හක්‍ර ශක්‍ර හෙවත් ඉන්ද්‍රනාතයන්ලා

                                                       හක්‍ර ශක්‍ර හෙවත් ඉන්ද්‍රනාතයන්ලා

ඉන්ද්රනාථ කියන්නේ සූර්යාට සම්බන්ධ නමක්. කොටින්ම බුදුන් යුගයේ ඉස්ලාම් අධිරාජ්යයේ රජ වූ ඩේරියස් රජතුමාට හක්ර කිව්වා කියාද සඳහන්. හක්ර මහා අනුකම්පා රජ කෙනෙක්. එයා පස්සේ ශක්ර උනා කියලාද කියන කතාවත් මාරයි. බුදුන්ටත් සම්බන්ධ ගජ මිතුරෙක් වූ හක්ර වූ ශක්ර නම ගත් ඉන්ද්රනාථ තේනුවරටත් බුදුන් අතහැර ආලෝක දඩයම් කලත්, සැබෑ ආලෝකය නොදැන ශිල්ප දිය නොහැකි බවත් ඇත්තක්. නමුදු ඉන්ද්රනාථ ආලෝකය ගැන දන්නවා. ඉන්ද්ර සූර්යාට මාර විදිහට සම්බන්දයි. බ්රහ්මා, ඊ්ශ්වර, රුද්රශ්ව, ඊශ්වර සිව ආදී සොලෝක ගොඩයි. නමුත් අපේ ඉන්ද්රනාථ තේනුවරයාත් සූර්යාම තමා. සූර්යා සමග සම්බන්ධ නිසාම අපේ කාලයේ ඉන්ද්රනාථ ආලෝකය සම්බන්ධව ඉන්ද්රනාථයෙක්ම වෙලා. ආලෝකයෙන් තොරව ඡායාරූප ශිල්පයක් විය නොහැකියි. ඒ ශිල්පයෙන් අපේ දරුවන්ට ඡායාරූප ගැන උගන්වන අපේ කාලයේ දිසාපාමොක් වන් සැබෑ ගුරුවරයෙක් ඉන්ද්රනාථ. නමත් ගැලපෙනවා. කවුරු හරි අන්ධයෙක් උනත් වුවත් ඉන්ද්රනාථ ගෙන් කැමරා ඉගෙන ගත්තොත් ආලෝක දඩයම වර්ණාවලියෙනුත් එපිටින් හරියට කරන්න න්යාය ඉගන ගන්න හැකි බව කියන්න කේන්දර ඇවැසි නැහැ. අපි එකම පරම්පරාවක. 80 නොකියා වෙන මොනවා කියන්නද? ආලෝකය කියන්නේ අපේ ජීවිතය. ඒක දඩයම් කරගන්නව කියන්නේ ඉතිහාසය දඩයම් කරගන්නවා තමා.
සෑම ක්ෂණයක්ම ඉතිහාසය වෙනවා කියලා බුදුන් වහන්සේ කිව්වේ ඊටත් එපිටින්. ආලෝකය උගන්වන ගුරුවරයා කියන්නේ ඉන්ද්රම තමා.‌ ජ්යෝතිෂය කියන කතන්දරය ජීවිතය විඳින්න දඩයම් කරන්නෙත් සූර්යාලෝකයම තමා.

Jagath Marasinghe
12 09 2022


Powered by Blogger.