හාමුදුරුවන් කියන්නේද සමාජයේ පෙත්තකි.
ථේරවාදයට ගසන්නේ අන් කිසිවෙක් නොව අපිය. ඒ අපේ ඇති
මාක්ස්වාදී අවබෝධයම නොවන්නේ මෙන්ද කිව හැකිය. මාක්ස්වාදී නැතිනම් වාමංශික කණ්ඩායම්
ගණන් කිරීමට නොහැකි තරම් ලාංකේයවද නිර්මාණය වී තිබේ. නමුදු පවතින් ධනේශ්වර ආණ්ඩු
ගැන කොතරම් විවේචන ඇති නමුත් පොදු එකඟතාවක් සාපේක්ෂ වශයෙන්නම් මාරස ඉතිහාසයේවත් කියවා
නැත. නමුත් ඉන් අදහස් වන්නේ වාමාංශිකයන් කිසිත් නොකල බව නොවන්නේය. කාන්තා ඡන්ද බලය
පමණක් නොව විශ්‍රාම වැටුපද නිදහස් අධ්‍යාපනය සහ මිනිස් මානව අයිතිවාසිකම්වල සිය දහස්
ගුණයක් වනාහී ලාංකේය වාමාංශික ජයග්‍රණ වන බව මාරස ඉතා හොඳින් දින වකවානුත් සමග නොදන්නවා
නොවේ. මේ මෑත කාලයේ පැවති අරගලයෙන්ද ජනතාව පරාජය වූයේ නැත.අගමැති පුටුවෙන්ද ජනාධිපති
පුටුවෙන්ද සිටි බලවතුන් නන්නත්තාර කළේය. සැබෑව වන්නේ ඉන්පසු බලයට පත්වීමට වාමාංශික
බලවේගයන්ට සැබෑ ශක්තියක් නොතිබීමය. ශක්තියකටත් වඩා සූදානමක්වත් නොතිබුනේය. ජනතාවට පොන්නයන්
කී කාලය ඊයේ පෙරේදාය. නමුදු ජනතාව 51 හර්තාලයේදීත්
87 ඉන්දුලංකා ගිවිසුමේදීත් 2022 අරගලයේදීත් තම දරුවන් පවා වඩාගෙන පාරට බැස්සේය. ඒසම්බන්ධව
ජනතාවට අප හිස නමා ආචාර්ය කළ යුතුමය. අතීත හැම අරගලයක්ම ඒ ජනතාවගේ පරාජයක් නොවන්නේය.
ජනතාවට විකල්ප ලෙස පැමිණ හෝ සැබෑ නායකත්වයක් දීමට තමන් අපොහොසත් වූ බව විද්‍යාත්මක
මාක්ස්වාදීන් අනිවාර්යෙන්ම දැන ගත යුතුය. ඒ මනෝමූලික හෝ විෂ්‍ය මූලික කතාවක් නොවන බව
දන්නා ලාංකේය සැබෑවටම අවංක මාක්ස්වාදීන් සිය දේශපාලන දැනුම නැවත යාවත්කාලීන කළ යුතුමය.
ජවිපේ සහ පෙරටුගාමී බෙදීම පවා දයලෙක්තිකව කතා කිරීමට හැකි වුවද මේ කතා කළ යුතු අවස්ථාවක්
නොවන වග කාල අවකාශ නියමයන්ගේ යථාර්තයෙන්ම කවුරු කවුරුත් දැන ගත යුතුය.
මේ ඡායාරූපය මාරස සයිබර් රස්තියාදුවේදී ශ්‍රී ලාංකේය වීදිඡායාරූප පිටුවකින් ආදරයෙන් ඇහිඳාගත්තේ
මා වසර දහතුනක් ථේරවාදී කියන පිරිවෙන් ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කිරීමටත් වඩා ඒ කුඩා තරුණ මහලු භික්ෂූන්වහන්සේලා
සමග සමගියෙන් වාසය කළ නිසාය. ඒ ඔස්සේ මට මෙසේ කියන්නට සිත් විය. ශුද්ධ බුද්ධත්වය සෙවිය
හැක්කේ ඒ සම්බන්ධව සොයා ඒ සම්බන්ධව මහන්සිවන මිනිසුන්ට පමණි. නමුදු ලාංකේය දේශපාලනික
ව්‍යුහයට භීක්ෂූන්ගේ ප්‍රධාන දායකත්වය සැබෑ ලෙස වටහා ගැනීමට විජයානන්දගේ උඩ රට කැරැල්ල
ග්‍රණ්ථය පමණක් ප්‍රමාණවත්ය. වල්පොළ හාමුදුරුවන්ලාගේ වැඩ කටයුතු ඊට දෙවැනි වන්නේ නැත.
උඩ කැන්දවෙල සිරි සරණංකර හාමුදුරුවන් වහන්සේලාගේ ඉතිහාසය දැනගත් කිසිවෙක් විකාර කියවන්නේ
නැති බව සැබෑවකි. ථේරවාදයට ගල්ගසා ක්ෂණිකව නව ලිබරල් වාදයට යා නොහැකිබව කියන්නේ අන්
කිසිවෙක් නොව පුටින්ය. නව ලිබරල් ගැටුම පුටින් සමග විසඳාගත්තානම් ලාංකේය පොට වරද්දාගත්
අයගේ ආතති තත්ත්වයන් යම් තාක් දුරකට සමනය වීම සැබෑවක්ය.
ඒමහා සමාජ ගමන ගත්කල යාන්ත්‍රික භෞතිකවාදීව ඉල්ලා
සිටින සැබෑ බුද්ධගේ ධර්මය ඉල්ලා සිටීමට අයිතිය සදාචාරව ඇත්තේ ඒ ගමනේ යන සැබෑ උපාසක
මිනිසුන්ට නොවන්නේද යන්න වෙනම විමසිය යුතුය.
ලාංකේය භික්ෂූන් වහන්සේලා කියන්නේ යම් විනයකට යටත්
දේශපාලනිකව ඉතිහාසයේ සිටම තීරණාත්මක වූ බලවත් සමාජ ප්‍රවනතාවකි. නමුදු ජනතාවාදී පැත්තකින්
මුලු භික්ෂූන් වහන්සේලාම සමාජයේ පෙත්තකි. තමන් කැමතිනම් දානය නොදී සිට උන්වහන්සේලාව
නඩත්තු නොකර සිටිය හැක. නමුතු මානව අයිතිවාසිකම් යටතේ ඇති සියලු පුරවැසි අයිතිවාසිකම්
බික්ෂූන්වහන්සේලාට පමණක් නොව සියලු ආගමික පූජක වරුන්ට හිමි විය යුතුය. එසේම සිය භක්තිමතුන්ගේ
කැමැත්ත පරිදි උන්වහන්සේලාගේ බලය තවමද තීරණය වන්නේය. අන් සියලු තැන්හි ස්වභාවයේ ආදරය
ඉගැන්වූ බුදූන්ගේ නාමයෙන් පරිසරයේ ආදර විඳීමට උන්වහන්සේලාට දායකයන්ගෙන් අවසර ගත
යුතු නැත. කොටින්ම නැවත තහවුරු කරන්නේ පූජක පන්තිය යනු සමාජයේ පෙත්තක් බවය. අරගල වලදී
පූජකයන්ව පෙරමුනට දමන දේශපාන ප්‍රවනතාවයන්ම තවත් තැනකදී ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා
කිරීම පසුවට කල් දමන්නේ හේතුවක් ඇතිවය. දේශපාලනිකව වතිකානුවට ඇති ජ්‍යාතන්තර දේශපාලනික
බලයද ඊට සාපේක්ෂකව ලාංකේය මල්වතු අස්ගිරි පමණක් නොව කෝට්ටේටද ඇති බලය නොදන්නා මාක්ස්වාදීන්
ලංකාවේ සිටිනවානම් අනේ පව් කියා කිව යුතුය. ඒවා වෙනම ලිවිය යුතු වන්නේ සටහන් වශයෙන්
නොව පොත් වශයෙනි. කවුරු හරි මූල්‍ය තත්ත්වයන් විසඳන්නේනම් ලියා පල කිරීමට මාරසද සූදානම්ය.
මේ ඡායාරූපයේ පසුබිම නිල් මුහුදය. විශාල ගොඩනැගිලි
සහ ජනතාව නිදහසේ සිටිනවා ඈතින් පෙනේ අහස අඩ නිල්වන්ය. පුරාණ මෙන් පෙනෙන නව හෝටලයක්
වගේ සිතෙන තැනක නවීන කොන්කිට් වැටක් අල්ලාගෙන ඉන්නා මේ වීදි ඡායාරූප පිටුවක තිබි පින්තූරයෙන්
බික්ෂූන් වහන්සේලා කියන්නෙත් සමාජයේ පෙත්තක් බව ඉතා හොඳින් ආලෝකයෙන් පිංතාරු කර ඇත.
ව්‍යුහවාදීව උන්වහන්සේලාගේ බලය නිර්මාණය කර
ඇත්තේ ගිහියන් වන ජනතාව විසින්මය. ඒවා වෙනම විසඳාගත යුතුය.
www.jagathmarasinghe.com
14 09 2022
1 comments:
විදුලි බිල වැඩි වී ඇත්තේ විහාරස්ථානවලට විතරක් නෙමෙයි, හින්දු, මුස්ලිම් හා කතෝලික ආගමික ස්ථානවලටත් එය එසේයි. ආර්ථික අර්බුදයේ බර මුළු රට විසින් ම එක්ව දරාගත යුතු අවස්ථාවක් මේක. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ, ඉන් ගොඩ එන්න තායිලන්තය වැනි රටවල විහාරස්ථාන ඒවාහි තිබූ රත්තරන් ආදිය එරට මහබැංකුවට පරිත්‍යාග කළා. පන්සල් තමා අර්බුදය විසඳගන්න සමාජයට නායකත්වය දුන්නෙ. ලංකාවේ භික්ෂූන් වහන්සේත් ඊට වඩා ධෛර්යවන්ත පිරිසක්.
ඒත් මෙරට සිංහල බෞද්ධත්වයට එරෙහිව, අරගලය සමග එක්ව සිටි ඕ. සෝභිත වැනි අය දැන් මේකෙන් දේශපාලනය කරන්න හදනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා ගිය පසු, ඕමල්පේ සෝභිත හිමි එහි සිටි පාදිලිවරුන් සමග එක්ව ප්‍රකාශ කළේ ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන් කියල. එහෙම කෙනා තමා අද පන්සලේ ලයිට් බිල වැඩි වීම ගැන ප්‍රලාප කියවන්නෙ.
-රසික සූරියආරච්චි-