ජීවිතයේ තාත්තලා සහ පුත්තු
මාරසට දයානන්ද ගුණවර්ධනයන්ව පිබිදි සිහියෙන් සිහිනෙන්
පෙනෙන්නේ ඇයිද යන්න විද්‍යාත්මකව විසඳාගත නොහැක. මන්ද විද්‍යාව සම්බන්ධව මාරසට මහා
ගැටලු ගොඩක් තියන නිසාය. නමුත් දයානන්දයන්ගේ ආදරය සම්බන්ධව මාරස ලියන ලද ලිපියක් එදා
සිළුමිණ පත්‍රයේ පලකරන්නට මාරස එකඟ වූයේ නුවන් නයනජිත් සහ සුමුදු චතුරානි වැනි අළුත්
කොල්ලන් සහ කෙල්ලන්ගේ ආදරය නිසාමය. එදා ප්‍රධාන කතෘ වූ කසුරිව හෝ ඔහුගේ දෙවැන්නන් සම්බන්ධව
ඇත්තේ මාරසට අදටද අපුලකි. ඒවා ඇවැසිනම් වෙනම කතාකිරීමට සූදානම්ය.
කෙසේ වුවද මාරස සිළුමිණ පත්‍රයේ දමන ලද දයානන්ද පිළිබඳ
ලිපියට කවුරුන් ආදරය නොකළද මාරස ආදරේය. ඒ ලිපිය රාවයේද පල කර තිබිණ. අවසානයේ සිදුවූයේ
මාරසගේ ආදර වස්තුවක් වූ දයානන්දයන්ගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු සමග දුරකතනයෙන්
කතා කිරීමට අවස්ථාවක් ලැබීමය. ඒ දයානන්දයන්ට මාරසගේ ඇති ආදරයේ උත්තරීතර ආධ්‍යාත්මික
බැඳීමේ යම් දෙයක් වන්නට හැකියැයි සතුටට සිතමි. ඒත් ඒ අනිවාර්ය භෞතිකයක් නොවන වග දනිමි.
නමුත් අහඹුව අනිවාර්යය කියාද දනිමි.
දයානන්දගේ පුත් වසන්ත තාත්තා වගේ යැයි කතාවක් ගැන
මාරසට කලින්ම කීවේ මහාචාර්ය ආරියරත්න කළුආරච්යන්ය. කළු ආරච්චියන්ගේ නොන්චිකෝලමේ එක්
අතපසුවීමක් දයානන්දයන්ට සිදූවූවද ඒ නිවැරදිව කියවූ තම ගෝලයකු වූ ආරියරත්න කළුආරච්චිට ඒ සම්බන්ධව ආදරයෙන් කියා පෝස්
කාඩ් එකක් දමා ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වා නිසි ගෞරවය දුන් නිහතමානිත්වය කළුආරචි කියනායුරු
සමග අසන්නාගේ ඇසට කඳුලක් උනන්නේ දයානන්දයන්ට ඇති අපේ ආදරය යාවත්කාලීන වන නිසාමය. දයානන්දගේ
ආදරය කියන රාසියක් මිනිසුන් අතර රත්නශ්‍රීද මාරසට විශේෂය.
මාරස ඊ පවුරේ මිත්‍රයෙකු බවට දර්ශන් ප්‍රනාන්දු හඳුනාගත්තේද දයානන්දගේ ගුප්ත මිනිස් සම්බන්ධයක් වන්
දෙයක් නිසාදැයි හිතේ. කෙසේ වුවද ඒ සගයාද දැන් වෙබ් විරිතේ ගමන් සගයෙකි.
මාරස දයානන්ද පුතු වසන්ත ගුණවර්ධන සමග කතාකළෙමි. ඒ
තාත්තාගේ කටහඬමය ඒ වගේමය කියා බයිලා කීමට මාරස කැමති නැත. ඒත් මොකක්දෝ ගුප්ත දෙයක්
නොතිබුනාද නොවේ. මාරස නිකන් ඇහුවේ තාත්තා වසද කියාය. ඒකට දුන් උත්තරය සරලය. අපි වරදක්
කළ බව අම්මාගෙන් දැනගත් විගස ගේ ඉදිරිපිට පාවට්ටා පඳුරින් ටක් ගා කෝටුවක් කඩා ගන්නවා
ඇසුන ගමන් ආච්චිලාගේ ගෙදරට ගොස් සැඟවෙන බවය. පසුව ආච්චිගේ ගේවටේ ගොස් කෝට්ට වීසිකර
ගෙදරය යන බවය.
නමුදු වසන්ත
ගුණවර්ධන මාරස සමග පාහියන්ගෙන් පටන්ගෙන හිටිනාමලුවේ ධම්මජෝති හාමුදුරුවන් දක්වා වූ කතා ගැන මාර කතා තාත්තාගේ මතකය
සම්බන්ධව කතා කරන්නට විය. මා අසල සිටි මිතුරිය “පුතෙක් නේද” කියා ඇසුවාය. එතුමාගේ ප්‍රසිද්ධ නාටකයක් හෝ ගීතයක්
සිහි කිරීම පසක තබා සිනමාවේ බරපතල ලාංකේය අපේ බවට රික්තකයක් ඇති කර බක්මහ දීගේ ගීතය
ගැන සිහිකරන්නේ නූතන සිනමා විචාරකයන්ට සදා මගහැරී ගිය කාරණයක් සිහි කිරීමට නොව මාරස
ආස්වාදය නූතන පරපුරට දීම සඳහාමය. සම්ප්‍රධාය, සාධාරණත්වය, මනුෂ්‍යකම, නිහතමානිත්වය,
ජීවිතය කොතනද එතැන දයානන්දයෝ දෙවියෙකු මෙන් කලා හිතැති සැමගේ හදවතේ වැඩවාසය කරනවා සේය.
දයා නන්දයන්ගේ සෑම බක්මසටම ඇසෙන ගීතයට වඩා ජීවිතෙන් මගේ ජීවිතෙන් මගේ ගීතය සඳහන් කරන්නට
සිත් වූයේ මීගමුවේ පුංචි රෝමය විසින් දිවයිනට කරන ලද වින්නැහිය ලියන්නට පූර්ව ආලෝකයක්
ලබා ගැනීමටය. කෙසේ වුවද වසන්ත ගුණවර්ධන, ඔයා වගේම හදවතිනුත් දැනුමෙනුත් අපිත් දයානන්ද
ගුණවර්ධණයන්ට ආදරෙයි. සමහර විට ඒ අර සිද්ධාර්ථයන්ට තිබි නොපෙනෙන රාහුලයන්ගේ ආදරය වගේ
වන්නටද පිළිවන. ආදරයට වර්ණ, ශබ්ද, වචන, පමණක් නොව ආළෝකයද ඇවැසි නැත. කිසිත් නැති තැන
පවතින්න හැකි වන්නේ ආදරය පමණි. මාරස බක්මහා දීගයේ
ගීතයද කපා දමා සියළු නාටක ගී පසුවට දමා මදුර ජවනිකාවකින් මේ අවසන් කරන්නේ පාහියන් සහ
හිටිනාමලුවේ ධම්මජෝති හාමුදුරුවන් වහන්සේ ගැනද පියවි වටිනා දැනුමකින් වසන්ත ගුණවර්ධණයන්ද
පොහොසත් දැනුමක් ඇති බව වැටහුන නිසාය. පුතෙකු කියා ඇඟිල්ලක් දික් කරන්නට අපටද හැකිවීම
දයානන්ද ආදරයේ ඉන්ද්‍රඛීලයමක්ම වූවා සේය. සියල්ල නැති තැන පැවතිය හැක්කේ ආදරය පමණි
කියමින් මාරස සමුගන්නම්. හිටිනාමළුවේ ධම්ම ජෝති හාමුදුරුවන්ගේ පද පෙල වසන්ත ගුණවර්ධනගේත්
හිතේ තිබෙන නිසාම අපි මෙහෙම දැහැන් ගත වෙමු.
“ජීවිතෙන් මගෙ ජීවිතෙන් මගෙ
ජීවිතෙන් නෑ පලක්
ඒ ලෙසින් සිතුනාට නෑ තව නෑ
මෙමා මැරෙනා හැඩක්.