ආදරයේ දේශපාලන කෝඩුකාරයෝ.

                                           ආදරයේ දේශපාලන කෝඩුකාරයෝ.

මම දන්නවා මම මේ ලියන්න යන්නේ අතීතයක් කියලා. කාමුක සිතිවිලි තිබ්බත් ඒක දේශපාලනිකව ලියනකොට අතීතකාමය කුමක්ද යන්න අද තියන විලාසිතාවක් වූ එක එක දේශපාලන කණ්ඩායම් වලින් විසඳාගත යුතු දෙයක්. මට අදාල අසූවේ මගේ අතීත දෙයක්නොවේ සියල්ලන්ගේම අතීත දෙයක්. අදටත් මේක එහෙම නෙවේ කියනවානම අහන් ඉන්නවාට වඩා ප්රශ්න කරන්න කැමතියි.
අපේ ආදරයට තිබ්බේ ගම්පහ දිශාවේ සූර්යාලෝකය. අනිත් දිස්ත්රික්ක හෝ කලාප වලටත් ඒ වගේ තැන් තියෙන්න ඇති. ඒත් හග්ගල පේරාදෙනිය පාක්එකේ වගේ නෙවේ ගම්පහ මල්වත්ත. උඩවත්ත කැලේ. ඒක ශාක විද්යාත්මක මල් වත්තක ලිංගික කැලයක්. උයනක් මැද තිබබ ලස්සන ආදරණීය ලිංගික පාරසරික කැලයක්. ඒ කැලේ උයනක් වෙන්නේ ආදරය මතයි. කනත්තක් වෙන්නේ ඒ කැලේ ආදරයෙන් අප සමග ලිංගික කටයුතු කරපු අය දැන් උන්දලා වෙලා වික්ටෝරියන් බුදුවරු වෙලා තියන නිසයි. රාජ්යයක් විසින් වික්ටෝරියන් සදාචාරය පවත්වගෙන යන්නේ ජනතාව හරක් වගේ කර පාලනයේ ලේසියට පමණයි. කිසිම පාලකයෙක් වික්ටෝරියන් සදාචාරයත් සමග අවංකව ජීවත්වෙලා නැහැ. ඉන්නවානම් කියන්න. උත්තර හොයන්න ආසයි.
1960න් පසු උපන් අය සහ 60ට ආසන්න උපන් අය තමා 1971 පොඩිකාලෙම දැකලා 1977 විවෘත ආර්ථිකය ගෝලීයකරණය දැකලා ඒවත් බුක්ති විඳිමින් දෙමල ඊලම් යුද්ධයත් සමග ජීවත්වෙමින් පසුව ඒවායෙ සැබෑ හැඩ රුව දකිමින් ඉන්නවානම් ඉන්නේ. මාරස දන්නේ ඒ සැබෑ අයගෙන් ජීවත් වෙන්නේ සාපේක්ෂකව ඉතා ටික දෙනෙක්. උන් දිවිනහගන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන කතන්දරය පස්සක තියලා මේ වීදි ඡායාරූපයට හිත ගියා. මොකද අප යුගයේ අම්මලා සහ ලොකු අක්කලා වන් අය ආදරය කරලා තියෙන්නේ පංසල්වල. විශේෂයෙන්ම දහම් පාසැලෙන් තමා පළමු ආදර පන්තිය විතරක් නෙවේ ලිංගික අධ්යාපනයේ සැබෑවත් ඉගෙන ගන්න ලැබිලා තියෙන්නේ . මාරස පිරිවෙන් අංශයේ අත්දැකීම් ඇති නිසා ඒක බය නැතිව කියනවා. ඒක ධනාත්මකද ඍණාත්මකද යන කාරණය වෙනම ලිපියකට කල් දාමු.
ඒ යුගයේ කොල්ලන්ට කෙල්ලන්ට යුගලන ආදරය කරන්න තිබ්බෙ ඇත්තටම මල්වතු නැතිනම් විහාරදේවාල වල ඇති පාලු වතුපිටි කඳු. නැතිනම් ඉතින් අර හොරු හොරකන් කරන්න යනවා වගේ තැන්. මේවා මමනම් සිංහල සිනමාවේ දැකලා නැහැ. ඇස් දෙකින්නම් දැකලා තියනවා. සිංහල සිනමාවේ මුලු අතීතයම අද වගේම වික්ටෝරියන් සදාචාරය හෙවත් මාරස කියන සලාද සදාචාරයෙන් වසාගත් දැවැන්ත විලෝපියාවක් වගේ.
ගම්පහ මල්වත්ත වගේම මාලිගාවිල කියන පන්සල් වත්තේ තිබ්බ ගල්ගුහාත් ඒ කාලේ ආදරයේ ප්රේමණීය ඉසව්. මුහුද ලඟ තිබ්බ පලාත් හොයාගෙන ඈත පෙම්වතුනුත් පෙම් රස විඳින්න මුහුද සොයන් එනවා. කොළඹ ගාලු මුවදොරට විතරක් නෙවේ කළුතර කැලිඩෝ එකටත් මීගමුව ආදර වෙරළත් හොයාගෙන අදටද යන්නේ බාල පෙම්වතුන් විතරක් නොවේ. වයසක වැඩිමහල් පරිනත දැනුමක් ඇති උගත් නූගත් සැමෝම සම්බන්ධ වෙනවා. මේව ගැන කියනකොටනම් කාලිදාසගේ පටන් කාම සූත්රය ලියපු වාත්සල්යයලාවත් සිහිවෙනවා. කාමසූත්රය කියන්නේ ලිංගිකවිද්යා ග්රන්තයක් වශයෙන් කවුරු හරි පිළිගන්නවානම් මාරස මල්පොකුරක් දෙනවා. යුගලන විෂම හෝ සම ආදරය කියන සංකල්පයේ ප්රාථමික දේ ලිංගිකත්වය තමා. කවුරු හරි එහෙම නැහැ කියනවානම් කෙලින්ම කියන්න වෙන්නේ නිකන් සිංහල කියන ජන පිරුළක්. උගුරට හොරා බේත් නොකා හිටපන් කියන කතාවම තමා.
ඔන්න ඊට පස්සේ ඒ කියන්නේ විවෘත ආර්ථිකෙන් පස්සේ රූම් හෙවත් පෙම්වතුන්ට කාඹර කුලියට ගන්න හැකියාව ආවා. ඒත් හැමදාම ඒවට යන්න සල්ලි නැහැ. ඒනිසා අදටද විශ්වීය සදාතනික ආදරය ගෙවෙන්නේ බස්වල පටිපස්ස සීටයේ, නැතිනම් ළඳු කැලයක, මල් වත්තක, මුහුදු වෙරලක, විතරක් නෙවේ පන්සලක. ඇත්තටම ආදරය කරන අවධියේ විතරයි පන්සල් වලට සැබෑ අරමුණකින් යන්නේ කියන කතාව ඇත්තක්. තේරවාදයේ වසා ගසැ ඇති නමුදු තන්ත්රයානික කෝආන් වලනම් ඒක කෙලින්ම කියලා තියනවා. හදවත පැලෙන්න.
මේවා ලංකාවේ විතරක් නෙවේ ලෝක අවුලක්. ඒ කියන්නේ උත්තරය සරලයි. පවුල පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි කියන මාක්ස් එංගල්ස්ව මාරස සිහි කරන්නේ මාක්ස්වාදය බුදු කරන්න නෙවේ. ඒකේ කියන විදිහට පවතින පාලනය වික්ටෝරියන් සදාචාරය හෙවත් අඩ නිරුවතේ සිට සෑම ආදරයක්ම රහසේ පවත්වාගෙන යායුතුයි කියන නියමයට අද මිය ගොස් සිටින මහ රැජිනත් වග කිව යුතුයි. පීපින්ටොම් හෙවත් අනුන්ගෙ ලිංගික ආදර කියා රහසින් බලා ගැනීමේ ඉතිහාසය පසුවට කල් දාන්නම්. පීපින්ටොම් කියන වචනයට සිංහල අරුතක් කේ කේ හෙවත් සර්පයා කිව්වා මතකයි හිල් මරන්නා කියා. ඒවා ගැන ගොඩක් දුරට කතාකළ යුතුයි. නමුත් වෙබ් අඩවි වල අසම්මතව නෙවේ සම්මතව ඇවැසිනම් ජ්යෝතිෂයෙන් උනත් ඒවා ගැන කතාකරන එක තමා මාරස කියන්නේ. මාරසේ අර්ථය ගැන කියලා තියනවා කලින්ම.
මේ ඡායාරූපය මාරසට දැනෙන කතන්දරයට පුංචි ඉඟි ටිකක් කිව යුතුයි. කඩල කරත්තයක් පොදු ප්රවාහන ට්රයිසෝවක කතාවක් දකුනින්. වීදි ඡායාරූපයක අහම්බය කෙලින්ම ජනාකීර්න නගරයක සාපේක්ෂ පාලු තැනක් බව කියනවා. පසුබිම මහ මුහුද. පිස්සු හැදෙනවා. ඒ කියන්නේ බුදුනුත් ජීවිතය ගැන කිව්ව මහ මුහුද? අර සේකර කිව්ව විදිහට දිගක් පලලක් යොදුල් ගනනින් මනින්නට බැරි මහා සිතිජේ ගැඹුර ගැන කියන්නට බැරි දහස්රුවහස් ගොදුරු ගිල ඇති මහා සාගරය. ඇත්තටම ජීවිතය. ඒ ජීවිතය ඉදිරිපිට යුවලක්. පුරුෂයාගේ භාව වම් අතින් පේනවා. ඒ ආදරවන්තිය ලෙස දැනෙන කාන්තාවගේ භාවයන් අත් දෙකෙන්ම දැනෙනවා. මේ තමා මහා පරිමානෙන් උගන්වන මහා දේශපාලනයක ගැහැණු පිරිමි සම්භන්දතාවයේ ආදරය හෝ වෙන උන්ම කියන මොන මගුලක හරි සම්බන්ධයක තේමාව වන් දෙයක් දැනගෙනදෝ විදේශීය කැමරාකාරයෙක් වුනත් නියමෙටම ආලෝකයයෙන් සැබෑව දඩයම් කරගෙන තියනවා. ලස්සනම තැනක් තමා මේක එගේන්ස් ලයිට් කියන පොටෝවක්. ඒ කියන්නේ ආලෝක දඩයම කරලා තියෙන්නේ ප්රතිවිරුද්ධව. උදේනම් අනිවාර්යෙන් නැගෙනහිර මුහුදු වෙරලක. සන්ද්යාවේනම් බටහිර මුහුදු වෙරලක. කාලයත් පලාතත් හෙවනැලි වලින්ම පේනවා.
සියල්ල වෙනස් වෙයි. ඔව් දේශපාලනයත් වෙනස් වෙයි. සූර්යාට දැන් වයසයි. විශ්වයම වෙනස්වෙයි. අර මාක්ස්ලා කිව්වා වගේ කාබනික ද්රව්යනම් වෙනස විය නොහැකියි. ඒ නිසාම ආදරයද කිසිදා වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව සත්යක් නොවේ සැබෑවක්. ආදරය කියන්නේ වෙන මගුලකට නෙවේ. ආදරයට. මාරස හැමදාම ආදරයට ආදරෙයි තමා. වීදි ඡායාරූපකරණය කියන්නේ මොන රටේ මොකා ආලොක දඩයමක් කරගත්තත් ජීවිතයම තමා.
(Street Photography in Colombo වෙබ් පිටුවකින් ඇහිඳගන්නා ලද ඡායාරූපයකි.)

Jagath Marasinghe

2022 09 13


Powered by Blogger.