අපේ කොදෙව්වේ නොමියන ආලෝකය විල්සන් හෑගොඩ විය !!!

                           අපේ කොදෙව්වේ නොමියන ආලෝකය විල්සන් හෑගොඩ විය !!!

මාරස ජාතික ඡායාරූප කලා සංගමයේ පංති ගොස් නැත. නමුදු කඩුපුල් මලක් පිපෙන ආකාරය නවයුගය සඟරාවක විල්සන් හෑගොඩයන් විසින් ආලෝකයෙන් දඩයම් කරගෙන තිබෙනායුරු ගැන මාරස දුටුවේ අටේ පන්තියේදී වීමට හැකිය. ඒ සඟරාව මාරස සමග තවමත් ‌භෞතිකවම ජීවත් වේ. තවම සිහින පෙනෙනවා සේය.
ඉක්බිති එදා භීෂණයක් මැද්දේ පානදුර ඡායාරුප ශිල්පීන්ගේ සංගමයෙන් මාරස න්යායාත්මක දේ බොහෝ ඉගෙන ගත්තා මෙන්ම හොරා ගත්තාද මතකය. තිලක් සර්, ලොකුලියන සර්, විමල් අමරතුංග සර්, කිසිදා කිසිදු කිසිදු දේශනයකදී විල්සන් හෑගොඩයන්ව සිහි නොකර සිටියේ නැති බවද මතකයේ තිබේ. ඒ අසූව දශකයේ ආලොකය සහ කැමරාව අපේ හදවතම විය. ඉක්බිති ඒ ආලෝකය ආරක්ෂාකිරීමට සිතැති ලාල් හෑගොඩ මාරස කිසිදා භෞතිකව හමුවී නැත. නමුත් ආලෝකයෙන් හමුවී ඇත විල්සන් හෑගොඩයන්ගේ පෝටිරේට් හෙවත් ආලේඛය ඡායාරුපකරණයේ විශ්මිත බව මාරස තාමත් මනසින් හදාරණනවා කීවොත් නිවැරදිය. ඒ සංගමය මාරස ගැන මාරස ගැන කිසිත් නොදන්නා බව සැබෑවක් විය හැක. නමුදු විල්සන් හෑගොඩයානන් ආලෝක විශ්වීය සාගරයේ පිහිනා ඇති භාවනාත්මක ආදරය මාරස හදවතේ ඇති බව නව පරපුරට කීමට මේ සටහන ප්රමාණාත්මක වේවායි පතමි.
විල්සන් හෑගොඩ සඳ හිරු තරු පවතින තාක් නුඹ ආලෝකයේ පියෙකු ලෙස මාරසේ ජීවත්වෙනු නියතය. අනිත් විකාර වානිජ කතන්දර මාරස සත පහකට ගනන් ගන්නේ නැත. මාරස සමග එදා සිටම මේවා ගැන කතා බහකළ පොඩි කොල්ලෙකු වුවද ආලෝකයෙන් පරිනත මාරස මිත්රයකුලෙස 80 දශකයේ අතුරුදහන් වූ හෝ කළ මිය ගිය ආලෝකයේ අරුමය දත් සුදත් කුමාරසිරිගේ මල්ලියෙකුවන අද ලේක් හවුස් අසල කොඩැක් හි ආලෝක පාලකයකු වන අරුණ මල්ලියා ගැනද සඳහන් කරන්නේ මගේ ආලෝක තනිකම නිසා වන්නට හැක.
ආදරෙයි හෑගොඩ නම් ආලෝක දඩයමේ ප්රවීනයනයන්ට. හෑගොඩයානෙනි ඔබ කවියෙකි. නිකන් කවියෙක් නොව ආලෝකය දඩයම් කළ කවියෙකි. සමහර විට අයිසෙක් නිව්ටන්ගේ විදයාත්මක ආලෝකය කියවීමටත් එපිටින් ඔබ ආධයාත්මිකව ඒවා දඩයම් කරගත්තේය. නිව්ටන් යටකර මෙන් අයින්ස්ටයින්ගේ ආලෝක කියවීම ගැන කියවීම් සමග ඔබතුමා කැමරා ආලොක දඩයම් දකින්නට අපේ රටට නොව මුළු ලෝකයටම තේරුන් ගැනීමට නොහැකි ආදරයක් වන්නට ඇත. නමුදු එක් දෙයක් මාරස කිව යුතුය. ආලෝකයේ පාලකයා සූර්යාය. සූර්ය වන්දනාවද මාරසට කට පාඩම්ය. ඒ සෙස්ස පස්සට තියා කියාගෙන යන්නේනම් බුදුනුවන්ගේ නැතිනම් සිද්ධාර්ත සාඛ්යසිංහයන්ගේ සියල්ල අනිත්ය කී විට සූර්යාද ඒ සූත්රයට අසුවේ. සූර්යාද අනිත්‍යයය. නමුදු ආධ්යාත්මිකත්වය පසක තබා භෞතිකවාදයද විචාරය කරමින් මාක්ස් එංගල්ස්ගේ සොභාදහමේ දයලෙක්තිකය ග්රන්තයේ මෙසේ ඒ චින්තාවම භෞතිකව ඇතුලත් බව මාරස දකිමි. එහි අවසාන කොටස ලියන ලද එංගල්ස් නම් මාතෘ මෙන් පෙනෙන ආදර වන්තයා මෙසේ කියයි. දැන් සූර්යාටත් හොඳටම වයසයි. එයත් විනාශ වී යයි කියා. නමුත් කාබනික ද්රව්යය විනාශ නොවනවා නියතයි කියා. ඒ ආදර වන්ත ඒකලා කොමිනියුෂ්ට්වාදයද අනිවාර්ය කරන්නේ එසේය. අනිවාර්ය අහම්භය සම්බන්ධ ඒවා මාරම මාර කතාය. විල්සන් හෑගොඩයානෙනි. සූර්යා විනාශ වුවද කාබනික ද්රව්ය විනාශ නොවනා පරිදි අප මළදාටවත් නොව හැමදාම ඔබ ආලෝක දඩයම සම්බන්ධව හුදී ජනතාවට දුන් දැනුම ඉන්ද්රඛීලයක් සේ සූර්යා මුදුන් වන ලාංකේය ලක්ගල නාලන්දා ගෙඩිගේ අහසේ ඔබගේ සංකේතය පවතිනු ඇත. ඒ ආලෝකයේ ආදරය සම්බන්ධව මාරස දුටු නොදුටු ඔබගේ ආදරයයි. ආදරෙයි විල්සන් හෑගොඩයානෙනි.


Powered by Blogger.