පිරිමි ඇසේ සැබෑ මායාව

          විලාසිතා ඡායාරූපකරණය යනු වෙළඳපොල විසින් නිපන් වෙළඳ ප්‍රචාරණ කටයුතු සමග ඇතිවූ කලා ප්‍රභේදයකි. දාර්ශණිකව සිතන්නන්ට සංඥාවාදය සිහිවෙනවා නියතය. ඇමරිකානු කෙන්ඩල් නිකොල් ජෙනර් ගේ පිටුවක තිබී මේ විලාසිතා ඡායාරූපය ඇහිඳගත්තේ යමක් කියන්නටය. මේ ලාංකේය කොදෙව්වේ කාන්තාවන්ට මේ නිමේෂයට ගැලපෙන ඇඳුමකි. මන්ද උඩුකය වැසුම පඬු වර්ණය. යටි කය වැසුම තනිකර සුදුය. උඩු කය තපස්ය. යටිකය සිල්වත්ය මෙන්ය. උඩරට සිංහල බෞද්ධ ඔසරියේ ප්‍රතිනිර්මාණයක් වන්ය.

     කාන්තා විලාසිතාවේ සූ සැට ලිංගිකත්වයේ අඩ නිරුවත පළමුව තබා කාන්තා විලාසිතා ලෝකයේ නිර්මාණය වෙමින් පොලා පනිනවාසේය. සිංහල බෞද්ධ සදාචාරයේ සමහර කුලකයන්ට කාන්තා කකුල් සහ පියවුරු දැකිවිට මල පැන්නාට කාන්තා බඩේ පෙකනිය තීරුව දැකි විට ධ්‍යානයකට සම වදින්නේය. සූ සැට ලිංගික කාරණාවන්හි ප්‍රධානතව ත්‍රිවිධ සංඥා වන්නේ මුඛ, පෙකනි, යෝනිය වේ. ස්ත්‍රී කළවා සහ පපු ඊට ද්විතීකය. සිංහල බෞද්ධ කියාගන්නා උඩරට විලාසිතා කරණයේ නාටක වල පවා මේ ත්‍රිවිධත්වයෙන් ආවරණය කර ඇති යෝනියට ඇඟිල්ලක් දික්කරනා ආකාරයෙන් පෙකනිය ආලෝකමක් කිරීම සැබෑවටම ප්‍රසිද්ධ රහසකි.

    ලිංග සංකේතයන්ගේ ප්‍රධානත්වය වල් නැත. අප්‍රධානත්වය වල් වූයේ උත්තරාරෝපිත පරංගි බෞද්ධ සංකල්පයන්ගෙන්දැයි සෙවීමට කාලය පැමිණ ඇත. කොහොමත් දූපත් වාසීන්ට පංචකල්‍යාණිත්වයේදී  පිටස්තර ස්ත්‍රී පාද කෙස් වන් දේට වඩා වැදගත් වන්නේ අරමුණවූ යෝනියට සමීප සංකේතීය අරමුණුය.

    ලාංකේය නව විලාසිතා ඇඳුම් නිෂ්පාදකයෝ සිටින්නේ යුරෝපියන් සිහින වලය. නමුත් ඇමරිකානු කෙන්ඩෙල්ලා සිය පංච කල්‍යාන ව්‍යාපාරික කටයුතු ගෙන යන්නේ ආසියාවේ කලාත්මක ඉතිහාසික දැනුම ප්‍රාග්ධනයට බද්ධ කරගෙනය.

     මාරස සම්බන්ධ සමීපයන්ද විලාසිතා කරණයේ යෙදෙන්නේ අනංග රංග සම්බන්ධව මෙලෝ මලදානයක් නොදැන කොළඹ7 සහ වනාතමුල්ල අතර සිහින ලෝකයක සිටින ඉහල මැද පන්තිය යන නමක් තබාගත් නිලි විලාසිතා නොව නිලියන් වීමට තතනන උනගේ විලාසිතා ඔලුවේ තබාගෙනය. ඒකිලාගේ අවසාන භූමිකාවේ නම තැබීමට ඇවැසි නැත. ඒ නම සමාජ ජාලයේ ලියා තිබුනොත් පරංගි දාර්ශනික ලලනාවියන් මෙන් සිතා සිටින්නියෝ ලයික් කොමන්ට් තබා ඒවා කියවන්නේවත් නැත.

     කතා දෙකක් නැත සිංහල බෞද්ධ මොඩන් කියන්නේ මේ ඡායාරූපයෙන් මතුකරණ සංඥාවන්ය. විලාසිතා ඡායාරූප කරණය වීදී ඡායාරූපකරණයට දෙවැනි වන්නේ කෙස්සක පරතරයකිනි. මේ සියල්ලේ අවසානය නග්න ඡායාරූප කරණයෙන් අවසන් වන්නාසේ කැමරාවේ ආත්මය දැකීමට සීගිරියට ගොස් වට පිට බලා භූමි දර්ශන ඡායාරූප කරණයට මා සුදුසුදැයි ඡායාරූප ශිල්පීන් විසින් තමාම ලකුණු දාගත යුතුය. මන්ද එසේ නැතිව කැමරාව පින්සලයක් බව සිතීමටත් පින්සලය යනු තමාගේ හදවත බව දැනගැනීමටත් අන් පහසු උපායශීලි විදිහක් දැනට කීමට මාරස අපොහොසත් නිසාය.

     ලෝකයේ සියලු කැමරා බුදුවරු වන් විශිෂ්ටයන් විවිධ වචනයන්ගෙන් කියා තිබෙන්නේද ඒ කතාවම බව සිතේ. ස්ත්‍රියගේ ස්වභාවික ලස්සන වෙනකකි. සිංහල බෞද්ධ සිත්‍රියගේ මේ සැබෑ සංකල්පයන් පියදාස සිරිසේනයන්ලා සාහිත්‍යය තුළ වසාදමන්නට ගියේ දේශපාලනික අරමුණකින් වන්නට පුළුවන. නමුත් ස්ත්‍රීන් විසින් කරමින් සිටින්නේ පරංගි දෙබිඩිකමට පියදාස සිරිසේනලා හිස තබාගෙන අද මාධ්‍ය සංස්කෘතිය විසින් සංඥා කරන අරමුණුය.

     විලාසිතා කලාව සමග පැන්ටසි ස්ත්‍රිය පිරිමි ඇස් මනමත් කරන්නේය. අනිත්වා මෙන්ම විලාසිතා කලාව ආරම්භයේ සිටම පිරිමි ඇස් වලින් සම්මුති නිර්මිත වී තිබේ. ඒවායේ දේශපාලනය සහ කලාව සම්බන්ධ දේ  පසුවට කල් තබමු.

Jagath Marasinghe

05 09 2022




Powered by Blogger.