“ශ්‍රී ලංකාවේ සංචාරක ඡායාරූපකරණය” [Travel Photography In Sri Lanka [The Photographer’s Guide]

 “ශ්රී ලංකාවේ සංචාරක ඡායාරූපකරණය” [Travel Photography In Sri Lanka [The Photographer’s Guide]

“ශ්රී ලංකාවේ සංචාරක ඡායාරූපකරණය” [Travel Photography In Sri Lanka [The Photographer’s Guide]ඡායාරූප ශිල්පියාගේ මාර්ගෝපදේශය නැමති වෙබ් පිටුවක් මට හමු විය. මගේ ඇස නතර විය. විස්තරාත්මක වශයෙන් මේ තල්පිතිද පොල් පිතිද යන්නට වඩා මාරස සිත් ගත්තේ මේ ඡායාරූපයේ ගතිකයය. ඊටත් වඩා එහි ලියා ඇති කාරණා ගැන ලාංකේය මිනිසාගේ සරළත්වයේ ගැඹුරෙන් පෙනෙන කලාව දර්ශනයට ඇති සම්බන්ධයයි. ඒ දෙකේම සංකලනයේ උත්තරීතත්වය ලාංකේය මිනිසා මෝඩයකු ලෙස අප සමහරුන් විසින් වර්ග කලද ඒකලා කෙලින්ම දේශපාලන සත්වයන්ගෙන් දැනුවත් මිනිසුන් පිරිසක් බව දැක තිබෙන ආකාරයයි. අනේ කූඹින්නේ කියා කුංකුනාවේ හාමුදුරුවන්ව නැවත සිහිවන්නේ ජාතික වාදය හෝ ජාති වාදය නිසා නොවන වගද සටහන් කිරීමට සිදුවේ. ඒ විදේශීය ඡායාරූපී ශිල්පීයෙක් මෙසේ කියත්.
"ශ්රී ලංකාවේ සිටින විට ඡායාරූපකරණය මගේ මූලික ක්රියාකාරකම මම සංචාරය කරන අතර මෙම සුන්දර රට ලේඛනගත කිරීමට මගේ කැමරාව පිටතට ගැනීමට මගේ ඇති කැමැත්තයි.
ශ්රී ලංකාවේ ඇති විශිෂ්ටතම දෙය නම්, ඡායාරූප ශිල්පියෙකු, ආධුනික හෝ අර්ධ වෘත්තීමය වශයෙන්, ඔබට සැමවිටම වීදි ඡායාරූපකරණය සඳහා විශිෂ්ට අවස්ථා, භූ දර්ශන ඡායාරූපකරණය සඳහා සුන්දර දර්ශන සහ සංචාරක ඡායාරූපකරණය සඳහා විශිෂ්ට අවස්ථා සොයා ගත හැකි වීමයි.
ශ්රී ලාංකීය ජනතාව සමඟ මගේ ඇති අත්දැකීම් මා විශිෂ්ට සේ දකිමි. බොහෝ මිනිසුන්ට මූලික ඉංග්රීසි කතා කිරීමට හැකි වීම පැහැදිලිවම බොහෝ සෙයින් ඡායාරූප ශිල්පීන්ට ඒ මනා උපකාරයක් විය.
මිනිසුන් ඡායාරූප ගැනීමට කැමතියි. (මුදල් ඉල්ලීමකින් තොරව), ඔවුන් විනෝද වෙති. මම සාමාන්යයෙන් ඔවුන් ළඟට යනවා, ඔවුන් ජීවත් වන ස්ථානය ගැන කතා කරනවා, මාව හඳුන්වා දෙනවා සහ සම්බන්ධතාවයක් දුටු පසු මම මගේ කැමරාව එළියට ගන්නවා."

මේ සටහනින් කොටසක් පමණක් පැවසූවේ අන් දෙයක් නිසා නොවේ. අද සිට ඔබේ සාක්කුවේ දමාගෙන ඇති ස්මාට් පෝනය අතට ගන්නා ලෙස ඉල්ලා සිටීමටය. වීදි ඡායාරූපයකට අද ඇති සමහර දියුණු ස්මාට් පෝන් කැමරා ප්රමාණවත්ය. බාලම එකක් වුවද මහා වරදක් නැතිව ආදරය කරන්නට දන්නේනම් මාර දේවල් වාර්ථාකළ හැකි බව සැබෑවකි. වීදි ඡායාරූප කරණය යනු වාර්ථා කිරීම නොවන්නේමය. ඒ මොහොතේ ස්වභාවික අභිනයන්ගෙන් යථාවාදී තතාකාරීී ගුණයෙන් යුත් සැබෑ ස්වභාවික අභිනයනයෙන් කැමරාව හදවතේ පින්සලයක් බවට පත්කර රසික ජනතාවගේ හදවත සමග සදාකාලිකව බද්ධ වීමය. ප්රවෘති ඡායාරූප ගැන මාධ්ය ප්රාග්ධනයෙන් නිපන් මාධ්යවේදීන් කළ යුත්ත බලා ගනීමින් සිටී. අපි වීදියේ ආදරය අලෝකයෙන් දඩයම් කරමු. සමහර විට ඒ රෝස නෙළුමක් පමණක් නොව නිදිකුම්බා මලක් පවා නව පනක් ගසා පිබිදෙන්නට නොව පුබුදන්නට මේ බොහෝදෙනා අත කැමරා තිබෙන තාක්ෂණික යුගයකි. [Travel Photography In Sri Lanka [The Photographer’s Guide]
Jagath Marasinghe
02 09 2022






Powered by Blogger.