ගුටි කෑමට නියමිතය-Street photography

 


"ගුටි කෑමට නියමිතය"
"ගුටි කෑමට නියමිතය"
***********************************************
වීදි ඡායාරූපකරණය කිරීමට පෙර රටේ නීතිය සහ දේශීය සම්ප්‍රධායික නීති රීති ගැන අවබෝධයෙන් සමාලෝචනය කිරීම සැමවිටම හොඳ අදහසකි, ඒවා රට අනුව සහ සමහර විට කලාපය අනුව පවා වෙනස් විය හැකිය. මේ සම්බන්ධව ලං‌කාවේ තත්ත්වය බරපතලය. ගැහැණු ළමයෙකුගේ ඡායාරූපයක් ගන්නා අවස්ථාව පමනක් නොව එය කොහේ පල කරන අවස්ථාවද අතිභයානකය. නීතියෙන් ගැටලුවක් නැතත් ඒ ගෑනු ලමයාගේ අයියලා මල්ලිලා පමණක් නොව ඇගේ ආදර වන්තයා ‌හෝ බිරිඳක්නම් සැමියා හෝ අනියම් පුරුෂයාද චන්ඩියන් බවට වෙස් පෙරලි මල විකාරයක් වනු ඇත. මේවාට අත්දැකීම්නම් අප සතුවද බොහෝ නොතිබෙනවා නොවේ. බොහෝ වීදි ඡායාරූප වල ජීවමාන බොහෝදෙනෙකුගෙ පිටුපසට ආලෝකයෙන් වෙඩි තබා ඇත්තේ ඒ නිසාය. එයද වීදි ඡායාරූප කරණයේ එක් මානයක් වී තිබේ. නිතර වටා පිටාව සමග අවබෝධයෙන් සහ ආදරයෙන් ඉවසීමෙන් සිටීම වීදි ඡායාරූප ශිල්පියෙකුගේ ගුණයක් විය යුතුයි යන්න සමගද ඔබ එකඟ විය යුතුය. සැඟවී ඡායාරූප ගැනීමේ දක්ෂතාවයද තිබිය යුතුය. බොහෝ වීදි ඡායාරූප ශිල්පියෝ ජනතාව අතර සැඟවී සිටී. අහකට කැමරාව අල්ලා අදාල නැති අහසට හෝ යම් දෙයක් නාභිගත කරමින් සිට එකපාට ආපසු හැරී තප්පරෙන් පංගුවකින් තම ඉලක්කය සපුරාගෙන කිසිත් නොදන්නා බබෙකු සේ ඔවුන් ගමන් කරනවා වාර්ථා චිත්‍රපට නරඹන ඡායාරූප ශිල්පීන්නම් අනන්තවත් දැක තිබෙන්නට පුළුවන. වීදි ඡායාරූප කරණයට නීතියෙන් අවසර ඇති රටවල් බොහෝ තිබේ. අප රට ඇත්තේ අර ගනීකාවන් ගැන නීතිය වන්දෙයකි. ගනිකා වෘත්ත්ය නීතියෙන් තහනම්ය. නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ‌ප්‍රතිකාර ගැනීමට තහනම් නැත. ඔබටද කැමරාවෙන් මානව හිමිකම් යටතේ ජනතාව අතර සිතූදෙයකට ආලෝකයෙන් වෙඩි තැබිය හැක. නමුදු ගැටලුවක් උවහොත් නැති නීතිද මතුවීමට ඉඩ තිබේ. පහත ඡායාරූපයේ කැමරා ශිල්පියා ඉතා දක්ෂ අන්දමින් තම ඉලක්කය සපුරාගෙන ඇත.

Jagath Marasinghe
20 08 2022



Powered by Blogger.