනස්වීමේ මහිමය විදුලි වේගයෙන් පැවසිය හැකි කලාත්මක
ප්‍රකාශනයක්.
Jagath Marasinghe
25 08 2022