මේ ඡායාරූපයද මා පෙර ලිපියේ සටහන් කරන ලද අජිත් සෙනෙවිරත්න මාධ්‍ය ඡායාරූප ශිල්පියාගේ දේශපාලනික කියන්නට හැකි වීදි ඡායාරූපක් ලෙස දැනේ. මාක්ස්වාදය සැබෑ මනුෂ්‍යත්වයෙන් කියවන විට මාක්ස්, එංගල්ස් සහ ට්‍රොස්කි ලෙනින්ලාටද අනේ පව් යන විකාර වචනයක් කියන්නට හිතෙන තැනක් මාරසට මතකය. කෙලින්ම ඔවුන් කියන්නේ මේ දේශපාලන ආර්ථික ඉතිහාසයේ වැරදුන තැන නිසා නිර්ධනයින් සේම ධනේශ්වරය පමණක් නොව ධනේශ්වරයේ ඔවුන්ගේ ගැත්තෝද දුකින් පීඩිතව වෙසෙන බවය. මේ අඟනා සංකල්පය ට්‍රොස්කි සහෝදරයාට රතුහමුදාවක් නිර්මාණය කිරීමටත් පැවති හමුදාවේ බොල්ෂෙවික් දේශපාලන වැඩ කරන්නටත් උපයෝගී වූවාටත් වඩා ප්‍රායෝගිකව කර පෙන්වූවේය. මේ මොහොතේදී කෙනෙක් තම හදවතින් මෙසේ අසනු ඇත. සෝවියට් රුසියාවටත් විදයාත්මක සමාජවාදය කරන්නට ගොස් කෙලෝ ගත්තා නේද කියාය. උත්තරය සරල වන්නේ ලෙනින්ගේ අනුභූතිවාදී විවේචන නිසාය. ඒකා කියන්නේ විද්‍යාත්මකව එඩිසන් සොයාගන්නා ලද පළමු විදුලි බුබුලද දැලුවුනේ තප්පර කීපයක් කියාය. සදාකාලික විදුලි බල්බ නිසා අඳුර නසාගෙන වැඩ කරන කිසිවෙකු මාරසින් ඒ මෝඩ ප්‍රශ්නය අසන්නට දැන් ඉඩක් නැත.
අජිතයාට ඇත්තේ දේශපාලන ආවේගයකි. හරියටම අර අතුරුදහන් කරන ලද චන්ද්‍රකුමාරයාවද සිහිවෙනවා වගේ දේකි. ඒකාද කඳුලු ගෑස් මැද තාප්ප වලට නැග ආලෝක දඩයම් කළ අයුරු මා මනසින් කිසිදා මකා දැමිය නොහැකිය. නමුතු අජිතයාගේ මේ දඩයම මාරය. පොලිස්කාරයා ලෙස අපහාසාත්මක අයුරින් කියන පාදඩ ජනතාවාදී කුලකයන් අතලොස්සක් අතර උනුද මේ සමාජය නිසා පීඩිත වූ වෙනම සමාජ ස්ථරයක් සේ දකින සැබෑ මාක්ස්වාදීන්ද තවමත් ජීවමානය.මින් අදහස්වන්නේ ධනේශ්වර අසාධාරණ විපරිත රාජ්‍යය ආරක්ෂා කරන මිනිසුන්ට අනුකම්පා කළ යුතු කුහක අදහස නොවන්නේය. මා නොව මාක්ස්වාදයේම සඳහන් උනුද අපේ පංතියේ බවය. අජිතයාගේ කැමරා ඇසට අසුවූ මේ මාධ්‍යවේදී වීදි ඡායාරූපය වටින්නේ පාලකයන්ගේ රාජකාරී අණින් උද්ගෝෂණ මැඩපැවැත්වීමට මූලිකත්වය ගන්නා පොලිස්නිනිළධාරීන්ට ආරක්ෂක නිළධාරීන්ට හොඳ වැඩේ හැඳිගෑවිලා පල කියන අඳබාල සිතුවිල්ල නොවන්නේමය. යට සඳහන් කළ ධනේශ්වර ක්‍රමයෙන් පීඩා විඳින්නේ පීඩිතයන් පමණක් නොව වුනුද වුනගේ සනුහරයද යන සැබෑ විප්ලවීය මානවවාදී කතන්දරයමය. අජිතෝ. නුඹගේ නිල්මහනෙල් ගැන ලිව්වේ උඹගේ ජීවිතයේ ආදරය සම්බන්ධව ආලෝක දඩයමක් ගැන කතා කරන්නටය. මේ දඩයම වනාහී වාමාංශික දේශපාලනයේ මනුෂ්‍යත්වය සම්බන්ධව ඇති ගැඹුරක් කියාපාන්නකි. සියල්ල දුම් විසින් වසාගෙන ඇත. තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව විනිවිද පේන ආරක්ෂක පලිහක් අතේය. ඒත් තමන්ගේ පිරිසම මර්ධනය කරන්නාට දුන් ප්‍රහාරයෙන් තමාද බැටකන්නේය. මෙවන් ඡායාරූප විදේශ සයිබර් රස්තියාදුවේදී අනන්තවත් දැක ගත හැක. නමුදු ලාංකේය සුවඳත් සමග නුඹගේ මේ ඡායාරූපයෙන් යමක් කියවී තිබේ. ඒ යම මාරස දැන් කියා අවසාන කරන්නේ අනෙකුන්ට ඒ සම්බන්ධව දැනෙන බව දැනෙන නිසාය. ඒ අනෙකුන් කීවේ දේශපාලනය සම්බන්ධව පියවි සිහියෙන් සිටින්නන් පමණක් නොව, සමාජවාදී විප්ලවීය සමාජ වෙනස යනු පීඩිතයන්ට පමණක් ආදරය ගෙනෙන්නක් නොවන්නේය. ඒ පාලකයන්ගේ සමාජ පීඩනයටත් ඇති එකම පිළිතුර වන්නේය. ඒ සැබෑ මාක්ස් වාදයේ ආදරයයි. ඒවා සම්බන්ධව ක්‍රියාකරන සංවිධාන සම්බන්ධව සහ මතවාද සම්බන්ධව මාරසට පිළිිිකුලක් නැත්තේද නොවේ. නමුත් මාක්ස්ලාගේ ආදරයට ආදරය නොකර සිටිය නොහැක. මෙවන් ආලෝක වීදි දඩයම් අහම්භීභීය වුවද තමන්ගේ හදවත සමග එකතුවී ගත් ආලෝක වීදි දඩයම්ය. ජයවේවා කියමි. අනේ අපොයි රට කියා කිසිත් නොකියමි. සියලු මිනිසුන්ගේ ප්‍රශ්න පීඩිත මිනිසුන් විසින් අනිවාර්යෙන්ම විසඳගන්නවා ඇත. ඒ ඉතිහාසයේ සරදමක් නොව අනිවාර්යක් බවට වැඩියෙන්ම කරුණු කාරනා ඉතිහාසය විසින්ම අපට සාධාරණය කර ඇත.
මේ අජිතයාගේ වීදි ආලෝකයෙන් නිර්මාණය වන්නේ පවතින රාජ්‍ය පාලකන්ගේ සහ ඒවා ඉතිහාසයේ සිටම ආරක්ෂා කරන්නන්ගේ අසරණකම වන්නේය. ඉන් මතුවට සිතන්න වන්නේ එවන් අසරණයන් පරයා පීඩිතයන්ට නැගී සිටින්නට බැරි තරම් පීඩිත සංවිධානයන්ගේ අසරණ කමය. අජිත් මේ ඡායාරූපයෙන් අපෙන් අසන්නේ අර පරණ කතාවම අළුත් ආලෝකයකින්ය. අපි කුමක් කරමුද? මාරසටනම් හිතෙන්නේ උත්තරය මේ ආලෝක දඩයෙමේම තිබෙනවා කියාය.