ඔබේ දෑසයි ඔබේ දෑසයි. හිරු දකින ලොව මගේ දෑසයි.

                       ඔබේ දෑසයි ඔබේ දෑසයි.  හිරු දකින ලොව මගේ දෑසයි.


සයිබර් වීදි සංචාරයේදී ලලිත කළා ඡායාරූප(Fine art photography) ලෙස කියවෙන මේ ඡායාරූපය හමුවුනා. අර දුරස්ථකරණ සිද්ධාන්තය මෙන් වීදි ඡායාරූප වලින් ආලේඛ්ය බලලා නැවත ලලිත කලා ඡායාරූපත් විඳලා පිස්සුවක් නැටුවනම් මරු කියලත් සමහර විට මාරසට හිතෙන්න ඇති. පිස්සු නටන්න නටන්න තමා සැබෑ ඡායාරූප ශිල්පියෝ අවදිවෙලා පොටෝ කියවන්න සිංහල භාෂාව නිර්මානය කිරීමට වැඩක් විය හැක්කේ.

ක්රිස්ටිනා හොච් 22 හැවිරිදි ස්පාඤ්ඤ ඡායාරූප ශිෂයාවක් කියලයි සඳහන්. ඒත් ඡායාරූප දැක්කම ආලෝක දඩයම් සිතිවිලිනම් සංකල්පීයව ඊට වඩා පරිනතයි වගේ දැනෙනවා. සිත් ඇදගන්නා ලලිත කලා ඡායාරූප පිටුවකින් මේක ඇහිඳගන්න ලැබුනා. ඇහිඳගෙන හදවතේ තියාගන්නත් පුළුවන් වුනා.
පෝට්රේට් ඡායාරූප ශිල්පියෙකු ලෙස, බලගතු ඇස් යුගලයකට ඔබේ පින්තූරයට කළ හැකි දේ ඔබට කවදා හෝ අමතක වනු ඇත කියලා කවුරු කිව්වත් මාරස ලෝකය දකින්නේ වෙනත් විදිහකට වෙන්න පුළුවන්. මාරසට වැදගත්වන්නේ ඊට විරුත්ධ මත දරන අයව වෙන්නත් පුළුවන්. මොකද අන්ද බාවය තියෙන්නේ එතන නිසා කියලත් යමෙකුට කියන්න පුළුවන්.
ක්රිස්ටිනා ජීව විද්යා ශිෂ්යාවක්වක්ලු. ඇය ඡායාරූපකරණයට ප්රිය කරන අයෙක් බව සයිබර් රස්තියාදු ඇස් දැක්කා, ඇගේ පින්තූර ආලෝකය සහ සංයුතිය පිළිබඳ ප්රමාණවත් අදහස් ඇති කලාව සහ අභිරහස් මිශ්රණයකි කියලත් කියන්න එයා ගැන කතාකරන අයට අයිතියක් නැත්තේම නැහැ.
මාරසෙත් පොඩි නෙවේ ලොකු ආශාවක් ඇස් වලට තියනවා. ඒක අඩුපාඩුවක්ද යන්න අදාල නැහැ. මොකද ඒ ඇස්වලින් සියල්ල දකින්න පුලුවන් කමක් තියනවාද කියන ප්රශ්නයක් හමුවේ. වී අයි ලෙනින් වරක් කියනවා ද්රව්ය ඔබ කවදාවත් දැකලා නැහැ කියලා. ඔබ දකින්නේ ද්රවයේ ප්රතිබිම්බයයි කියලා. ඉතින් දෙවියනේ ද්රව්ය වාදී නායකයෙක් මේ කියන කතාව ඒ කාලේ මාරසට පැටලුනා. ඇත්ත. අප දෙනෙත් වල ඇති කාච හරහා අපි දකින්නේ ද්රව්යය නොවේ. ඒකේ ප්රතිබිම්බය තමා දෘෂ්ටිවිතානයට පිටපත් වෙන්නේ කියලයි අපි සූත්රගතකරන් තියෙන්නේ. ඒ ඔලුවෙන් හිටන් ඉන්න පින්තූරය නැවත නිවැරදි වෙලා අපිට සංජානනය(මනෝවිද්යාවේ සහ විද්යාවට අනුකූලව අවබෝධය යනු තේරුම් ගැනීම් ක්රියාදාමය හෝ බාහිර උත්තේජන මගින් ලබාදෙන තොරතුරු හඳුනා ගැනීම කියන අර්තයෙන් ගන්න.) වෙන්න පටන් ගන්නවා කියලා කිව්වම ‌ඒ කාලයේ ස්වභාවයේ මාරස අතරමං වුනා. ඒ ගැන වෙනම දිගට ලියන්න වෙනවා. ඒත් ඒ ඇස් නැතිනම් අර අපේ සිනමා අතීතයේ මෙන් මේදෑස් කුමට කියා කතුරු වලින් ඇස්දෙකට පිහියෙන් ඇනගන්න විකාර ගැන කියන්න තරම් කුහක වෙන්නත් මාරසට බැහැ. මොකද අන්ධ අයත් දේවල් දකිනවා. අපිත් යමක් සිතන්න ගත්තම ඇස් පියා ගන්නවා. ඒක මාර දෙයක්. භෞතික ලෝකය ආධ්යාත්මික ලෝකයෙන් වෙන්වෙන්නේ කොයි මොහොතෙද අපේ ඇස් පියවෙනවා. මාරස හිතන්නේ ආදරවන්තියට හෝ ආදර වන්තයට කවදාවත් ඇස් ඇරන් කිස් ඒකක් දෙන්නවත් බැහැ. ආදරෙයි කියන වචනයවත් සොඳුරුව ආදරයෙන් කියන්න බැහැ. ඇස් පියවෙනවා අනිවා. ඒ මොහොතේ ඇස් නොපියවුනොත් ඒක කිස්එකක් නොවෙන්නත් පුළුවන්. ඒ ආදරය නොවන්නේ එතන ආදරය නොතිබුන නිසා වන්නත් පුළුවන්. අන්ධ බව කියන්නේ මාරයි. ඇස් බැඳ ලිංගික කටයුතු කිරීම සම්බනධව තියෙන්නේ පැන්ටසියකටත් වඩා ලෝකය ගැන අඳුරේ ආලෝකය සෙවීමක් කියලා විස්තර කරන්නත් හැකියි ( Blindfolded sex)
ඡායාරූපයක ඇස්වල ඇති ඒ අවසාන දිළීසීම අපට නොයෙක් කතා කියාවි. ඒ සම්බන්ධව ඇස් දෙකෙන් ඇහැක් දෙස බලලා ජීවිත විඳින්න මේ ඡායාරූපය මාර සංකේතයක්. ඇස කේන්ද්ර කර ඇති මේ ඡායාරූපයේ වටාපිටාවේ තියෙන්නේ මුහුණක් සහ අන් කිසිදෙයක් නොවේ. ලෝකයත් නොවේ, විශ්වයත් නොවේ, ඊටත් එපිටින් අප නොදන්නා දෙයක් කියලා අපට සැබෑවටම සංජානනය වෙනවා කියලා දැනෙනවා. මුලු විශ්වයම අපේ ඇස් වටා කැරකැවෙනවා. අන්දයි කියන්නේ අඳුර. අඳුරක් නොතිබුනානම් ආලෝකය විඳින්න විදිහක් නැහැ. කොටින්ම හිතන්න හැකියාවක් ඇත්තෙම නැහැ වගේ.
අන්ද බව කියන්නෙත් ආලෝකයක්. ඒ අපේ රත්තරන් ඇස් පියවුනාම තමා මාර විදිහට ලෝකය සංජානනය වෙන්න පටන් ගන්නේ.
www.jagathmarasinghe.com
17 09 2022


Powered by Blogger.